"ආණ්ඩුවේ හැමෝම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය බොරුවට කලබල වෙලා. අක්කර 15,000ක්
හම්බන්තොටින් දෙන්නේ නෑ. හම්බන්තොට, රත්නපුර, මොණරාගල, මාතර සහ ගාල්ල යන
දිස්ත්‍රික්ක සියල්ලෙන්ම දෙන ඉඩම් ප්‍රමාණය තමයි අක්කර 15,000ක්වෙන්නේ
කියලා අගමැතිත් කිව්වා. මේ කතාව ඇමතිවරු විතරක් නොවේ ජනාධිපතිත් කිව්වා.
ජනාධිපති කියනවා තාම තැන තීරණය කර නැත. හම්බන්තොටට එපානම්
පොළොන්නරුවට ලබාදෙනු මැන කියලා. එහෙම කියද්දිනම් ප්‍රශ්න
දෙකක් මතුවෙනවා. පොළොන්නරුවෙත් වරායක් තියෙනවද කියලා. ජනපති දන්නැතුව
ඇති වරායක් ආශ්‍රිතව තමයි මේ කර්මාන්ත ගොඩ නගන්න යන්නේ. නමුත් ජනාධිපති
නියෝජනය කරන පොළොන්නරුව තියෙන්නේ රට මැද.දෙවෙනි කාරණය තමයි රටේ විධායක බලය
ජනතාව ලබා දුන්නේ අගමැතිට නෙමෙයි ජනපතිට. නමුත් ජනපති අගමැතිගෙන්
ඉල්ලනවා. කොහොම නමුත් අපේ අතේ ලිඛිත සාක්ෂි තියෙනවා මේ
සම්බන්ධව.“හම්බන්තොටින් අක්කර 15,000ක් චීන තානාපති ඉල්ලුවා. අපි දැනටමත් ඒ
සඳහා අක්කර 17,000ක් නැති නම් හෙක්ටයාර් 6,800ක් හඳුනා ගෙන තිබෙනවා“ කියලා
අගමැති ලේකම් ඊඑම්එස්බී ඒකනායක භාණ්ඩාගාර ලේකම්ට ලිපියකින් දැනුම් දෙනවා.
ලිපියේ යොමු අංකය PMO/01/ASP/2016/01 . ලිපියේ දිනය 19.09.2016. ඒ
කියන්නේ මීට මාස හතරකට කලින් ඉඩම් හඳුනා ගෙන ඉවරයි. ජනතාවගේ විරෝධතා නිසා
තමයි දැන් ආණ්ඩුව රිවර්ස් ගියර් දාගෙන ඉන්නේ.
මේ ලිපිය ඉංග්‍රිසියෙන් යැවූ නිසා ජනාධිපතිට තේරෙන්නේ නෑ කියලා අගමැති
හිතුවා ද දන්නේ නෑ.(
සාක්ෂි මෙන්න )
එහෙමත් නැතිනම් මාස හතරක්ම මේක පත්තරේ පල වුණේ නැති
නිසා ජනාධිපති දන්නේ නෑ කියලා අගමැති හිතුවා ද දන්නේ නෑ. මේක ෆොක්ස්වැගන්
වගේම අතේ පත්තු වෙන බොරුවක්."
මාධ්‍ය හමුවකදී මෙම අනාවරණය කලේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසිනි.