ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 31, 2017

හොර කරුපයියා සිය ඇමති බලය යොදා මහබැංකුව අල්ලේ නටවන අයුරු....!!!

අවිධිමත් ක්‍රියා වැළැක්‌වීමට මහ බැංකුවේ පාලන ක්‍රම ප්‍රමාණවත් නෑ...!!!  නවතම විගණන වාර්තාවක්‌ කියයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් ණය ගැනීමේදී අනුගමනය කරන අභ්‍යන්තර පාලන ක්‍රම ප්‍රමාණවත් නොවන බවත් එම පාලනයන් අභිබවා කටයුතු සිදුවී ඇති බවත් රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.
වර්ෂ 1997 සිට ආරම්භ කර තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ක්‍රියාවලිය ගැඹුරින් පරීක්‍ෂා කළ යුතු වුවද මුදල් ඇමැතිවරයාගේ නොඉවසිලිමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීම් හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්‌ෂාවක්‌ සඳහා ප්‍රමාණවත් කාලයක්‌ ලබාගත නොහැකි වූ බවද රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.වීඩියෝ සහිතයි...!!!

තේසවලාමෛ නීතිය අහෝසි කර ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම....!!!

ප්‍රජතත්ත්‍රවාදය බලපවත්වන රටක පැවැතිය යුතු දේශපාලන, ආර්ථික හා සිවිල් යන නිදහස අතරින් සිවිල් නිදහස වඩා වැදගත් තැනක්‌ ගනී. මේ අනුව යම් රටක ජීවත්වන සියලු ම වැසියන්ට තම රටේ තමන් කැමැති තැනක ජීවත්වීමටත්, කැමති රැකියාවක්‌ කිරීමටත්, කැමති ආගමක්‌ ඇදහීමටත් වැනි මූලික මිනිස්‌ අයිතිවාසිකම් සඳහා නිදහස තිබිය යුතුය.මෙම ඉඩම්වල සින්නක්‌කර හිමිකම පිළිබඳ චාරිත්‍ර නීතිය උතුරේ දමිළ, ජනයා අනෙකුත් ජනවාර්ගිකයින්ගෙන් වෙන් ව තැබීමට බැඳි උපාය මාර්ගික වැට කඩොල්ලකි. රටවල් බෙදා වෙන් කර පාලනය කිරීම අරමුqණු කරගත් බටහිර යටත් විජිත පාලකයින්ගෙද සහාය මේ සඳහා ලබාගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන් ද මෙම චාරිත්‍ර නීතිය ඉතාම සංකිර්ණ බව පවසා බොහෝ අවස්‌ථාවල එහි සංශෝධන ඇතිකර එය සාධාරණ එකක්‌ විය යුතු බව ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මෙරට තුළ පවතින දමිළ බෙදුම්වාදය මෙම වාර්ගවාදී හා බෙදුම්වාදී චාරිත්‍ර නීතිය මත පිහිටා ඇති බව ඉතා පැහැදිලි කරුණකි. වෙන ලෙසකින් කියනවානම් බෙදුම්වාදයේ බීජය මෙය වේ.

අක්‌කරය ඩොලරය බැගින් හොරණ තවත් අක්‌කර 340 ක්‌ ඉන්දීය සමාගමකට දීලා...!!!


පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමට හොරණ -වගවත්ත ආයෝජන කලාපයෙන් අක්‌කරයක්‌ රුපියල් සියය බැගින් අක්‌කර 100 ක්‌ ලබා දුන් ආකාරයටම ඊට යාබද තවත් අක්‌කර 340 ක්‌ අක්‌කරයක්‌ ඩොලර් එක බැගින් ආයෝජන මණ්‌ඩලය විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකොට රජයේ අනුමැතියකින් තොරව ආයෝජන මණ්‌ඩලය මෙලෙස එම අක්‌කර 340 භූමිය පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඉන්දියානු මර්බොක්‌ නමැති සමාගමට මේ ඉඩම පවරා ඇති අතර ඊට අමතරව තවත් සහනයක්‌ ලෙස එම සමාගමට විදුලිය ඒකකයක්‌ රුපියල් එකයි ශත පනහ බැගින් ලබාදීමට කටයුතු කර ඇතැයි ද හෙළි වී තිබෙන බව එම ආරංචි මාර්ග කියා සිටී.

Monday, January 30, 2017

කාළකණ්නීන් දෙන්නෙකුගේ මූලිකත්වයෙන් ....!!! රටත් ඉවරයි මුහුදත් ඉවරයි...!!!

මහ නගර නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පසුගිය ඔක්තෝබරයේදී (2016) තමන් වෙත දුන් පොරොන්දු කඩ කර ඇති බව පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.
එම ව්‍යාපාරයේ නියෝජිත සරත් ඉද්දමල්ගොඩ පියතුමාණන්  අවධාරණය කළේ මූල්‍ය නගරය හෙවත් 'පෝට් සිටි' ඉදිකිරීම් භාර චීන සමාගම් දිගින් දිගටම වෙරළේ සිට කිලෝමීටර් 10කට මෙපිටින් වැලි හෑරීමේ නිරත වන බවය.

මරා දමා තිබූ වැස්ස හා පැටවා සිහිකර සාංඝික දානයක් පිරිනැමූ අපූරු මිනිසෙක්...!!!

ආදරයෙන් කරුණාවෙන් දිවා රෑ නොබලා රැකබලා ගත් එළ ගව වැස්සිය හා පැටියා යම්කිසි පිරිසක් විසින් සොරාගෙන ගොස් මස් කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් ගව හිමියෙක් සිය නිවෙසේ ධර්ම දේශනයක් පවත්වා  (29දා) අලුයම සඟසතු දානයක් පිරිනමා සත්දින පින්කමක් සිදුකළ පුවතක් පිළිබඳ කෑගල්ල නගරයට ආසන්න ගමකින් වාර්තා වෙයි.
කෑගල්ල නගරයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි දෙවෙල්දෙණිය ග්‍රාමයේ පදිංචි එල්.ඒ. චන්ද්‍රසේන (අවු. 70) මහතාට 2009 වර්ෂයේදී අසල ග්‍රාමයේ පදිංචිව සිටින ඩේවිඩ් නමැති මහතකු විසින් එළ වැස්සියක් රැකබලා ගැනීමට ලබාදී ඇත.

තව ඉත්තෝ දෙක තුනක් ඇද්ද ගමන් ආණ්ඩුව කපෝතියි...!!! රන්ජන්ට පුළුවන්ද අර්ජුන් මහේන්ද්‍රන්ගේ කනේ එක මයිල් ගහක් ගලවලා පෙන්වන්න...!!!

ඒකාබද්ධ විපක්ෂයේ නායක මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන
ජනවාරි 8 වැනිදා ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වැළකුවත් මහජනතාවගේත්, ජාතියේත් ජනාධිපති ලෙස ඔබතුමා දිගටම හිටියා කියන එක මම මතක් කරන්න කැමැතියි. නීතියෙන් ජනාධිපතිවරු, නීතියෙන් අගමැතිවරු ඉන්න පුළුවන්. ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ රටපුරා හිටියා. ඒ නිසා තමයි රටේ යන යන හැම තැනම මහින්ද රාජපක්ෂ මහතාව පිළිගනිමින් දහස් සංඛ්‍යාත ජනතාව රොක් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාව යළි බලයට පත්කිරීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙනුත්, මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙනුත් අප ගෙන ගිය ව්‍යාපාරය මාස කිහිපයක් ඇතුළතදී මහා ජන ව්‍යාපාරයක් බවට පත්වුණා. මේ පාර්ලිමේන්තුවේ රනිල්ට බලයක් නැහැ. කුමන කුමන්ත්‍රණයක් මඟින් අපේ ජයග්‍රහණය පස්සට ඇද්දත් ජනතා තීන්දුව වෙනස් කරන්නට බැහැ. ඒ නිසයි ජනතාවගේ නායකයා විදියට මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව ලක්ෂ ගණන් ප්‍රාර්ථනා කරන්නේ. ඔබට අපට අහිමි වෙන්න ගිය රටක් බෙදෙන්න නොදී මහින්ද සේනාධිනායකයා විදියට වගකීම කරට අරගෙන කිව්වා ජයභූමියෙන් මෙහා අපි නවතින්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අවුරුදු 30ක් තිස්සේ ජනාධිපතිවරු 4 දෙනෙක්ට කරන්නට බැරි වුණු වැඩේ මහින්ද රාජපක්ෂ ජනාධිපති නිම කරලා අවසන් කෙළේ.එක්සත් ජාතික පක්ෂයේ දූෂණ හොයන්න ඉන්නේ රන්ජන් රාමනායක කියලා මහත්තයෙක්. අපි කියනවා රන්ජන්ට පුළුවන් නම් අර්ජුන් ඇලෝසියස්ගේ හරි අර්ජුන් මහේන්ද්‍රන්ගේ හරි හක්ක පනින්න ගහනවා වෙනුවට කනේ එක මයිල් ගහක්වත් ගලවලා පෙන්වන්න කියලා

පිඬු සිඟා මව් රකින බුද්ධ පුත්‍රයා ...!!!

වැඩ වාසය කළ විහාරස්ථානය හැරදමා පිණ්ඩපාතයෙහි යෙදෙමින් ලැබෙන දානය සිය වයෝවෘද්ධ මවට කවා පොවා රෙදි සෝදා නාවමින් පුංචි පැල්පතක වැඩ වාසය කරමින් සිටින ස්වාමීන් වහන්සේ නමකගේ තොරතුරු සොයා අපි පසුගියදා (28දා) කෑගල්ල, මොළගොඩ, බුදමවත්ත ග්‍රාමය වෙත ගියෙමු.
මොළගොඩ මැටි කර්මාන්ත ශාලාව අසලින් දකුණට හැරී මීටර් 150ක් පමණ පසුකළ තැන බුදමවත්ත ග්‍රාමයේ දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ද ලෑලිවලින් වට කොට තහඩු සෙවිලි කළ පුංචි නිවෙසේ මේ වයෝවෘද්ධ මව හා ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරති. අප ඉකුත්දා (28දා) පෙරවරුවේ මේ පුංචි නිවෙසට ගොඩවන අවස්ථාවේ දී පූජ්‍ය මොළගොඩ ආරියවංශ හිමියන් පුවත්පතක් බලමින් සිටි අතර මවද කෙඳිරිගාමින් ඇඳේ වැතිරී සිටි අයුරු දැකගත හැකිවිය.

නයා පොළඟාව ගොදුරු කරගෙන..!!!

නයි මුගයි ගැටුම් ගැන අප අසා ඇත. නමුත් නාගයකු විසින් පොළඟකු ගිල දමන දුර්ලභ සිදුවීමක් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි විය.
ලුණුවිල වැව ආසන්නයේ පදිංචි රශ්මිත ඩයස්ගේ ගෙවත්තේදී මෙම දුලබ සිදුවීම සිදුවී ඇත.

උන්ට ඕන අපිට වැඩි වුණාට පස්‌සෙ යට ඇඳුම් ගලවලා අපිව නටවන්න...!!! ඒ වගේ කස්‌ටමර්ලා දැක්‌කම කෙල්ලො හැංගෙනවා. ..!!!


ටික දවසක්‌ යනකොට එකී එක්‌ක ඉන්නම කස්‌ටමර්ලා එන්න පටන් ගත්තා. ක්‌ලබ් එකේ ආදායම වැඩි වෙනකොට කෙල්ලට වැටුණු බැරියර් වැඩි වුණා. පස්‌සෙ ඒකිව පන්නගෙන යන අදහස මම අතහැර දැම්මා. ඔහොම ඉන්නකොට දවසක්‌ මුලින් ආපු කොල්ලො දෙන්නෙක්‌ ඒ කෙල්ලවයි තව කෙල්ලෙක්‌වයි අරගෙන පැත්තකට වෙලා විනෝද වෙවී හිටියා. ඊට පැයකට විතර පස්‌සෙ කෙල්ලව හැමදාම ගන්න සෙට්‌ එකක්‌ බැස්‌සා...''

''මේ අපේ කෙල්ල. මේකිව අපිට දීපල්ලා'' කියලා අර කොල්ලො දෙන්නට පොඩි සත්තමක්‌ දැම්මා.

හොරපාරේ හොයන කරුප්පයියා ...!!!

රේගුව රදවා ගත් කන්ටේනර් අටක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යංශය දන්වයි..!!!
 නීත්‍යනුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් සහිත බහාලූම් අටක් මුදාහරින ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී තිබේ.
මෙම කන්ටේනර මුදා හැරීමට අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යවා ඇති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අැමති සභාපති දුරය දරන කැබිනට් අනු කමිටුවකින්ද මෙම නිදහස් කිරීම අනුමත කර ඇතැයිද වාර්තා වෙයි.

Saturday, January 28, 2017

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

ප්‍රශ්ණ කිරීමේ ක්‍රමයක් වශයෙන් ‘වොටර් බෝර්ඩින් ‘ (waterboarding) සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි” යැයි පවසයි.
ABC මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කළේ අන්තවාදයට එරෙහිව නීත්‍යානුකුලව සටන්වැදීම පිණිස කළයුත්තේ කුමක්දැයි ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ සමග සාකච්ඡා කරන බවයි.
‘වෝටර් බෝර්ඩින්’ යනු යමෙකුගේ මුහුණට නොකඩවා දිය වත්කරමින් දියේ ගිලීම වැනි තත්වයකට පත්කර ප්‍රශ්න කිරීමේ උපක්‍රමයකි.
එය වධහිංසා දීමේ ක්‍රමයක් ලෙස පිළිගැනෙන අතර ඇමරිකාව විසින් තහනම් කරනු ලැබීය.

මෝංගලයා... ලන්ඩන් ඊළාම් ඩයස්පොරාව ඉදිරියේ නැවතත් හමුදාව පාවා දෙයි !

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේගේ නෝ ෆයර් සෝන් චිත්‍රපටය යළි මතුවී ඇත.
මේ චිත්‍රපටය ගැන විදේශ ඇමැති මංගල සමරවීර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර චැතම් හවුස්‌ මන්දිරයේදී ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්‌වමින් හමුදාවේ පිරිසකට එම නෝ ෆයර් සෝන් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බවත් ඔවුන් එය නරඹා හැඬූ බවත් ඉන්පසු මේ වගේ අපරාධ සිදුවූයේ ද යන්න ගැන ප්‍රශ්න කළ බවත් සඳහන් කරුණු ලැබීය.

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

මහල් නිවාස සංකීරණයක් ඉදිකිරීම සදහා කොළඹ, කොම්පඤ්ඤ වීදියේ පිහිටි අක්කර අටක ඉඩමක් සෘජු විදෙස් ආයෝජනයක් සහිත පුද්ගලික සමාගමකට බදු සහනද සහිතව පවරා දීමට රජය තීරණය කර ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 429.5 (රුපියල් මිලියන 64,425) ක මුදලකට වන් කලම්බු ප්‍රොජෙක්ට් (ප්‍රයිවෙට්) ලිමිටඩ් නම් සමාගමට පවරාදීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

Friday, January 27, 2017

හම්බන්තොට චීන කර්මාන්ත ගැන අපි දන්නෙ නෑ.. අපි ඇහුවෙත් නෑ.. – චීනය නිල ලෙස කියයි..!!!

චීන ව්‍යාපාර හම්බන්තොට කාර්මික කලාපය තුළ ඇති කිරිමට චීන රජය විසින් කිසි දිනක ඉල්ලා නොමැති බව චීනය පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශවරිය  ( Foreign Ministry Spokesperson Hua Chunying's )
ප‍්‍රකාශ කර සිටියේ පසුගිය දා හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඇති කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය වැරදි වැටහීමක් නිසා ඇති වුවක් බවයි.
ශ‍්‍රී ලංකාව තුළින් ජනතාවට මේ පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බව ඇය බීජිංහි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

Thursday, January 26, 2017

සෙනසුරු මාරුව 2017 ගැන ඔබ දැනුවත්ද? මෙන්න ඇත්ත…!!!

2014-11-02 වනදා සෙනසුරු එතෙක් ගමන්කල තුලා රාශියේ ග්‍රහ ගමන අවසන් කරමින් වෘශ්චික රාශියට පිවිසි අතර වසර දෙකයි මාස දෙකයි දින 24 ක් පුරා වෘශ්චික රාශියේ ගමන්කල සෙනසුරු 2017-01-25 වනදා ධනු රාශියට පිවිසීම සිදුවේ.
.2017 වසරේ ජනවාරියේ සෙනසුරු  ධනු රාශිගත වීමත් සමග එක් පිරිසකට සෙනසුරුගේ ඒරාශ්ටක අපල උදාවන අතර තවත් පිරිසකට කෙටි සහ දිගු අපල අසුබ කාලසීමාවක් අවසන්වේ.

සමලිංගිකත්වය ...!!! තිරිසනුන් පවා කරන නිසා මිනිසුන් වන අපටද සුදුසුයි දීපිකා උඩුගම කියයි...!!!

 සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..!!!
 වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින ‘උත්ප්‍රාසය’ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

කපටි දේශපාළු අපතයන්ගේ පුවත් සමාලෝචනය ...!!!

රවි සජිත්ට එරෙහි වෙලා
යෝජනා අංක 45 යටතේ විවාදයට ගත්තේ ජාතික මානව හිමිකම්, ක්‍රියාකාරී සැලැස්මයි. රජය වෙනුවෙන් එය සැකසීම විදේශ අමාත්‍යාංශයට භාරවී තිබිණි. විදේශ ඇමැති මංගල සමරවිර වෙනුවට වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කොට තිබිණි. 2017 - 2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රධාන ලෙසම උණුසුම් කතාබහට ලක් වූයේ "ලිංගික අනුහුරුව සහ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව වෙනස්කම්වලට භාජන වීම වැළැක්වීම තහවුරු කිරීම සඳහා ලිංගික හැසිරීමට අදාළ නීතිමය වැරැදි යළි විමසා බැලීම" නමැති යෝජනාවය. එමඟින් වසර 175ක් පැරැණි 1842 අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා කොට තිබිණි. පසුගිය පොහෝ දින අගමැතිවරයා සහ වැඩ බලන විදේශ ඇමැති හර්ෂ ඇතුළු පිරිසක් එම යෝජනාව සකස් කොට තිබිණි. විදේශ ඇමැතිවරයා විදේශගතවී සිටීම නිසා හර්ෂ ඊට මැදිහත් වී තිබිණි.
සමලිංගික යන වචනය යෝජනාවේ සඳහන් නොවුණත් Sex Freedom  යනුවෙන් සඳහන් කොට තිබිණි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමත් සමඟ ඊට ශ්‍රී ලනිප ඇමැතිවරු සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරමින් අදහස් දක්වන්නට වූහ. එම නිසා කැබිනට් මණ්ඩලය ගාලගෝට්ටියක් බවට පත් වුණේය. "මේකට කිසිසේත් එකඟ වෙන්න බැහැ. ආගමික නායකයොත් උද්ඝෝෂණය කරාවි. රජයටත් හොඳ නැහැ" මහින්ද අමරවීර කීවේය. "මේකෙන් සමලිංගිකයන් සමඟ විතරක් නෙවෙයි, සත්තු එක්කත් එකතු වෙන්න නිදහස දීල තිබෙනවා. මේවා අපි වගේ රටකට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. තවත් අවුරුදු තිහ හතළිහකින් ඕන නම් කෙනකුට මේවා ගෙනාවට කමක් නැහැ" නියෝජ්‍ය ඇමැති සුජීව කීවේ වැඩබලන ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස සහභාගි වෙමින්ය. "මේ වැඩ අනවශ්‍ය දේවල්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. බදු සහන ඕන වුණු පලියට මේවට එකඟ වෙන්න බැහැ" රාජිත කීවේය.
මේ අදහස්වලට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් "මේ වගේ ලිහිල් කොන්දේසි යුරෝපා රටවල තිබෙනවා" යැයි පැවැසීය. "ඒ වුණාට සංස්කෘතියට, සභ්‍යත්වයට නොගැළපෙන ඒවාට එකඟ වෙන්න බැහැ" ජනාධිපතිවරයා කීවේය.

රට පුරා ATMවලට සුපිරි ගේම් දෙන කථිකාචාර්ය හොරා අහුවෙයි...!!!

ගෑස් යන්ත්‍ර උපයෝගී කර ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර ( ATM ) කඩා රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඇතුළු තිදෙනකු මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් රුපියල් ලක්ෂ 30ක මුදලක් සමඟ (24දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි. ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි.
මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

බැදුම්කර මගඩිය කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ ජනපතිගේ මූණටම අහයි..!!!

බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රශ්න කලහ.
උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.වීඩියෝ සහිතයි

යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ..!!!

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.
යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද නැතිද යන වග මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර සිටී. 0 සිට 100 දක්වා සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් මෙම අධ්‍යයනයේ දී අනාවරණය කෙරෙනු ලබන අතර එහිදී 100 අගයට ආසන්න වීම දූෂිත බව අඩුම රටවල් ලෙසත්, 0 අගයයට ආසන්න වීම දූෂිත බවින් ඉහළම රටවල් ලෙසත් වර්ගීකරණය කෙරෙනු ඇත.
2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ලකුණු 37ක්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර පසුගිය 2016 වසරේ දී එම අගය 36 ක් දක්වා පහත වැටී ඇත.

Tuesday, January 24, 2017

මෘග මිනීමරු කපටියාට අභියෝගයක්...!!!

ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් කමිනුයි, මන්ත්‍රි හා ඇමැති ධුරවලිනුයි වහාම ඉවත්විය යුතුයි...!!!
 • සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරිනුත්, ඇමැති ධුරයෙනුත්, පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙනුත් වහාම ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර  පවසයි. නානායක්කාර මේ බව පැවැසුවේ  (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වාසුදේව නානායක්කාර  මෙසේද පැවැසුවේය.
ෆීල්ඩ් මාර්ෂල් නම පාවිච්චි කරමින් සරත් ෆොන්සේකා  පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා. ෆොන්සේකා මහතාගේ මේ තනතුර නිසාම නිරන්තරයෙන් ක්‍රියාන්විතයේ සිටින බවක් පේනවා. පාර්ලිමේන්තුවේ සිටින ඇමැතිවරයෙක් අනෙක් අතට හමුදා සේවයේ ඉන්නවා. දේශපාලන බලය හසුරුවන අය හමුදාව තමන්ගේ අතට ගන්නවා. මේක රනිල්ගේ ප්ලෑන් එකක්.

ජෙප්පා හෙළුවෙන්....!!!

 අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !!!
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අයත් බව කියවෙන අයර්ලන්තයේ නිවසක් සම්බන්ධයෙන් වූ ලිපියක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලකට අදාල බදු ගෙවන්නැයි බදු එකතු කිරීමේ ජනරාල් වරයා විසින් එවන ලද එම ලිපියේ සදහන් වනවා.

ගොබ්බ මෝලෙක් තානාපති කල යහපාලනයේ බංකොලොත් තානාපති සේවය....!!!

යහපාලන රජයේ අගමැතිවරයා ඝෝෂා කරන්නේ රටට විදේශ ආයෝජකයෝ ගෙන්වීම තුළින් රටේ කර්මාන්ත ඇතිකර රැකීරක්ෂා වැඩි කළයුතු බවටයි. ජනාධිපතිවරයා කථා කරන්නේ පරිසර හිතකාමී සංවර්ධනයක් ඇති කළ යුතු අකාරය ගැනය. මුදල් ඇමතිවරයාට අවශ්‍ය වන්නේ රට ණය බරින් නිදහස් කිරීමයි. විදේශ ඇමතිවරයා කියා සිටින්නේ රටේ සමගිය සහජීවනය ඇති කරමින් ජාත්‍යන්තර තලයේදී ශී‍්‍ර ලංකාව මිනීමරන්නන්ගේ දේශයක් නොවන බව පෙන්වා දිය යුතු බවයි.
මෙම සියලූ අදහස් යහපත් සිතින් ප‍්‍රකාශ කෙළේ නම් ඒවා තුළ ඇති එක් පොදු බවක් වන්නේ ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැංවීම සහ ලෝකය ඉදිරියේ ශීලාචාර රටක් ලෙස ඉස්මතු කිරීමේ කි‍්‍රයාවලියයි. මෙය ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ. මෙය තවත් එක් හිස් දේශපාලන ප‍්‍රලාපයක් නොවේ නම්, එය ජාත්‍යන්තරයේ සිටින කෘතහස්ත රාජ්‍යතාන්ති‍්‍රකයින්, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ විද්වතුන් සමග ඉතා කල්පනාවෙන් කළයුතු ගනුදෙනුවකි. ඒ සඳහා මෙම පිරිස් සමග ගනුදෙනු කිරීමට හැකියාවක් සහ පළපුරුද්දක් ඇති පිරිසක් මෙම කාර්යය සඳහා යෙදවිය යුතුබවට විවාදයක් නැත.

සම්බන්ධන්ගේ බලපෑමට තහනම් අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ජනපති මුදාහරි....!!!

දෙමළ ජාතික සන්ධාන නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සීවරාසා (නෑ කමට මස්සිනා වන) නැමත්තේකු පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා මේ රටට ගෙන්වු මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ සහිත කන්ටේනර පෙට්ටියක් ජනපතිගේ නියමයෙන් මුදාහැරිමට කටයුතු කර තිබේන බව අප  අනාවරණය කළා.පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා පැමිණී මෙම තහනම් බඩු තොගය සහිත කන්ටේනරය පෑලියගොඩ බහාලූම් අංගනයේ රේගුව බාරයේ රදවාගෙන තිබුන අතර පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.
KJU0465018 අංක දරන මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂේ නායක ආර්. සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සිවරාසා නැමැත්තෙකු වන අතර අදාළ කන්ටේනර පෙට්ටිය කොටි ඩයස්පොරාව විසින් අමෙරිකාවෙ සිට එවා තිබේන බවටද මේ වන විට තොරතුරු අනාවරණය වි තිබේ.

ලොකුවිතානලාට අක්කරය ඩොලර් 1එකට වික්ක මලික්ගේ මජර හොර වැඩ මෙන්න...!!!

බොරැල්ලේ පිහිටි කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට රුපියල් මිලියන 144ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණර්ධන නිදහස් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ සභාපති මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මෙහෙයුමක් දියත් කර ඇති බව අප පසුගිය 2016 ජුලි 7 වැනිදා අනාවරණය කළා.
එම අනාවරණය තහවුරු කරමින් අද වනවිට සජින් යහපාලන ආරක්ෂාව යටතේ ජිවත් වන අතර ඔහුගේ ආරක්ෂාව සදහ ඇමති ආරක්ෂකයන් 8 දෙනෙකු ලබාදිමට තරම් යහපාලනය දෙකට නැමි තිබේ.සජින් ද වාස් ගුණර්ධන බේරා ගැනිමට මලික් සමරවික්‍රම කටයුතු කලේ නිකම්ම නොවේ. ඒ වෙනුවෙන් සජින් හරහා නන්දන ලෝකුවිතාන සමග මලික් ඩිල් එක දමා ගත් අතර මේ ඒ හරහා මලික් ඇතිවෙන්න මුදල් උපයාගෙන තිබේ.
මේ අනුව මලික් සමරවික්‍රම ආයෝජන මණ්ඩලයට සaජුවම පහර වදින සංවර්ධනය සඳහා අදාළ වන ආයතනයක් පිහිටුවීමට ඉතා කැමැත්තෙන් යුතුව සිටින අතර එවිට ඔහුට ඔහුගේ රුචිය පරිදි එය මෙහෙයවීමට හැකියාව ලැබේ. මෙය ඉතා මෑත කාලයේ ආයෝජන මණ්ඩලය විසින් පනවනු ගණුදෙනු වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන කිසිදු රෙගුලාසියක් සමග සමපාත නොවේ.

හිරූ නිකර්ගේ දඩයම් මැර කල්ලියේ රියදුරු දැන් තානාපති සේවයේ – විසා සහයක (Visa Assistant )

2016 අවසන් භාගයේ දෙමටගොඩ ගුවන් පාලම යට වෙළෙඳ සැළේක සේවය කරමින් සිටි තරුණයකු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ උපදෙස් පිට බලහත්කාරයෙන් බෙල්ලෙන් ඇදගෙන ගොස්‌ ඩිෆේන්ඩරයකින් පැහැර ගෙන ගිය ඇයගේ ආරක්‍ෂකයන් යෑයි කියන මැරයන් කණ්ඩායමේ රියදුරු ලෙස ක්‍රියා කල අජිත් සුරවීර නැමැත්තා මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයේ රියදුරු ලෙස සේවය කරමින් සිටි.
පැහැරගත් තරුණයා රැගෙන ගොස්‌ තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක්‌ වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක්‌ මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.

Monday, January 23, 2017

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව ගමන් කළ හැකි රටවල්....!!!

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි රටවල් පහතින් බලන්න.

නි.ඇමති දිලිප් වෙදාඅරච්චිගේ අක්කර දෙකේ ගංජා හේනට පොලීසිය බය ඇයි..?

ධීවර නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ අනුදැනුම මත මොනරාගල දිස්ත්‍රික්කයට මායිම්ව පවත්වාගෙන යන ගංජා අක්කර දෙකක් සම්බන්දධයෙන් තොරතුරු ලැබී තිබුණත් අද වනතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇත.

ඇමරිකානුවන්ට ජාතිකත්වය මතක් කල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මංගල කතාව...!!!

මෙතනට පැමිණි ජනාධිපති වරුන්ට.. ඇමෙරිකානු සහෘද ජනතාවට සහ ලෝකවාසී සියල්ලන්ටම ස්තුතියි !!
ඇමෙරිකානු පුරවැසියන් වන අප දැන් අප රට නැවත ගොඩනැගීමේ සහ අප ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ ජාතික කාර්යභාරයට සම්බන්ධ වී සිටිමු
ඉදිරි අනාගතය වෙනුවෙන් ඇමෙරිකාවේ සහ ලෝකයේම ගමන් මග අප විසින් තීරණය කරන්නෙමු. අප අභියෝග සහ අමාරු කම් වලට මුහුණ දෙනු ඇති මුත් අපගේ කාර්යභාරය ඉටුකරලන්නෙමු.
සෑම අවුරුදු හතරකට වරක්ම අප මෙහි රැස්ව සාමකාමීව සහ නියමිත ආකාරයට බලය නව ජානාධිපතිවරයාට පැවරීම සිදු කරමු. එය එසේ වන්නට ඉඩ හැරීම ගැන අප ජනාධිපති ඔබාමට සහ මිචෙල් ඔබාමට ස්තුතිවන්ත වෙමු.
කෙසේ වුවත් අද දින සිදුවන සැමරීම ඇති විශේෂ වන්නේය. අප අද හුදෙක් එක් පරිපාලනයකින් තවෙකකට හෝ එක පක්ෂයකින් තවෙකකට බලය පැවරීම පමණක් සිදු නොකරමු.. අප අද වොෂින්ටන් DC සිට නැවත බලය පවරන්නේ ජනතාව වන ඔබ වෙතය.

Sunday, January 22, 2017

සමන් මන්චනායක අප අතරින් සමුගෙන ඇති වගයි....!!!

වසර ගණනාවක්   විමසුම ,සන්නස,කෝපිකඩේ වැනි ඵකළ ජනප්‍රිය නිර්මාණ වලට කැමරාකරණයෙන් දායකත්වය සැපයූ සමන් මන්චනායක අප අතරින් සමුගෙන ඇති වගයි.ඵම අවසන් කටයුතු මෙම 24 වන දිනට යොදා ඇත.පිළිකා රෝගී තත්වයකින් දුක්පීඩා විඳි මන්චනායක සිය අවසන් දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කොට ඇති බවද දැන ගැන්මට ලැබුණී.ඔහු

ඔහු පිළිබඳ රසවත් මතකයන් බොහෝ ඇත ඒවා ඔබ හා බෙදා හදා ගැනීමට සිතා සිටිමි.

අල්ලස්‌ දීමේ විද්‍යාත්මක ක්‍රමය මෙන්න...!!!

ආනයනකරු විසින් තම ඒජන්තවරයා හරහා උදේම රේගුවට යැමට පෙර වෙනම මුදලක්‌ වාප්පු ලිපිකරුට ලබා දෙයි. ඒ ඒ අදාළ නිලධාරියාට ජරාව ගෙවන්නේ වාප්පු ලිපිකරු විසිනි.
අල්ලසට, පගාවට, ජරාවට කුවින්තාන්සි නිකුත් නොකෙරේ. ඒ නිසා වාප්පු ලිපිකරු විසින් තමා මුදල් දෙන නිලධාරියාගේ තනතුරු සහ දෙන ලද මුදල කුඩා කොල කැබැල්ලක ලියා ලයිස්‌තු ගත කරයි. ඒ සවසට තම ආයතන ප්‍රධානියාට වියදම් විස්‌තර පෙන්වනු පිණිසයි. ඒ ඒ භාණ්‌ඩ සහ ප්‍රමාණය සඳහා ගෙවිය යුතු මුදලේ අගය වෙනස්‌ වෙයි. සමහර නිලධාරියෙකු අය කරන අල්ලස රුපියල් සියයකි. තවත් අයෙක්‌ දාහකි, පන්දාහ, දහදාහ, ලක්‍ෂය කෝටිය දක්‌වා ඉහළට යන අල්ලස්‌ ද ඇත.
අල්ලස්‌ ජෝගියේ දෙවැනි බාගය ඇරඹෙන්නේ බඩු පැටවීමට හෝ එළියට ගැනීමේ ක්‍රියාවලියේදීය. එය කෙරෙන්නේ වරාය ඇතුළේදීය. ගුදම් භාරකරුට, ලිපිකරුට, පරීක්‍ෂකට, ආරක්‍ෂක නිලධාරියාට, තක්‌සේරුකරුට සහ අවසානයේ ගේට්‌ටුවේ සිටින අයට පවා මුදල් දීමට සිදුවෙයි.

 වාප්පු ලිපිකරුවන් හරහා ජරාව කෑම වැඩියි
රේගුවත් - අල්ලසත් ගසට පොත්ත මෙනි ...!!!

"දෙමළුනි නැගිටිව්" හෙවත් "එළුග තමිල්" ව්‍යාපාරය ආරම්භ කළේ අන් කවරකුවත් නොව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්  විසිනි. පුරා වසර 65 ක්‌ කොළඹ සිංහලයන් හා එක්‌ව ජීවත් වූ විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති ධුරයට පත්වීමත් සමඟ සිංහලුන් වහකදුරු විය. උතුරේ සිංහල ජනපද ඇති කිරීමට විරෝධය පෑමටත් බුදු පිළිමවලට එරෙහි වීමටත් 2016 සැප්තැම්බර් 24 වැනිදා යාපනයේදී "එළුග තමිල්" පළමු වැඩසටහනත් පවත්වන ලදී. එම වැඩසටහන යහපාලන ආණ්‌ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළට වැදුනු හොඳ කනේ පහරක්‌ විය. නමුත් රජය නිල වශයෙන් මේ ක්‍රියාව විවේචනය කළේ නැත. ඒ විග්නේෂ්වරන්ගේ සිත තැලේ යෑයි බිය නිසාදැයි අපි නොදනිමු. නමුත් මීට මාස ගණනාවකට පෙර පැවැති "දෙමළුනි නැගිටිව්" වැඩසටහන ගැන නැවත සිහිකරන්නට සිදුවූයේ මන්ද? ඊයේ දිනයේදී එනම් 21 වැනිදා මඩකලපුව මහනගර සභාවට අයත් පාටාලිපුරම් ක්‍රීඩාංගණයේදී තවත් "එළුග තමිල්" වැඩසටහනක්‌ සංවිධානය කර තිබීමයි. මේ සටහන ලියෑවෙන්නේ 21 වැනිදාට පෙර වුවත් මේ නව පොංගු තමිල් ව්‍යාපාරය හරහා නැගෙනහිර පළාත් නැවතත් අස්‌ථාවර වන බව නොකියාම බැරිය. මඩකලපුවේ "එළුග තමිල්" වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතව සිටියේ ද උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ය.

'ආයුර්වේද' බෝඩ් එකට විතරයි. යට තියෙන්නෙ රති කෙළිය...''

''මම නයිට්‌ ක්‌ලබ් හත අටක වැඩ කරලා තියෙනවා. සමහර තැන්වලින් අයින් වෙලා ආයෙත් ගිහින් වැඩ කරලා තියෙනවා. කිසිම නයිට්‌ ක්‌ලබ් එකකින් වැඩ කරන කෙල්ලන්ට හරියට ගෙවන්නේ නෑ. බොස්‌ලා අපිට කියන්නේ හම්බ කරගන්න තැන ලස්‌සනට හදලා දීලා තියෙනවා උඹලා මහන්සි වෙලා හම්බ කර ගනිල්ලා කියලයි. බිස්‌නස්‌ එකක්‌ ගෙනාවම පොඩි කොමිෂන් එකක්‌ දෙනවා. ඒක තමයි මාසේ අන්තිමට එකතු කරලා ගන්න තියෙන්නෙ. යන්තමටම හරි අතට ඉතිරි වෙන්නේ කස්‌ටමර් දීලා යන කීය හරි විතරයි. ඇඳුම්, පැළඳුම්, කෑම් බීම්වලට වියදම් කරලා ඉන්න තැනට දුන්නට පස්‌සේ එකත් ඉවරයි...''
 ස්‌පා කඩවල සැප
මසාඡ් කරන සුන්දරියන්ට නැත
...!!!

නයිට්‌ ක්‌ලබ්වල තත්ත්වයත් ඊට දෙවැනි නැත
මසාඡ් ආයතනවල නයිට්‌ ක්‌ලබ්වල සේවය
කරන්නියන් ඇඳුම් මාරු කරන ගානට තැන් මාරු කරති...

Thursday, January 19, 2017

මිනිස් වෙසින් සිටින තිරිසන් සුණඛයන් කළ අපරාධයට දඬුවම් කෝ....!!!

අවු 25ක් අතුරුදන්ව සිටි තරුණියක් ගෙදර එයි - නිවසක බලහත්කාරයෙන් රඳවාගෙන ඉඳළා...!!! 
88-89 මෙරට පැවති භීෂණ යුගයේ අතුරුදහන්වූ බව කියන එවක 18 හැවිරිදි තරුණියක අවුරුදු 25ට පසුව තම නිවස සොයා ගම්පොල, ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
පද්මා කුමාරි නමැති මෙම තරුණිය අද වන විට 43 වන වියේ පසුවන අතර එවක ඇය අතුරුදහන්වීමෙන් පසුව ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇයගේ පවුලේ උදවිය විසින් ලබාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

ඡන්දයෙන් පැරදීත් ..පිනට පාර්ළිමේන්තු ගිය මිනීමරු සුණඛයා තප්පුළයි...!!!

ඉන්දියාවට ත්‍රිකුණාමලය වරාය ලබා දෙන බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතට අදහස් පල කරමිනි.
අදාල ගනුදෙනුව ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයිද ඇමතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් ජනතා ඉඩම් බදු දුන් දේශපාළු කාළකණ්නි...!!!

හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..
 ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් සදහන් කළේය.
එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.

ඇසූ විට සරලව සිනාසුණි අහෝ තොපි මෝඩයි කියා...!!!

මේ තරම් සියුමැලිද කොස්කොළ
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා බත් කන හරක්ටත්
මොළේ දුන් මිනිසා සොයා...//

පොළොන්නරුවේ සරල නිවෙසක
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා...//

උතුර ඒකීය – දකුණ ෆෙඩරල්…..බෙදුම්වාදීන්ගේ අරුම ලොජික්....!!!

උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ඒ ප්‍රදේශ එක් කරගෙන ජීවත් වීමේ ඒකීය යෝජනාවක් ගෙන එන දෙමළ ජාතික සංධානය සහ බෙදුම්වාදී න්‍යායාචාර්‍යවරුන් දකුණට ඒ න්‍යාය කපිට ගසා බෙදා වෙන් කිරීමේ ෆෙඩරල් යෝජනාවක් ගෙන ඒම පුදුම සහගත බව ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.
ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ යයි අද කෙඳිරි ගාන චම්පික රණවක ඇමතිවරයා ඇතුළු හෙළ උරුමයද මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට අත් වැල් ඇල්ලූ බවද ගෙවිඳු කුමාරතුංග  පෙන්වා දෙයි.”අගමැති වරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පොදු යෝජනාවක් ගෙනාවේ 8 දෙනෙකුගේ නම් සහිතවයි. ( VIDEO )

සරත් ෆොන්සේකාගේ ඝාතන ලැයිස්තුවේ අංක එක සිරිසේන ජනපතිට..!!!

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ජනවාරියේ සිරිසේන ජනාධිපතිවරයාට ඇතිවු මරණ භිය හේතුවෙන් ඔහුගේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමකට භාජනය කල අතර ඊට සමගාමිව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනය සම්බන්ධයෙන් වු විශේෂ වාර්තාවක් බුද්ධි අංශ විසින් සකස් කර ආරක්ෂක මණ්ඩලයට ලබාදි තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාට වැඩිම ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයා ලෙස සටහහන් කර ඇත්තේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වන අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රධාන ආරක්ෂක මරමස්ථාන හා කාර්යාල , තානාපති කාර්යාලවල ෆොන්සේකාගේ ගෝලයින් පත් කර සිටිම බවද පෙන්වා දි තිබේ.

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !!!

                               පුදබිමට පිවිසෙන මාර්ගයේ නවීකරණය කර ඇති ඉස්ලාම් තොරණ
වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් සහිත, මහ රහතුන් වැඩ සිටි ඓතිහාසි කුරගල පුදබිමේ අනවසරයෙන් රැදී සිටින මුස්ලිම් ජාතිකයන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම පුදබිමෙන් ඉවත් වන ලෙස අදාළ පිරිසට අධිකරණය මගින් ද නියෝග කර ඇතත් නීතිය නොකතා එම පිරිස තවමත් එහි රැදී සිටින අතර ඉකිරීම්ද යළි අරඹා තිබේ.

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ කමිටු ඉදිරිපත් කළ වාර්තා මගින් රටේ ඒකීයභාවය අහෝසි කරන යෝජනා ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
කොළඹ පදනම් ආයතනයේ දී  (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
“මම ඉදිරි කාලයේදී මේ රටේ සියලු විද්වතුන්ට ආරාධනා කරනවා.. ජාතික සභාවක් ඇති කරන්න එන්න කියලා. ඒක විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. මේ රට යා යුත්තේ කොතනටද කියලා ගමින් ගමට ගිහින් මහජනයා දැනුවත් කරන්න කටයුතු කරනවා.මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මගෙත් එක්ක කවුරුත් තරහා වෙන්න ඕන නැහැ. රටට ආදරය කරන සියලු දෙනා මම එකතු කර ගන්නවා.

රතනහිමියන් පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්වීම වඩාත් හොඳයි...!!!

පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම අගය කරන බව ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝමණ්ඩලයේ සභාපති, ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
එහෙත් මෙම ස්වාධීනවීම වඩාත් ඵලදායිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද, ඉල්ලා අස්වීමෙන් බව සෝභිත හිමියන් කියා සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ  (18) පැවති මාධ්‍ය හමුවකදීය.
එලෙස මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්නොවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පමණක් රතන හිමියන්ගේ අරමුණ අර්ථවත් නොවන බව සෝභිත හිමියන් අවධාරණය කළේය.

හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට සාක්ෂි මෙන්න

"ආණ්ඩුවේ හැමෝම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය බොරුවට කලබල වෙලා. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන්නේ නෑ. හම්බන්තොට, රත්නපුර, මොණරාගල, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සියල්ලෙන්ම දෙන ඉඩම් ප්‍රමාණය තමයි අක්කර 15,000ක්වෙන්නේ කියලා අගමැතිත් කිව්වා. මේ කතාව ඇමතිවරු විතරක් නොවේ ජනාධිපතිත් කිව්වා. ජනාධිපති කියනවා තාම තැන තීරණය කර නැත. හම්බන්තොටට එපානම් පොළොන්නරුවට  ලබාදෙනු මැන කියලා. එහෙම කියද්දිනම් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. පොළොන්නරුවෙත් වරායක් තියෙනවද කියලා. ජනපති දන්නැතුව ඇති වරායක් ආශ්‍රිතව තමයි මේ කර්මාන්ත ගොඩ නගන්න යන්නේ. නමුත් ජනාධිපති නියෝජනය කරන පොළොන්නරුව තියෙන්නේ රට මැද.දෙවෙනි කාරණය තමයි රටේ විධායක බලය ජනතාව ලබා දුන්නේ අගමැතිට නෙමෙයි ජනපතිට. නමුත් ජනපති අගමැතිගෙන් ඉල්ලනවා. කොහොම නමුත් අපේ අතේ ලිඛිත සාක්ෂි තියෙනවා මේ සම්බන්ධව.“හම්බන්තොටින් අක්කර 15,000ක් චීන තානාපති ඉල්ලුවා. අපි දැනටමත් ඒ සඳහා අක්කර 17,000ක් නැති නම් හෙක්ටයාර් 6,800ක් හඳුනා ගෙන තිබෙනවා“ කියලා අගමැති ලේකම් ඊඑම්එස්බී ඒකනායක භාණ්ඩාගාර ලේකම්ට ලිපියකින් දැනුම් දෙනවා. ලිපියේ යොමු අංකය PMO/01/ASP/2016/01 . ලිපියේ දිනය 19.09.2016. ඒ කියන්නේ මීට මාස හතරකට කලින් ඉඩම් හඳුනා ගෙන ඉවරයි. ජනතාවගේ විරෝධතා නිසා තමයි දැන් ආණ්ඩුව රිවර්ස් ගියර් දාගෙන ඉන්නේ.
මේ ලිපිය ඉංග්‍රිසියෙන් යැවූ නිසා ජනාධිපතිට තේරෙන්නේ නෑ කියලා අගමැති හිතුවා ද දන්නේ නෑ.( සාක්ෂි මෙන්න )

කොස්‌ කොළ වෙනුවට පුන්නක්‌කුම කමු...!!!

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව පසුගිය 17 වැනිදා වන විට එක්‌ලක්‍ෂ දහතුන්දහස්‌ හාරසිය තිස්‌ හයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය එදිනට නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්‌ත්‍රික්‌ක 12 කින් එම පවුල් සංඛ්‍යාව වාර්තා වේ.
ඉඩෝරය පෑවිල්ල ගැන අංක එකේ පෙර සූදානමක්‌ ගැන කතා කරන වගකිව යුතු හැම කෙනෙකුටම අපට කියන්නට ඇත්තේ මේවා අලුත්ම අලුත් නිව්ස්‌ නොවන බවය. 2016 ඔක්‌තෝබර් මාසයේදී මේ ''නියං'' කතාව ඉඩෝරය, පෑවිල්ල ගැන සරල කතාවලට ලඝූකරමින් කරළියට එනවිට අප මෙවැනිම සටහනකින් සඳහන් කළේ උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට ඉක්‌මන් සැලසුම් අවශ්‍ය බවය. ඒ වනවිටත් රටේ විවිධ ප්‍රදේශවලට උග්‍ර ජල ප්‍රශ්නත් ඇතිව තිබිණි. අද වන විට උද්ගතව ඇත්තේ බරපතළ තත්ත්වයකි. වියළි කාලගුණය රටට බලපෑම් කරන්නට පටන්ගෙන මේ වන විට මාස හතරක්‌ පමණ ගතවී තිබේ.

අගමැති, මුදල් ඇමති රටේ නෑ.. විධායක ජනාධිපති බලවත් වේ.. !!!

කැබිනට් තීරණයන් වෙනස් කිරිමෙන් ව්‍යාපාර ප්‍රජාව කැලඹේ.. එජා පාක්ෂිකයින් කලබල වේ..!!!
 නිවාස ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 6 ක් පසුගිය අයවැයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කොට තිබු බවට පුරසාරම් දොඩමින් සජිත් ප්‍රේමදාස  පසුගිය අයවැය සම්බන්ධව කතා කලද ඔහු විසින් අයවැය යෝජනාවේ තිබු ගණන් මිමි වරදවාගෙන ඇති බව පැහැදිලි වනුයේ එම රුපියල් බිලියන 6 න් 3 ක්ම රිෂාඩ් බදුර්දින්ට උතුරු පලාතේ අවතැන් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව නිවාස සැදිමට ලබා දීමයි. තව බිලියනයක් වතුකරයේ නිවාස සැදිමට පලනි දිගම්බරම් අමාත්‍යවරයාට වෙන් කොට ඇති අතර ස්වාමිනාදන් ඇමතිවරයා විදේශ ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් බිලියන 7 ක් නිවාස වෙනමම උතුරේ සෑදිමට කටයුතු කරගෙන යයි.

Tuesday, January 17, 2017

සමලිංගික සේවනය පිළිගනී.. කැබිනට් පති‍්‍රකාව මංගලගෙන්..

සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි.
එම කැබිනට් පත‍්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.

නපුංසක යහපාලනයේ කෙප්ප සංහිඳියාව....!!! හොර කොටියා ලොවම ගිණි තබයි...!!!

ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමල අනුවාදනය වෙනුවට වෙනම දෙමළ ගීයක්..

ජනවාරි 8 වෙනිදා කැනඩාවේ පිහිටි දෙමළ ජනතාව බහුලව ජීවත්වන බැර්ම්ප්ටන් නගරය සහ උතුරේ වව්නියාව නගර දෙක Brampton To Vavuniya සහෝදර නගර ලෙස දියුණු කිරීමට අවශ්‍ය ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික ගිවිසුම් කිහිපයකට එලබීමට සිදු වුනි.
ඒ සඳහා උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන්  කැනඩාවේ බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේ උත්සවයක් පවත් වන ලදි.වීඩියෝ

මැරෙන්න යනවා කියූ කුඩු දුමියා හිරෙන් පැනයන්න සැලසුම් කරලා..?

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් බන්ධනාගාරයෙන් පැන යන්නට සැලසුම් කලේ යයි විද්‍යුත් මාධ්‍යයන්හි පල වූ පුවතක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවට රහස් පොලීසිය විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇත.

කපටි කරුප්පයියා නිරුත්තර කළ ප්‍රශ්ණයක් ...!!!

ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වෙයි.
ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණය විරෝධය ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්‍ෂිකයින් බවත් ඔවුනට සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී ඇත.

කුමාරගේ මසුරං කියුම් ඵකතුවක්....!!!

ජහපාලන ආණ්ඩුවේ ඇන්ජිම UNP එක. උන් කරන පව්වලට අද කර ගහන්න සිද්ධ වෙලා තියෙන්නෙ අතිගරු සිරිසේනට. ඒක කරන්නෙ දැන දැන. තමන්ට කවදාවත් ලැබෙන්න තිබුණෙ නැති ජනාධිපතිකම අරන් දුන්න UNP එකට සදා ණයගැති අතිගරු සිරිසේනතුමා, අද දේශපාලනික වශයෙන් පත් වෙලා ඉන්නෙ නාටාමි චරිතයට.
පුක්ස්වැගන් බොරුව වෙනුවෙන් පෙනී හිටපු ආකාරයෙන් ම පේනවා අතිගරු සිරිසේනට රටට වඩා, තනතුර ලොකුයි කියන එක.
රටේ තීරණාත්මක තැන්වලදිත් අතිගරු සිරිසේනට ගැලවිල්ලක් නෑ, බොලව්.
- කුමාර ලියනගේ
කවුද බොලව්, ලංකාවට ශාක්‍ය ජනපදයක් ඉල්ලුවේ?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.