ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 25, 2016

කෝප් කමිටුව වාර්තාව අතුරුදන් වන ලකුණු..!!!

ආන්දොලනයට තුඩුදුන් ඉහත මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් සොයා බැලෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වාර්තාව මේ සිකුරාදා වනවිට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව නොලැබුන හොත් ලබන සතියේ අය-වැය ආරම්භ විමත් සමග කෝප් කමිටුව වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි විමේ අවදානමකට මුහුණ දෙන බව දේශපාලන පක්ෂ සාමාජිකයන් අවධාරණය කරනවා.වීඩියෝ සහිතයි

කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…!!!

අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.
2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

කහටගහ පතලේ සේවකයින් මාරාන්තික උපවාසයක...!!!

කුරුණෑගල, දොඩංගස්ලන්ද කහටගහ පතලේ සේවකයන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.සේවකයින් 100දෙනෙකු පමණ අඩි 1132ක් පතල අභ්‍යන්තරයේ සිට මෙලෙස උපවාසයේ නිරත වේ.  වීඩියෝ සහිතයි

බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි...!!!

ඊපීආර්එල්එෆ් නායක ප්‍රේමචන්ද්‍රන් ගොරවයි
බෞද්ධාගමට මුල්තැන දීමට ක්‍රියා කළහොත් තමන් ඊට එරෙහි වන බව ඊපීආර්එල්එෆ් නායක සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

යෝජිත ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව අනාගමික රටක්‌ කළ යුතු බවත් ශ්‍රීලංකාවේ විවිධ ආගම් අදහන පිරිස්‌ සිටින නිසා බුද්ධාගමට මුල්තැනදීම රට අවුල් කරන්නක්‌ බවත් ඔහු කියා සිටියේය.

උතුරේ පාතාලය හිස ඔසවයි...!!!

බුද්ධි අංශ අනතුරු අඟවයි...***
 දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම "ආවා ගෲප්" නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.

සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි....!!!

 පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..
ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
ඉන් තුවාල ලත් පොලිස් සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඉන් ටික වේලාවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.

කෝටි ගණන් වාහන ජනතා මුදලින් ගන්නා අපතයෙනි.ලජ්ජා වෙයව්..!!!

පක්‍ෂ පාට භේදයෙන් තොරව ඇත්ත දෙස බලාපල්ලා...!!!
එක ඇමතියෙකුගේ ලක්‍ෂ  6000 ක වාහනයකින් මෙවන් අසරණ මිනිසුන්  කී දාහක් නගා සිටුවන්න පුලුවන්ද? නමුත් එහෙම කරයිද මේ ජාතික ධනය සොරා කන්නෝ.
 බලාපියව් අපේ රටේ අන්ත අසරණ දුගී දුප්පතුන් ජීවත් වන හැටි.කෝටි ගණන් ජනතා මුදල් දිනපතා වෙන්කරගත් ජනාධිපති අම්බරුවකු සිටින රටක්. රටවටා පාරවල් වසා ලැම්බෝගිනි රේස් තිබ්බ ජනාධිපති පුතුන් සිටින රටක්..තමුන්ගෙ රටේ ජනතාව අතර කන්නට බත් ඇටයක් පවා නොමැති අසරණයන් සිටියදී වෙනත් රටවල චොකලට් කොම්පැණි බලමින් විනෝදවන නපුංසක අගමැතියෙකු සිටින රටක්...!!! තිරිසන් දේශපාලන සත්වයනී තොපට ශාප වේවා...!!!

උනුත් ඵකයි මුනුත් ඵකයි...!!! හැබැයි උන් මීට වඩා හොඳයි...!!!

කඩුවෙල පිවිතුරු හෙළ උරුමය සංවිධායක ශිරන්ත ජයලත්  විසින් සංවිධානය කරන ලද ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ උදය ගම්මන්පිල, සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමිල්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය කලපළුවාවේදී පැවැත්විනි.
මේ අවස්ථාව සඳහා පලාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, මේජර් ප්‍රදීප් උදුගොඩ ද  නිළි ඕෂධී හේවාමද්දුමද නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි විය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල  එහිදී මෙසේ අදහස් පල කලේය.
එදා බලය වෙනුවෙන් තරගෙට බොරු කී හැටි...

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අදාල වාර්තාවට එරෙහිව කටයුතු කරන කෝප් කමිටු සාමාජිකයන්ට දිගින් දිගටම වරදාන ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට සිය මුදල් බලයෙන් මාධ්‍ය ආයතන නිහඩ කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති අතර මාධ්‍ය ආයතන සදහා ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම් බව ඇලෝසියස්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත දන්වා ඇති බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. .!!!

‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත‍්‍රිකා බෙදා ඇත.ඡායාරූප සහිතයි

කොහොමද බොලව්, යාපනේ්‍? දැන් ජාපනේ වෙලා තියෙන්නෙ. .!!!

 කුමාර ලියනගේ යනු අප රට ජාතියට බොහෝ සිතැත්තෙක්.ඵසේම පරිසමාප්තයෙන්ම නිර්පාක්‍ෂික නිර්මාණ කරුවෙක් ඔහුගේ යම් යම් සමාජ විග්‍රහයන් කාළීනයි.ඔහු වර්තමාන ව්‍යාජවූ දේශපාළුන්ගේ සැබෑ නිරුවත උත්ප්‍රාසයෙන් දකින්නෙක්.සිතිවිලි තුළට ඉමක් නැත.අප ලංකානිව්ස් තුළ ඒවාට කිසිදු තහංචියක්ද නැත. මන්ද සත්‍යයේ නිරුවත කවරෙකු හෝ උනා දැමිය යුතු නිසා.
ලංකානිව්ස් සංස්කාරක


 මේ ඒවායින් කිහිපයකී.
 
උස නං සිකුරිටි
මිටි නං කම්කරු
මහත නං ඇමති
කෙට්ටු නං ජනතාව...!!!

- දළදා මාලිගාවට, ‘දළදා විහාරය‘ කියන්නෙ නැත්තෙ ඇයි? බොලව්.
- white house එකට, ‘සුදු ගේ‘ කියන්නෙ නැතුව, ‘ධවල මන්දිරය‘ කියන්නෙ ඇයි? බොලව්
නොදකිං බලු හැත්ත..!

අර ලසන්ත වික්‍රමතුංග මැරුවා ය කියලා, බෙල්ලෙ වැල ලා ගෙන මැරුණ හමුදා නිලධාරියා ප්‍රශ්න කරලා, ඕඩර් එක දීපු එකා හොයා ගන්න පුඵවන් තරමට කෙළ පැමිණි, ‘මළවුන් ගෙන්නන එකෙක්‘ හොයා ගන්න බැරි ද? බොලව්.
ඉන්නවා නේද බොලව් පඳුරක්, පඳුරක් ගාණේ බෝඩ් ලෑලි එල්ල ගෙන?

එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි...!!!

ජහපාලන ආණ්ඩුව අමුඩ ගහන කාලේ, මටත් සෑහෙන්න ආරාධනා ආවා, බොලව්. මේවා නිකං පූචානං කතා නෙවෙයි. සාක්කි ඇතුව ඔප්පු කරන්න පුඵවන් කතා. නමුත් මම ඒ කාටවත් ‘හා‘ කිව්වෙ නෑ.
ඒකට හේතුව, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වෙන කිසි දෙයක් ගැන මට විශ්වාසයක් නැති හින්දා.
මොන මූණු දා ගෙන ආවත්, එක්සත් ජාතික පක්ෂය බාර ගත්ත ඓතිහාසික වැඩක් තියෙනවා. ඒක තමයි, යටත්විජිතකරණයෙන් පස්සෙ, ලංකාව දාලා ගිය සුද්දන්ට පක්කලිකං කරන එක.
එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි, බොලව්.
ඒක, කොළඹ ටවුන් හෝල් එක, අමෙරිකාවේ ‘වයිට් හවුස්‘ ආකෘතියට හදපු එක දක්වා, දුර දිග ගෙනි යන්න පුඵවන්.

යාපනයේ වෙඩි වැදුණු සිසුන් ගියේ තහනම් අධිබල යතුරුපැදියකින්

උතුරේදී මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය සී. සී. 1000 වර්ගයේ මෙරට තහනම් යතුරුපැදි වර්ගයේ එකක්‌ බව අනාවරණය වී ඇත.
මෙම අධිබලැති යතුරුපැදි වර්ගයට උතුරේ මෝටර්රථ ප්‍රවාහන බලධාරීන් බලපත්‍ර දීම බරපතළ සැකයට කරුණක්‌ බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාව විසින් උතුරේ විශ්වවිද්‍යාල සිසුන්ට මෙම යතුරුපැදි ප්‍රදානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

ඇමති රංගෙ බණ්ඩාරගේ පුතාගේ රියේ හැපී පුද්ගලයෙකු මිය යයි

ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන් කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

පහලොස් ලක්‍ෂයක මහ ඇපය බදින්න සල්ලි නෑ - බුද්ධි නිලධාරීන් දෙදෙනා යලි රිමාන්ඞ්

ඊයෙ දිනයේ රුපියල් ලක්‍ෂ 15ක මුදල් ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කළඑ එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ප‍්‍රදීප් එක්නැගිගොඩ අතුරුදහන් වීමට අදාල නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත යන හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට මෙසේ ඇප නියම වූ අතර ඇප මුදල් ගෙවීමට නොහැකි වූ නිසා නැවතත් බන්ධනාගාරගත කර ඇත.

එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..

හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන්  ගිය වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියක අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිදහස් කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් විසින් වාර්තාවක් සකස් කර ඇත.
එම වාර්තාවට කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් දෙමල සන්ධාන මන්ත්‍රීවරු සිව්දෙනාගේ කැමැත්ත ගබා ගැනීමේ සාකච්චා පැවැත්වෙමින් තිබේ.
මෙම සාකච්චා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

“ජනාධිපති එයාගේ අය බේරාගත්තා එච්චරයි ”

අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා…….

මේ ගැන දැනගත් මෛත්‍රිගේ බත්බැළ කාය ඉතාමත් සූක්ෂම ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගොනාට අන්දවමින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ඇත.මෛත්‍රිගේ බත් බැළයන් දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රකාශ කර ඇත්තේ….
දැක්කානේ..මේ ආණ්ඩුව කරන්නේ අපි…අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා……. යනුවෙනී .
අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනේ නැති මොහොතක මෛත්‍රිපාල සිරිසේන සිදු කල ප්‍රකාශය පදනම් කර ගෙන දිල්රුක්ෂි ගෙදර යවා , මෛත්‍රිගේ බත් බැළ  කාය   තමන් කල හොරකම් වසා ගැනීම තවත් ආකාරයකින් ජයග්‍රහණය කර ඇත. දැන් අල්ලස් කිකිකිගේ ඉල්ලා අස්වීම සාධාරණිකරණය කරමින් මෛත්‍රිපාල සිරිසේනට බබා පාට් එක දමන්නේද ඒ පිරිසමයි.
මේ අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්විමෙන් පසුව නැවැතත් සොලිසිටර් ජෙනරාල් ලෙස වැඩ භාර ගැනිමෙන් පසුව සිය සමිපතමයන් නැගු ප්‍රශ්ණ වැලකට පිලිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ… “ජනාධිපති එයාගේ අය බේරාගත්තා එච්චරයි ” යනුවෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.