රූපවාහිනි
සංස්ථාවේ සේවකයින්ගේ මේ මස මාසික වැටුප ගෙවා ගැනීමට.. නොහැකිව එහි
පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බවයි.. එහි අභ්‍යන්තර
ආරංචි මාර්ග කියා සිටින්නේ. මෙම මස වැටුප
ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු
අයිරාවක් ඉල්ලා සිටියද එය ප්රතික්ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට
ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.
ආණ්ඩු
කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම්
නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන
42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක්
ඇණවුම්කර
තිබෙන බව උතුරුමැද පළාත් සභාවෙන් වාර්තා වෙයි. උතුරුමැද පළාත් සභාවේ නිල
කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත
අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය
නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව උතුරු
මැද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.