ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 26, 2016

හිටපු කොටි 270ක්‌ උතුරේ...!!!

පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි 270 ක්‌ යාපනයේ සිටින බවත් ඔවුන්ගෙන් පිරිසක්‌ ආවා නමැති මැර යතුරුපැදි කල්ලියට සම්බන්ධ බවත් බුද්ධි අංශවලට හෙළිවී ඇත.
මෙම "ආවා" කණ්‌ඩායම ගැන ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දාද රජයට අනතුරු අඟවා තිබුණි.
මෙම කොටි කණ්‌ඩායම රජයට භාරනොවී වන්නියේ සිට යාපනයට පැනගොස්‌ තිබේ.
යාපනයේ කොල්ලකෑම් රැසකට මෙම ආවා කණ්‌ඩායම සම්බන්ධ බවට වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ "ආවා" කණ්‌ඩායමට ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් පිරිසක්‌ද සම්බන්ධ බවයි.

නිවට සංහිඳියාව අතරින් මතුවන රටේ අරාජිකත්වය....!!!


අද අත් පත්‍රිකා බෙදා හර්තාල් සිදුකරයි. එක්‌ එක්‌ කල්ලි කණ්‌ඩායම්වල දේශපාලන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුරේ හර්තාල් පවත්වන්නට ඉඩදීම සංහිඳියාවද? යහ පාලන ආණ්‌ඩුව උතුර අස්‌ථාවර කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේගයන් ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්නේ ද? සංහිඳියාවට බාධාවක්‌ වන්නේ යෑයි සිතමින් මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම වුවමනාවෙන් මඟහරින්නේද...?

චුන්නාක්‌කම්හිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්‌වීමේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුත්තක්‌ නොවන බව බුද්ධි අංශ දැනටමත් අනතුරු අඟවා ඇත. මෙය මහා විපතක ආරම්භයක්‌ ද? එක්‌ පැත්තකින් උතුරු පළාත අඩපණ කරමින් හර්තාල් පැවැත්වීමටත්, අනෙක්‌ පැත්තෙන් 'ආවා' කණ්‌ඩායමේ කඩු ප්‍රහාරවලට පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බවත් පැහැදිලිව සටහන් කළ යුතුය.

පක්‍ෂ භේදයකින් තොරව හොර දේශපාළු තිරිසනුන් වැට් පණත සම්මත කර ගනී....!!!

වැට් බදු අනුපාතය 15%ක් දක්වා ඉහල දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 66කින් සම්මත විය.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 112ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 46ක් ලැබුණේය.
මන්ත‍්‍රීන් 65ක් සබා ගැබේ සිටියේ නැත.
පොදුවේ එජාපය සමග එක්ව ශ‍්‍රීලනිපයට පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කල අතර පක්‍ෂ දෙකේම සමහර මන්ත‍්‍රීවරුන්ද සභාවේ නොසිටියහ.

හොරු සෙට් ඵකම මාට්ටු ...!!! තොරතුරු අප අතේ...!!!

හොර යූ .ඵන්.පී. නඩයම ගලේ පැහැරූ බළලුන් මෙන් වියරු වැටී කෝප් වාර්තාව සඟවන්නට උත්සාහ ගත්තද ,අර්ජුණ මහේන්ඳ්‍රන්  නැමති පාහර තක්කඩියාගේ සියළු ගසා කෑම් හෙළි වෙමින් පවතී.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්‍ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වනවිට අධික ලාබයක් අත්පත්කර ගනිමින් ලංකාවේ අංක එකේ සමාගමක් දක්වා වර්ධනය වී ඇති අතර එහි නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.
එම වාර්තා අනුව අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම 2016 අප්‍රේල් සහ මැයි මාස දෙකේ ලාභය ඉතා අධික ලෙස වර්ධනය වී ඇති අකාරය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරයි.
ලංකාවේ ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකුවල 2015 මාර්තු-2016 මාර්තු වර්ෂයට අදාළ ලාභයට වඩා විශාල ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තිබේ. එම ලාභය කෝටි 520ක් ඉක්මවා යන අතර ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක් දිනක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක් (18,000,000) වේ.සියළු දත්ත ඇතුළත්වු වාර්තාව සහිතයි

මෙන්න තවත් කම්බා හොරෙක්...!!! ප්‍රවේශම් වන්න....!!!

මොහු ගේ වෘත්තීයභාවය ප්‍රශ්න නො කරන්නේ ඇයි?
නම - ලසන්ත විජේසේකර
වෘත්තිය - වෛද්‍ය
සේවා ස්ථානය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

මගේ සේවා සහ වෘත්තීය ජීවිත කාලය තුළ විවිධ තක්කඩියන් සහ කෛරාටිකයන් හමු වී ඇතත්, මේ සා දෙබිඩි ජීවිතයක් ගත කරන්නකු හමු වී තිබෙන්නේ, කලාතුරකිනි.
නමින් ලසන්ත විජේසේකර නම් වූ මොහු, වෙනත් ආකාරයකින් හඳුන්වන්නේ නම්, කලකට ඉහත ජනප්‍රිය වූ, ‘උමා‘ ගීතය ගායනා කළ සමන් ජයනාත් ජිනදාස නම් වූ වැදගත් පුද්ගලයා ගේ සහෝදරයා ය. සහෝදරයා එසේ වුවත්, මොහු ගේ ක්‍රියා කලාපය, සහෝදරයා ගේ අහලකින් වත් තබන්නට නො හැකි ය.
ඒ තරමට,
අප්‍රසන්න ය.
අසික්කිත ය.
කැත ය.
හිරිකිත ය.
මට මේ පුද්ගලයා හමු වූයේ ඉතා අහම්බෙනි. ඒ, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිසා ය. ඒ හමුවීම පිළිබඳ ව අද මට ඇත්තේ, දැඩි පිළිකුලකි.

හමුදාව, පොලීසිය ගණන් නොගන්නා තැනට පත්වෙලා.. උතුරේ කොටි නැගිටිනවා වගේ....!!! හෙළ උරුමය හදිසියේ ඇහැරීම...!!!

පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම හා යාපනයේ ආරක්ෂක තත්ත්වය සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.
එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මධ්‍යම කාරක සභික නීතිඥ ටියුඩර් පෙරේරා යන අය සහභාගීවූහ.
මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ  විසින් උතුරු හා නැගෙනහිර පමණක් නොව රටේ කිසිම තැනක කවරෙකුටවත් නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බව ප්‍රකාශ කරන ලද අතර පසුගිය දිනවල මඩකලපුවේ වාකනේරි ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කළ විහාරස්ථානය ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත් මසක් ඇතුලත එසේ සිදුකිරිමට ආණ්ඩුකාරවරයා හා ජාතික සංහිඳියා අමාත්‍යවරයා කටයුතු නොකළහොත් මහා සංඝරත්නය ඇතුළු ජාතික මාමක පිරිස් එහි ගොස් එම විහාරස්ථානය ප්‍රතිශ්ඨාපනය කිරීමට සූදානම් බවත් ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !!!

සෞදි රජුගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එටිසලට් සමාගමේ ප්‍රධානීන් විසින් ශ්‍රීපාද රක්ෂිතය එළිකරමින් ඉදිකිරීමක් සිදුකරන බව තහවුරු වන ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවති.
අරාබි ජාතිකයන් පිරිසක් ශ්‍රීපාද අඩවියේ ස්ථානයකට හෙලිකොප්ටරයකින් පැමිණ සිටින්නේයැයි එමගින් දැක්වෙයි.
හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක් එටිසලාට් සමාගම හරහා මිලදී ගෙන ඇති බවත්, අරාබි ජාතිකයන් ගුවන් මගින් එම ස්ථානයට යන එන බවත් සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණු අතර ශ්‍රීපාද රක්ෂිත භූමියේ ඉදිකරමින් පවතින මහාපරිමාණ නවාතැන්පොළ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන්නේ එම ස්ථානයේ සිට බවත් සදහන් වේ.

මෙන්න ඩීල්....!!! පුළුවන් නම් නෑ කියපල්ලා ...!!!

ඒ ඩීල් මේ ඩීල් මැද කෝටි ගණන් විසිවන බැඳුම්කර මගඩිය කෝප් කමිටුව යට ගහයිද?
මහබැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.
අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  විසිනි. එහෙයින් අදාළ කටයුත්ත වෙනුවෙන් මන්ත‍්‍රීවරයාට පසුගිය දිනවල දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවූ බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

පීනස හැදුනාම කියන "කෝප්" සින්දු

පීනස හැදුනාම කියන "කෝප්" සින්දු
=======================
සොරුන් යැයි කිවූ කිසිවෙක් සොරුන් හෙම නොවේ
සොරුන් නොවේ යැයි කිව්වත් සොරුන් බව පෙනේ
අතේ පත්තුවී තිබුනත් උන්ගේ නම් නොවේ
නඩුයි බඩුයි අතේ තියන් රජ ටෝක් දෙතේ
සල්ලි අරන් හොරුන් වැජබෙතේ
දුප්පතාගේ කුසට පහර වේ
ආයෙත් රට අගාධයටමයි
දවල් වැටී ආයේ රෑ වැටෙයි (වලේ මිනිසා) //
අර්ජුනවත් හමු උනා බැංකුව ළඟදී ....

තරංගා අධිපති විජය රාමනායක දැයෙන් සමුගනී..!!!

එනිවෙයාර් එනි ටයිම් නම් වූ මිල්ටන් මල්ලවආරච්චි ගී ගැයූ ලංකාවේ පළමුවැනි කැසට් පටය නිශ්පාදනය කරමින් සංගිත ලොවේ පෙරළියක් කළ තරංගා අධිපති විජයරාමනායක මහතා අවුරුදු 71ක් ආයු වළදා ඊයේ අප අතරින් සමුගෙන ගොස් ඇත. විජය අයියා ආරාධනා,කලියුගයථයුගාන්තය,රිදී නිම්නය,මල්දෙනියේ සිමියොන් වැනි සම්මානනිය සිනමා නිර්මාණ රැසක් නිශ්පාදනය කළ මුදල් ලාභ නොතකා කලාවට සේවයක් කළ නිරහංකාර මිනිසෙක් බව නම් ගෞරව පෙරදැරිව පැවසිය යුතුමය.(සම්මානවලට හිමිවූ මුදල් ඔහුට ලැබුනේ නැති බවකුයි අප දන්නේ) ඔහුගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බැව් දැන ගන්නට ඇත.

දෝරේ ගලන ලේකහවුස් මාධ්‍ය නිදහස...!!! රිවිරට තහංචි...!!!

තමන්ගේ පාලන කාලය තුළ රටට ලබා දුන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජනාධිපතිවරයා උදම් අනමින් සිටියදීම ලේක්හවුස් ආයතනය මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය කරමින් රිවිර පුවත්පතට වාරණයක් පනවා තිබේ.
ඒ අනුව ලේක්හවුස් ආයතනයට රිවිර පුවත්පත මිල දී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එම උපදෙස් අනුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට කිසිදු කර්තෘ මණ්ඩලයකට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට රිවිර පුවත්පත නොසැපයෙන අතර කර්තෘ මණ්ඩල පුස්තකාලයේ පමණක් එක් පිටපතක් කියවීමට තබා ඇත.

මෙන්න සරල ජනපතිගේ වැඩ …

මිලියන 16ක් කාබාසිනියා කර උත්සව පවත්වලා

ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවකයින් 3828 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (18) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වු අතර එම උත්සවයේදි පසුගිය ජනාධිපතිවරණයේදි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කඩේ ගිය පොලොන්නරුවේ  විශාල සංඛ්‍යාවකටද ස්ථීර පත්වීම් ලබාදිමට කටයුතු කර ඇති අතර එම පිරිස 1000ක්ද ඉක්මවන බව අනාවරණය වි තිබේ.ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.සියළු වියදම් සහතික සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.