ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 3, 2016

සිරෝ පවුල් වාදය මොකක්ද....? දූ චතුරිකා මඩිය තර කර ගනී...!!!

මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන  SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේ.
මෙහි පළමු ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන මීගමුව නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසිනි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය වසර 20ට පසු සංවිධානය කල ඇති සාර්ථක වැඩසටහනකි.
මෙම වැඩසටහනේ දෙවන අදියර කොළඹ නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය කරන්නට කටයුතු සුදානම් කෙරෙන අවස්ථාවේ එක්වරම මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටෙලෙකොම් rainbow pages ඉසව් කළමනාකරණ ආයතනයෙන් ඉවත්කොට ඉහල නියෝගයක් මත වෙනත් පෞද්ගලික ආයතනයකට භාර දෙන ලෙස පහල නිලධාරීන්ට උපදෙස් ලැබුණි.
Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන මෙම ආයතනය මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් ලෙස තොරතුරු වාර්තාවේ. අංක 18, සුලෙඉමන් ටෙරස් හි මෙම ආයතනය පවත්වාගෙන යයි. මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව සකසන ලද ගීතයේ රූප රචනාව කල ජනක නම් කැමරා ශිල්පියා මෙම ආයතනය ජනාධිපතිතුමන්ගේ දියණිය වෙනුවෙන් මෙහයවයි. ජනක උපරිම බලය යොදාගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු වලට අත ගසමින් සිටින බව වාර්තා වේ.

රජයේ රැකියාවක් නම් දැන් සිංහල බැරි වුනත් දෙමළ අනිවාර්යයි ...!!!

රාජ්‍ය අංශයේ රැකියා සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී , ද්වි භාෂා හැකියාව ඇති , අයදුම්කරුවන්ට විශේෂ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව , ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් පවසයි .ඔහු මේ බව කියා සිටියේ , මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් .
මින් ඉදිරියට රාජ්‍ය භාෂා අමාත්‍යංශයට බදවා ගැනීම් කිරීමේදී සිංහල සහ දෙමළ ද්වීභාෂා හැකියාව ඇති අයදුම්කරුවන් පමණක් බදවාගැනීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කලා .

කථානායක කරු ජයසූරියගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ...!!! පසුපස මහා ඛේදවාචකයක්...!!!

කථානායක කරු ජයසූරියගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර්     (2016-11-02 ) ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වූවාය.  කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ගත්තාය.  අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියාය. දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය  විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර්  (Martyn Dicker)සමගය. ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වුවාය. ඇයගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී  සිදු කෙරෙනු ඇත.මෙම පුවත පසුපස ඇති ඉතාම සංවේදී කථාව සහ ඡායාරූප පහතින්

දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.....!!!

ශරියා නීතිය ඕනෑමයි කියා  තවුහිඩ් ජමාද් මුස්ලිමුන් කොළඹ රැළි පවත්වයි...!!!
දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.. තව්හිද් ජමාත් කොටුව අහුරා විරොධයේ..
 මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය කොළඹ කොටුවේ විරෝධතාවක් ආරම්භ කර ඇත.
“ශරීයා නීතිය අපේ නීතිය.. අපට ඕන අපේ නීතිය“ යැයි සටන් පාඨ කියමින් ඔවුහූ විරෝධතාවයේ නියැළෙති.
GSP+ බදු සහන ලබා දීමටනම, වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් පවා විවාහ කර ගැනීමට අවසර ලැබෙන ඉස්ලාමීය විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට හා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට පටහැනි බැවින් එම නීතය වහාම සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා ඇත.
ඒ අනුව රජය විසින් කැබිනට් අනුමැතිය සහිතව ඒ පිළිබදව කටයුතු කිරීම සදහා පසුගිය සතියේ අනුකමිටුවක් පිහිටවන ලදි.  වීඩියෝ ,ඡායාරූප සහිතයි,

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

ශ්‍රී පාදස්ථානය අසල “මරේ” ප්‍රදේශයේ ඉදිකිරීමට සුදානම් වූ හෝටලය තහනම් කලේ තාවකාලිකව බවත් අවසර ඉල්ලුවොත් තම අධිකාරිය සතු කොන්දේසිවලට යටත්ව අවසර ලබා දෙන බවත් පැවසුබව බොදු බල සේනා මාධ්‍ය අංශය පවසනවා.
(2) සවස බොදු බල සේනා නියෝජිත පිරිසක් පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සමග සාකච්ඡාවක් සිදු කර ඇති අතර මවුස්සා කැලේ ජලාශයට මායිම්ව සංවේදී කලාපයේ අදාළ ඉඩම පිහිටීම හේතුවෙන් එයට මැදිහත්වීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතු බවත් පෙන්වා දී ඇති ලාල් ධර්මසිරි පරිසර වාර්තාවක් නොගත් නිසා අදාළ අදිකිරීම් අත්හිටුවීමට තමන් නියෝග කල බවත් පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සමාගම විසින් අවශ්‍ය පරිසර වාර්තා රැගෙන ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ඉල්ලුවහොත් තමාට අවසර ලබාදීමට සිදුවන බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රිපාද රක්‍ෂිත මායිමේ සිදුවන ඉදිකිරීම ගැන. 2 ...!!!

ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් අර්බුධකාරී ස්ථානයට මාධ්‍ය ඇතුළුවේ – හෙළි නොවූ ඡායාරූප සහ තොරතුරු මෙන්න. නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.
ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා. ඡායාරූප සහිතයි

හෙළයේ මහා ගාණ්ධර්වයාණෝ දැයෙන් සමුගනී !

හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු හෙළයේ මහා ගාණ්ධර්වයාණන් ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාත්ත වී තිබෙනවා.
1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී උපන් අමරදේවයන් මිය යන විට 88 වන වියේ පසුවූවා.
ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුරේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත්කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනවිරත්න සදහන් කරයි.
බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන ලෙස සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් මීට දෙසතියකට පමණ පෙර ජනපතිවරයාට දැඩිලෙස බලකර තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.