ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 21, 2016

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන මූලික කෙටුම්පත් 3/2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ජනමත විචාරණයක් කැදවා එයිනුත් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ  පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

රටේ ඒකීය භාවයේ අන්තිම දින කිහිපයයි මේ...!!!

ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ මෙහෙයුම් කමිටුව මගින් පත්කළ උප කමිටු වාර්තා සියල්ල මේ වන විට මෙහෙයුම් කමිටුවට බාරදී ඇත. ඒ අතරින් ”මාධ්‍ය සහ පරිධිය අතර සබඳතාව” ලෙස නම්කර ඇති ඊනියා බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කරන උප කමිටුව විසින් දින වකවානුවක්‌ නොමැතිව ඉදිරිපත් කළ වාර්තාව දැන් මහජනතාව අතට පත්වී ඇත. ඊට අමතරව ”නීතිය සහ විධානය” සහ ජාතික අනන්‍යතා නම් වූ උප කමිටු වාර්තාද මහජනයා අතට පත්වී ඇත. අනෙක්‌ වාර්තා කෙසේ වෙතත් බෙදුම්වාදී බලවේග නම් විශාල උනන්දුවක්‌ සහිතව බලා සිටින්නේ මෙම වාර්තා තුනට අදාළ මහජන ප්‍රතිචාර දෙස බවට කිසිදු සැකයක්‌ නැත. නමුත් මෙහෙයුම් කමිටුව විසින් නිළ වශයෙන් මෙම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කර නැත. එසේ වුවත් සමස්‌ථ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවේ 11 වැනි වගන්තියට අනුව එම වාර්තා සියල්ල ලැබුණු සැනින් ප්‍රසිද්ධ කිරීමට මෙහෙයුම් කමිටුව බැඳී සිටියි. ආණ්‌ඩුව නීති සහ පොරොන්දු කඩමින් තොරතුරු ස`ගවන විට මහජනයා වෙතත් අවිධිමත් මාර්ග හරහා ඒවා ලබාගැනීමට උත්සාහ කිරීම වරදක්‌ද? කෙසේ වෙතත් අවසානයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් එම වාර්තා මාධ්‍යයට නිකුත් කර ඇත.

නිවටයන් රජවූ නිවට ආණ්ඩුවේ දේශද්‍රෝහී ව්‍යවස්ථාව පැමිණේ...!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා  (19) අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජය සතු ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමටත්, පළාත් සභා සදහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සදහා  එමගින්නි ර්දේශ ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතින්වය දරණ “මධ්‍යම – පර්යන්ත සබදතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

හරක් ගාලේ හරකුන්ගේ තප්පු ලෑම ළඟදීම සජීවීව....!!!

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !!! 
පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව විකාශය කිරීම සඳහා විශේෂ රූපවාහිනී නාළිකාවක් මාස තුනක් ඇතුළත ආරම්භ කරන බව කථානායක කරු ජයසූරිය  අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම අද සිට පාර්ලිමේන්තු සැසිවාර රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ඔස්සේ විකාශය කිරීමටද පියවර ගෙන ඇතැයි කථානායක කීය.
නමුත් මේ දිනවල පැවැත්වෙන සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය විකාශනය කිරීම අයි නාළිකාව ඔස්සේ සිදු කැරෙන බැවින් තරග පැවැත්වෙන දිනවල සජීව විකාශය සිදුනොවන බවත් එම දිනවල ජාතික රූපවාහිනියේ පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කැරෙන බවත් කරු ජයසූරිය  සඳහන් කළේය.

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !!!

ඊයේ (21) අළුයම 1.30ට පමණ යාපනය තුන්නලායි උතුර ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා.
තොණ්ඩමනාරු කලපුව ආසන්නයේ වෙරළාශ්‍රීත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සදහා ස්ථානගත කර ඇති පොලිස් මුරපළක රාජකාරියෙ නිරතවෙමින් සිටි සිංහල ජාතික නිලධාරීන් පස් දෙනෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔවුන් සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවි පැහැර ගැනීමට උත්සහා කර ඇති බවයි වාර්තා වන්නේ.

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජණ...!!!

පසුගිය සෙනසුරාදා(19) සියලුම ජාතික සංවිධාන සහබාගිත්වයෙන් මහනුවර පැවති පාගමන සහ අධිෂ්ඨාන පුජාවට සහබාගීවූ වරකපොල, පරාක්‍රම ගමේ පදිංචි සිංහල තරුණයකුගේ නිවසකට අද (21) පස්වරු 4:45ට පමණ පැමිණි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යලිත් මෙවැනි වැඩසටහන්වලට සහභාගී වුවහොත් මරා දමන බවට තර්ජණය කර තිබෙනවා.

කැණහිල්ලු තර්ජණය දමයි...!!! නිවට ආණ්ඩුව නිහඬයි...!!!

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්...!!!
මේ මස 26 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් නිසා එය සැමරීමකට රජයේ අවසරය උවමනා නැති බවත් බවත් මහ විරු දිනය ස්ථිරවම සමරන බවත් දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මියගිව සාමාජිකයන් සිහිකර ඉල්මහ සැමරුම සිදුකරන ආකාරයෙන්ම යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් ඇතැයිද ඔහු කියා සිටී.

ඇමති දුම්න්දගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු පාර්ලිමේන්තුව පිටුපස කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩ කරයි.

ඇමති දුම්න්දගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු පාර්ලිමේන්තුව පිටුපස කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩ කරයි. පාර්ලිමේන්තුව පේන දුරින් කුඹුරු ඉඩමක් ෙමිදිනවල ලහිලහියේ කිසිදු අවසරයකින් තොරව ගොඩ කිරිමට පටන් ගෙන තිෙබි.
එම කුඹුරු ඉඩම ගොඩ කරනු ලබන්නේ මහරගම ගොවිජන සංවර්ධන කාර්යාලයට අනුයුක්තව සේවය කරන කෘෂිකර්ම පරියේෂණ නිෂ්පාදන සහකාර නිළධාරියෙකු වන සුමල් නැමති අයෙකි.

රට කන්නෙ නෑදෑ පිරිස සමගින්....!!!

මෙරට විදෙස් තානාපති 50 දෙනාගෙන් 28ක් ආණ්ඩුවේ නෑදෑ හිතවතුන්.. ලයිස්තුව මෙන්න..

 ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල රදවා සිටින දූත මණ්ඩල ප්‍රධානින් 50 දෙනාගෙන් 27 දෙනෙකු දේශපාලඥයින්ගේ නෑදෑ හිතවතුන් හා දේශපාලන සම්බන්ධකම් අනුව පත් කර ඇතැයි හෙලිව තිබේ.
තානාපතිවරුන් සිවු දෙනෙකු මෙතෙක් පත්කොට නොමැති අතර 19 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති සේවාවෙන්ද පත් කොට තිබේ.
ඒ අනුව එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඥාති සහෝදරියක් මෙන්ම ස්වදේශීය සබන් කර්මාන්තශාලාවේ අධිපති අමාරි විජේවර්ධනයි. එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ ක්‍රියාකාරින් වන කරුණාසේන කොඩිතුවක්කු චීනයේත්, මහාචාර්ය ධම්මික ගංගනාථ දිසානායක ජපානයේත්, තිලක් රනවිරාජා ප්‍රංශයේත්, දයා පැල්පොල ඉතාලියේත්, නිමල් වීරරත්න සිංගප්පූරුවටත්, සමන් වීරසිංහ රුසියාවටත්, සෝමසුන්දරම් ස්කන්ධකුමාර ඕස්ට්‍රේලියාවටත්, එච්.ආර්. පියසිරි මියන්මාරයටත් ආදී ලෙස හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් පත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.