ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 18, 2016

අමරදේවයාණන් සමුගත් අවසන් මොහොතේ අත්දැකීම..!!!

සැත්කම ඉවර කරලා එළියට එන වෛද්‍යවරුන්ගේ මුහුණුවලින් මට ඒ ආරංචිය තේරුණා – රංජන අමරදේව
 අමරණීය හඬ පිළිබඳ මතකය විතරක් ඉතිරි කරමින් “අමර සඳ” බැස ගියේ ය. හැට වසරකට වැඩි යුග මෙහෙවර නිමවා, පද්ම ශ්‍රී පණ්ඩිත අමරදේවයන් දෙව්ලොව ගිය දවසේ මේ රටේ සුප්‍රකට කලාකරුවන්ගේ පටන් කුඩාම රසිකයා දක්වා වන කවුරුත් කඳුළු හෙළුෑහ. එතුමන්ගේ පුතු රංජන අමරදේව තවමත් රිදුණු සිතිනි. ලොවක් ආදරය කළ කලාකරුවාගේ අන්තිම මොහොත ගැන තතු අහන්නට අපි රංජන මුණගැසුණෙමු.
 “තාත්තා කාලයක් තිස්සේ පෙණහලු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා වින්දා. විටින් විට ඇදුම තත්ත්වයක් තිබුණා. ඒ වගේම අධි රුධිර පීඩනයට බෙහෙත් බිව්වා. මේ රෝගවලින් සුවපත් වෙමින් ජීවත් වෙන්න එතුමාට බොහොම ළෙන්ගතු වෛද්‍යවරු පිරිසක් උදව් කළා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති කියන නම් දෙක සිහිපත් කරන්නම ඕන. තාත්තා කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගත්තේ කොළඹ මහ රෝහලෙන්. එතැන ඒ වෛද්‍යවරු ඇතුළු මුළු සේවක මණ්ඩලයම තාත්තාට සැලකුවේ තමන්ගේ ගෙදර තාත්තාට සලකන විදියටමයි. ඇත්තටම වියපත් වීමත් සමග ආපු මේ රෝග තත්ත්වයන් එක්ක සටන් කරන්න කොළඹ මහ රෝහලෙන් ඒ ලැබුණු ශක්තිය තාත්තාට උදව් කළා කියලා මට හිතෙනවා.” රංජන අමරදේව කතා කරන්නේ පැහැදීමෙනි. සංගීතයෙන් රටක් සැනහු අමරදේවයන්ට කොළඹ මහ රෝහ‍ලේ කවුරුත් කළ ගුණ සලකා තිබිණැයි අපට සිතෙන්නට විය.

දේශපාලන රංගනයෙන් මිදී...!!!

අපේ වුන් පිල් මාරුවී ඇණ කොටා ගනිද්දී.උන් උන්ගේ රංගනය අපූරුවට කළහ.බිස්නස් ටුඩේ සම්මාන උළෙලට ආපු මහින්ද රනිල්ගේ යාළු කතාව

මඩකලපුවේ හිමි එළවන්නැයි උද්ඝෝෂණයක් (PHOTOS)

පසුගියදා මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් රජයේ නිළධාරීන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කිරීමට විරෝධය පළකරමින්  (16) මඩකලපුව, පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසාදමා විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. 
උදෑසන 8.30 ට පමණ පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ පට්ටිපලෙයි සිවිල් සමාජ සංවිධානය විසිනි.
මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණු පිරිම කොක්කොඩිචෝලෙයි - වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කරමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.
මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් නිරන්තරයෙන් මෙලෙස රජයේ නිළධාරීන්ට දෝෂාරෝපණ එල්ල කරන නමුත් මෙතෙක් එම හිමිට විරුද්ධව කිසිම පියවරක් නොගැනිම වෙනුවෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව ඔවුන් කියාසිටියේය.

ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි...!!!

ආණ්ඩුව‍ මෙවර අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දී රැවටීමට උත්සාහ කර ඇති බවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර  චෝදනා කරයි.
සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුවක්  (17) ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති අතර ඊට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
රනිල් වික‍්‍රමසිංහත් මෛතී‍්‍රපාල සිරිසේනත් මැතිවරණයට ආවේ නත්තල් සීයලා වගේ. මැතිවරණයට එනකොටම ඔවුන් තරුණ තරුණියන්ට විශාල සිහින ගොඩක් හදලා තිබුණා. තරුණ තරුණියන් බලාගෙන හිටියා, රනිල් වික‍්‍රමසිංහ, මෛතී‍්‍රපාල සිරිසේන නත්තල් සීයලා තෑගි බෝග ගෙනත් දෙයි කියලා. කුඩා කාලයේ අපේ අම්මලා තාත්තලා නත්තල් සීයලා ගැන සිහින හැදුවට කවදාවත් නත්තල් සීයලා අපිට තෑගිබෝග අරන් ආවේ නැහැ. ඒ වෙනුවට අම්මලා කළේ ඇඳ ළඟ උදේ තෑග්ගක් තියන එකයි. ඒ වගේ මේ ආණ්ඩුවත් අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දීලා රවට්ටන්න උත්සාහ කරලා තිබෙනවා.

ගෙරි රැළට තවත් පිදේනියක්....!!!

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි...!!!  ඇමැති ධුර නොදරන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනකු (58) සඳහා එකක්‌ රුපියල් ලක්‍ෂ හතක මාසික කුලී පදනම මත වාහන පනස්‌ අටක්‌ මිලදී ගැනීමට සූදානම් වන බව හෙළිවී ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක  ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම වාහන පනස්‌ අට මිලදී ගන්නේ මාස හැටක කාලයක්‌ සඳහා බවද ඒ සඳහා වැයවන සම්පූර්ණ කුලී මුදල කෝටි දෙසිය හතළිස්‌ තුනක්‌ බවද දිසානායක  ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනාට මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු රහිත වාහන ආනයන කිරීමේ හිමිකමට අමතරව බව ද කී දිසානායක  මෙසේ කුලී පදනම මත ලබාදෙන එක්‌ වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් හාරකෝටි විසිලක්‍ෂයක්‌ පමණ වන බව ද කීවේය.

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්....!!!

උතුරේ “ආවා” නමැති මැර කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ රාජ්‍යයේ ඊළාම් ද්‍රවිඩයන් සඳහා වූ වාණිජ කවුන්සිලය (NCCT) යන ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව බව නෝර්වේ ප්‍රතිවිරුද්ධ ද්‍රවිඩ ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම සංවිධාන දෙකම මෙහෙවන්නේ නෝර්වේ කොටි නායකයා වූ තෙදියවන් බව අනාවරණය වී ඇත. “ආවා” කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ ක්‍රියාකාරීන් බවත් හෙළිවී ඇත.
සංස්‌කෘතික සංවිධාන ලෙසින් පවත්වාගෙන යන මෙම ඊළාම් සංවිධානවලට නෝර්වේ රාජ්‍යය අරමුදල් සපයන බව එම ආරංචි මාර්ග (16 දා) පැවසීය. නෝර්වේහි ඊළාම් ඩයස්‌පෝරාවේ පිරිස්‌ සංචාරකයන් ලෙසින් පසුගිය කාලයේ යාපනයට පැමිණ ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට ගනී…

ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.