ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 2, 2016

එදා අත්සන් කළ මහජන ගිවිසුමේදී කෝටි ගණන් සැප වාහන දේශපාළු අපතයනට ලබා දීමේ වගන්තියක් තිබුනේ නැත..!!!

ඵදා මුන් සෝභිත හිමියන් රැවටුවේ අමු අමුවේය.දෙකට නැමී උන්වහන්සේ හමුවෙමින් රනිලා පිංසෙණ්ඩු වී පැවසුවේ පෙර බලයට පත්ව කළ වැරදි නැවත නොකරන බවයි.කපටි දේශපාළුවාගේ රංගනයට සමහරවිට උන් වහන්සේද අසුවිය.වසර දෙකකට ආසන්න කෙටි කලෙකදී රට ජනතාව නැත්තට නැතිකර උන් පමණක් සුරසැප විඳින කාළකණ්නි අපතයන් රැසක් බලය අල්ලාගත් බව දැන ගන්නා විට අශ්වයා ඉස්තාලෙන් පැන හමාරය.....!!! 
වත්මන් ආණ්ඩුව 2015 අගෝස්තු 17 මහ මැතිවරණයට මුහුණ දීමට පෙර 2015 ජුලි 28 වෙනිදා කරුණු 14 කින් යුක්ත මහජන ගිවිසුමක් සියයකට ආසන්න සිවිල් සංවිධාන සමග අත්සන් කරන ලදී. එකී කරුණු 14 කිසිදු තැනෙක ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමැතිවරුන්ට ලක්ෂ 700ක වාහන ලබා දෙන බව හෝ ඇමැතිවරුන්ට වාහන සඳහා මසකට ලක්ෂ 7 බැගින් ගෙවන බව හෝ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂය බැගින් දීමනාවක් දෙන බව හෝ සඳහන්ව තිබුනේ නැත. 
නමුත් මෑතකදී ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා ජීප් රථ ලබා දීමට මසකට ලක්ෂ 7 බැගින් රෙන්ට් අ කාර් සමාගමකට ගෙවීමට කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය.
පසුගියදා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000 කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය ලබාදුන්නේ ය. 
මැති ඇමතිවරුන්ට සැප වාහන ලබා දීමට තවත් රු. කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ලබා ගත්තේය.
එහිදී ඩිලාන්ට ග්‍රේරුට ලක්ෂ 700 ක් ද,  රාජිතට ලක්ෂ 700 ක් ද, ලක්ෂමන් යාපාට ලක්ෂ 350 ක් ද ආදී ලෙස විය.
ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් සුඛෝපභෝගී වාහන 28 ක් මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නවකෝටි පහළොස් ලක්ෂයක (රු. 791,500,000) මුදලක් ඉල්ලා පසුගිය 26 දා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණ.
මේ සියල්ල සිදුවන්නේ මැති ඇමැතිවරුන්ට බදු රහිත වාහන බලපත්‍රයක් ද ලබා දීමට අමතරවය.

බැඳුම්කර හොරාගේ ආගමනය සූදානම්...!!! රටපුරා බෙදාහැරීමට නොමිළේ පත්තරයකුත්....!!!

මහ බැංකු බැදුම්කර වංචාව හරහා බිලියන ගණනින් මුදල් වංචාකල අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් එක්ව ආරම්භ කිරිමට යන මුද්‍රිත මාධ්‍ය ජාලය සහ අර්ජුන් ඇලෝසියස් ස්වර්ණවාහිනී නාලිකාව මිලයට ගැනිමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඇතුළු බත් බැලයන් සියලුම දෙනා අන්දුන් කුන්දුන් වි සිටින බව  අනාවරණයවී ඇත.
සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් දෙකක්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට නියමිත අතර මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් වෙනස් කිරිම සදහා රුපවාහිණි වැඩසටහන් සහ ප්‍රවෘත්ති පිළිබඳව විශේෂඥ සහය ලබාගනිමින් සිටින බව අනාවරණය වි තිබේ.
පසුගියදා කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව සුපුරුදු ලෙස ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත්බැලයන් සමග පැවැති සාකච්ඡාවේදි බත්බැලයන් සියලුම දෙනා පෙන්වාදි ඇත්තේ මහේන්ද්‍රන්ලා ආරම්භ කිරිමට යන මාධ්‍ය ජාලය හරහා ජනාධිපතිවරයා ඇතුලු ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප කණ්ඩායම මෙන්ම ජනපතිට කඩේ යන කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානමක් ඇති බවයි.

මෝංගල වාචාළයෙක් කට අරියි...!!!

මේක අරුම පුදුම රටක්, මාර්ග නීතී කඩන්න රජයෙන් අවසර ඉල්ලනව...!!!


 මූගේ පැවැත්මට මෙසේ පඬිවදන් කීවද මූද පසුගිය දිනක බීමතින් රිය පදවා මාට්ටුවී ඇත.මෙවැනි  කුඩා පීචං අමනයන් උන්ගේ පැවැත්ම සඳහා ඉඳහිට තප්පුළති.

බස් ඇතුළු අනෙක් ප්‍රවාහන සේවාවන් වර්ජනය කරන්නේ බරපතල මාර්ග නීති උල්ලංඝණය සදහා දඩය රුපියල් 25000ක් කළ නිසයි. මේක පුදුම රටක් වැරද්දක්

කරන්න රජයෙන් අවසර ඉල්ලනවා. විනයානුකූල හා ශිෂ්ඨ සම්පන්න ලෙස රිය පදවනවා නම් මේ ගැන බය වෙන්න ඕනේ නෑ. වමෙන් ඉස්සර කරන්න, වේගයෙන් යන්න, ඉන්ෂුරන්ස් නැතුව යන්න අවසර ඉල්ලනවා. මේ වැඩේ මේ ආකාරයට කරන්න බෑ. ඉස්සෙල්ලාම අපේ රට දියුණු රටක් බවට පත් කරන්න නම් අනිවාර්යයෙන්ම විනය තියෙන්න ඕනේ.

බදු දඩ වලින් කකුල් හිරවෙලා - වර්ජනෙන් බෙල්ල හිරවෙලා (සිකුරාදා කාටූන්)

 මෙරට කිසි කලෙක නොවූ ලෙසට බදු අයකරමින් දඩ ගසමින් රටේ අන්ත අසරණ අහිංසකයන් රවටා ඡන්දය ගත් කාළකණ්නි දේශපාළුවන් ගැන ජනතාව සිටිනුයේ අනන්ත ක්‍රෝධයෙනි වෛරයෙනි..මේ බව රටේ කාටූන් ශිල්පීන්ද තමන්ගේ සිය දක්‍ෂතාවයන් මගින් පිළිඹිබු කරති.මේ ඒ නිර්මාණ කිහිපයක්...!!!

ජනතාවට බදු පනවපු දේශපාළුවෙක් අධි සුඛෝපභෝගී රථයක් නැවත ගෙනැල්ලා...!!!

බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කාළකණ්නියා කවුද...?
බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයක ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව මේ සමගම යළි කථාබහක් මතුව ඇත.

පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් වසරක සිර දඩුවම අවසන් කර නිදහස්වේ...!!!

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද නිදහස් වුණා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කර ඇති බවයි.

කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ.

නමටත් ලැජ්ජයි ගැමුණු හැංගිලාලු...!!!

අද ක්‍රියාත්මක පුද්ගලික බස් රථ වර්ජනයට තම සංගමය එක් නොවන බව පැවසුවද ගැමුණු විජේරත්න ගේ බස් සංගමයේ බස්රථ හිමියන්ට තර්ජන පැවතීම හේතුවෙන් එම වර්ජනයට එක්ව තිබුණා. 163 බස් රථ ධාවනය කරවන ගැමුණු විජේරත්නගේ පුද්ගලික ව්‍යාපාරයට අයත් බස් රථද අද ධාවනය කර නැත.
ඔහුගේ වීදුරු ව්‍යාපාරය (සඳුනි ග්ලාස්) පිහිටි නුගේගොඩ
හා නිවස පිහිටි මහරගමට යාබද ස්ථාන අසළින් ධාවනය වන මාර්ග අංක 119, 259, 163, 168, 176, ආදී කිසිදු මාර්ගයක පුද්ගලික බස් රථද අද පෙරවරුවේ ධාවනය වූයේ නැත.

 මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට අවස්ථා කිහිපයකදීම ගැමුණු විජේරත්න  අමතන්නට මාධ්‍ය දැරූ උත්සාහය අසාර්ථකවූයේ ඔහු දුරකථනය ඕෆ් කර තිබුන නිසාය.

කෝඳුරුවෙක් බුරනු ඇසේ....!!!

අපි හැදු ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නේ නෑ.. බස් වැඩ වර්ජනය අසාධාරණයි.. සාකච්චාවට එන්න.. – බස් ගැමුණු....!!!
තමන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව බොහෝ කැපකිරීම් කර ලබාගත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංමගයේ සභාපති ගැමුණු විජේරත්න  පවසයි.

යන යන තැන විරෝධතා.. 25,000 දඩයට එරෙහිව ත‍්‍රිරෝද රථ ටවුන් හෝල් වසති.. පාරවල් හිරවේ..

ත‍්‍රීරෝද රථ හිමිකරුවන් විශාල පිරිසක් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ නගර ශාළාව අවට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

ලැජ්ජයි යකෝ ලැජ්ජයි.....!!!

කෙප්ප කෙලින්ඤං ...රට අන්දන්ඤං...!!! මෙන්න ඇත්ත....!!!
නොමිලේ ටැබ් ඩිජිටල් බොරුව හෙලිවෙයි.. 1700 බැගින් මාසික වාරික ගෙවන්න වෙයි..
ආණ්ඩුව නොමිලේ ලබා දුන් ටැබ් පරිගණකවලට මුදල් ගෙවීමට පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදුව තිබේ.
ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති උත්සවයක දී කතානායක කරු ජයසූරියගේ අතින් මාධ්‍යවේදීන් හැට දෙනකුට ටැබ් පරිගණක පිරිනැමිණි.
මාධ්‍යවේදීන්ට නොමිලේ ටැබ් දුන්නා යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා මාස 6ක් ගෙවෙන්නටත් පෙර ටැබ් ගත් මාධ්‍යවේදීන් අමතා ඇති මොබිටෙල් ආයතනය ටැබ් සඳහා මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත.
එම ටැබ් පරිගණක සඳහා රුපියල් 1700 බැගින් වාරික ගෙවීමට මාධ්‍යවේදීන්ට සිදුව ඇති අතර ගෙවිය යුතු මුළු මුදල කොතෙක්දැයි දැනුම් දී නැත.

කොළොන්නාවේ කුඩු ඉතිහාසයේ නමක් තබා ඇති භාරත ප්‍රේමචන්ඳ්‍ර ගේ දියණියගේ පට්ට කථා....!!! වීඩියෝ සහිතයි

පාසැල් ළමුන් ඇති සභාවක දේශණයක් කිරීමට තරම් මොළයක් නොමැති දේශපාලන ඵළදෙනුන්, දේශපාලන අම්බරුවන් සිටින රටක පුදුම නොවිය යුතු කථාවක්...වෙලේසුදා ඉතාම හොඳින් දන්නා බව කියන හිරුණිකා.කොළොන්නාවේ කුඩු ඉතිහාසයේ නමක් තබා ඇති භාරත ප්‍රේමචන්ඳ්‍ර ගේ දියණියගේ පට්ට කථා....!!!
කුඩු දුමින්දට හිරගේ ඇතුළෙත් අධි සැපලූ ....!!! වීඩියෝ සහිතයි

කළු සල්ලි සුදු කරන යහපාලන සෙල්ලම්...!!! බැදුම්කර බෑණා ස්වර්ණවාහිනිය මිලට ගනී.. සභාපති බැදුම්කර බෑණා ඇලෝසියස්..!!!

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ස්වර්නවාහිණී රූපවාහිනී නාලිකාව මිලයට ගෙන ඇති බවට වාර්තා වෙයි.
ඒ සමගම ස්වරණවාහිනියේ සභාපතිවරයා ලෙස කුප්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ය.
කෙසේ වෙතත් මෙම ගණුදෙනුවේ වටිනාකම කොතෙක්දැයි වාර්තා නොවෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.