ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 13, 2016

දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් පුළුවන්නම් නව ව්‍යවස්‌ථාව සම්මත කර පෙන්වන්න...!!!

යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කිරීමට උත්සාහ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනතා සහාය ලබා ගනිමින් අනිවාර්යයෙන්ම පරාජය කරන බව. පූජ්‍ය ඉත්තෑකන්දේ ඥනිස්‌සර හිමියෝ පැවැසූහ.
විදේශ බලවේගයන්ගේ වුවමනාව මත රජය ගෙන ඒමට සැරසෙන රටට සතුරු නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට දළදා සමිඳුන්ගේ, සිරිමාබෝ සමිඳුන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දේශපාලනඥයන්ට ප්‍රඥව, ධෛර්යය සහ ආත්ම ශක්‌තිය ලැබේවායි පතමින් ඉකුත්දා මහනුවර දළදා මාලිගාව අභියස පැවැති අධිෂ්ඨාන පූජාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“රට රකින බලමුළුව” මගින් සංවිධානය කරනු ලැබූ මෙම අධිෂ්ඨාන පූජාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ සහභාගිව සිටියහ.
මෙහිදී රැස්‌ව සිටි පිරිස දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණ සාදු නාද පවත්වමින් විශේෂ ප්‍රතිඥවක්‌ද හඬ නඟා කියවූහ.

උතුරු පළාත් සභාව හා ඉඩම් බලතල..!!!

උතුරේ නිසි පාලනයක්‌ නැතැයි පවසමින් එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ ලංකාවට ගෙන ඒම සුදුසු යෑයි පැවසූ සී. වී. විග්නේශ්වරන් මහ ඇමැතිවරයා දැන් යළිත් උතුරු පළාත් සභාවට ඉඩම් බලතල අවශ්‍ය බව අවධාරණය කර තිබේ. යාපනයේ පැවැති රැස්‌වීමක්‌ අමතමින් උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභාවේ කටයුතු නිසි පරිදි සිදුකර ගැනීම සඳහා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බවයි. එහෙත් පළාත් සභාවලට ඉඩම් බලතල පැවරීම සුදුසු දෙයක්‌ද? උතුරේ විහාරස්‌ථාන ඉදිකිරීම නැවැත්වීම සඳහා යෝජනා සම්මත කළ විග්නේශ්වරන්ට ඉඩම් බලතල ලබාදුනහොත් සිදු වන්නේ කුමක්‌ද? පලාලි හමුදා කඳවුර ද අකුළා ගන්නා ලෙස පළාත් සභාවේ යෝජනා සම්මත වීම ය.

නත්තල් ගහේ කතාවත් හොඳ කතන්දරයක්

මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනකු ඉදිකරන නත්තල් ගසේ වැඩ නැවතත් අරඹලා. ඒ සේවකයන්ගෙන් වැඩි දෙනකු බෞද්ධලු. අද බෞද්ධයන් කිහිප දෙනකු කතෝලික ආගමට සම්බන්ධ චිත්‍රපටියක් ඇසුරෙන් සිංහලෙන් චිත්‍රපටියක් නිපදවලා. ඒ ගැන බුදුදහම හා කාලාම සූත්‍රය ගැන වැරදි අර්ථකථන දෙන කතෝලික සම්භවයක් ඇති ඊනියා ප්‍රාඥයකු තම සතුට පළ කරලා. මෙරට බෞද්ධයන් සමහරකු බෞද්ධයන්ට වඩා හොඳ කතෝලිකයන් වෙන්න පුළුවන්.
මෙරට බෞද්ධයන් වාර්තා තියන්න ගජ සමතුන්. සෙක්ස් ගැන ලෝකෙ වැඩියෙන් ම හොයන්නෙ ලංකාවෙ නුගේගොඩ හෝමාගම වගේ ප්‍රදේශවල අය කියලා කියවෙනවා. ඔවුනුත් බොහෝ දෙනකු බෞද්ධයන් වෙන්න ඕන. බෞද්ධයන් හරි ප්‍රබුද්ධයි. මෙතෙක් නුගේගොඩ දක්වා හිටි ප්‍රබුද්ධයන් දැන් හෝමාගමටත් විහිදිලා. එය විශ්වවිද්‍යාලයක් ඇරඹීමත් සමග ද දන්නෙ නැහැ. ප්‍රබුද්ධ බෞද්ධයන් ලෝකය පුරා සිනමා සම්මාන, මෙරට රාජ්‍ය සම්මාන ආදී වශයෙන් සම්මාන රාශියක් දිනා ගන්නවා. ඒත් ප්‍රබුද්ධ බෞද්ධයකුට තාම නොබෙල් ත්‍යාගය තියා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක් ලබාගන්න බැරි වෙලා. ඒ බුදුදහම විද්‍යාත්මක බව ප්‍රබුද්ධයන් කියද්දි.

රනිල්ගේ මෙහෙයුම මෙන්න…අර්ජුනගේ කැබිනට් පත්‍රිකාව සතයකට මායිම් කර නෑ...!!!

ප්‍රදීපාගාර නඩත්තු මුදල වෙනුවෙන් හම්බන්තොට විකුණු රනිල්ගේ මෙහෙයුම මෙන්න…අර්ජුනගේ කැබිනට් පත්‍රිකාව සතයකට මායිම් කර නෑ...!!!හම්බන්තොට වරයා චීන සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතල ගැටළු ගණනාවක් ඉස්මතුකරමින් එවකට වැඩබලන වරාය හා නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  විසින් පසුගිය නොවැම්බර් 03 පැවති අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත්‍රිකාවක්) ඉදිරිපත් ඉදිපත් කර ඇත.මෙම යෝජනාව මගින් චීන ආයෝජකයාට සමාගමේ බහුතර පාලන බලයක් ලැබෙන බවත් හම්බන්තොට වරායේ සම්පූර්ණ පාලන කටයුතු එම සමාගමට හිමිවන බවත් එම සංදේශයේ සඳහන් කර තිබේ.

ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව ග්‍රන්ථය දෙසැම්බර් 20 එළිදකී

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1289ක් ඇතුළත්ය. රුපියල් 1,500ක් මිළැති ගන්ථය මෙදින රුපියල් 1,000කට ලබාගත හැකිය. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට ලක්වී ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනායැයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13ක් මගිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.