ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 23, 2016

යාපනයේදී පොලිසියේ දෙදෙනකු කපලා

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ ඒකකයේ සැරයන්වරයකු හා කොස්‌තාපල්වරයකු  (23 දා) දහවල් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට ඇතැයි යාපනය පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.
තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩි වශයෙන් තුවාල සිදුව ඇත්තේ පොලිස්‌ කොස්‌තාපල්වරයාට බව වාර්තා වෙයි. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්‌ව තිබෙන්නේ පොලිස්‌ වෙඩි තැබීමකින් මියගියේ යෑයි කියන විශ්වවිද්‍යාල සිසුවාගේ කන්දරෝඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙළෙඳසලක්‌ අසල නතර වී සිsටි අවස්‌ථාවකදීය.වීඩියෝ සහිතයි

ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීම...!!!

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදය යනු ඇමරිකාව විසින්ද ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස නම් කර තිබූ එකකි. උන් විසින් අප මායිම් ගම්මානවල සිංහලයන් කපා කොටා මරා දැමූ අන්දමද, අහිංසක බඩ දරු මවුවරු පවා බඩ පලා ඝාතනය කළ අයුරුද, සාමණේaර හිමිවරු කැති පොරෝවලින් කපා දැමූ අයුරුද, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසක මවුවරු සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ අන්දමද අප යළි මතක්‌ කර ගත යුතු වේ. කෙදිනකවත් පරාජය කළ නොහැකි යෑයි නමක්‌ දරා සිටි, රටේ ජනාධිපතිවරු 4 දෙනකුට ජයගත නොහැකිවුණු එම ත්‍රස්‌තවාදය 2009 මැයි 19 වැනි දින විනාශ කළ පසු රටේ ජනතාව පාරවල් දිගේ කිරිබත් පිස ප්‍රීති වූ අන්දම ද අප මතක්‌ කර ගතයුතුය. ඒ ඔවුන්ට එදා සිට ජීවත්වීමේ නිදහස ලැබුණු නිසාය. මනුෂ්‍යයකුට වෙන කවර නිදහසක්‌ තිබුණ ද ජීවත්වීමේ නිදහස නොමැතිනම් ඒ "නිදහසෙන්" කවර ඵලක්‌ ද? එසේ නිදහස ලැබූ ජනතාව අද ඒ නිදහස ලබාදීමට දිවි හිමියෙන් කැපවූ රණවිරුවනට මෙසේ නින්දිත ආකාරයෙන් සලකන විට මුනිවත රකිනු දැකීම කෙතරම් නම් ඛේදජනකද.?

අළුයට ගිණි නැවත ඇවිලෙන යාපනය නොසන්සුන්...!!!

.‘චුන්නාකම් කොල්ලය බේරන්න ගිය පොලිසියට ගහලා‘

යාපනයේ චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පහර කෑමට ලක්වූයේ කඩයකින් කප්පම් ගැනීමේ සිදුවීමක් පාලනය කිරීමට ගිය අතරතුර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී ආනන්ද ජයසිංහ  නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි හය දෙනකු කඩයෙන් කප්පම් ගැනීමට යෑමේදී එය සමථ කිරීමට පොලිසියේ දෙදෙනා ගොස් ඇති බවත්, එහි දී පහර දීම සිදුවී ඇති බවත් ජයසිංහ  පවසයි.

වන්නි මෙහෙයුමේ විරුවන් මට්‌ටු කරන්න ඩයස්‌පෝරාව හිලරිට සෙට්‌ වෙයි

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යයි දක්‌වන කොන්දේසි ඉදිරිපත් කරමින් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරාව ජනාධිපති අපේක්‌ෂක හිලරි ක්‌ලින්ටන්ට සහාය දැක්‌වීමට ඉදිරිපත් වී ඇත. 
හිලරිට සහාය දැක්‌වීම සඳහා මෙම ඊළම්වාදීන් ටැමිල්ස්‌ ෆො හිලරි යනුවෙන් සංවිධානයක්‌ද ආරම්භ කර තිබේ. 
හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත යොමු කරන ලෙසද එකී ඊළම් ඩයස්‌පෝරා සංවිධානය ඉල්ලා ඇත. 

හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CID යට...!!!

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි.
හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇ
ත.
මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

මං ආසන 47ක් තිබුණු රනිල් අගමැති කලා.. ලෝකෙ කොහෙවත් එහෙම කරලා නෑ.. !!!

ඒ හඬ නැගුවේ මගේ හෘද සාක්‍ෂියයි..
අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විවිධ චෝදනා පරීක්‌ෂා කිරීම සඳහා හිටපු ආරක්‌ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බවත්, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් පසුගිය 12 වෙනිදා පවත්වන ලද කතාව, හිටි හැටියේම දේශපාලන පිටිය ගිනි කන්දක්‌ බවට පත් කළේය. තවමත් එම ප්‍රකාශයේ උණුසුම නිවී ගොස්‌ නැත. පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ වරුවේ පරිසර අමාත්‍යවරයා ලෙස නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට තදින් කතා කළ ජනාධිපතිවරයා, මධ්‍යහ්න කාලයේ සිය නිල කාමරයට පැමිණ රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු වැඩ බලන අමාත්‍යවරු ලෙස පත් කිරීමේ සහතික අත්සන් කළේය.

එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් කෙරේ..!!!

පසුගිය වසරේ මහ බැංකුව විසින් සිදුකල බැඳුම්කර නිකුතුවේදී එවකට මහ බැංකු අධිපති කිසිදු වරක් කර නැතැයි කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් වාර්තාවක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව එජාප වාර්තාවෙන් බැදුම්කර වංචා චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපතිවරයා නිදොස් කර තිදහස් කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු තීරණය බෙදු තීරණයක් වන අතර එජාපය පවසන්නේ බැදුම්කර වංචාවක් සිදුව නැති බවයි.

බැදුම්කර රෙදි ලිහමින් කෝප් වාර්තාව බහුතරයෙන් සම්මතයි.. කිපුණු එජාපයෙන් සුදුහුණු ගාමින් වෙනම වාර්තාවක්..!!!

ගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණය ගැන එහි සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව බහුතරයෙන් සම්මත වී තිබේ.
එහෙත් ඊට විරොේධය පල කර ඇති එජාප නියෝජිතයින් තවත් වාර්තාවක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් විශාල ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රීලංකා බැoකුවේ සිදු වු මහා භාණ්ඩාගාර බිල් පත් මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපර කමිටුවේ අවසන් වාර්තාව සඳහා කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය ගැනීමට නොහැකිවී එම සාමාජිකයින් අතර විශාල අර්බුදයක් හටගෙන ඇත.
මේ අනුව බොහෝ දුරට සියලු දෙනාගේ එකඟතාව මත එම වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වය හමුවේ බොහෝ දුරට මෙම ආන්දොලානාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මත දෙකක් සහිතව එලි දැකවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.

සෑම පුරවැසියෙකුටම ණය පොලිය වාර්තාගත ලෙස ඉහලට...!!! බැදුම්කර බෑණාගේ මගඩියේ රග මේ මස මහ බැංකු වාර්තාවෙන් හෙළිවේ..

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැoකු මෙන්ම සියලු වානිජ බැoකු මගින් රටේ සියලුම පුරවැසියන්ගේ අවශ්‍යතාවය සඳහා ලබාදෙන සෑම ණය මුදලකටම 2015 ජනවාරි මාසයේදී හෝ ඊට පෙර තිබූ පොලි අනුපාතයට වඩා එකට එකක් ගෙවිමට සිදු වී ඇති බව මහබැoකුවේ මේ මාසයේ උපුටා දක්වන වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව වාහන ලීසීo ,නිවාස ණය, මෙන්ම ව්‍යපාර සඳහා ගන්නා සියලු ණය සඳහා මෙය බලපැවත්වේ, සාමාන්‍යයෙන් සුළු හ මධ්‍ය පරිමාණයේ ව්‍යයාපරයක් සඳහා 2015 ජනවාරියට පෙර 7% කට ලබාදුන් ණය මේ වනවිට 14% දක්වා වැඩිකොට ඇත. එමෙන්ම 9% සිට ලබාදුන් නිවාස ණය 15% දක්වා වැඩි කොට ඇත. ලීසිo සඳහා රුපියල් ලක්ෂයක් වසර 5 [ වාරික 60] කින් ගෙවිම සඳහා රුපියල් 1980.00 ට තිබු වාරිකය මේ වන විට රුපියල් 2400.00 දක්වා වැඩි වී ඇත.

බැදුම්කර මගඩියක් නෑ කියන මැතිඇමතින්ට බැදුම්කර බෑණාගෙන් රට සවාරි වාසනා.. !!!

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කියන බැදුම්කර අක‍්‍රමිකතාවය සාධාරණීකරණය කිරීමට කටයුතු කරමින් සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරැන්ට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් සියළු වියදම් දරමින් රට සවාරි ලාබෙ දන බවට ජනති විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මෙන්න ‘නිවාස ඉන්ටවු’

ඇමති සජිත් පේ‍්‍රමදාස  විසින් නිවාස ලබා දීම සදහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ජාලයේ හුවමාරු වෙමින් ඇත.
මේ එම වීඩියෝවයි.

සියළු වල් අලි අල්ලා විකුණා අයවැය හිගය පියවන යෝජනාවක්..!!!

 අලි-මිනිස් ගැටුමටත් විසදුමක්ලූ....
2017 අයවැය සදහා විකල්ප ක‍්‍රම ඔස්සේ මුදල් සෙවීමට මෙරට වන අලි අල්ලා විදේශයන්ට විකුණා දැමීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
මෙරට ආර්ථිකය සම්බන්ධ ඇමතිවරැන් කිහිප දෙනෙකු හා නිලධාරීන් පිරිසක් අතර පැවත සාකච්චාවකදී මේ යොජනාව ඉදිරිපත්ව ඇත.
මෙමගින් එක වරම අයවැයට කෝටි ගණනක් මුදලක් සොයාගැනීම, පෙරහැරවල්වලට අලි ලැබීම, අලි මිනිස් ගැටුමට ස්ථාර පිලිතුරක් ලැබීම, අලි වැට සදහා යන වියදම් ඉතිරි වීම ඇති ලාබ රැසක් එකවර ලබෙන බවද යෝජනාව ඉදිරිපත් කල ඇමතිවරයා පැහැදැලි කර ඇත.

මං රැකියා දෙන වේගයට මහින්ද බයවෙලා.. සජිත්ගේ මහා දැනුම් සම්භාරය රටටම ලිහා පෙන්වයි..

තමන් රැකියා ලබා දෙන වේගය දැක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  කලබලයට පත්ව ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස  පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට මීගහජදුරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
යහපාලන රජය යටතේ ඉදිරියේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ විරැකියාවෙන් සිටින පන්ලක්‍ෂයකට රැකියා ලබා දෙන බවද ඔහු කියා සිටියේය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.