ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 28, 2016

රු. එක්‌ලක්‍ෂ හතළිස්‌දහසකට එස්‌.ටී.එෆ්. හිටපු ප්‍රධානියා හිරේ දැමීම ආණ්‌ඩුව ලැඡ්ජා විය යුතු කරුණක්‌...!!!

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පවසයි
රටට විශාල සේවාවක්‌ කළ පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී කේ. එල්. එම්. සරත්චන්ද්‍ර  රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසකට හිරේ දැමීම ගැන ආණ්‌ඩුවට ලැඡ්ජාවක්‌ නැද්දැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන (28 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ස්‌ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ දිනේෂ් ගුණවර්ධන  මෙසේද කීය.
පොලිස්‌ විශේෂ කාර්යබලකායේ අණදෙන නිලධාරියාව සිටි සරත්චන්ද්‍ර  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම ගැන අගමැතිවරයා දන්නේ නැද්ද...?

ඇමැතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක්‌....!!!

(මෝඩ මිනිස්‌සුන්ට මේවා තේරෙන්නේ නැත)
බළලා මල්ලෙන් එළියට පැන තිබේ. තේරෙන භාෂාවෙන් කීවොත් ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කජු ඇට කොස්‌ ඇට නොව රුපියල් කෝටි 79 කි. මේ ඇස්‌තමේන්තුව මීට පෙරද ඉදිරිපත් කළ එකකි. ඒ 2016 වර්ෂයේ ජුනි මාසයේදීය. එවර ඇමැතිවරු 30 දෙනෙක්‌ සඳහා කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. එම පරිපූරික ඇස්‌තමේන්තුව එදා ඉදිරිපත් කළේ ලක්‍ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාය. මෙවර ඇමැතිවරු 27 දෙනකු සඳහා කෝටි 79 ක්‌ ඉල්ලා තිබේ. මුලින් ඉදිරිපත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් අත්හිටුවූයේ පසුගිය මැයි මාසයේ සිට ගංවතුරෙන් ආපදාවන්ට ලක්‌වූවන්ටත්, සාලාව - කොස්‌ගම පිපිරීම නිසා අවතැන් වූ ජනතාවටත් සහන සැලසීමෙන් පසු එම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කරන ලෙස කියමිනි. ආණ්‌ඩුවේ මේ සද්ක්‍රියාව මේ වනවිට සාලාව ප්‍රදේශයේ ඉන්නා ගුණමකු මිනිසුන්ද, අරණායක රාමසර කන්දේ පදිංචිව සිට අවතැන්වූ මිනිසුන්ද කෝචොක්‌ කරමින් සිටිති. ඒ අනුව මේ කමකට නැති මිනිස්‌සු තැන් තැන්වල කූඩාරම්වල (තවමත්) ළඟිමින් සහන ලැබුණේ නැතැයි ආණ්‌ඩුවට බැන වදිමින් සිටිති. සාලාව ප්‍රදේශයේ විපතට පත්වූවා යෑයි කියන පිරිසක්‌ පිටකොටුවේදී ද අඩව්වක්‌ අල්ලන්නට සූදානම් විය. මේවා රටේ ජනතාව පිළිගන්නවා යෑයි ඒ ගුණමකු මිනිසුන් කල්පනා කරනවා විය යුතුය. සහන සැලසුවේ නැත්නම් මේ පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කරන්නට තරම් ආණ්‌ඩුව මෝඩවේදැයි අප අසන්නට කැමතිය.
පටිත් තද කරගෙන, සොච්චම් වැටුපකුත් ගෙන හිඟා නොකා හිඟා කමින් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවා උන්ටම බනින රටේ මෝඩ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැත

නෙගටිව් එක තුන් පාරක්‌ සවුත්තු වුණා ට්‍රම්ප් ආයිආයි රගපෑවා...!!!

ඇමරිකානු ජනාධිපතිව චිත්‍රපටයකට ගත්ත චන්ද්‍රන් රත්නම් කියයි...!!!
ට්‍රම්ප් චිත්‍රපට සමාගම 1990 වසරේදී නිෂ්පාදනය කළ ගොස්‌ට්‌ කාන්ට්‌ ඩු ඉට්‌ (Ghosts Can't do it) චිත්‍රපටය මෑතකදී වඩාත් අවධානයට පාත්‍ර වූයේ ඉදිරියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී සිටින ඩොනල් ට්‍රම්ප් එහි කළ රංගනනය හේතුවෙනි. ලාංකික අපට එහි ඇති වැදගත්කම වනුයේ ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සුවිශේෂ භූමිකාවක්‌ නිරුපණය කිරීමයි. මේ එම සුවිශේෂී අවස්‌ථාව හා චන්ද්‍රන් රත්නම්ගේ අන්තර්ජාතික සිනමා අත්දැකීම් පිළිබඳ ඔහු සමග අප කළ සාකච්ඡාවකි.

අසූවෙ දශකයේ තිරගත වූ ඇමරිකාවේ නිෂ්පාදිත "ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌" චිත්‍රපටය පිළිබඳ නැවතත් කතාබහක්‌ ඇතිවෙලා තිබෙනවා. ඊට හේතුව ඇමරිකාවේ මීළඟ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් එහි රංගනයේ නියෑලීමත්, ඔබ එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සාමාජිකයකු වීමත් නිසා. මුලින්ම කියන්න ලාංකිකයකු වන ඔබට ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌ චිත්‍රපටයට සම්බන්ධ වීමට පසුබිම හැදෙන්නෙ කොහොමද...?

චීන්නු ගුවන්තොටුපළින් එළියට ආපු ගමන් CASINO...!!!

වෙලාව අලුයම 2.30 ට පමණ ඇත. අපි කොළඹ නගරයේ පිහිටි සුපිරි කැසිනෝ සමාජ ශාලාවකට පිවිසියෙමු. ජීවිතයේ පළමු වරට කැසිනෝ සමාජ ශාලාවකට ගොඩවදින මා තුළ කිසියම් චකිතයක්‌ද ඇතිවිය. නමුත් මා සමග ගිය මාගේ විදේශ මිතුරන් දෙදෙනා එම කැසිනෝ සමාජ ශාලාවේ සාමාජිකයන් බැවින් මට ඉතා පහසුවෙන්ම කැසිනෝ සමාජ ශාලාව තුළට ඇතුළු වීමට හැකිවිය. අලුයම් කාලය යනු කැසිනෝ සමාජ ශාලාවල උණුසුම් කාල පරිච්ඡේදයක්‌ බව මගේ විදේශ මිතුරන් දෙදෙනා පැහැදිලි කළේය. කැසිනෝ ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් මුදල් ඔට්‌ටු වැඩිපුර දැමීම සහ ඉතා සක්‍රියව ක්‍රීඩාවේ නිරත වීම සිදුවන්නේ අලුයම් කාලයේදී බව ඔවුන් පැවසූ වදන් සත්‍ය බව වැටහුණේ මා එහි සැරිසරද්දීය.
කැසිනෝ සමාජ ශාලාවේ ක්‍රීඩාවන් කිහිපයක්‌ ඇත. කාඩ් කුට්‌ටම භාවිතයෙන් ක්‍රීඩා කිරීම සහ අප කවුරුත් කැසිනෝ යෑයි පැවසූ විට දන්නා කැරකෙන රවුමක ඇති ඉලක්‌කම් මත වැටෙන බෝලයක්‌ ඇසුරින් ඔට්‌ටු දැමීමේ ක්‍රීඩාවට ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි.

කරදියන්ආරු පුදබිමේ බොදු උරුමය වනසන වසලයන්...?


ඉස්‌සර රජවරු ලෙන් හැදුවේ ඉරහඳ පවතින තුරු සිව්දෙසින් එන භික්‌ෂූන් වහන්සේලා හට වැඩසිටින්නය. නමුත් පුරාවිද්‍යා පනත අනුව එය අයිතිවන්නේ පුරාවිද්‍යාවටය. එනිසා දැන් සිදුව ඇත්තේ පුරාවිද්‍යාව සිටින තුර භික්‌ෂූන් වහන්සේලාහට එම ලෙන්වල වසන්නට බැරිවීමය. එයට හොඳම උදාහරණය වන්නේ 2013 වසරේ සිට කුඩුම්බිගල වන සෙනසුනේ ලෙන් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට කුඩුම්බිගල නාහිමියන් පුරාවිද්‍යාවෙන් උපදෙස්‌ ඉල්ලු කළ වසර 03 ක්‌ යනතෙක්‌ පුරාවිද්‍යා ලොක්‌කෝ ඒ සඳහා උපදෙස්‌වත් අවසරවත් ලබා නොදෙන ලදී. අවසානයේදී පැරණි බිත්ති දිරා වේයන් ගසා දිරාපත්ව හුඹස්‌ බැඳ තිබීම නිසා එම පැරණි බිත්ති බැඳ ප්‍රතිසංස්‌කරණය කළවිට කුඩුම්බිගල හිමි පොලිසියට ගෙන ගොස්‌ කටයුතු කරන්නට පුරාවිද්‍යාව සිංහයන්සේ නිර්භීත වෙති.නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පුරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක්‌ අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්වට වන වදුළට යටව මිනිසුන්ගේ නොපනත්කම් හමුවේ අවසානය කරා ළංවෙමින් සිටිති. එම වසර දහස්‌ ගණනක ඉතිහාසය දිනපතාම වාගෙ අකාමකා දමා නැගෙනහිර අලුත් ඉතිහාසයක්‌ ලියවෙමින් තිබේ. ඒ අනුව තව වසර කිහිපයක්‌ ගතවුණ කළ ඉපැරණි බොදු උරුමය යටපත්ව ඒ මත ඉදිවන පල්ලි කෝවිල් නැගෙනහිර පුරාම දක්‌නට ලැබෙනු ඇත.

මහ දවල් මෙහෙමත් කෑමක්‌...!!!

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක
 අලුත්වැඩියාවට කෝටි 25යි ...
මහ දවල් මෙහෙමත් කෑමක්‌...

* එඑෆ්.සී.අයි.ඩීයට හසුනොවු තවත් කතාවක්‌
* තවමත් නොගිය ගොඩනැගිල්ලකට කුලිය මාසයකට කෝටි 1.5
* අවුරුදු පහකට කෝටි 96යි...
* ටෙන්ඩර් නෑ...  මිල කැදවීම් නෑ...

 පරණ කතා නිතර නිතර කීමත්, පරණ කතා නිතර නිතර ඇසීමත් මෝඩකමකි. එහෙත් යහපාලනය සම්බන්ධයෙන් කියෑවෙන සමහර පරණ කතා වුවමනාවෙන්ම ඇසිය යුතු වන්නේ එම කතා රටේ ජනතාවගේ "අං" කොතරම් දුරට වැවී ඇත්දැයි සිහිපත් කරන බැවිනි. දැන් "ජනවාරි අට වෙනස" සමරන්නට ඇත්තේ ඉතා කෙටි කලකි. හරියටම කීවොත් මාසයකුත් දින පහළොවකි. යහපාලන ආණ්‌ඩුවට ද අවුරුදු දෙකකි. මේ කාලය අතරතුර යහපාලන ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් ගැන අහන්නත් සනීපය, සුවදායකය. ඒ නිසාම කොතරම් පරණ කතාවක්‌ වුවද මෝඩකම ගැන අමතක කර මේ කතාව නැවත අසන මෙන් අපි ඉල්ලා සිටිමු.

ජිනීවා යෝජනාව එපා සිංහල ඩයස්‌පෝරාව ට්‍රම්ප්ගෙන් ඉල්ලයි...!!!

යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට්‌ සභාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට්‌ සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇත. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාව ඇතුළත් ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ ස්‌විට්‌සර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සුසෑන් ලෙවින් ජනවාරි 20 දා සිට ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත.

ඝාතන සැලසුම් 638 කින් දිවි ගලවා ගත් පිදෙල් කස්‌ත්‍රො...!!!


ලෝක ඉතිහාසයේ ප්‍රබලම යුග පුරුෂයකුවූ කියුබාවේ අසහාය නායකයාව සිටි පිදෙල් ඇල්පෙන්dro කස්‌ත්‍රො රූස්‌ හෙවත් පිදෙල් කස්‌ත්‍රො පසුගිය සිකුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයට හිස නොනැමූ යුග පුරුෂයන්ගෙන් ඔහු ප්‍රමුඛයකු විය.

පිදෙල් කස්‌ත්‍රො ඝාතනය කිරීම සඳහා ඇමරිකානු සී.අයි.ඒ. බුද්ධි සේවාව උත්සාහයන් රැසක්‌ දැරූ නමුත් ඒ සියලු උත්සාහයන්වලින් ඔහු ගැලවුණි.
වරක්‌ කස්‌ත්‍රො නිව්යෝර්ක්‌ නුවරට පැමිණි අවස්‌ථාවේ කියුබාවේ නිපදවූ සුරුට්‌ටුවකට සමාන සුරුට්‌ටුවක්‌ නිපදවා ඊට විෂ ඇතුළත් කර කස්‌ත්‍රොව මරා දැමීමට සී.අයි.ඒ. සංවිධානය උත්සාහ කළේය.
එහෙත් අවසාන මොහොතේ සුරුට්‌ටුව දීමට නොහැකි විය. තවත් වරක්‌ කස්‌ත්‍රො මුහුදේ ස්‌නානය කරමින් සිටි අවස්‌ථාවේ ඝාතකයකු එවා ඔහුව ඝාතනය කිරීමට සී.අයි.ඒ. ඔත්තු සේවාව දියත් කළ මෙහෙයුමද අසාර්ථක වේ.
එම ඝාතන උත්සාහවලින් පසු කස්‌ත්‍රො පැවසුවේ "අපි සියලු දෙනාටම වේලාව එනවා - ඒ වෙලාව එනකම් සිටිය යුතුයි" යන්නයි.

සිනහව පිටුපස කතාව...!!!

2013 වසරේදී වරක්‌ මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවල, තුන පහ කුඩු වැනි ලංකාවට ආවේණික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. මෙය කඩයක්‌ කීවද සුපර් මාර්කට්‌ එකකි. එහි නම එස්‌. පී. සුපර්මාර්කට්‌ ය. එස්‌. පී. සුපර්මාකට්‌ එකේ භාණ්‌ඩ මිලදී ගනිමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්‌නා..... .. කියා ද්‍රවිඩ ගීතයක්‌ වාදනය විය. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක්‌ බව මම අනුමාන කළෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාඡ් ප්‍රනාන්දුගෙන් මෙම එස්‌. පී. සුපර්මාකට්‌ එක ගැන ඇසුවෙමි. විරාඡ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳසල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක්‌ කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඥාතීන්ටය.

ජංගම දුරකථන හිමියන්ගේ ගිණුම් තොරතුරු ඉල්ලා සිදුකරන මූල්‍ය ජාවාරමක්‌....!!!


පොලිස්‌ පරීක්‌ෂණ ඇරඹේ
ජංගම දුරකථන සමාගම් වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්‌ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව  වාර්තා වේ.
මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන්ව දැනුවත් කර ඇතත් සමහරක්‌ දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැන ගන්නට තිබේ.
දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම දුරකථන ඇමතුම් ලබා දෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මාධ්‍ය මට ගැහුවොත් මාත් මාධ්‍යට ගහනවා.. – අගමැති පාර්ලිමේන්තුවේදී..

මාධ්‍යය විසින් තමන්ට පහර දුනහොත් තමන්ද මාධ්‍යයට පහරදෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිිංහ  පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
තමන් පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවද යයිද කී අගමැති වික‍්‍රමසිංහ එසේ වුවත් මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම තමා හෝ ජනපතිවරයා නොකරන පැවසීය.

ආණ්ඩුවේ ඇමතිලාට ගම්වැසියෝ හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති.. !!!

මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග‍්‍රහයද භුක්ති වින්දහ. හිටපු මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්‍ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප‍්‍රමාද කරන ලද්දක් බවත්ය. එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.[Video]

සිංහල සමගිය වනසන ආණ්ඩුවේ ෆේස්බුක් උගුලට අහුවෙන්න එපා..!!!

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මේ දිනවල පළාත් වශයෙන් බෙදී ඇති කරගන්නා වාද විවාද ජාතික සමගිය විනාශ කිරීම සදහා වූ ආණ්ඩුවේ උගුලක් යයි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.