මිලේනියම් යුගේ කියලා, මහා ලොකු දෙයක් වුණේ නෑ, බොලව්.
කොස් කාපු තාත්තා, ඔරලෝසු රෙපෙයාර් කරනවා.
කෝ්ස් කරපු පුතා, මොබයිල් ෆෝන් රෙපෙයාර් කරනවා.
හැම එක ම ඔච්ච්රයි.
...............................................................................
'අන්තර්ජාලයෙන් සිදු කරන අපහාසවලට නීතිමය පියවර ගන්නවා.' - අතිගරු සිරිසේනතුමා
මෙන්න නායකයො බොලව් ...
දැන් ඉතිං රත්තරං අශ්වයෝ ගැන, අමෙරිකාවෙ බකිංහැම් මාලිගා ගැන කියන, ලියන ගොබ්බයන්ටත් කෙළවෙනවා.
..................................................................................................
හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් අස්ථාන ගත වෙලාලු, බොලව්. සිරිසේනතුමා දැන ගත්තොත්, හාල් ජාවාරම්කාරයෝ ටික විනාසයි.
..............................................................................................................................................
පවුකාරයාට ගල් ගහන්නේ නැතුව, පවුල්කාරයාට ගල් ගහන කාලයක් බොලව්, මේ.
- කුමාර ලියනගේ
තවත් දෑ....
ලංකාවේ මහා ගායක සංවිධාන තුළ රොක්වී සිටින ඔබගේ අවධානය සඳහායි...!!!
ගීතයෙන් රටක් වසඟ කළ කෝකිලයන් දෙදෙනකු අද ගයන දුක්බර ගීතය
දෑස පා සිනා
කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත්
ඔබේ ළඟින් ඉමී...
ඔහු ඇයට ලියා සපථ කර සිටියේ එසේය.
එය මිහිරට ගයමින් එම ආදරය මහත් වූ සෙනෙහසින් තුරුලු කර ගනිමින්, සුවහසක්
රසික සිත් ඒ ගී මිහිරෙන් රසවත් කළේ අයිරින් ද අල්විස් නම් වූ ඇයය.
පදවැලකින් ඇමුණු ගීතය යථාර්ථයක් කරමින් ගීත 4000 කට අධික ගේය පද සංගීත
ක්ෂේත්රයට දායද කළ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු, ගීත 1000කට වඩා ගැයූ
සිය දයාබර බිරිඳ අයිරින් ද සිල්වා ළඟ ආදරය රැකවරණය සෙනෙහස ලබා දෙමින්
සිටින්නේ සැබෑ ආදරය මේ යැයි ලෝකයටම පසක් කරමින්ය.
නීති අන පතනත් නොතකමින් දේශපාලන බලය යොදාගෙන රට පුරා සිදුවන මහා පරිසර
සංහාරයට එරෙහිව පරිසර සංවිධාන හා පරිසරලෝලීන් කොළඹදී විරෝධතාවක නිරතවිය.
“රටේ දිය ඇලි, දොළ හා ගංගා සියල්ල මිනි හයිඩ්‍රෝ මුදලාලිලාට විකුණා
කොමිස් ගහගන්නා කාලයක, විල්පත්තුව, කොටියාගල, සිංහරාජය ඇතුලු වනාන්තර අක්කර
දහස් ගණනක් විනාශ කර ඇති කාලයක, චීනයට අක්කර දහස් ගණනක වනාන්තර බිම්
විකුණන කාලයක, බදුවිල හා මුතුරාජවෙල ඇතුලු තෙත්බිම් නොකඩවා ගොඩකරන කාලයක,
කතා විතරක් දී ඇති ඵලය කුමක්ද පරිසර ඇමතිතුමෙනි?“ යැයි ඔවුන් පරිසර ඇමති
ධුරයද දරන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.
සියළු ඡායාරූප සහිතයි..
කෝටි ගණනක් මිනිසුන් තම බත්පත සරි කර ගන්නට වෙහෙසෙන විට, අපෙන්ම ගන්න tax එකෙන් මොවුන් විඳින සැප..!!!
අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් වලින් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා
මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක පුවත්පතක්
සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.