ඒ අනුව උතුරු/නැගෙනහිරි ප්‍රදේශ සංවර්ධනය කිරිමට අදාළව ඇමතිකම් භාරගැනිමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලා ඇත්තේ.මේ අතර පසුගියදා ද්‍රවිධ ජාතික සන්ධනයේ සමාජිකයන් අතර හදිසියේ පැවැති හමුවේදි ද මේ සම්බන්ධයෙන් පුලුල්ව සාකච්ඡා කර තිබේන බවද අනාවරණයවී තිබේ..
විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරයා හමුවේ ද්‍රවිඩ සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවද පෙන්වා දි තිබුනා.
කෙසේවෙතත් අනාවරණයව ඇත්තේ ජාතික ආණ්ඩුව අවසන් කර මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගැනීම හරහා ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මක කිරිමට රහසේම කටයුතු කරමින් සිටින සිරිසේන එහිදි ද්‍රවිධ සන්ධානයට අහිමි වන විපක්ෂ නායක කම වෙනුවට ඔහුන්ට ඇමතිකම් ලබාදිම සදහා වු මෙහෙයුම මේ හරහා ක්‍රියාත්මක කරමින් සිටින බවයි.