ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 29, 2016

ගංවතුරින් හානි වු එක් පුද්ගලයකුට රුපියල් 2808යි… ජනපතිට, අගමැතිට කාර් ගන්න ඊට වැඩියි.. UN වාර්තා මෙන්න..

පසුගිය මැයි මස දිවයිනේ ඇති වූ ගංවතුරින් ප්‍රදේශ ගණනාවක විශාල හානි සිදු වූ විය. මේ නිසා කොලොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය, අවිස්සාවේල්ල, හෝමාගම යන ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක්ම ජන ජීවිතයට හානි විය.
එම අවස්ථාවේ ගංවතුරින් පිඩාවට පත් අසරණ ජනතාව බැලිමට රටේ බලධාරීන් තරගයට මෙන් ගියහ. රටේ ජනතාව රූපවාහිනි නාලිකාවල මග පෙන්වීම සහ දායකත්වය මත හැකි පමණින් පිඩාවට පත් අසරණ ජනතාව උදව් උපකාර කලහ.
රජය ඉල්ලා සිටියේ මෙම විශාල ගංවතුර රටේ ජනතාවගෙන් 301,602 දෙනෙකුට බලපා ඇති බවත් හැකි පමණින් විදේශ මිත්‍ර රටවලින් ආධාර ලබාදෙන ලෙසත්ය. ඒ අනුව නොයෙකුත් රටවලින් අධාර උපකාර මේ රජයට නොඅඩුව ලැබුණි.

25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය

හෙට බස්‌ වර්ජනය ස්‌ථිරයි
- අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති
ගැමුණුගේ තීරණය අද


හෙට (01 දා) දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර  පැවසීය.
වාහන වැරදි සම්බන්ධයෙන් පැනවූ රුපියල් 25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගැමුණුගේ බස්‌ සංගමය හැර අනෙක්‌ බස්‌ සංගම් ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ සංගම් ද සහාය දක්‌වන බව හෙතෙම සඳහන් කළේය.

හිටපු ඇමැති කරුණා රිමාන්ඩ් වෙඩි නොවදින රියක්‌ පාවිච්චි කර කෝටි 9ක්‌ අවභාවිත කළැයි චෝදනා...!!!

ජනතා මුදලින් සුරසැප විඳ අවසන රිමාන්ඩ් අත් අඩංගුවට යනුයේ දෑත් ඔසවා පට්ට වීරයන් ලෙසිණී...!!!
වෙඩි නොවදින මෝටර් රථයක්‌ පාවිච්චි කරමින් රුපියල් කෝටි නවයකට අධික මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්  ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

අපතයන්ට රනිල් ගෙන් තවත් ලොතරැයියක්...!!!

ආසනවල කාර්යාල පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ට මසකට දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌...!!!
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාට සිය ආසනවල කාර්යාල පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌ ලබාදීමට ඊයේ (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇත.
මීට අමතරව මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්‌වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සීයක දීමනාවද රුපියල් දෙදහස්‌ පන්සීය දක්‌වා වැඩි කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව එක්‌ මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් විසිදහසක මුදලක්‌ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්‍ෂයක්‌ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්‍ෂයක දීමනාවක්‌ද හිමිවනු ඇත.

යාපනයේ සිට පැමිණි අයිසීස්‌ ක්‍රියාකාරිකයා මුම්බායි පොලිස්‌ දැලේ...!!!

යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන තිබේ. එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇත.
මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත.
කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය ආයතන වල තිබෙන මාෆියාව හෙළිදරව් කරන රන්ජන් රාමනායක...!!!

හිතල බලන්න මරණ දණ්ඩනය හිමිවුණු කෙනෙක් පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීම හා විනිසුරුවරියක් පුද්ගලිකව මුන ගැහිම වගේ දෙයක් ගැන. අපේ අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන ආකාරය ගැන, එතුමාගේ වචන වලින්ම කිව්වම ‘ලැජ්ජයි... අම්මපා... මෙහෙමත් ආණ්ඩුවක්‘ කියලා පාර්ලිමේන්තුව දෙවනත් කරන්න තිබ්බා. නමුත් එහෙම වුනේ නැහැ, ඇයි ඒ ?  මේ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසාද ? නැහැ ඒකට හේතුව මේ පුද්ගලයගේ පවුල මේ රටේ ප්‍රධාන මාධ්‍ය ජාලයක හිමිකරුවන් වීම. ඕක ගැන කතා කළොත් අපේ නිව්ස් ඒ චැනල් එකේ දාන්නේ නැහැ. අපිට බලයේ චාන්ස් දෙන්නේ නැහැ, ඒක නේද හේතුව.?
මම ප්‍රධාන පක්ෂ දෙක ගැන කතාකරන්නේ නැහැ, ඒකේ ඉන්න අය ඒ ගොල්ලෝ හඳුන්වන්නේ ‘ස්මාර්ට් පොලිටිෂියන්ස්‘ ලා කියලනේ. එකනේ ඒ අය මටත් බනින්නේ ‘රන්ජන් මෝඩ වෙන්න එපා. ඇත්ත වුනාට ඕක කිව්වට පස්සේ උඹට ඒ චැනල් වලින් පබ්ලිසිටි ලැබන්නේ නැහැ‘ කියලා...
රන්ජන් රාමනායකගේ කතාවේ වීඩියෝව පහතින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.