ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 16, 2016

මිය ගිය කොටින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිහි කරති..

දෙමල ඊළාම් රාජ්‍ය වෙනුවෙන් යුද වැද මිය ගිය කොටි සාමාජිකයින් වෙත ගෞරවය පුද කරන බව ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතමින් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් කියා සිටියේය.
කොටි සාමාජිකයින්ට හා යුද්දයේදී මිය ගිය ජනතාවට පාර්ලිමේන්තුවේදී ගෞරවය දැක්වීමට පසුගිය රජය සමයේදී තහනම් කර තිබුනද නව යහපාලන රජයේ පාර්ලිමේන්තුව ඊට අවසර දිය යුතු බවද ඔහු සදහන් කරයි.

මුළු මහබැංකුවම කොල්ලකන්න යන්නේ...!

මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීම ජාතික අපරාධයක් බවත්, එය ජනපති හා අගමැති වහා මැදිහත් වී නතර කළ යුතු බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  පවසයි.
එමගින් සිදුවන්නේ සෑම කෙනෙකුගේම මුදල් පෞද්ගලීකරණය කිරීමට ලක්වීම යැයි  (14) තංගල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී  මේ බව පැවසීය.
මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීමෙන් මුළු මහබැංකුවම කොල්ලකෑමක් සිදුවන බවත්, එමඟින් මෙරට වැසියන්ගේ මුදල් ඉතියෝපියාවේ නතර වනු ඇති බවත්, හෙතෙම කීවේය.

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා....!!!

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.
එම ස්ථානයේ තිබු ඓතිහාසික ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත.
අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල් ගසා තිබෙන බවද සුමනරතන හිමියෝ පවසා සිටියහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ කරන ලද මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබෙන අතර මෙම ස්ථාන සියල්ලම අනාරක්ෂිත තත්ත්වයෙන් තිබෙන බවද කියා සිටියහ.

අර්ජුන් ඇලෝසියස් “ස්වර්ණවාහිනීය” මිලට ගනී...!!! රටම අන්දවන්න පෙරමුණේ....!!!

මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අගමැතිවරයා,ජනාධිපතිවරයා ඇතුලු යහපාලන වංචා නඩයේ පවු සේදිම සදහා යන එන මං නොමැතිව වැලේ වැල් නැති දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින ස්වර්ණවාහිනී නාලිකාව මිලට ගැනිම සදහා වු අවසන් තින්දුව ගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලසිමාවේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ස්වර්ණවාහිනී නාලිකාව පසුගිය මාසයේ සේවකයන්ගේ පඩි ගෙවා ගැනිමට නොහැකිව දැවැන්ත අර්බුදයකට මුහුණ දුන් අතර පසුව මලික් සමරවික්‍රම ගේ මැදිහත් විමේන් වාණිජ බැංකුවකින් අවශ්‍ය මුදල් ලබාදිමට කටයුතු කර තිබුනා.
පසුගිය කාලසීමාව තුල යහපාලනයේ  අසමජ්ජාති කුණු කතා සිය අසමජ්ජාති මාධ්‍ය භාවිතය සදහා යොදවා ගැනිම කිසිවිටකත් නොගැලෙපෙන බව ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලැග්ග ස්වර්ණවාහිනී මේ වන විට නෛතිකවම එජාපයේ හොරුන්ට ලියා දිම සදහා සුදානම් වෙමින් සිටි.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්  විසින් දැවැන්ත මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට පසුගිය කාලසිමාවේ ආරංචි මාර්ග පැතිර ගිය අතර මෙම මාධ්‍ය ජාලය ඇරඹීම සඳහා රුපියල් බිලියන ගණනක වියදමක් දැරීමට නියමිත බවද වාර්තා වුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.