ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 30, 2016

දොස් තොර වරුනි නුඹලාටය....!!! වීඩියෝ සහිතයි


ආදරණීය දොස්තර මහත්වරුණි නෝනාවරුණි මෙනෙවියනි , අනෙකුත් සොඛ්‍ය වෘත්තිකයිනි ,
ලංකා මව් පොළොව මත ඛේදනීය දේශපාලන අර්බුදයක් මේවනවිට නිර්මාණය වී තිබෙන බව ඉතා පැහැදිළිය . ජනතාව මුලා කරන දේශපාලන ක්‍රමයක් දැඩි ලෙස උත්සන්න වී ඇත . නිළවශයෙන් හා නොනිල වශයෙන්ද මර්ධනය ක්‍රියාත්මකය . ඒ ආණ්ඩුවේද වංචනිකයින් මේ ආණ්ඩුවටද තුරුල් වී ඇත . ඒ වංචාවෙන් ගැලවිජ්ජාව වෙත ගාල් වන්නටය . උන්ගේ හැසිරීම අලුත් ආණ්ඩුවේ අයටත් වඩා තුච
්ඡ ය . එකෙකුට ප්‍රශ්න සිල්ලරය .තව කෙනෙකු උද්ධච්ඡ කම තම කටපල්ලෙන් බේරන්නේ බොරු බේගල් ගොන්නක් ද සමගය . මොවූහු වෛද්‍යවරයාගේ සැබෑ ප්‍රශ්න තේරුම්ගැනීමට හෝ ඔවුන්ගේ ගෞවරවය සුරකිමවත් නොසළකති . ඔවුන්ට අවශ්‍ය වන්නේ සුවච කීකරු නපුංසක වෘත්තිකයින් ඔවුන් වටා තබා ගැනීමය . එසේ රටක් මෙහෙයවන්නට හෝ දුවන්නට නොහැකි බව හෝ ඉන් මතුවන අනෙක් සියලු ප්‍රශ්නද ඔවුන්ට වැඩක් නැත . ඒ තරමට අද මේ දේශපාලක පාපතාරයෝ ජාත්‍යන්තර ඉත්තන් - මැක්කන් - බැලයන් වී ඇත . මේ තත්වය ඉදිරියේ ඔබේ ශක්තිය වෘත්තීය දායකත්වය රටේ පොදු මහජනතාවට මහා අස්වැසිල්ලකි .වීඩියෝ සහිතයි

ප්‍රවේසම්වන්න ලිංගික ශ්‍රමික කාන්තාවන් 9947කට ඒඩ්ස්‌...!!!

අද (01දා) ට යෙදෙන ලෝක ඒඩ්ස්‌ දිනය නිමෙත්තෙනි..
 
මේ රජයේ සමලිංගික ප්‍රතිපත්තිය මත මෙන්ම අගමැතිවරයාගේ සිට ප්‍රධාන මැති ඇමතිවරුන් ද සම ලිංගිකයන් වීම මෙයට වඩාත් බලපාන බව බොහෝ දෙනෙකුගේ මතයයි.
"එච්. අයි. වී./ඒඩ්ස්‌ වෛරසය ශරීර ගතවූ ගැබිනි මවුවරුන්ගෙන් දරුවාට වෛරසය පැතිරීම ලබන වසර (2017) අවසානයේදී සම්පූර්ණයෙන් නතර කෙරේ.
දැනට ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති දිවයින පුරා විසිරී සිටින බවට ඇස්‌තමේන්තු කර ඇති එච්. අයි. වී/ඒඩ්ස්‌ ආසාධිතයින් 1386 දෙනකු දැනුවත් කිරීමේ වැඩසටහන් හා රුධිර පරීක්‍ෂණයන් හරහා ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීම.
ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් ඇතුළු එච් අයි වී වෛරසය පැතිරවීමේ අවදානමක්‌ සහිත අවදානම් කණ්‌ඩායම් රෝගය පැතිරීම වැළැක්‌වීම පිළිබඳව දැනුවත් කරලීම.

දැනට එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය මෙරට පතුරුවන ප්‍රධාන අවදානම් කණ්‌ඩායම් හතර ලෙස ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් හා වෙරළාශ්‍රිතව විදේශිකයන්ට සේවය සපයන ළමුන් (බීච් බෝයිස්‌) හඳුනා ගෙන තිබේ. අනෙක්‌ අතට සංක්‍රාන්තික ලිංගිකයන් හෙවත් "ට්‍රාන්ස්‌ජෙන්ඩර්"(පිරිමින් බවට පරිවර්තනය වූ කාන්තාවන් හා කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්) ප්‍රජාව ද මෙහිදී අවදානම් කණ්‌ඩායමක්‌ සේ සැලකිය හැකි වන්නේ ඔවුන් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක සේ ඇසුරු කිරීම හේතුවෙනි.වීඩියෝ සහිතයි

ජනතා මුදලින් හොර අඹුවගේ රෝහල් බිල් ගෙවූ ඇමති සජිත්....!!!

එක්සත් ජාතික් පක්ෂයේ නී.නායක සජිත් ප්‍රේමදාසගේ අනියම් ප්‍රේමය හේතුවෙන් ප්‍රේමදාස පවුලේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.දැනට මාස කිහිපයකට පමණ පෙර අහබු ලෙස හටගත් මෙම සබඳතාවය මේ වනවිට නතරකර ගැනිමට නොහැකි තත්ත්වයක් දක්වා ගොස් ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වනුයේ අදාළ කාන්තාව සජිත්ගේ සාහසීක ලිංගික ක්‍රියාකාරකම් සදහා ඉහල රුචියක් දැක්විම බවයි සජිත්ගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර ඇත්තේ. අදාල සමීප කාන්තාවගේ පීයා පසුගිය කාලසිමාවේ රෝගාතුරව සිටි අතර පසුව ඔහුව  ප්‍රතිකාර ගැනිම සදහා කොළඔ ප්‍රධාන පෙළේ පෙෘද්ගලික රෝහලක සති 3ක කාලයක් නතර කර සිටි අතර පසුව එම රෝහල් ගාස්තුව වු රු.ලක්ෂ 12 කට අධික මුදල සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය හරහා පියවිමටද කටයුතු කර තිබේ.මෙම කාන්තාව සජිත්ගේ  බිරිද සමගා අවස්ථා කිහිපයකදී උණුසුම් වචන හුවමාරු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් සජිත්ගේ අනියම් සම්බන්ධය මේ වනවිට පවුලේ අවුලක් මතුකිරිමට සමත්ව තිබේ.

ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද...?

VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු අඩු කිරීමේ පොරොන්දුවේ දී ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද...?

ගංවතුර නායයාම් අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීම සිදුවෙද්දී VAT හුටපටයක් ඇති විය. ඒ සමගම අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තැබීමත් සිදුවිය. මෙරට ඇතැම් දේශපාලකයන් VAT හුටපටයේදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ද VAT වැඩිකිරීම නීති විරෝධීයැයි කියමින් නීතියේ සහන පතන්නට විය.දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව VAT විරෝධී උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය.වීඩියෝ සහිතයි

යහපාලනය යටතේ නීතිය සාධාරණද....???

මහජන දේශණයක් අතරේ රටේ පොලිස්පති වරයාට ඉහළ දේශපාළු අපතයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමක්...!!! ඊට අවනතව කීකරු බලු කුක්කෙකු සේ නීතිය නවන පොලිස්පති....!!! මේකද ජනතාවනී ඔබ පැතූ සාධාරණ සමාජය...!!!

සුවහසක් ළදරුවන්ගේ තිඹිරිගෙය.. ‘කාසල් රෝහල’ විකුණා දමන්න සූදානම්..

මවුවරුන් හා ලදරුවන් සදහාම මෙරට ප‍්‍රධානතම රජයේ රෝහල වූ කාසල් රෝහල පුද්ගලික අංශයට විකුණා දැමීමේ සූදානමක් ඇති බවට නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.
2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියේ අඩංගු යෝජනාවකින් එය හෙලි වූ බවද ඔවුහු පෙන්වා දෙති.
‘නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව මත කාසල් රෝහල ඉදිරි වසරේදී නවීන තාක්ෂණයට අනුකූලව මිලියන 3000 ක් යොදා වැඩි දියුණු කරනු ලබයි’ යනුවෙන් යෝජනාවක් අයවැයේ සදහන් බවද පෙන්වා දෙන එම සංවිධානය නිදහස් සෞඛ්‍ය සේවය ඇති ලංකාවේ කාසල් රෝහල මේ ආකාරයෙන් පුද්ගලීකරණය කිරීම දැඩිව හෙලි දකින බවද කියා සිටී.වීඩියෝ සහිතයි

‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ ...පීඩිත ජනතාව කියයි...!!!

‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]
 මෛත‍්‍රීට ආණ්ඩුව කරන්න බැරිනම් මහින්දට ආණ්ඩුව බාර දී යන්නැයි ඊයේ පැවති වෛද්‍ය වැඩ වර්ජනයෙන් අපහසුතාවට පත්ව රෝහල් පෝලිමේ සිටි රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් පල කලේය...

උන් උඩ ගියා...!!! රට නැතිවුනා ...!!!

පීඩිතයන් 225 කට සහන සැලසීම පුණ්‍යකර්මයකි
ජීවන බරින් පීඩාවට පත්වූවෝ බහුතර ලක්‌වැසියෝ වෙති. 

 2015 ජනවාරි 08 වැනිදා සටන් පාඨත් අද ආණ්‌ඩුවේ ක්‍රියා පටිපාටියත් අහසට පොළොව මෙනි.

30 දෙනාගේ කැබිනට්‌ මණ්‌ඩලය එක්‌ සිහිනයක්‌ පමණකි. එය චිත්‍රයට ඇඳිය හැකිද යන්නත් ප්‍රශ්නයකි. මන්ත්‍රී දීමනාව වැඩි කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය විරුද්ධ බව කියයි. නමුත් පඩි වැඩිවූ විට ආණ්‌ඩුපක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේම පඩිපත වැඩිවන බව පැහැදිලිය. ඇමැතින් 27 දෙනෙකුට හා විපක්‍ෂ නායකවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ සම්මත වුණේ පසුගිය සෙනසුරාදාය. අයවැය සහන කෙසේ වෙතත් මැති ඇමැති සහන නම් දෝරේ ගලා යන බව පෙනේ.

ජාතික රෝහලේ හෘද රෝගීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ බාල බෙහෙත් නිසා..

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ  (Non Ionic contrast media for cardio angiography for adult –100 ml) නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
ඒ අනුව හෘද රෝග සැත්කම සදහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. . – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..

උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි.. උතුරු පළාත තුල හමුදා කදවුරුවලින් පිට කිසිම තැනක බුදු පිළිම ස්ථාපිත නොකරන ලෙස උතුරේ සියළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.

වර්ජකයන්ට පහර දී එළවන්න කාටවත් අයිතියක්‌ නෑ… – විජේදාස

වර්ජකයන්ට පහර දී ඉවත් කිරීමට කිසිවකුට අයිතියක්‌ නැති අතර අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය කාටත් තිබෙනවා යයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ  පැවසීය.
නීතිගරුක යහපත් සමාජයක්‌ වශයෙන් අප අණපනත් පිළිපැදිය යුතු බව පැවසූ ඇමැතිවරයා වාහන නීති උල්ලංඝනය කරන රියෑදුරන් වෙනුවෙන් දඩ මුදල් වැඩි කළ යුතු බව ද පැවසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය. දඩ මුදල් වැඩි කළා සේම වාහන අල්ලන නිලධාරීන් ද විනයගරුක විය යුතුයි.
සමහර පොලිස්‌ නිලධාරීන් පාරේ අහුමුලුවල සැඟවී සිට ග්‍රීස්‌ යකුන් වගේ එක්‌වරම වාහන නැවැත්වීමට කඩාපනිනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.