ගෑස් යන්ත්‍ර උපයෝගී කර ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර ( ATM ) කඩා
රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ
කථිකාචාර්යවරයකු ඇතුළු තිදෙනකු මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින්
රුපියල් ලක්ෂ 30ක මුදලක් සමඟ (24දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක
75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29)
නමැත්තෙකි. ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති
අයෙකි.
මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල
නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව,
මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු
මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබ සිටින මහඋස්සව, ආණමඩුව පදිංචි හේරත් මුදියන්සේලාගේ
ධනංජය හේරත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ
කථීකාචාර්යවරයකු බව කියන අතර එංගලන්තයේදී ඉංගී්රසි භාෂාව පිළිබඳ
ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙන බවත් ජපන් භාෂාව ඇතුළු භාෂා 6ක් චතුර ලෙස කතා
කිරීමට නිපුණත්වයක් ඇති අයකු බවත් පොලිසිය කියයි.
මොහු වාහනවල ටින්කර් වැඩ කිරීම ගැන අති දක්ෂයෙක් බවත් ගෑස් උදුන්
ආධාරයෙන් එම වැඩ කර ලබාගත් දැනුම මත ATM යන්ත්‍ර ගැස් උදුන් උපයෝගී කර ගෙන
කපා වෙන් කර ඇත්තේ මොහු විසින් බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පනාගමුව පොතුහැර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ යසරත්න තෙන්නකෝන්
නමැත්තා බැංකු කැඩීම සඳහා තැනින් තැන යෑමට වාහනයේ රියැදුරු වශයෙන් කටයුතු
කළ අය බව හඳුනාගෙන ඇත.
මේ හතර දෙනාගේ කල්ලිය රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවල ATM යන්ත්‍ර කඩා
මුදල් සොකරම් කිරීමට නිතරම සංවිධානය වෙමින් සිටින්නන් බවත් පසුගිය 20දා
මෙලෙස බිබිලේ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඒඊර් යන්ත්‍රය කඩා මුදල් සොරකම්
කිරීම සඳහා එම බැංකුව අසලට වාහනයකින් පැමිණ තිබෙන බවත් වාහනය රියැදුරු සමඟ
බැංකුව අසල නවතා තිදෙනෙක් බැංකු පරිශ්‍රය තුළට ගොස් ඇති බවත් එම අවස්ථාවේ
කණ්ඩායමක් බැංකුවට නුදුරින් ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී නවතා තිබූ
වාහනය ගැන සැක සිතී රියැදුරුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර රියැදුරු රහසිගතව
මේ ප්‍රශ්න කිරීම ගැන බැංකුවේ ඒඊර් යන්ත්‍රය කැඩීමට ගිය තිදෙනාට දැනුම්
දුන් බවත් වහාම එම තිදෙනා පිටතට පැමිණ කාරයට නැඟී පලා ගිය බවත් කියයි.
නවතා තිබී පලාගිය වාහනයේ නොම්බරය මත්පැන් පානය කරමින් සිටි අය ලියා ගෙන
තිබෙන අතර සීසීටීවී කැමරා පද්ධතියද පරීක්ෂා කර එම දර්ශනද උපයෝගී කර ගෙන
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලංකාවේ විවිධ පළාත්වල ATM යන්ත්‍ර
කඩා සිදු කර ඇති බැංකු කොල්ල ගැන කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බව
පොලිසිය කියයි. මොනරාගල දිසාව භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර
ප්‍රේම ශාන්තගේ උපදෙස් පරිදි මොනරාගල පොලිස් අධිකාරි සුජිත්
වෙදමුල්ල, වයඹ පළාත භාර සහකාර පොලිස් අධිකාරි ලලිත් ජයසිංහ, මැදගම පොලිස්
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න සහ මීගමුව කොට්ඨාස භාර ජේයෂ්ඨ
පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක, සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් සහ අධීක්ෂණය පිට මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ
ඒකකයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර, සැරයන් මොහොමඩ් රවුෆ්
(63188), සැරයන් චන්දන (7000) පොලිස් කොස්තාපල්වරුන් වන ඩෙනී පෙරේරා
(51744), අමල් (67229), චමිත් (86671), ජයසිංහ (87217) යන කණ්ඩායම මෙම
වැටලීම කර තිබිණි.
සොරකම් කිරීම සඳහා ගමන් බිමන් යෑමට භාවිත කළ වාහනයද අත්අඩංගුවට ගෙන ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 26, 2017
රට පුරා ATMවලට සුපිරි ගේම් දෙන කථිකාචාර්ය හොරා අහුවෙයි...!!!
Posted by
lankanews
at
January 26, 2017
Labels: Bank ATM, lankanews, lost money, money, money scams, srilankan bank robbery, srilankan theif
රට පුරා ATMවලට සුපිරි ගේම් දෙන කථිකාචාර්ය හොරා අහුවෙයි...!!!
2017-01-26T02:33:00+01:00
lankanews
Bank ATM|lankanews|lost money|money|money scams|srilankan bank robbery|srilankan theif|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
