ලොකුම කොකේන් තොගය
කොළඹ වරායෙන් අල්ලයි
වටිනාකම කෝටි 1600 යි
ඔත්තුව ආවේ මාසයකට කලින්...!!!
ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක තිබී
රුපියල් කෝටි 1,600 ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 800 ක්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09 දා)
කොළඹ වරායේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොකේන් තොගය ශ්‍රී ලංකාවේදී මෙතෙක්
හමුවී ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මූලස්ථාන
ආරංචි මාර්ග පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති කමල්
සිල්වාට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින් ඊයේ (09
දා) දහවල් කළ වැටලීමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට
හැකිවිය.
ඇඟට පතට වෙහෙස නැතිව කුඹුරේ වල් මර්දනය කර ගැනීමට "ග්ලයි පොසේට්"වලට ඇබ්බැහිවී
සිටින ගොවියෝ කීයයි කීවත් වැඩි මිලකට ග්ලයි පොසේට් මිළදී ගැනීමට පේවී සිටිති. මේ
නිසා ග්ලයිපෝසේට් භාවිතය නවත්වන්නට නම් ඊට යාදෙන විකල්පයක් ගොවි ජනතාව අතරට
පැමිණිය යුතු බව කෘෂි රසායන වෙළෙන්දෝ කියති.
ගාල්ල හබරාදුව කොග්ගල දූපත් සමූහයේ ජල තලයේ
පාවෙන විලා හෝටල් ඉදිකරන්නට අනුමැතිය දීම තුළ කොග්ගල දූපත් සමූහයේ මහා විනාශයක්
සිදුවෙනවා. මල්කානා කොග්ගල දූපත් සමූහයේ ජලය මතුපිට මේ හෝටල් ඉදිකරනවා. ජලය මත විලා
පහක් හදන්න අනුමැතිය දැනටම දීලා. පහළොවක් ඉල්ලුවා පහයි දීලා තියෙන්නේ.හබරාදුවේ කොග්ගල කතළුවේ දියමත පාවෙන හෝටල් ඉදිකරන්නට අවසරය දීම තුළ මහා විනාශයක්
සිදුවන බව දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පවසයි