ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 31, 2016

“අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දෑලාට” – සිරෝ මේක නවත්තපන් ,නැතිනම් රනිලුත් එක්ක ගෙදර පලයන් …

ශ්‍රි පාදයේ උරුමය සිංහල ,බෞද්ධයාට ලබා දීමේ සටන මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියටම ගෙන යන බව , සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ පවසයි .උන්වහන්සේ මේ බව සදහන් කලේ , ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේදී පැවති විරෝධතාවයකදීය .
එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” යනුවෙන්ද උන්වහන්සේ ප්‍රකාශ කලා . කුරුණෑගලින් ආරම්භ කල මේ සටන දිගින් දිගටම සිදු කරන අතරම , ජිවීත පූජා කරමින් හෝ මේ සටන ඉදිරියට ගෙන යන බවයි උන්වහන්සේ පැවසුවේ.වීඩියෝ සහිතයි

සංහිඳියාව යැයි හමුදාව බාල්දු කරන අමන සිරා....!!!

කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස්‌ නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන  රණවිරුවන්ට වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි. රටේ විධායක ජනපතිවරයා ලෙස ඔහු ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු සැකයක්‌ නැත. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද ඔහු මතය.
ජාතික ආරක්‍ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්‌වේ. විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම් යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛ අභිලාෂය වන සංහිඳියාවට ද උතුරේ ඇතිවූ සිද්ධීන් නිසා බරපතළ ප්‍රතිවිරෝධයක්‌ මතුවන බව නොකියාම බැරිය. සංහිඳියාව පවත්වාගෙන යා හැකි වන්නේ උතුරේ සාමය පවතින විටය. සියලු ජාතීන්ට එක්‌ව වාසය කළ හැකි වටපිටාවක්‌ නිර්මාණය වූ විටදීය. හර්තාල් පවත්වද්දී සංහිඳියාව සුරැකෙන්නේ නැත. සංහිඳියාවට ප්‍රමුඛ බාධක එල්ල වන්නේ දකුණෙන් නොව උතුරෙන් බව ප්‍රකට කරුණකි.

ගේට්‌ටු වසා දමා යාපන සරසවි දෙමළ සිසුහු විරෝධතාවේ...!!!

ඝාතනයට ලක්‌වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක්‌ සාධාරණය ඉටුවී නැති බව පවසමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ  (31 වැනිදා) විශ්වවිද්‍යාල භූමියට කිසිවකුටත් ඇතුළු විය නොහැකි පරිදි සියලු ගේට්‌ටු වසා දමා විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
විශ්වවිද්‍යාලයේ ගේට්‌ටු සියල්ලම වසා දමා තිබූ බැවින් කිසිවෙකුටත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වූ අතර දේශන කිසිවක්‌ පැවැත්වීමටද නොහැකි විය.
ගේට්‌ටුවලට ඉදිරිපිට සිට ශිෂ්‍යයෝ කෑකෝ ගසමින් සිය විරෝධතාවේ නිරත වූහ.

ආණ්ඩුවේ පුදුම ආදරේ ඇයි මෙතරම්....!!!


යාපනයේ ශිෂ්‍ය සංගම් නායකයෝ අද
ජනපති අගමැති හා විපක්‌ෂ නායක හමුවෙති
ඝාතනයට ලක්‌වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා සම්බන්ධව පවත්වන පරීක්‌ෂණ පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් අද (01 වැනිදා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන්  කොළඹදී හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.