ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 23, 2016

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000...යි !!!

මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 1000ක (බිලියන එකක්) මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විපක්ෂය  (23දා) පැමිණිලි ඉදිරිපත් කළේය.
මීට පෙර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති මහපොළ භාරකාර අරමුදල සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට පවරාගෙන එම අරමුදල පරිහරණය කිරීමේ සභාපතිවරයා ලෙස වික්‍රම වීරසූරිය  පත්කරගෙන තිබෙන බවත්, ඒ ඔහුගේ පුතුන් දෙදෙනෙකු අධ්‍යක්ෂ ධුර දරන සමාගමකට බැඳුම්කර නිකුතුවක් මගින් මහපොළ භාරකාර අරමුදලේ මුදල් ලබාදී තිබෙන බවත් පැමිණිල්ල මගින් කරුණු සඳහන් කර තිබේ.

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

එදා චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා වගේ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජය’ උපන්ගෙයිම වල දැමීමට පෙරට එන්න කියා අපි මේ රටේ සුජාත දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”
2017 මුල් මාස කිහිපය තුළ ජනතා අවධානය වෙනතකට හරවා සම්මතකර ගැනීමට සැරසෙන ‘රනිල් – සම්බන්ධන් පැකේජයේ’ ඒකීයභාවය පමණක් නොව ඒකීය රාජ්‍යය දෙපලු කිරීමට අවශ්‍ය සියලු අංග ලක්‍ෂණ ඇතුළත්ව ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ  පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී  මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේ ද සඳහන් කළේය.වීඩීයෝ සහිතයි

රටට හෙටක් නැති නිවට ව‍යවස්ථාව ගැන ටී.ඵන්.ඒ සතුටු කඳුළු....!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පූජනීය කාර්යයක් බැවින් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන්  පවසයි.
ඔහු මෙසේ පැවසූයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනිවාර්යයෙන්ම සම්මත කර ගැනීමට අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී (19) තීරණය කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිය.
මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, මහජන ආරක්ෂාව නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත යන අනුකාරක සභා හයේ වාර්තා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

පළාත්සභාවලට අධික බලතල ලබා දෙමින්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරමින්, රටේ ඒකීයභාවයට හානිකරන බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරගැනීමට ඉඩ නොතබන බවත්,  ජනතා විරෝධය නොතකා ව්‍යවස්ථාව සම්මත කරගැනීමට උත්සහා කළහොත් දහස් ගණනක් දේශප්‍රේමී පිරිස් සමග පාර්ලිමේන්තුව වටලන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.
උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරේ බෞද්ධ සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටවූ “ශාසනාරක්ෂක සභාව“ මඩකලපුවේ පීඩාවට ලක්ව සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ගැටළු සොයාබැලීම වෙනුවෙන් ලබන 3 වනදා සංවිධානය කර ඇති වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේදී අදහස් දක්වමිනි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය වෙනතක යොමු කිරීම සදහා “ශාසනාරක්ෂක සභාව“ ක්‍රියාකාරීව සිටින බවට ඇතැමුන් දුර්මත ප්‍රචාරය කරන බවත් ඥාණසාර හිමියෝ පැවසූහ.වීඩියෝ සහිතයි

16 ට අඩු වයස් ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට සිදු වෙනවා..!!!

කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ සතියකට ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ සිදු වෙනවා; සියලු දෙනා 16 ට අඩු අය..
 කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට ස්‌ත්‍රී දූෂණ පහක්‌ හෝ හයක්‌ සිදු වන බවත් කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු 14 ක දැරියක්‌ මේ වන විට මාස අටක ගැබිනියක්‌. මේ වගේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින්, ඇතැම් බාලිකාවන් වැඩිවියට පත්වෙනවා කියන්නේ මොකක්‌ද කියාවත් දන්නේ නෑ.
 එසේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින් බවත් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා  පවසයි.
"හිංසනයෙන් තොර ප්‍රීතිමත් සංචාරයක්‌ හිසින් බ්‍රිතාන්‍ය කොමසාරිස්‌ කාර්යාලය කාන්තා පිහිට සංවිධානයේ දායකත්ව ඇතිව වාද්දුව පොලිස්‌ කොට්‌ඨාසයේ සංචාරක මහ පෙන්වන්නන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සඳහා පැවැත් වූ එක්‌ දින වැඩමුළුවේදී කළුතර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ බව කීවේය.

කණ්නාඩිය කුඩු කොට මුහුණට ඔරවන සිරිසේන...!!!

අප රටේ පුවත්පත්වල මුල්පිටුව රට නැති කරන පිටුව බවට පත්වෙලා
-ජනපති මෛත්‍රිපාල සිරිසේන පත්තරෙන් තම රටේ තොරතුරු දැනගන්නා ලොව ප්‍රථම ජනාධිපති

අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව රට නැති කරන පිටුව බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  (22 වැනිදා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී ඊයේ සවස පැවැති තාක්‍ෂණ හා විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

දෘෂ්‍ය හා කලා විශ්වවිද්‍යාලයේ කුලපති සනත්...!!!

ලංකා දෘෂ්‍ය හා කලා විශ්වවිද්‍යාලයේ කුලපති වරයා ලෙසින්  විශාරද සනත් නන්දසිරි  ජනාධිපති සිරිසේන අතින් පත්වීම් ලබන ලදී.
President Maithripala Sirisena today (23rd November) appointed Visharada H.M. Sanath Nandasiri as the Chancellor of the University of the Visual & Performing Arts.
Mr. Nandasiri was handed the appointment letter at the Presidential Secretariat, today.

ලංකාවේ කළාකරුවන්ට මියගිය විමල් කුමාර ද කොස්තා අමතක වෙයි, මළගෙදරට කවුරුත් ගිහින් නෑ

අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තාගේ මරණයට කිසිදු කළාකරුවෙක් මේ වන විටත් සහභාගී වී නැති බව ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසා තිබෙනවා.
'මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා' ඇය පවසා තිබුණේ ඒ ආකාරයෙනුයි.
විමල් කුමාර ද කොස්තාගේ පුතණුවන් වන වෙනුර කවීන් කුමාර ද කොස්තා ....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.