ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

පරයන්ගේ කරළ පැහේ...!!! හයලක්‍ෂයක මාසික කුලියට ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ට අධි සැප වාහන..!!!

ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධුර දරන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් සදහා මාසිකව රුපියල් ලක්‍ෂ පහකට වැඩි කුලී මුදලකට සුඛෝපභෝගී වාහන ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පුද්ගලික සමාගමකින් එසේ ලබා ගන්නා එක් වාහනයක් සදහා මාසික කුලී ගාස්තුව රුපියල් පන් ලක්‍ෂ අනූ දහසක් වනු ඇතැයි ගණන් බලා ඇති අතර ඊට 15%ක වැට් බද්ද හා 2%ක ජාතිය ගොඩ නැගීමේ බද්දද එකතු විය යුතුය.

TNA ඉල්ලීම ඉටුවෙයි.. තලෙයිමන්නාරමේ STF කදවුර ඉවත් කරයි..

පුරා අට වසරක් තිස්සේ තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ ස්ථානගත කර තිබූ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර නොවුම්බර් මස පළමුවැනිදා සිට එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මෙම කදවුර එම ස්ථානයෙන් වහා ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය පුරාම විරෝධතා ගණනාවක් පැවැත්වූහ.

අප සසරේ තවත් ඵක් ආත්ම භාවයකදී අපට හමුවී නැතිවී ගිය ගාන්ධර්වයා...!!!

භව ගමනයි උපතයි විපතයි...මින් වසර අසූ අටකට පෙර ඔහුද කුඩා ළදරුවෙකී.දිනෙන් දින රූපකාය වෙනස් වෙමින් ගොස් අවසන මෙලොව උපන් අප කාටත් උරුම මරණය කරා ගියේය.නැවත ඔහු අපට මේ සසරේ හමුවනු නියතය .නමුත් ඒ මේ හැර දමා ගිය රූප කායෙන් නොවේ. අප ඔහුත් ඔහු අපත් ඵවිට නොහඳුනන බව විශ්වාසය.මේ ජීවිතය ඵසේය අස්ථීරය.ඔබට නිවන් සුව ..!!!  ලංකානිව්ස්

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම තේරුම් ගැනීමට මා දෙසූ දහමේ අවශ්‍යතාවක් තිබේදැයි වරක් විමසා ඇත. මෙවැනි උතුම් සදාතනික සුවයට පත්විය හැකි උපත හා මරණය ජයගත හැකි බව එය මේ මිනිස් ජීවිතයේදීම ලබාගත හැකි උත්තරීතර ඵලය බව දේශනා කොට ඇත්තේ මහා කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. උපත, මරණය නැති සංසාර චක්‍රයට හසුවි හේතුඵල ධර්මතාවයක් බව වටහා නොගෙන අවිද්‍යා අන්ධකාරයේ ගමන් කරන බව පටිට්ච සමුප්පාදයෙන් වටහා ගත හැකිය.
බුද්ධකාලීන භාරතීය සමාජය තුළ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු විමර්ශනයකට ලක් කළ අවධියකි. විවිධ ශාස්තෘවරුන් මිනිසාගේ ඉපදීම, දිවි පැවැත්ම, මරණය පිළිබඳ ගැඹුරින් පර්යේෂණයට ලක්කොට එහි සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා විවිධ යෝග ක්‍රම භාවනා ක්‍රම අනුගමනය කරමින් සත්‍ය ගවේෂණාත්මක අවධියක් ලෙස ක්‍රියා කළහ.

පණ්ඩිත් අමරදේවයන් සමඟ කල කතාබහක්...!!!

‘මගේ සංගීතයේ විශේෂයෙන් ගී තනු නිර්මාණයේ පදනම බසේ රිද්මයයි. වරෙක මහා සංගීත විචාරක ජෝශප් මැක්ලීස් සංගීතයේ ස්වභාවය විග්‍රහ කරමින් කියා සිටියේ යම් තනු රචනයක්, භාෂාවේ ස්වභාවික ආභාසයන් අනුගමනය කරන බවයි. මා ඒ විග්‍රහය හා එකඟයි. ජාතික භාෂාවේ ලීලාව හා ඌරුව ගී තනු නිර්මාණ තුළ අන්තර් ගත විය යුතුයි. නැත්නම් ඒ තනුව යම් ආගන්තුක ස්වභාවයක් ගන්නවා. මා මගේ ගී තනු නිර්මාණයේදී උත්සාහ ගත්තේ සිංහල බසේ ලීලාව හා රිද්මය මගේ නිර්මාණයට කැටි කර ගන්නටයි.’
 සියවස් ගණනාවක් ඈතට දිවෙන කාව්‍ය සහ ගද්‍ය සාහිත්‍ය සම්ප්‍රදායකට උරුමකම් කීවද, එතරම් දිගු හා පොහොසත් සංගීත සම්ප්‍රදායක් අත්පත් කර ගන්නට ලාංකික රසික ජනයාට නොහැකි වූයේ ඇයිද යන්න දශක ගණනාවක් තිස්සේ මෙරට නිරතුරුව සංවාදයට හා විමසුමට බඳුන්වන මාතෘකාවක් විය.
අප සතුව ඇත්තේ චූල සම්ප්‍රදායයට අයත් යයි සැලකිය හැකි සීමිත ස්වර කලාපයක පිහිටා ඇති ජන ගී සම්ප්‍රදායයක් මිස සංගීත සම්ප්‍රදායයක් නොවන බව මෙහිදී බොහෝ මතධාරීන් දක්වන ලද මතය විය. එහෙත් ජන සංගීතය පිළිබඳව වඩාත් ඇලුම් කරන මතධාරීන් ඊට විරුද්ධ වෙමින් අපේ ජන ගී ආර ඇසුරෙන් අපට උරුම සංගීත ශෛලියක් උපදවා ගත හැකි බව දක්වති.
අවසාන වතාවට වේදිකාවට ගොඩවූ මොහොතේදී ගැයූ ගීතයේ වීඩියෝව සහිතයි ...

හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි...ඔබට නිවන් සුව .....!!! ජාතියක් අවදි කළ ඒ මහා යශෝරාවය.

බුදුහිමි සෙවණේ පිහිට ලැබේවා
අමරදේවයන් අවසන් වරට ගැයූ පදපෙළ...

 “මේ උත්සවයෙදි අමරදේවයන්ට කිසිදු ගායනාවක් වෙන්කරල තිබුණේ නැහැ.. හැමදේම බදාගන්න... ප්‍රසිද්ධියට බොහොම කෑදර නිවේදකයෙක් කියනව අමරදේවයන්ට ‘ස්ටේජ්‘ නගින්න කියල...!
එහිදි එතුමාගේ නිති ආරක්ෂකයා වෙච්චි විමලා අමරදේව මැතිනියට මළ පනිනවා.. ‘‘*** කවුද එහෙම එකපාරට එන්න කියන්න..කියන්න එන්නෑ කියල..‘‘ යනුවෙන් ගෝරනාඩු කරනවා.. ඇත්ත.එතුමන් ජාතික වස්තුවක් විදියට අපි ලගට යනව මිස එයාව ස්ටේජ් නග්ගන්න අදාළ නිවේදකයා කවුද ?? 
වීඩියෝ සහිතයි

මුන්ට හෙණ වදිවී මේ කරන අපරාධ වලට …විරුවන් වෙඩි කෑවේ රට වෙනුවෙන් !

පාර්ලිමේන්තුවට පැමිණ කෝටි ගණන් හම්බ කල පට්ට හොරුන්ට අවුරුදු 05 ගියාට පසු විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම් , ජාතිය වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන්ට , විශ්‍රාම වැටුප් නොගෙවා ඉන්නේ ඇයි දැයි රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු  පූජ්‍ය ඉත්තෑකන්ද්දේ සද්ධාතිස්ස හිමියන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා .
ආණ්ඩුව මේ ඉල්ලීම් ඉටු කරන්න ඕනෑ .දැන් මේ දවස්වල වහිනවා .අපි කියන්නේ නෑ හෙණ ගහන්න ඕනෑ කියලා මුන්ට .ඒත් හෙණ වදිවී .
දැන් මේ ඉන්නේ අබාධිත රණවිරුවෝ .මේවා පෙන්නේ නැත්තම් රටේ පාලකයන්ට පෙන්නේ මොණවාද ? මේක අපි කොහොම හරි ඉවර කරනවා. බැරිම වුණොත් ගිනි තියාගෙන හරි වැඩේ ඉවර කරලා ඔයාලට අවශ්‍ය දේ කරලා දෙනවා . ඒක තමයි අපි මේ රණවිරුවන්ට කරන්න ඕන එකම දේ හැටියට අපි දකින්නේ .

අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම...!!!

මල් පොහොට්ටු 3ක් සූදානම් කරන්නැයි කියූ අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම ගැන බිරිඳ හෙළිකරයි..!!!අද දින අපෙන් සමුගන්නා අමරදේව ශූරීන් මියයන්නට පෙර දින ඇයගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියට කළ අවසන් ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු පවසා තිබෙනවා.අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි.වීඩියෝ සහිතයි..

වැටී සිටි ජනතාවට වැටෙන්නම කරුපයියා දුන් වැට් බද්ද...!!!

වැට් 15%,ඩොලරය 150යි, කිරිපිටි මිළ ඉහලට...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රවයක් වන කිරිපිටි සදහා මෙතෙක් නොතිබුණු සියයට 15ක වැට් බද්දක් පැනවිම හේතුවෙන් ආනයන කිරිපිටි කිලෝවක මිළ 1100 දක්වා වැඩිකිරිමට සිදුවන බව කිරිපිටි ආනයනය කරන සමාගම් පෙන්වා දෙනවා.
රජය විසින් සිදු කරන ලද වැට් බදු සංශෝදනය හේතුවෙන් මෙරටට ආනයනය කරන කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් පමණ ඉහල යා හැකි බව  කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙනවා.

අම්මාගේ අප්පාගේ බූදලයද මේ ? ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති කියා බිලියන ගණන් ගසා කාලා …!!!

පරණ හොරු වෙනුවට අලූත් හොරු අද බලයට පත්ව රට කරගෙන යන බව ,ජනතා විමුක්ති පෙරමුණේ නායක ,අනුර කුමාර දිසානායක පවසයි .කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

මහනුවර අධිවේගී මාර්ගය ව්‍යාපෘතිය. සැලැස්ම වෙනස් කළා මේ ආණ්ඩුව. කිලෝමීටර් 5ක දුර වැඩිවුණා. පරණ සැලැස්ම අනුව කිලෝමීටරයකට බිලියන 2.7යි. අලූත් සැලැස්ම අනුව කිලෝමීටරයකට රුපියල් බිලියන 4.3යි. කිරිඇල්ල මේවට උත්තර දිය යුතුයි. කිරිඇල්ල දැන් වෙන වෙන ඒවා කියනවා. කෝප් කමිටුවේ සභාපති ධුරයට හඳුන්නෙත්ති සුදුසු නැහැ කියනවා. කිරිඇල්ල දන්නවා ළඟදිම මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවනවා කියලා.

රටේ ඉඩම් මංකොල්ලය පසුපස ඇමැති ෆයිසර් හා පවුලම...!!!

රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා  සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ   චෝදනා කර සිටියහ.
එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

යහපාලනයේ සලාද පොරොන්දු තව කෝණයකින්...!!!

මහින්ද ජනවාරි 8දා ජනාධිපති මැතිවරණයෙන් පැරදී අකමැත්තෙන් ගෙදර යනවිට මහජන මුදලින් නඩත්තු වීමට  ගෙයක්දී රැපියල්  මිලියන 60 ක්ද  එය  අලුත් වැඩියාව කරගැනීම සදහා දුන් බව අපි දනිමු. ඊට අමතරව හෙලිකොප්ටර් දෙකක් දුන්න බවත්  ආරක්ෂාව සදහා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් 221 දුන්න අතර තව මොනවද එයාට නොදුන්නෙ කියා වර්තමාන ජනාධිපති ප්‍රශ්ණ කරන අන්දමත් අපි අසා ඇත්තෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.