ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 31, 2017

නව වසර 2018 ඔබට කොහොමද බලන්න

නව වසර ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගොඩක් අය කැමතියි උදාවෙන නව වසරේ තමන්ගේ ලග්නයට හිමි සුබ අසුබ පිලිබදව බලාගන්න. හැමෝම ලග්න විශ්වාස නොකලට මේ ලග්න විශ්වාස කරන අය වෙනුවෙනුයි.
ලෝක සම්මත ප්‍රධානම ව්‍යවහාරික වර්ෂ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව 2017 දෙසැම්බර් මස 31 දා රාත්‍රී 12.00ට හෙවත් 2018 ජනවාරි මස 01 දින පැය 00.00ට නව වර්ෂය ආරම්භ වේ.
මෙරටට සාපේක්ෂව සලකන කල නැගෙනහිර ක්ෂිතිජයෙන් කන්‍යා ලග්නය මේ අවස්ථාවෙහි උදාව ඇත.
මෙදින දුරුතු මස පුර තුදුස්වක තිථීය පවතී. නැකත මුවසිරස වේ. කන්‍යා ලග්නය වී ලග්නාධිපති බුධට විරුද්ධකම් දක්වන අට වැන්නාධිපති හා අටෙන් අට අධිපති කුජ හිමි රතු ග්‍රහයාට හිමි නක්ෂත්‍රයකින් වර්ෂය උදා වේ.

අන්තවාදී දෙමළ යකන්නිය පවසන පොනිල්ගේ 2005 පරාජයේ යථාර්ථය...!!!

විජයකලා එල්ටීටීඊයේ රහස්‌ හෙළිකරයි ...!!!
ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය විජයකලා මහේෂ්වරන් මෙම මස 22 දා යාපනයේදී ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. දෙමළ ජනතාව 2005 නොවැම්බර් මස එවකට එක්‌සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ පරාජය නොකළේ නම් දෙමළ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔවුන්හට අහිමි නොවන බවය. එලෙසම එම තීරණය හේතුවෙන් 2009 දී දමිළ වැසියන් 200,000 මුල්ලිවයික්‌කාල් භූමියේදී අහිමි වූ බවය. යාපනයේ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරදීමෙන් පසුව කළ මෙම ප්‍රකාශයට යාපනයේ පළවන කලේයිකතීර් Kalaikkathir පුවත්පතේ පළමුවැනි පිටුවේ මෙම මස 23 දා පළවිය. දමිළ මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක කිසිදු දිනක තම ජනතාව වික්‍රමසිංහ පරාජය කළ හේතුවෙන් තම නායකයා තමන්හට අහිමිවූ බව ප්‍රකාශ කර නැත. එලෙසම මුල්ලිවයික්‌කාල් සටනේදී 200,000 ක්‌ දමිළයන් මියගිය බව පවසා නැත.
2011 මැයි මස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආරක්‍ෂක හමුදා විසින් සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ මරණයට පත්කළ බැව් පැවැසුවාට පසු මරණ සංඛ්‍යාව 200,000 ක්‌ ලෙස ප්‍රකාශ කළ පළමු අවස්‌ථාව මෙය බව සිහි තබා ගත යුතුය.

පාහරයන්ගේ වංචාකාරී ප්‍රෝඩාව හෙවත් සංහිඳියා අටමඟුලෙන් යටවන සිංහල අයිතිවාසිකම්...!!!

පානම සිංහල ගමට අන්තවාදීන් කරන කෙනෙහිලිකම් මෙන්න... !!!
වතුර නැතිව ජල ටැංකිය වේළෙනවා අපි කඳුළු බොනවා...
කැලෑමහත්වරු අපේ හේනකටවත් අඩිය තියන්න දෙන්නේ නෑ, ඒත් අන්තවාදීන් ලාහුගල රක්‍ෂිතයත් කපනවා...
පානම ඉඳලා ලාහුගලට කපපු පාර අතරමඟ නතර වෙලා අපි වටේ යනවා...
නැගෙනහිර කෙළවරේ පිහිටි එකම සිංහල ගම පානමයි. පසෙකින් යාල, කුමන සහ අනෙක්‌ පසින් ලාහුගල රක්‍ෂිතයටත් තවත් පසෙකින් මහ මුහුදටත් මැදි වූ පානම හුදෙකලා ගම්මානයකි. සිංහල, දෙමළ මිශ්‍රිතයන් ජීවත් වන පානම ගමේ මුසල්මානුවෝ නැත. එහෙත් පානම ගම පාලනය වන්නේ මුස්‌ලිම් බලාධිකාරිය යටතේය. එහෙයින් පානම සිංහල ගමට කෙණහිලිකම් ඕනෑවටත් වැඩිය.
මේ වන විට පානම වැසියන් දැවෙන ප්‍රධානම ගැටලුව බීමට පිරිසිදු ජලය නොමැති වීමය. කාලයක සිට පවතින පානීය ජල ගැටලුව විසඳීමට පානම රෝහල ඉදිරිපිට ඉදිකළ ජල ටැංකිය දැන් මුල් අදින ගානය. පානම හතර දිග්බාගයේම එලූ ජල නළවල තවමත් දිය සීරාවක්‌ නැත. පානම මිනිස්‌සු පිරිසිදු දිය බිඳක්‌ සොයාගෙන හැතැප්ම ගණන් දුර ඇවිදිති. නැවුම් ජල නළ පොළවට පස්‌ වන අතරේ පානම මිනිස්‌සු පිපාසයට කඳුළු බොති. දිය බිඳක්‌ ඉල්ලා නිලධාරීන් ඉදිරියේ හඬති. එහෙත් පිපාසයෙන් හඬන ඒ මිනිසුන් ඉදිරියේ නිලධාරීන්ගේ හදවත් තෙත් නොවේ. පානම ගම්මු දිනෙන් දින ජල ගැටලුවෙන් පීඩා විඳිති. පසුගිය දිනක අපි පානම වැසියන් අතරට ගියෙමු. ඒ පිපාසිත මිනිස්‌සු ජල ගැටලුව මෙන්ම ඔවුන් දැවෙන ගැටලු කිහිපයක්‌ම අපට කීහ. මෙතැන් සිට පෙළගැසෙන්නේ පානම පිපාසිත මිනිසුන් අපට කියන කතාවය.

ජ්‍යෙතිෂයට ලෙඩ සනීප කළ හැකිද ...!!!

* දිනපතා වන සූත්‍ර මාරුවීම තරමට ග්‍රහයෝ අහසේ සිටී ද?
* යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ජනතාව යොමුකරන මුදල් ගරා ගැනීමේ පහත් උත්සාහය රට පුරා
* විද්යුත් මාධ්‍යවල මෙගා ධර්ම දේශනා හා මෙගා පිරිත් සූත්‍රවල බලයක්‌ නැත.
* ග්‍රහකරු නැතත් පිරිත් සූත්‍ර වාණිජකරණය ඒවායේ බලය අඩුකර ඇත.
* ජ්‍යෙතිෂ්‍යවේදීන් පවසන තරමට දිනපතා ග්‍රහ මාරුවීම සිදුවීම් ජනතාවට ග්‍රහ ලෙස බලපා නැත.
* ජ්‍යෙතිෂ්‍ය ආයුර්වේදය හා බුදුදහම වාණිජකරණය කනගාටුවට කරුණකි.
* මෙයට හොඳ හා නරක කර මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර පැවතීම කනගාටුවකි.
* ජෝතිෂ්‍ය මුදල් ගරා ගැනීම වෙනුවට සමාජ ප්‍රගමනයට යොදාගත යුතුය.
* ජ්‍යෙතිෂ්‍යවේදීන් නූල්, මුදු යන්ත්‍ර, විකිණිමේ විලාසිතාවෙන් වන සෙතක්‌ නැත
* මිනිසුන්ගේ අධ්‍යාත්මක විනාශයන් නිසා ග්‍රහ තාරකාවල විවිධ බලයන් මිනිසාට බලනොපායි.
මීට වසර ගණනාවකට පෙර එනම් දශක ගණනාවකට පෙර අපේ රටේ ජ්‍යෙතිෂ්‍ය අනාවැකි පළවූයේ වසර ගණනාවකට වරක්‌ හෝ දෙවරක්‌ වේ. ඉතාම කලාතුරකින් වන ග්‍රහමාරුවක්‌ හෝ නැකතක්‌ පිළිබඳවයි. ඔබ කුඩා කාලයේදී හෝ ඔබගේ මාපියන් හෝ මුතුන් මිත්තනගේ මේ අත්දැකීම් අනුව ඔබට එය තහවුරු කරගත හැකිය.
කලක්‌ ගතවීම සමඟ මේ තත්ත්වය වෙනස්‌ වූයේ සියල්ල වාණිජකරණය වීම සමඟය. අද අපේ රටේ සෑම ජාතික පුවත්පතකම, විද්‍යුත් හා මුද්‍රිත නාලිකාවල ප්‍රධාන අලෙවි උපාය බවට පත්ව ඇත්තේ ග්‍රහ - තරු විකිණීමයි.

දේශපාළු සුණඛයන් උලා කා ඇති මහා වාරිමාර්ග ව්‍යාපෘති දෙකක්....!!!

කොට්ටුකච්චිය මහා වාරි මාර්ග පද්ධතිය යටතේ වගා කෙරෙන කුඹුරු, කන්න පහක් තිස්සේ සිදු නොවීම නිසා පවුල් 8000ක් පමණ බරපතල ආහාර හිඟයකට මුහුණ පා සිටින බවට ඔවුන් මැසිවලි නගති.කොට්ටුකච්චිය කචිචිමඩුව වැව් දෙක  නොමැති කමින් කුඹුරු අක්කර ගණනාවක් මෙසේ  පුරන් වී තිබීම බරපතල ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.අක්කර 1400කට වඩා වපසරියක් ඇති කුඹුරු යාය මධ්‍යයේ  මේ වන විට දැවැන්ත වනස්පතීන්ගේ ග්‍රහණයට නතුවෙමින් එහි  වරා ගස් ඇතුළු තවත් ශාකද, නිදිකුම්බා ගහණය අසීමිත ආකාරයෙන් වැඩී ඇත.මෙම වැව් දෙක පිලිසකර කිරීමේ වැඩ පිලිවෙලක් යටතේ 2016 වසරේදී කොට්ටුකචිචිය වැවට මිලියන 65.5ක්ද කචිචිමඩුව වැවට මිලියන 84.5ක් ද වාරි මාර්ග අමාත්‍යාංශයෙන් මාස හයක කොන්ත්‍රාත් පදනම යටතේ එවකට වැව් දෙකේ තිබූ ජලය හිස් කොට කොන්ත්‍රාත්කරුවන් වැඩ ඇරඹුවත් මේ වන විටත්....

Monday, December 25, 2017

සුබ නත්තලක්‌ වේවා !

ලොව පුරා වෙසෙන බිලියනයකට අධික කිතුනුවෝ සිය අසිරිමත් නත්තල සැමරීමට අද එක්‌වෙති. බෞද්ධයෝ මහත් බැතියෙන් වෙසඟ සමරන්නාසේම කිතුනුවෝද කිතු උපත සමරති. සියලු දෙනාම එක හා සමානය. මනුෂ්‍යයෝ සමානයෝය, ඔවුන් අතර වෙසෙසි කෙනෙක්‌ නොවෙතිය තිරසරව පැවසූ ආගම් කතුවරයකු ලෙස ක්‍රිස්‌තුස්‌ වහන්සේ සද් ජනයාගේ ගෞවරයට පාත්‍රව සිටිති.
  මීට වසර දෙදහස්‌ දහහතකට පෙර මැදියම් රැයක සිදුවූ ඒ අසිරිමත් උපත ලෝකවාසීන් මහත් බැතියෙන් හරසරින් සමරන බව පැහැදිලිව සටහන් කළ හැකිය. එදින දිළිඳු ගවලෙනකදී ඉපැදුනේ ඡේසු ස්‌වාමි දරුවන් පමණක්‌ නොවේ. සාමයේ පණිවුඩය ද උපත ලද බව අපි අමතක කළ යුතු නැත. එනිසාම නත්තල අමරණීය සැමරුමක්‌ වේ.

හම්බන්තොට චීනයට දී ගත් චෙක්පත ගල් කරලා.. මහ බැංකුවට බැර කර නෑ.. !!!

හම්බන්තොට වරාය චීනයට විකුණා ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක් (රුපියල් කෝටි 4500* ක මුදල මේ වන තෙක් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ රජයේ ගිණුමට බැර වී නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  පවසයි.
ඒ අනුව ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප‍්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි. Video

Thursday, December 21, 2017

පුංචි ඡන්දයට පුංචි කතා...!!!

හැබැයි  ඉතිං රටක් වශයෙන් මම දැක්කා සමහර කණ්ඩායම් වලට පක්ෂ වලට මේ නිලධාරින් රිංගලා තියෙනවා. එතකොට මේ රටේ නීති දෙකක්ද? ඉතිං ඇත්තටම හරි ලැජ්ජා සහගතයි දේවල තියෙනවා මේ වේදිකාව තුල.


මම දැක්කා විශේෂයෙන්ම මේ ග්‍රාමීය දේශපාලනය තුල අපේ කොට්ඨාශ තුල සීයා, ඊළගට තාත්තා, පුතා, මුණුබුරා, තව ඊටත් එහා ගිය කට්ටිය පරම්පරාගත දේශපාලනයක් ගිහිල්ලා.  ඒ ගමේ හොද වැතගත් කෙනෙක් උගත් කෙනෙක් දේශපාලනයට යන්න ඕනෙ බුද්ධිමතෙක් නැත්නම් ඇගේ තියෙන කෙනෙක් ඉන්නවනම් එයාට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ.වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ස්වාධින කණ්ඩායම් නායක ඩග්ලස් ඉන්දික සේනාධීරවනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ස්වාධින කණ්ඩායම් නායක ඩග්ලස් ඉන්දික සේනාධීර

ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (වීඩියෝ)

කොළඹ ඉන්න යාලුවෝ ටිකක් හවසට සෙට් වෙලා මොනවහරි බඩට දා ගන්න ගිහින් තියෙන්නේ කොල්ලුපිටියේ “හොටෙල් ඩි පිලාවුස්” HOTEL De Pilawoos එකට. ඉතින් එයාලා ආහාර ගන්න කලින් දැකපු වීඩියෝවක් අපිට එවල තිබුනා. ඒ තමයි, මේ HOTEL De Pilawoos එකේ ෂොපින් බැග් දාලා අල තම්බන වීඩියෝවක්. බඩගින්න වගේ නෙවෙයි. නිරෝගිමත්ව ජිවත් වෙන්න ඕනිනම් අහාර ගන්න කලින් ඔයාල ආහාර ගන්න තැන ගැන හොද විමසිල්ලෙන් ඉන්න.සිදුවීමට අදාල වීඩියෝව පහතින්

පිං කැටය කඩාගෙන පැනලා යද්දි දඹුල්ලේදී අනතුරකට ලක්වූ හැටි ! (Photos)

මින්නේරිය දේවාලයේ පිං කැටය බිඳ එහි මුදල් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ සැකකරුවා රෝහල් ගත කළ බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.
එහිදී දඹුල්ල පොලීසිය ත්‍රීරෝද රථය පරීක්ෂා කර බැලීමේදී ත්‍රීරෝද රථයේ විසිවී ගිය පොහොර බෑගයක දැමූ කාසි සහ නෝට්ටු තොගයක් සහිත මල්ලක් දැක තිබෙනවා.

Wednesday, December 20, 2017

දුර්ජණ අර්ජුණ ගේ නත්තල් ගස ගිනස් පොතේ නැහැ පට්ට බොරුවක්....!!!

ගාලුමුවදොර නත්තල් ගස ගිනස්‌ පොතට ගිය බව දැනුම් දුන්නේ නෑ - මැල්කම් රංජිත් කාදිනල්තුමන් ....පසුගිය 2016 වර්ෂයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කළ යෝධ නත්තල් ගස ලොව උසම නත්තල් ගස ලෙස ගිනස්‌ වාර්තාවක්‌ බිහි කළ බවට තමන්ට කිසිවකුත් දැනුම් නොදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් (19 වැනිදා) ප්‍රකාශ කළේය.
  කෙසේ වෙතත් මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් ජා - ඇළ ප්‍රදේශයේද විශාල නත්තල් ගසක්‌ ඉදිකර තිබෙන බව පැවසූ කාදිනල් තුමන් එම නත්තල් ගස සඳහා වැය වී ඇත්තේ ඉතාම සුළු මුදලක්‌ බවද කීය.

වත්මන් ආණ්‌ඩුවේ නිවටකම සහ එක්‌සත් ජාතීන්ගේ නිරුවත !!!

දැන් රටේ ජනතාව සිටිනුයේ මැතිවරණය දෙස බලාගෙනය. එහෙත් ඔවුන් එසේ සිටියදී පසුගිය දිනවල සිදුවූ වැදගත් සිදුවීම් රැසක්‌ද විය. ඒ අතරින් බරපතළම කරුණක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා නියෝජිත පිරිසක්‌ යළිත් වරක්‌ ශ්‍රී ලංකාව අරබයා ප්‍රබල අතපෙවීමක්‌ සිදු කිරීමය.
  මේ නියෝජිත පිරිස වූයේ දින එකොළහක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි අත්තනෝමතික රඳවා ගැනීම් පිළබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවය. මේ පිරිස ඊනියා නියෝජිත පිරිසක්‌ යෑයි අප හඳුන්වන්නේ ඇයි...?
  එසේ කීමට සිදුව තිබෙන්නේ ඓතිහාසික වෛරයකින් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වූ ඔවුන් මිනීමරු ත්‍රස්‌තවාදී රැළක්‌ වෙනුවෙන් කඳුළු සලමින් පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කරන අතරේ මෙරට සිංහල, දෙමළ ජාතික අසමගියක්‌ මතුවන පරිදි ප්‍රසිද්ධියේම පෙනි සිටි නිසාය.

Monday, December 18, 2017

රට යවන බව පවසා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ගත් අපතයෙක්...!!!

තැරැවුකරුගේ නිවෙසින් පාස්‌පෝට්‌ ඇතුළු කූට ලේඛන රැසක්‌ ද සොයාගනී...
- රට යවන බව පවසා කූට ලේඛන සකස්‌ කර කාන්තාවන් රවටා ජංගම දුරකථන මගින් තම නිරුවත් ඡායාරූප යවා ලිංගික අතවර සිදුකරන බවට චෝදනා ලැබ සිටින පුවක්‌පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවෙසක්‌ පසුගිය 15 වැනිදා රාත්‍රි පරීක්‌ෂාකර විදේශ ගමන් බලපත්‍ර 21 ක්‌ ඇතුළු සැක කටයුතු ලියෑවිලි තොගයක්‌ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කේපාපිලව් අක්‌කර 15කින් යුද හමුදාව ඉවත් කරයි...!!!

 
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වන විට යුද හමුදාව ඉවත් වී තිබේ.
  යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්‌කර 15 ක්‌ පමණය. එහි කෝවිලක්‌ හා පෙර පාසලක්‌ යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපළවලට කිසිදු හානියක්‌ නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.
  මේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 420 ක්‌ ආපසු ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11 කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්‌ඩ විරෝධතාව ඔවුන් මේ දක්‌වා අවසන් කොට නැත.

Tuesday, December 12, 2017

අල්ලනවනම් මූව අල්ල පල්ලා...මුගේ නම ඉබ්‍රහිම් තනතුර ,ස්ථානාධිපති කෙසෙල්වත්ත පොලීසිය....!!!

මේ ඉන්නෙ කෙසෙල්වත්ත පොලීසියේ I.P. ඉබ්‍රහිම්. මෙයා පොත අස්සන් කරල ඇවිත් කොන්ත්‍රාත් එකට ගස් කපනවා. නීතිය්ට බයත් නැතිලු.මුන්දැගේ තව පොටෝ බලාගන්න....

Monday, December 11, 2017

අම්මට ඩිජිටල් ඉවරෙට ඉවරයිලු....!!!

මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි....!!!


‘වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වවත් තමනට එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. එනිසා අද මං බදුල්ලේ මිනිසුන්ගේ ටොකු කනවා’ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ ඔහුගේ අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

කාළකණ්නි දෙමළ පරයාට තේරෙන භාෂාවෙන් මැරවියා ගෙන් පිළිතුරක්....!!!

ලංකාව කියා රටක් නෑ කියූ විග්නේශ්වරන් ගොන් හරකයා වෙත ආචාර්ය මර්වින් සිල්වා අමු හිංගලෙන් ලියයි..!!!
 ශ‍්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න්  විසින් කරන ලද ප‍්‍රකාශයට දේශීය ජනතා පක්‍ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා  ප‍්‍රතිචාර දක්වයි.
ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
විග්නේශ්වරන් ගොන් හරක වෙත…….

ශ‍්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන් කාළකණ්නි දෙමළ පරයා කියයි...!!!

ඊළම යනු මෙරට නියම නම බවත් ශ්‍රී ලංකාව නමින් රටක් නැති බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්  සදහන් කරයි.
මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ යාපනයේදීය.
දේවානම්පියතිස්‌ස රජතුමා දෙමළ රජතුමෙකු බවත් මෙරට තුල සිංහලයන් වන්නට පෙර රට පාලනය කරනු ලැබුවේ දෙමල රජවරුන් විසින් බවත් මහ ඇමතිවරයා සදහන් කර ඇත.

උතුර, නැගෙනහිර ඉඩම් කොල්ලයේ කාලකණ්‌ණි ...!!!

හමුදා මුරපළවල් ඉවත් කරලා,  දැන් කැලේ අනාරක්‍ෂිතයි... - මස්‌ වැද්දො ඌරා පණපිටින් සිටියදී පස්‌ස කපාගෙන ගිහින්...  - වනජීවී අය ලී ලොරියක්‌ අරගෙන යනකොට පොලිසියට කොටු වෙලා තිබුණා...
 

''කොහොමත් වනජීවී එකට සිතුල්පව්ව දැන් ලොකු බාධාවක්‌. ඒ අය කියන්නේ නිතර සෙනඟ ගැවසෙන නිසා වනසතුන්ට කරදරයි කියලා. ඒත් වන සතුන්ගෙන් එහෙම දෙයක්‌ පේන්න නෑ. සතුන් වැඩිපුර ගැවසෙන්නේ විහාරස්‌ථානය වටේ. හවසට අපි පිරිත් දැම්මාම සත්තු ඇවිත් ඒ හඬට කන්දීගෙන ඉන්නවා. සත්තුන්ට හිරිහැර වෙන විදිහට කිසිම දවසක අපි බෙරවාදනයක්‌වත් කරලා නෑ. පන්සලේ ඝණ්‌ඨාරයක්‌ නෑ. ලංකාවේ ඝණ්‌ඨාරයක්‌ නැති එකම පන්සල සිතුල්පව්ව කියලා මම හිතනවා. ඝණ්‌ඨාරයක්‌ සවි කරන්නේ නැත්තේ කැලේ වනසතුන්ට හිරිහැර වෙන නිසයි. වන සත්තු කිසිම දවසක විහාරස්‌ථානයට එන බැතිමතුන්ට නියපොත්තක්‌වත් ගහලා නෑ. මෙතැන ගැටලුව වෙලා තියෙන්නේ සතුන්ට තේරෙන ගුණදහම් මේ නිලධාරීන්ට නොතේරීමයි. සිතුල්පව්ව වඳින්න එන බැතිමතුන්ට කරදරයක්‌ වුණොත් ඒ වෙන්නේ හොර සතුරන්ගෙන්. දැන් ඉස්‌සර වගේ නෙමෙයි සිතුල්පව්වට එන මගදිගට තිබුණු සේරම හමුදා මුරපොලවල් ඉවත් කරලා. සිතුල්පව්ව පන්සලේ මුරපොළ විතරයි තියෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු වනජීවී අධ්‍යක්‍ෂ කියලා තිබුණේ හමුදාව ඉන්නවට විදේශීය සංචාරකයන් කැමති නෑ කියලා. විදේශිකයන්ට ඕනෑ විදිහට රටේ ආරක්‍ෂාව ස්‌ථාපනය කරන්න අපි සුද්දන්ගෙන් කාලා ඇඳලා ඉන්න ජාතියක්‌ නෙමෙයි නේ. ඒ වගේම විදේශීය සංචාරකයන් එහෙම කියයි කියලා මම හිතන්නේ නෑ. හමුදා ආරක්‍ෂාව තියෙනකොට ඒ මිනිස්‌සුත් කැමතියි. දැන් මඟ දිගට හද්ද පාළුයි. මගදි වන්දනාකරුවන් මංකොල්ල කාගෙන ගියත් කවුරුවත් දන්නේ නෑ...''
 

Monday, December 4, 2017

සරත් විජේසූරිය (මහාවනචාරී) වෙත කරන අභියෝගයි....!!!

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී. 2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක. 
 ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත  අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).

ඉරණමඩු බුදු පිලිමය වහා ගලවනු..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් නියෝග කරයි..!!!

පාහර කොටියාගේ ඉල්ලීමට රජය ඉඩ දෙන ලකුණු....!!! නපුංසක සංහිඳියාව...!!!
 

කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්  වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.
මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.
රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ.

හිල්ටන්-ග‍්‍රෑන්ඩ් හයිඩ් රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය..

ශ‍්‍රී ලංකා රජයට අයත් කොළඹ පිහිටි හිල්ටන් හෝටලය හා ග‍්‍රෑන්ඩ් හයිඩ් හෝටලය පුද්ගලික අංශයට ලබා දීම සදහා ඇමති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම කැබිනට් පත‍්‍රිකාය ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතිය ලැබීමත් සමග පුද්ගලීකරණය කිරීම සදහා වන කටයුතු සිදු කෙරෙමින් ඇති බව සදහන්ය.

ඕන නැති දේපල, බාගෙට හදපු හෝටල ටික විකුණලා, අපිත් හදමු අපේම විදේශ මුදල් සංචිතයක්...!

එළඹෙන 9 වෙනිදා සිට ලංකාවේ නමට විදේශ මුදල් සංචිතයක් ඇති කර ගැනිමට හැකියාවක් ලැබෙන බවත් එය අවුරුදු 10 කට පසුව ලංකාව ලැබෙන අවස්ථාවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අම්පාර බස් නැවතුම්පොළ හා වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.
“මම දැන් ඊයේ පාර්ලිමේන්තුවේදිත් කිව්වේ, රුපියල් මියන 4000ක් තියනවා කාගේවත් අනුමැතිය නැතුව අරගෙන තියෙන්නෙ. මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියවත් නෑ. ඒ ණය ගෙවන්න තියනවා. විදේශ ණය ගෙවන්න තියනවා. මෙහෙම ආර්ථිකයක් ගත්තම ජාතික ආණ්ඩුවක් හදන්නේ නැතුව වෙන මොනවද කරන්නේ. දැන් අපි කතා කරලා චීන මර්චන්ට් සමාගමයි අපේ වරාය අධිකාරියයි අපි එක හවුල් ව්‍යාපාරයකටගිහිල්ලා තියනවා.

Saturday, December 2, 2017

බැඳුම්කර චූදිතයින් නීතිය හමුවේ කර ඇති බරපතළ වැරදි හය මෙන්න - ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විමසීම පසුගියදා අවසන් විය. එම වංචාව පිළිබඳ ගත යුතු ඊළඟ පියවර පිළිබඳ  කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාමයන් සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.
  මහබැංකුවේ සිදුවී තිබෙන බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ සාක්‌ෂි විමසීම අවසන් වී තිබෙනවා. කිසිවකුට දඬුවම් කිරීමට බලයක්‌ මෙම කොමිසමට නොමැති බවත් ප්‍රකාශ වී තිබෙනවා. ජනාධිපති කොමිසමකට පැවරී ඇති බලතල මොනවාද?

  යම් ආයතනයක කිසියම් අක්‍රමිකතාවක්‌, මහජන මුදල් අවභාවිතයක්‌ සිදුව තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයාට කොමිසමක්‌ පත්කරන්න පුළුවන්. එම කොමිසමට හිමිවන බලතල අතිවිශේෂ ගැසට්‌ පත්‍රයකින් ප්‍රකාශ කර තිබෙනවා. මේ ජනාධිපති කොමිසම හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළ අති විශේෂ ජනාධිපති කොමිසමක්‌ නෙමෙයි. මහ බැංකුවේ සිදුවුණු මෙම මුදල් වංචාව සොයන්නට එවැනි කොමිසමක්‌ පත් කළා නම් මේ වන විටත් වරදකරුවන්ට දඬුවම් ලැබී හමාරයි. මෙම කොමිසමට බලතල පැවරී තිබෙන්නේ කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුවී ඇද්ද යන්න සොයා බැලීමට පමණයි. ඕනෑම පුද්ගලයෙක්‌ කැඳවා සාක්‌ෂි විමසීමට කොමිසමට බලතල පවරා තිබෙනවා. කොමිසමට බලය තිබෙන්නේ සාක්‌ෂි විමසා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණයි. එම නිර්දේශ ලබාදෙන්නේ කොමිසම පත් කළ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයාට බාර දෙනු ලබන එම නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමට, අඩක්‌ ප්‍රකාශයට පත් කිරීමට හෝ මුළුමනින්ම ප්‍රකාශ නොකර සිටීමට පනතින් ජනාධිපතිවරයාට බලතල තිබෙනවා.

යූඑන්පී - ටීඑන්ඒ ආණ්‌ඩුවක්‌ ...!!!

ශ්‍රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත්...!!!


 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්‌ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්‌ව අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
  එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දෙන අතර මේ පිළිබඳ දැනටමත් රහස්‌ සාකච්ඡා ඇරැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ  අනාවරණය විය.
  එජාපයේ මෙම යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද කැමැත්ත බොහෝ දුරට ලැබෙනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

තුරුම්පුව වතුරේ දමා 'ගේම' නා ගැනීම...!!!

යුද අපරාධ වලට එරෙහිව මේ සාක්‌ෂි භාවිතා නොකරන්නේ ඇයි...?
 මයිකල් වොල්ෆ්ගැන්ග් ලෝරන්ස්‌ මොරිස්‌ (නේස්‌බීහි සාමිවරයා) බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තම රට හා අනෙකුත් බටහිර බලවතුන් නැඟූ බොරු යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කර ඇත. මියගිය මුළු සංඛ්‍යාව 40,000 නොව උපරිමය 8000 ක්‌ විය හැකි බවත් එයිනුත් 1/4 කොටි ත්‍රස්‌තවාදීන් බවත් ඔහු බ්‍රිතාන්‍ය හමුදා වාර්තා අනුව පෙන්වාදී ඇත. එලෙසම එවකට රජය කිසි විටෙක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව එල්ල කර ප්‍රහාර සිදුනොකළ බවද පෙන්වාදී ඇත. 2017 ඔක්‌තෝබර් 12 දින කළ මෙම ප්‍රකාශය මෙම ලිපිය ලියන නොවැම්බර් 22 දින දක්‌වාම යුද අපරාධ චෝදනා ගෙන ඒමට මුල්වූ කිසිදු බටහිර රජයක්‌ හෝ ද්‍රවිඩ ඩයස්‌පෝරාව හෝ අභියෝගයට ලක්‌කර නැත. ඒ ගැන පුදුම විය යුතුද නැත. පුදුමය වන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ මෙවැනි අසත්‍ය කරුණු කාරණා ගැන අප රටේ කැබිනට්‌ මණ්‌ඩලය නොවැම්බර් මස 15 දා තෙක්‌ම සාකච්ඡාවට ගෙන නොතිබීමය. ත්‍රස්‌තවාදය පැරදවූ ලොව එකම රට ලෙස ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේදී ලෝක ඉතිහාසයට එක්‌විය. එලෙසම යුද්ධය දිනූ පාර්ශ්වය යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අවඥවට ලක්‌වූ එකම අවස්‌ථාවද මෙයම විය. දැන් තවත් කාරණයක්‌ වෙනුවෙන් අප රට මුල් තැන ගැනීමට කටයුතු කරමින් සිටින බවක්‌ පෙනේ. එනම් එම බොරු යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය එංගලන්ත පාර්ලිමේන්තුව හරහා අප හට ලබාදී ඇති මෙම අවස්‌ථාව නොසලකා හැරීම මගිනි.

Friday, December 1, 2017

කර්මානුරූපව ඉපදී කර්මානූරූපව මිය යන දිනය කල්තබන අයුරු...!!!

කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා...!!!


 නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

අනගාරික ධර්මපාලතුමාගේ පෙර ආත්මය කුඩාපොළ හාමුදුරුවෝද ?

මේ ජාතියේ විරයින් සොයන වේලාවයි
  - වර්ෂ 1815 පෙබරවාරි මස 19 දින සර් රොබර්ට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා යුද හමුදා මුලාදෑණින් කිහිපදෙනෙක්‌ද සමඟ රාත්‍රී භෝජනය ගනිමින් සිටියේය. මෙවේලේ අශ්වාරෝහකයකු පැමිණ ආණ්‌ඩුකාරවරයාට ඉතා වැදගත් ලියවිල්ලක්‌ භාර දුන්නේය. මේ ලියවිල්ල අතට ගත් ආණ්‌ඩුකාරවරයාගේ දෑස විමතියෙන් දිලිසෙන හැටි සෙස්‌සන් දුටුවෝය.
  "සිංහල ර-ජුරුවෝ හිර භාරයට පත්වෙලා"
  අණ්‌ඩුකාරවරයා සාඩම්බරව කීවේය. සතුටු කඳුළු වගුරමින් තමා සමඟ සිටි අන් සැමට අතට අත දුන්නේය.
  "යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට අවුරුදු තුන්සිය ගණනක්‌ මුළුල්ලේ උත්සාහ කරලත් කරගන්න බැරි වුණුදේ අප කළා. ඒකට උපකාර කළ ඔබලාට මගේ අවංක ස්‌තූතිය පුදකරනවා" යෑයි ආණ්‌ඩුකාරවරයා තවදුරටත් කීවේය.

ඇඳ සිටින ජංගිය ගලවා මුහුණ වසාගෙන සිටින පිංගුත්තරයා...!!!

සුජීව සේනසිංහ දේශපාලනයට එන්නේ 2007 දී ය. ඊට පෙර ඔහු සුමිත්‍රා පීරිස්‌ගේ චිත්‍රපටයක චරිතයක්‌ නිරූපණය කර තිබිණ. යූ. එන්. පියට එක්‌ව කෙටි කලකට පසු පක්‍ෂය තුළ පැවැති රනිල් වික්‍රමසිංහ විරෝධී බලවේගය සමඟ එකතු වූ ඔහු රෝසි සේනානායක, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල , මෛත්‍රි ගුණරත්න යනාදී රනිල් විරෝධීන් සමඟ එක්‌වීය. අනතුරුව තම පක්‍ෂ නායකයා එලවනු පිණිස මුළු කාලයම වැය කළේය. එහෙත් එය බැක්‌ෆයර් විය. එබැවින් නැවත රනිල් වික්‍රමසිංහට හේත්තු වූ ඔහු රාජ්‍ය ඇමැති තනතුරකට පත්විය. හොඳ වෙලාවට අගමැති වික්‍රමසිංහ ඔහුට දුන්නේ රාජ්‍ය ඇමැතිකමක්‌ පමණය. ජ්‍යෙෂ්ඨ ඇමැතිකමක්‌ දුන්නා නම් ඔහු මේ වන විටත් ඉන්නේ පාර්ලිමේන්තුව පවා විසුරුවන තත්ත්වයකය. සුජීව සේනසිංහගේ වයස අවුරුදු 45 කි. කනිෂ්ඨ දේශපාලනඥයකු වුවද ඔහු තලත්තෑනි මිනිහෙකි. කතා කිරීමට පෙර සිතා බැලීමටත් විරුද්ධකාරයන්ගේ ගර්හාවට ලක්‌ නොවීමටත් ඔහු සිතට ගත යුතුය.
 සුජීව සේනසිංහගේ මාධ්‍ය හමුව සමාන කළ හැක්‌කේ ඇඳ සිටින ජංගිය ගලවා මුහුණ වසාගෙන ලඡ්ජාවෙන් ගැලවීම වැනි කටයුත්තකට බව අපගේ වැටහීමය. හතුරකුටවත් මෙවැන්නක්‌ නොවේවා.
 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සම්බන්ධයෙන් තමන් මහත් සේ කලකිරී ඇතැයි පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ පවසයි. පා.ම. යනු පාර්ලිමේන්තු මන්ත්‍රීය. රා.ඇ. යන රාජ්‍ය ඇමැති ය.
 පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ බැඳුම්කර කොමිසමට විරුද්ධව මෙතරම් නටන්නේ ඇයි? අපගේ වැටහීමට අනුව ඔහු විසින් අර්ජුන් ඇලෝසියස්‌ට දෙන ලද දුරකථන ඇමතුම් ගණන හෙළිවීම මෙයට හේතුව ය. බැඳුම්කරය ගැන පොතක්‌ ලිවීම සඳහා අර්ජුන් ඇලෝසියස්‌ට දුරකථනයෙන් කතා කළ බව ඔහු කියා ඇත. එය ඉතාම ගොං උත්තරයක්‌ බව වෙබ් සයිට්‌ එකක තිබිණ. සේනසිංහ දුරකථන ඇමතුම් ගත් කාලය වන විට පොත ලියා අච්චු ගසා විකුණලාත් අවසන්ලු· 

Thursday, November 30, 2017

උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා ....!!!

උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා දිනය යනු මුළු ලෝකවාසීන්ට සුවිශේෂී දිනයකි. ඒ නිසා ම විවිධ රටවල ජනතාව ඔවුන්ට අනන්‍ය වු ක්‍රමවේදයන්ට අනුව එදින සමරනු ලබයි. වසරක ආරම්භය උදාවන මොහොතේ රටවල ආවේණික සම්ප්‍රදායින්ට අනුකූලව මිනිසුන් තම වසර වෙනස් වු අකාරයට ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ ලෝකයේ විවිධ රටවල ජනයා උදා වන 2018 වර්ෂය සමරන අකාරය වේ.

Tuesday, November 28, 2017

රටේ වටිනා පුරවැසියනට සළකනුයේ මෙසේද...!!! පාහර පාලකයෙනි ලැජ්ජයි..!!! නින්දිතයි...!!!

ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන හිමි ඉසිදෝර් කලාකරුවාට රජයෙන් දෙන දීමනාවෙන් ලොකු පොල්ගෙඩියක්‌ ගත හැකියි...!!!


 ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන ඇතුළු ශ්‍රී ලංකාවේ අත්කම් හා විශ්වකර්ම සම්මාන රැසක්‌ හිමිකර ගනිමින් ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කීර්තියක්‌ අත්පත් කරදුන් ඇම්. ඉසිදෝ මැන්දිස්‌ කලාකරුවා අද රෝගිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටී. මොහුට මේ වනවිට සංස්‌කෘතික දෙපාර්තමේන්තුවෙන් මසකට ලැබෙනුයේ රුපියල් 135/-කි.
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ආයුර්වේද රෝහල් මාවත ලිපිනයේ පදිංචිව සිටියි. කලාවට මාහැඟි සේවාවක්‌ කොට තමන් අන්ත අසරණ වූ විට ඔහුට මෙසේ සැලකීම කලා ක්‌ෂේත්‍රයටම කළ මහත් අවමානයක්‌ බව ප්‍රදේශවාසීs ජනතාව පෙන්වා දෙති.

දුප්පතාගෙ සමෘර්ධියටත් විද්ද දේශපාලන පරයෙක්...!!!

ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්....!!! මුන් වගේ දේශපාලන පාහර  පවුල්...!!!


ඇමති එස්.බී. දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඩයලොග් ජනතාව කොල්ල කාලා මාට්ටු...!!!

ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කයි..!!!
 මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ  ප්‍රශ්න කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.
ඔහුගේ ෆේස්බුක් සටහන..
“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”
මුහුන්දන්  පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.
මුහුන්දන්  වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්යස්ථානයේ...!!!

බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්යස්ථානයේ..එයට තිබෙනා විශේෂිත හේතුව එම ස්ථානයේ කොටස් වෙළද පොල පිහිටා තිබීමයි...මේ කොල්ලකරුවන් කොටස් වෙලදපොල හරහා තමයි මේරටේ ආර්ථිකය හසුරුවන්නේ..

අපේ රටේ ව්යාපාර නෑහෑ....තිබෙනා දෑ ව්යාපාර ලෙස හෑදින්වූවත් ඒවා කොල්ලාකාර ආයතන..ඒවා සම්පූර්ණයෙන්ම දෙස්පාලුවන් විසින් ඔවුන්ගේ අනුග්‍රහය මත ඈති කරනා ලද මංකොල්ලකාරයින්ගේ තිප්පොලවල්.. මේ
උදාහරණ බොහෝමයක් තිබෙනවා නුමුත් ඉතා වෑදගත් යයි හෑගෙනා සිද්ධීන් කිහිපයක් පෙන්වන්නම්...:

Sunday, November 26, 2017

නපුංසක ආණ්ඩුවේ නීතිය....!!! කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා තවම හිරේ කොටියා නිදහස්...!!!

මුලු කොළඹම පුපුරවන්න කිලෝ 1200ක බෝම්බ ගෙනා කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා” සිරගත කර සිටින කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය දරු දුකෙන් ළිදට පනී ...!!!


නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය සිය දිවි නසා ගත් පුවත අප ඔබට මින් පෙර වාර්තා කළෙමු. කමාන්ඩර් සුමිත් රණසිංහ මේ වනවිට සිරගත කොට සිටින අතර මාස ගණනක් ගත වූවත් කමාන්ඩර් සුමිත් රණසිංහට ඇප හිමි නොවීමේ වේදනාව උහුලාගත නොහැකිව , ඔහුගේ නැන්දණිය වන මේරී මාතාව පසුගිය දින රාත්‍රීයේ බඹ හතක් ගැඹුරු ගෙදර ළිඳට පැන සිය දිවි නසා ගෙන තිබුණි.
මේරි අම්මා නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය ය. සුමිත් රණසිංහගේ පියාගේ නැඟණිය ය. සුමිත් විවාහ වුණේ සිය නැන්දණියගේ දියණිය සමඟය. කුඩා අවධියේත් අම්මා කෙනෙක් මෙන් සුමිත්ව ඇති දැඩි කරගෙන තිබුණේ මේරි අම්මාය. සුමිත් මේරි අම්මාගේ දියණිය විවාහ කරගත් පසු ඇය නැවැතී සිටියේ සුමිත්ගේ නිවෙසේය. සිය කුලුඳුල් දරු උපතේදීවත් බිරිය ළඟ නොඉඳ ක්‍රියාන්විත රාජකාරියේ නියැළී සිටි සුමිත්ගේ බිරියට රැකවරණය ලබාදුන්නේ මේරි අම්මාය.

මේ පාහර කොටියාගේ මුදල්ද. නැත්නම් අපේ ජනතා මුදල්ද....!!! ජඩපාලකයන්ගේ නපුංසක කමේ තරම

අවසන් සටනේ විනාශ කල LTTE සොහොන් කොත් 97ක් වෙනුවෙන් ලක්ෂ හතලිහක මන්ත්‍රී ප්‍රතිපාදන...!!!


 2009 වසරේ විනාශ වූ සොහොන් කොත් 97ක් පෙර තිබූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබාදිමට මළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කටයුතු කර තිබේ.
කිලිනොච්චියේ කනකපුරම් හි පිහිටා ඇති මෙම එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක 2009 වසරේදී විනාශ කොට දමන ලද එවා වේ.
කිලිනොච්චි දිස්ත්‍රික් වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරයා වෙත හිමිවු විමධ්‍යගත අරමුදලෙන් මෙම මුදල යෙදවීමට දිස්ත්‍රික් සංවර්ධන කිමිටු රැස්වීමේදී අනුමත වී ඇති අතර ඊට කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රභාකරන්ගේ පොස්ටර් වලින් යාපනය සරසවිය වැසී යයි…ඊළාම්,කේක් කපලා උපන්දිනය සමරලා….

දෙමළ ඊළාම් සටනේ යුද්ධයෙන් පැරදවු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 63 වන උපන්දින සංවත්සරය වෙනුවෙන් යාපනය විශ්ව විද්යාල භූමියේ සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.PHOTOS

දැන් කතාව යන්නේ මුලින්ම සිංහල මිනිස්‌සු පහර දුන්න විදිහට...!!!

"අපේ ගෙවල් ළඟට පොලිසිය එනකොටත් පෙට්‍රල් බෝම්බ, පොලු අතින් ගත්ත මුස්‌ලිම් මිනිස්‌සු හිටියා. එතකොට මම කිව්වා 'සර් මේ බලන්න කරලා තියෙන අපරාධය මේ අයව අත්අඩංගුවට ගන්න' කියලා. ඒත් පොලිසිය කිසිම පියවරක්‌ ගත්තේ නෑ. පස්‌සේ අපේ පන්සලේ ස්‌වාමීන් වහන්සේලා මැදිහත් වෙලා නීති මාර්ගයෙන් කටයුතු කරන තැනට ගැටුම සමථයකට පත් කරලා තියෙද්දී මුස්‌ලිම් මිනිස්‌සු නැවත සිංහල මිනිස්‌සුන්ට ගහන්න පටන් ගත්තා. ඒත් දැන් කතාව යන්නේ මුලින්ම සිංහල මිනිස්‌සු පහර දුන්න විදිහට. සිද්ධිය මුල ඉඳලා අපේ කඩේ සී.සී.ටී කැමරාවේ තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්..." කතාව උච්ච ස්‌වරයට නැග, ශ්‍යාමාගේ හඬ ද බිඳී ගියාය. ඒ ඇසිල්ලට ඇය අසළම සිටි තවත් කාන්තාවක්‌ හඬ අවදි කළාය. ඇය අචිනිය. දෙදරු මවකි. මේ ඇයට සිදු වූ විපතය. 

Friday, November 24, 2017

මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද...!!! ලක්‍ෂමන් සෙනෙවිරත්න

බැදුම්කර හොරුන් සමග කෝප්  කමුටුවේ කිසිවෙකු හෝ සාකච්චා කර ඇත්නම් එය බරපතල වරදක්. මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.
දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද.
ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්’ යයිද ඇමතිවරයා සදහන් කරයි.
බැදුම්කර මගඩියෙන් මෙරම් විශාල වංචාවක් සිදුව ඇති බව ඇසි පනාපිට පෙනෙද්දී මුන් රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු යන්නේ කෙසේදැයි ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න ප‍්‍රශ්න කරයි.
‘බැදුම්කර මගඩියට සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයි. හිටපු මහ බැංකු අධිපති වගකියන්න ඔ්නේ.

මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ..

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පති නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌  සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන සුජීව සේනසිංහ,අජිත් පෙරේරා  පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ ක්‍රියාත්මක කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පැවසීය.

Thursday, November 23, 2017

මෙදා පොටෙත් ජනතාවට දුන්නා බැටේ...!!! පාහර මෝංගලයාගේ මංගල අයවැය...!!!


අයවැයෙන් මිල ඉහළ යන භාණ්‌ඩ හා සේවා මෙන්න..!!!
 මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ඍජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
  පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.

සුමන්තිරන්ගේ සිංහල විරෝධය....!!!

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක්‌ පිළිබඳව අපේ අවධානය යොමුවිය. ඒ කවරක්‌ද? "මේ ජාතික කොඩියට මමත් කැමැති නැහැ" යන්නයි. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයාද උතුරේ අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරනු පෙනේ. මේ රටේ ජාතික කොඩිය නිර්මාණය විය යුත්තේ දෙමළ සන්ධානයට අවශ්‍ය ලෙසද? සියලු ජනයාගේ ගරුබුහුමනට ලක්‌ව ඇති ජාතික කොඩිය වෙනස්‌ කිරීමට කවර බලවේගයක්‌ උත්සාහ දරයිද? එම ජාතිවාදී බලවේගවලට අවශ්‍ය පරිදි ජාතික කොඩිය වෙනස්‌ කළ නොහැකිය. ජාතික කොඩියටත් සංහිඳියාවේ ප්‍රහාර එල්ලවී තිබේද යන්න ගැටලුවයි.

  නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්  පවා පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීම හෙළා දකිද්දී අනෙක්‌ පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.

දෙනෙත් අන්ධ රූපසිංහ වැසිකිළියක්‌ තනා ගන්න ඔබේ පිහිට පතයි...!!!

එම්. රූපසිංහ වයස අවුරුදු 3 දී ගෝනුස්‌සකු දෂ්ට කිරීමෙන් සිදු වූ විෂ ශරීරගතවීමකින් සිය දෙනෙත් අන්ධභාවයට පත්ව අසරණව සිටිනා පුද්ගලයෙකි.
  ඔහු අංක 46 3/4 , පැරකුම් පෙදෙස, පදියතලාව පාර, මහියංගණ යන ලිපිනයේ පදිංචි ය. මේ වන විට විවාහක එක්‌ දරු පියකු වන අතර ජීවත් වීම සදහා වැව් මාළු කපා අලෙවිය සිදු කරයි.

  රූපසිංහ, ඇස්‌ පෙනෙන කෙනකු සේ පුදුමය දනවමින් මනාසේ වැව් මාළු මුවහත් පිහියකින් කපා, කැබලි කර, පොතු ගැලවීමට සමතෙකි. ඇස්‌ පෙනෙන අයට ද එය අසීරු කාර්යයකි. එසේම මුදල් ගනු දෙනුව වැරදීමකින් තොරව සිදු කිරීමට සමතෙකි.

Monday, November 20, 2017

සුජීව සේනසිංහ චානකගේ බැදුම්කර ප‍්‍රහාරයෙන් චප්පචෝරු වෙයි..වීඩියෝව

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශල දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.

Sunday, November 19, 2017

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න -

මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්...!!!
 යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්  යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
  මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අයිවෝ ඩෙනිස්‌ දැඩි සත්කාර ඒකකයේ

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගී ගායකයෙකු, සංගීත ගුරුවරයෙකු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙකු ද වූ ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස්‌ මහතා බරපතළ ලෙස රෝගාතුරවී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
  පනහ දශකයේ ගුවන් විදුලියේ සංගීත වැඩසටහනකට සුනිල් ශාන්තගේ වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ ගීතය අයිවෝ ඩෙනිස්‌ විසින් ගායනා කරන ලදි. මෙය ශ්‍රවණය කළ සුනිල් ශාන්ත තමාගේ හඬට සමාන හඬක්‌ ඇති මේ නවකයා සොයා ගෙන එන ලෙස තම හිතවත් පැටි්‍රක්‌ දෙනිපිටියට දැන්වීය. ඒ අනුව පැමිණි අයිවෝ ඩෙනිස්‌ සුනිල් ශාන්තගේ ගෝලයකු බවට පත්විය.

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

සංහිදයාවේ තරම මෙන්න.. ගිංතොට ගැටුමේ සුලමුල බොදු බල සේනාව කියයි..

ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ ඇතිව වූ සිදුවීමෙන් ආන්ඩුවේ සංහිදියාවේ තරම හොදින්ම පෙනී යන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.
පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.