ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 15, 2016

අංක එකට පිරිසිදුවට හිටි කොළඹ ආයෙත් කුණු ගොඩටම

* කැම්පස්‌ කෙල්ලොත් ඇවිත් කේ.ජී. අරගෙන යනවා...
* දැන් කොළඹ කුඩු හෝල්සේල් බිස්‌නස්‌
* පාවෙන වෙළෙඳපොළ දැන් අවලම්පොළක්‌...
* පිටකොටුව විජාතික කොලනියක්‌...

කොළඹ මෙරට ප්‍රධාන නගරයයි. අපේ රටේ විනය, පෞරුෂය, සංස්‌කෘතිය රූපවත් වන ස්‌ථානයයි. පසුගිය කාලය පුරා අතිශය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් රටක්‌ වශයෙන් අපි කොළඹ නගරය එකී ගුණාංගවලින් ස්‌වයංපෝෂිත කර ගත්තෙමු. ඒ ක්‍රියාවලිය තුළ කිසිදු දේශපාලනයක්‌ නොතිබිණි. එය ජාතික මට්‌ටමෙන් ඇගයිය යුතු ප්‍රශස්‌ත ක්‍රියාවලියක්‌ පමණි. එහෙයින් එම සුන්දර වැඩපිළිවෙළට මල් මිටක්‌ ලෙස ජාත්‍යන්තර 'මාස්‌ටර් කාඩ්' ආයතනය විසින් ලෝකයේ වේගයෙන් සංවර්ධනය වන සංචාරක නගර අතරින් ප්‍රධාන නගරය කොළඹ ලෙස නම් කර සම්මානයට පාත්‍ර කෙරිණි.

ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ඉන්දියානුවන් උදුරාගන්නා හැටි

 ලාංකිකයින්ට හිමි රැකියා අවස්‌ථා ඉන්දියානුවන් විසින් උදුරාගනු ඇතැයි අනතුරු අඟවමින් වෘත්තික සංවිධාන පෙරමුණක්‌ විසින් පසු ගිය දිනවල රට පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ දියත් කොට තිබිණි. එහෙත් එම පෝස්‌ටර් දුටු සාමාන්‍ය ජනතාව එවැන්නක්‌ සිදු වන්නේ කෙසේද යන ප්‍රහේලිකාව විසදා ගැනීම සඳහා කතාබහ කරනු දක්‌නට ලැබුණි. මෙම ලිපියේ අමුණ ප්‍රායෝගිකව එවැන්නක්‌ සිදුවන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමය. පසුගිය දිනවල ''එට්‌කා'' හිතවාදී විද්වතුන් පුන පුනා ප්‍රකාශ කළේ එම ගිවිසුමට සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදය වන පුද්ගලයින්ට රට තුළට පැමිණ සේවා සැපයීමට ඉඩදීමේ ප්‍රතිපාදනය ඇතුළත් නොවන බවයි. මෑතකදී ප්‍රකාශයට පත්කළ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නම් වූ පත්‍රාකාවක්‌ මගින්ද ශ්‍රී ලංකාව එම 4 වැනි ක්‍රමවේදය විවෘත කිරීමට බැදී නැති බවට මහජනතාව මුලා කිරීමට ඔවුන් උත්සාහ කොට ඇත.

දියවැඩියාවට මෙන්න නියම පිළියම්

වර්තමාන සමාජයේ ජනතාව අතරින් බහුතරයක්‌ම ලෙඩ්ඩුය. කුමන පුද්ගලයකු සමග හෝ කතා කරද්දී ඔහු අවසාන ලෙස පවසන්නේ තමාට වැළඳී ඇති කුමක්‌ හෝ රෝගයක්‌ පිළිබඳවය. එසේත් නොමැති නම් තම නිවසේ කෙනෙකුට හිතවතකුට වැළඳී ඇති රෝගී තත්ත්වයක්‌ පිළිබඳවය. රෝහලකට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට ගිය විට මෙම තත්ත්වය නොව තේරුම් ගැනීමට හැකියාව ලැබෙන අතර ප්‍රතිකාර ගැනීම සඳහා එම ස්‌ථානවල ඉතා විශාල ජනතාවක්‌ නිතර ගැවසෙනවා අප නිතරම දැක ඇත.
බොහෝ විට සමාජය රෝගී කරන මෙම රෝග අතරිනුත් ප්‍රධාන තැනක්‌ බෝ නොවන රෝගවලට හිමිවන අතර ඒ තුළිනුත් දියවැඩියාව (මධුමේහය) රෝගය වැඩිම පිරිසක්‌ පීඩා විඳින රෝග තත්ත්වයක්‌ ලෙස පෙන්වා දිය හැක. මෙම දියවැඩියාව රෝගය වැළඳුණු රෝගීන් විවිධ අතුරු රෝගී තත්ත්වයන්වලින්ද පීඩා විඳින අතර දියවැඩියාව සමගම පැමිණෙන එම පීඩාවන් රෝග ලක්‍ෂණයන් අතරිනුත් වැඩිම පිරිසක්‌ අපහසුතාවන්ට පත් කරන අතපය හිරි වැටීම පිළිබඳ අප මෙවර නැකත තුළින් කතාබස්‌ කරන්නට සිතුවෙමු.

දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය...!!!

දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය නිර්මාණය කළේ
සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමට පෙරයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

'දෙමළ ඊළාම් නිජබිම් ප්‍රශ්නය' නමින් කෘතියක්‌ සහ වාර්තාමය චිත්‍රපටයක්‌ 'සිංහල හඬ' සංවිධානය විසින් පසුගියදා එළිදක්‌වන ලදී. එහිදී එම කෘතිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළිදැක්‌වීමට කටයුතු කිරීම විශේෂත්වයකි. එම කෘතිය සම්පාදනය කිරීමේදී ඒ සඳහා දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සමග  කළ සංවාදයේ සංක්‍ෂිප්තය පහතින් පළ වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.