ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කෝටිපති ව්‍යාපාරික ඒ.එස්.පී.
ලියනගේ කටාර් රාජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
ඔහුට අදාළ පත්වීම ලබාදී ඇත්තේ ඉකුත් 31 වැනිදා බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් අප ලියනගේගෙන් කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව සත්‍යබව
කියා සිටි අතර මේ පත්වීම සිදුකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවද
පිළිගත්තේය.
කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු වන ලියනගේ ලංකාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි.
ඔහු මීට පෙර නයිජීරියාවේ තානාපති ලෙසද කටයුතු කළ අතර නයිජිරියාවේ ශ්‍රී
ලංකාවේ පළමු තානාපතිවරයා වන්නේද ලියනගේය. ලියනගේ වසරක කාලයක් නයිජීරියාවේ
තානාපති ලෙස කටයුතු කළේය.