ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 17, 2016

මෙන්න සැබෑ කරුපයියා හඳුනාගන්න...!!! FULL REPORT

ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්...!
පාර්ළිමේන්තු පාරේ ඇති මූ සතු අති සුඛෝපභෝගී මාළිගාවට අමතරවයි මේ...!!!
මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගී නිවසක් රුපියල් ලක්ෂ 1700 කට මිලදී ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පැවැති මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක් වෙමින්ය.
කෙසේ වුවත් අප වෙත වාර්තා වන ආකාරයට මෙම අතිසුඛෝපභෝගී නිවස මීට පෙර නිහාල් විජේසූරියට අයත්ව තිබී ඇති අතර පසුව ඔහු එය තම දියණිය වූ අනීතා විජේසූරිය වෙත පවරා ඇත. ඒ අනුව කරුණානායක පවුල තම පවුලේ සමාගමක නමට මෙම නිවස මිලදීගෙන ඇති අතර ඒ වෙනුවෙන් නෛතික කටයුතු සිදු කර ඇත්තේ ඩී සේරම් නීතිඥ සමාගමය.වීඩියෝ සහිතයි

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

බෙදුම්වාදී බලවේග යුද්ධයෙන් දිනාගත නොහැකි වූ වෙනම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම හරහා දිනා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත්, රට බෙදා වෙන්කිරීම සදහා පාර්ලිමේන්තුවට ගෙන එන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට සියලු දේශප්‍රේමී ජනතාව පෙළගැසිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පවසයි. රට බෙදීමේ ප්‍රතිපාදන යෝජනා සහිත නව ව්‍යවස්ථාවට එරෙහිවන ඡන්දය භාවිතා කරන ලෙස දේශපාලන පක්ෂ, ජාති ආගම් භේදයකින් තොරව සියළු රට වැසියන් තම ප්‍ර දේශය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට බල කළ යුතු බවත්, එසේ නොමැතිව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ අත උස්සන සියළුම මන්ත්‍රීවරුන් දේශද්‍රෝහීන් වන බැවින් යළිත් වරක් ඔවුන්ට ගම්වලට පැමිණීමට ඉඩ නොදිමට ජනතාව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරයි.වීඩියෝ සහිතයි

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී....!!!

බෙදුම්වාදීන්ගේ හා බටහිර රටවල උවමනාව මත ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාවට සහ යහපාලන රජයේ ක්‍රියාකාලාපයට විරෝධය පලකරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකියන් ඊයේ විරෝධතාවක නියැළුනා.වීඩියෝ සහිතයි

රටේ ඉතිහාසය මකා දැමීම සහ නව ව්‍යවස්‌ථාව

සිංහල ඉතිහාසය නිසා සුළු ජාතීන්ගේ සිත් රිදෙන බැවින් ජාතික සංහිඳියාව ඇති කිරීමට "ඉතිහාසය" විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ බව චන්ද්‍රිකා ඵකැස් චෞරිය පවසන්නීය.
දැනට වුවද පාසල් විෂය නිර්දේශයේ ඇත්තේ ඉන්දීය ඉතිහාසය සහ සමකාලීන යුරෝපීය ඉතිහාසය බව දැනගැනීමට ලැබේ. ලංකාවේ ඉතිහාසය කොහිදැයි විමසූ විට කියා ඇත්තේ එය ඉන්දීය ඉතිහාසය තුළ අන්තර්ගතව ඇති බවයි. ඡේ. ආර්. ජයවර්ධන යනු ඉතිහාසය/සාහිත්‍යය යන විෂයයන් ඉගෙන ගෙන වාහනයක්‌ ගත හැකි දැයි ඇසූ ජනාධිපතිවරයෙකි. එබැවින් ඡේ. ආර්. ගේ මෙන්ම ඵකැස් චෞරියගේද රට ගැන රටේ අභිමානය ගැන තිබෙන හැඟීම කෙබඳු දැයි අපට වටහා ගත හැකිවේ.

ව්‍යවස්ථාව හදන්නෙත් පර සුද්දට ඕන විදිහට.. අත තියන්න එපා මේ රටට, ජාතියට.. අපි නිවට නෑ !

අපි නිවටයන් නොවන බවත් යුද්ධයක් යළි ඉල්ලනවා නම් යුද්ධ කරන්න කැමති බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ බුදු සසුන සහ ව්‍යවස්ථාව රටේ අනාගතය සහ 09 වන වගන්තිය නම් කෘතිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයට එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා පටන්ම සිදු කලේ බෞද්ධාගමට එරෙහි ක්‍රියාකාරකම් බවත් ජාතිවාදි ආගම්වාදි පනත් ගෙන එමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරන බවටද උන්වහන්සේ චෝදනා කළේය .ජාත්‍යන්තර බලවේග බය නැතුවම රට තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමට උපදෙස් දෙන තත්වයකට රට පත් කර ඇති බවත්, මෙය ඉතා භයානක තත්වයක් බව ත්ව උන්වහන්සේ පෙන්වා දුන්නේය.වීඩියෝ සහිතයි

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග මුල්‍ය අරමුදල එහෙම නැත්නම් ලෝක බැංකුව තව අදිරයකින් වේගවත් වෙලා. ලෝක බැංකුවේ වුවමනාවට අනුව අයවැය ලේඛනය හදලා තියෙන්නේ. ඒ ප‍්‍රතිපත්තිවල එක් පියවරක් ලෙස තමයි හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණා දැමීමට පියවර අරන් තියෙන්නේ. ඒ වරාය ආශි‍්‍රතව තියෙන ඉඩම් ඇතුළුව අක්කර 15,000ක ප‍්‍රමාණයක් අවුරුදු 198කට, පරම්පරා තුනකට, ශතවර්ෂ දෙකකට බදුදීම සඳහා යෝජනා කරලා තියෙනවා.
“හම්බන්තොට නැව් කොල්ලයක් ගැන කියන ආන්ඩුව ඇයි කියන්නෙ නැත්තේ මුලින්ම කොල්ල කෑව දේවල් ගැන?”
හම්බන්තොටදි ඉඩම් කොල්ලය හා වරාය විකිණීම සම්බන්ධව  කොළඹදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනමාධ්‍ය හමුවේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මේ බව ප‍්‍රශ්න කලේය.
“පසුගිය දවස්වල හම්බන්තොට වරාය සේවකයන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. ඒකට පහර දුන්නා. ඒ පිළිබඳව වාර්තාවක් සකස් කරන්න නාවික හමුදාපතිවරයාට භාරදීලා තිබුණා. ඊයේ ඒ වාර්තාව අගමතිවරයාට භාර දීලා තිබුණා.

රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

රටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවත්, එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  යෝජනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මත්‍රීවරයා සදහන් කළේ, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි.වීඩියෝ සහිතයි

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.34ක ණයට ගනී..!!!

ගෙවන්න හම්බන්තොට වරාය විකුණූ මුළු මුදලත් තවත් මිලියන 200කුත් ඕනෑ වෙයි..!!!
ලෝක බැංකුව විසින් මෙරට සංවර්ධන කටයුතු සදහා ඩොලර් බිලියන 1.34ක මුදලක් අඩු පොලී ණය ලෙස ලබා දීමට එකගතාවය පල කර තිබේ.
මෙරට ක‍්‍රියාත්මක කර ඇති සංවර්ධන උපක‍්‍රම ගැන විශ්වාසයෙන් ලෝක බැංකුව විසින් මෙම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බව නිල වහයෙන් දන්වා ඇතැයි මුදල් අමාත්‍ය සන්ඩේෂ් කරුපයියා  මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

හම්බන්තොට වරාය චීනට පවරන 07දා මහ උත්සවයක්.. මහින්දටත් ආරාධනා කරයි..

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීම සදහා වූ විශේෂ උත්සවයක් එන ජනවාරි මස 07 වැනි දින එම වරායේ පැවැත්වෙයි.
මෙම උත්සව පැවැත්වෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ටත් ඊට ආරාධනා කිරීමට නියමිතය.

බොදුබල සේනාවට මඩකලපුව පන්සල තහනම්!

මඩකලපුව උණුසුම් කළ කලබළය
බෝධි පූජාවකටවත් පන්සලට යන්න බෑ
ජාතික උරුම රකින්නට වෙරදරන මඩකලපු සිංහලයන්ට අසාධාරණයක්‌...!!!


අපිට ලංකාවේ හිතෙන තැනකට යන්නට පුළුවන්ය. එය මානව අයිතිවාසිකමක්‌ද වන්නේය. නමුත් ඒ නීතිය මඩකලපුවට වලංගු නොවන්නේය. මංගලාරාමයට යන්නේ නම් පොලිසිය කල් තියා දැනගතහොත් සිදුවන්නේ මග නතරවීමටය. ඒ නිසා ඔබ මඩකලපුව මංගලාරාමයට යන්නේ නම් යා යුත්තේ හොර රහසෙනි.   ෆේස්බුකියේ දමා ප්‍රචාරයක්‌දී පිරිවරක්‌ සෙනඟින් යන්නේ නම් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිටිනා පොලිස්‌ අප්පුවෝ නොයෙක්‌ ආකාරයෙන් කරුණු අධිකරණයට වාර්තාකර අධිකරණ නියෝග ලබා ගන්නේය.

තවත් දේශපාලන අවලමෙකු නැවත විල්පත්තුව වනසයි.....!!!!

ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයකු විසින් විල්පත්තු වනෝද්‍යානයට උතුරේ ඇති වනාන්තර ඉඩම් අක්කර 600ක පමණ ප‍්‍රමාණයක් එලි පෙහෙලි කරමින් සිටින බව වාර්තා වෙයි.
මන්නාරම-සිලාවතුර මාර්ගයේ 34 වැනි සැතපුම් කණුව අසල ප‍්‍රදේහයන් මෙසේ එළි පෙහෙලි කරමින් තිබේ.
පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ගිය පසු අදාල දේශපාලඥයා විසින් ලියවිල්ලක් පෙන්වීම නිසා පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.