ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 15, 2016

ගම්වැසියෙක් හැතැම්මක් දුර දිවගොස් දුම්රිය අනතුරක් වළක්වයි...!!!

තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පීල්ලක් කැඩී තිබෙනු දුටු ප‍්‍රදේශවාසියෙකු යාපනයේ සිට පැමිණි යාල් දේවී දුම්රිය අතරමග නවතා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට (14) සමත් වුණා.
විජිත කරුණාදාස නමැති ඔහු තඹුත්තේගම ඉපිල්ගස්වැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස විස්තර කළා.

මිනියට අයිතිය ඉල්ලා බිරින්දැවරු තිදෙනෙක්‌ උසාවි එති....!!!

රිය අනතුරකින් මියගිය තම සැමියාගේ මළ සිරුර තමාට භාරදෙන ලෙස ඉල්ලමින් විවාහක බිරින්දෑවරුන් තිදෙනකු නීත්‍යානුකූල කසාද සහතිකද අතැතිව ඊයේ (15 වැනිදා) ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර දරුවන්ට අගතියක්‌ නොවන අයුරින් මරණකරුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර අද (16 වැනිදා) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් ලලිත් කන්නන්ගර  අදාළ පාර්ශ්වයන්ට ඊයේ (15 දා) නියම කළේය.
යක්‌කල කිරිඳිවැල මාර්ගයේ කිලෝ මීටර් එකේ කණුව අසලදී ඉකුත් 13 වැනිදා අලුයම් කාලයේදී මරණකරු වූ වාකිරිගල ගෙදර සරත් බණ්‌ඩාර නමැති 44 හැවිරිදි අය පදවාගෙන ගිය යතුරුපැදිය පාරෙන් ඉවතට පැන මාර්ගය අසල වූ කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ලැබූ ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම මියගොස්‌ තිබේ.

රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති..


රටේ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුලින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව පවසමින් විශාල හඩක් නගන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී අතුරුලියේ රතන හිමිගේ නමට අධි සුඛෝපභෝගි වාහනයක් අනානයනය කර ඇත.
රුපියල් මිලියන 33 රේගු බද්දක් නොගෙවා නිදහස් කරගත් මෙම වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ප‍්‍රාඩෝ රථය සමාන්‍ය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙයි.

slrc_lnw සභාපති,අධ්‍යක්ෂ ජනරාල් ජාතික නාලිකාවට කෙලවයි…

රූපවාහිනිය නැවත ගොඩනැංවීමට නම් ප්‍රථම යෙන් ඔබ විසින් පත් තර ඇති සභාපති,අධ්‍යක්ෂ ජනරාල් වැනි දවසේ වේලවත් පිරිමසා ගැනීමටවත් නොහැකි නිලධාරින් ඉවත් කොට කොන්දක් සහ අනාගත දැක්මක් සහිත නිලධාරීන් දෙදෙනෙක් රූපවාහිනිය සඳහා පත් කරන්නේ නම් එය මහඟු පුන්‍යකර්මයක් වනු ඇති බව ජාතික රූපවාහිනී සේවය වැසී යාමට ආසන්න බව පෙන්වා දෙමින් ‘රූපවාහිනී සංස්ථා නිර්මාණකරුවන්ගේ සාමූහිකය’ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත ලිපියක් යොමුකර තිබේ.
ජනාධිපති වෙත සාතිශය පහන් සංවේගයෙන් ලියමු.
ජනවාරි 8 වෙනිදා සිදු කරන ලද වෙනසින් ඔබට ඡන්දය දැමූ සියලු ජනතාව බලාපොරොත්තු වූයේ දූෂණයෙන් වංචාවෙන් තොර නීතියේ ස්වාධිපත්‍යයට යටත්වූ රාජ්‍යයකි. සුපිරිසිදු විනිවිද පාලනයකි. නමුත් ඒ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රාර්ථනාව කොතරම් දුරට ඉෂ්ට වී ඇතිද? එයට හොඳම උදාහරණය ජාතියේ පහන් ටැඹක් වන් වූ ජාතික රූපවාහිනියට වූ විනාශයයි. එය වැසී යාමට තව ඇත්තේ සුළු කාලයකි. පසුගිය පාලනයට එහි වැඩි වගකීමක් පැවරෙන අතර වර්තමානයේ එහි සම්පූර්ණ වැරදි කරුවන් වී ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් පත් කොට එවන ලද පරිපාලන නිලධාරීන්ය. මේ අනුව මෙහි ප්‍රධාන වැරදිකරුවා වන්නේ ඔවුන් පත් කොට එවූ ඔබ වන බව ඉතා සංවේගයෙන් පවසමු.

කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා

බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල් කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන යැමට යැමෙදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව් ජනාධිපති කාර්යාලයෙන් ලැබු නියෝගයක් හරහා එය නිදහස් කර ගැනිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
කිසියම් පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලෙස ලබාගත් අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල අමරිකානු ඩොලර් 45න් දහසක්(US 45000$) සහ අමරිකානු ඩොලර් 13න් දහසක්(US 45000$) ලෙස මුස්ලිම් සහ දමිළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මල්ලේ සගවා පෙරේදා 10 උදැසන කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ දරා ඇති අතර ඊට පෙර චෙන්නායි බලාගිය ගුවන් යානයෙන් තුසිත හල්ලොලුව චෙන්නායි බලා ගො තිබේ.පසුව මුදල් සමග තමන්ගේ ගොලයන් හසු පසුව ගුවන් තොටුපලෙ ආරක්ෂක අංශයන්ට ජනාධිපති කාර්‍යාලය හරහා බලපැම් කර සිද්ධිය සම්බන්ධයෙන් පියවර නොගෙන ඉටින ලෙසට නියෝග කිරිමට තුසිත කටයුතු කර තිබේ.

නව ව්‍යවස්‌ථාවට එරෙහි වන්නන්ට සිපිරිගෙය..?

යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක්‌ තුළ පවත්වාගෙන යැමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවැරදි තක්‌සේරුවක්‌ කිරීමට දැන් කාලය පැමිණ ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක්‌ තිබූ එක්‌සත් ජාතික පක්‌ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක්‌ ගැන අත්දැකීම් මේවන විට තිබේ. පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන අතර ජනතා විරෝධය යටපත් කරලීම පිණිස නොයෙකුත් හිතුවක්‌කාරී දේශපාලන තීරණ ක්‌ෂණිකව මතු වෙයි. පසුගිය මැතිවරණ සමයට පෙර බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මෙයට එක්‌ නිදර්ශනයකි. එවිට මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද. යහපාලන රජය බිඳ වැටීමට ඉඩ නොදී කෙසේ හෝ පවත්වාගෙන යැම එහි අරමුණ බව තීරණය කළ හැකිය. දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හළ නොහැකි බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය.

ලංකාවටයි ලෝකෙ වටේටයි ‘විසල් සඳ‘ පෙනුන හැටි – විශ්මිත ඡායාරූප එකතුව

වසර 68කට පසු විසල් සඳ අවස්ථාව දැක බලා ගැනීමට ඊයේ (14) දා පෘථිවිවාසීන්ට හැකිවුණා.
ලොව පුරා රටවල මෙන්ම ලංකාවේ බොහෝ දෙනාද මෙම අවස්ථාව දැක බලා ගැනීමට උනන්දුවෙන් පසුවුණා.
ඊයේ රාත්‍රී 11.21ට පමණ සඳ පෘථිවියට වඩාත් ලංවූ අතර ඒ මෙහොතේ සඳ හා පෘථිවිය අතර දුර ලෙස දැක්වුනේ කිලෝමීටර 356509ක්.සාමාන්‍යයෙන් සඳ හා පෘථිවිය අතර ඇති දුර කිලෝමීටර් 384000ක් ලෙස දැක්වෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.