ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

අස්‌ථිවල ඉදිරි තත්ත්වය ගැන සයිටම් එකට වගකීම භාරගන්න බෑ...!!!

 විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යායතනයේ තැන්පත් කර තිබූ අස්‌ථි කොටස්‌ තොගයක්‌ පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගියා. අධිකරණ නියෝගයක්‌ අනුව ඒවා රැගෙන යැමේදී එම අස්‌ථි බහාලුම් සයිටම් ආයතනය ලවා  මුද්‍රා  තැබුවේ නෑ. එනිසා එම අස්‌ථිවල ඉදිරි තත්ත්වය අපට භාරගන්න බැහැ යෑයි දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ (සයිටම්) සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ නිර්මාතෘ සහ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පැවසීය.
එම රෝහලේ ශ්‍රවණාගාරයේ  (20 දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු  මෙසේද කීය.

'කොටි හඬ' පවත්වාගෙන ගිය පාෂාණ පබ්බත විහාරයේ අයිතිය ඉල්ලති...!!!


නැගෙනහිර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු 'කොටි හඬ' පවත්වාගෙන ගිය පාෂාණ පබ්බත විහාරයේ අයිතිය ඉල්ලති

දෙමළ සන්ධානයේ නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති පන්චායුද පාන්ඩියන් ඇතුළු නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස්‌පති නිමල් පෙරේරා  ඇතුළු පිරිස පාෂාණ පබ්බත විහාර භූමියේ දී විහාරාධිකාරී හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වන අයුරු.

කලක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණා මලය කොටි හඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණා ගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාසාන පබ්බත විහාරයේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු ට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළහ.
පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තිබූ බවයි.

ණය ගෙවාගන්න බෑ… හම්බන්තොට වරාය චීනයට පවරනවා.. – මුදල් ඇමති

හම්බන්තොට වරාය චීනයට පවරා දීමට කටයුතු කරන බව මුදල් ඇමති කරුපයියා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එම වරාය ඉදිකිරීමට ලබාගෙන ඇති අධික ණය ගෙවා ගැනීමට නොහැකි නිසා මෙම පියවර ගත් බවත් එහිදී 20%ත අයිතියක් වරාය අධිකාරිය සතුව තබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. කරුපයියාගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

මුදල් ඇමති කරුපයියා විසින් 2017 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නිසා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක කරන්නේ ඔහුගේ මයික්‍රෆෝනය පමණක් යයි කතානායක කරු ජයසූරිය  සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන හා ශබ්ද විකාහණ පද්ධතිය අලූත් වැඩියා කිරීම නිසා මෙසේ කටයුතු කරන්නට සිදුව ඇතැයිද කතානායකවරයා සදහන් කරයි.

සිංහ පරපුරේ රණ විරුවෙක් කටඋත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි අභීතව කියා එයි..!!!

මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කණගාටුදායක තත්වයක් යයි හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක  පවසයි.
2014 වසරේ සිදු වූයේ යයි කියන රාජ්‍ය මුල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ...!!!

 කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ
- ශිරාණි කෞෂල්‍යා‘‘මලට නොඑන බමරැු’’, ‘‘මහගෙදර’’, ‘‘දඩයම’’ හා ‘‘දොළොස් මහේ පහණ’’ වැනි චිත‍්‍රපටවල සුවිශේෂී රංගනයන් හරහා තම දක්ෂතා මැනවින් පිළිබිඹු කළ ශිරාණි කෞෂල්‍යා වසර 35කට පමණ පසු නැවතත් සිනමා රංගනයට පිවිස සිටිනවා. මීට වසර 35කට පෙර සිනමාවෙන් ඈත් වුවද, ඇය සැමදා ජනතා ආදරයට හා ගෞරවයට පාත‍්‍ර වෙමින් ඔවුන්ගේ හදවත් තුළ ජීවත් වූවාය.

ලිංගිකත්වය ඉස්මතු කළ ආන්දෝලනාත්මක චරිතයක් හරහා සිනමාවට පා තැබූ අන්දම පිළිබඳව දොඩමළු වෙමින් ඇය කියා සිටියේ රංගනයෙන් දායක වූ චිත‍්‍රපටවල තිර පිටපත් පවා ඇය කියවා නොතිබූ බවය.

ඔබ සිනමාවට පිවිසෙන්නේ සුරූපී නව යොවුන් තරැුණියක ලෙස. ඔබට ලැබුණු ආන්දෝලනාත්මක චරිත නිසා ඔබට බියක් හෝ චකිතයක් දැනුණෙ නැද්ද..?

සිරගත කර සිටින LTTE ත්‍රස්ථයන්ගෙන් කොටසක් ලබන මස 7ට පෙර නිදහස් කරන්න පොරොන්දුවෙයි...!!!

“සිරගත කර සිටින LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගෙන් කිහිපදෙනෙකු 2016.11.07 දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇතැයි විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි. 

“අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සමඟ 2016.10.17 වන දින පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා සහ ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී, ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදෙන ලදි. LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ට පොදු සමාව ලබාදී නිදහස් කළ යුතුය යන ඉල්ලීම ආර්.සම්බන්ධන් එහිදී ඉදිරිපත් කළ අතර නඩු විභාග වෙමින් පවතින LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගේ නඩු ඉල්ලා අස්කර ඔවුන්ද නිදහස් කරන මෙන් සම්බන්ධන් ඉල්ලා සිටියහ. LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගේ ගැටළු විසඳීමට රජය ඉල්ලා සිටි මාස 03 ක කාලය අනුමත කළ නොහැකි බව එම අවස්ථාවේදී සම්බන්ධන් ප්‍රකාශ කළෙය. 

කටුනායකට පැමිණි එමිරේට්ස් යානයක වැසිකිළියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් ...!!!

 ඩුබායි සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරන ලද ගුවන් යානයක වැසිකිලියක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 19  දා  ඊ. කේ. 650 දරන එමිරේට්ස් ගුවන් යානය උදෑසන 8.30ට කටුනායකට ගොඩ බැසීමට සූදානම්ව තිබුණ අවස්ථාවේ ගුවන් සේවිකාවන් මගීන්ට බෙල්ට් පළඳින ලෙස දැනුම් දීම් කරමින් යද්දී එක් පුද්ගලයෙකු දීර්ඝ වේලාවක සිට අතුරුදන්ව සිටින අයුරුත් යානයේ වැසිකිලියක දොරක් වසා තිබෙන අයුරුත් නිරීක්ෂණය වී තිබේ.පසුව සිදු කරන ලද පරීක්ෂාවේදී එසේ අතුරුදන්වූ පුද්ගලයා එම වැසිකිලියේ ඇතුළේදී මියගොස් සිටියදී හමුව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සංචාරක වීසා මත ලංකාවට පැමිණීමට සිටි බ‍්‍රිතාන්‍ය ජාතික ජොන් ස්ටුවඞ් ප‍්‍රින්ගල් 72  නමැත්තකු බව පොලිසිය කියයි.

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු...!!!

මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න 20 වරෙන්තු නිකුත් කළාය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

මීට පෙර ද උදයංග වීරතුංග  අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න දැනුම් දුන්නේ උදයංග වීරතුංග  ඒ වන තෙක් අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.

මෙන්න යහපාල නයාගේ නල්ල මලේ සංහිඳියාව ....!!!

මන්නාරමේදී හමුදාවට වටකර පහර දෙති.. අසාධ්‍ය සෙබළුන් තුනක් රෝහලේ.. හමුදාව වෙඩි තබා බේරෙති..
 පෙරේදා දින රාත‍්‍රියේදී මන්නාරම සිලාවතුර නාවික හමුදා කදවුරේ සෙබළුන් පිරිසකට අරිප්පු ගම්වාසීන් පිරිසක් විසින් කල පහර දීමක් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ වූ තිදෙනකු මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.
සිලාවතුර පොලිසිය පවසන්නේ ඉන්දියාවේ සිට කේරල ගංජා සිලාවතුර මුහුදු තීරය හරහා ගෙන එන්නේ යයි ලද ඔත්තුවක් මත එම ප‍්‍රදේශයේ රැකවල් ලා සිටි නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි.

ජනතා සහන කිසිත් නැති කරුපයියාගේ හිවල් අයවැය 2017...!!!

ලබන වසරේ අයවැයේ විශේෂයක් වනුයේ අධ්‍යාපනයට 2016 වසර සඳහා වෙන්කොට තිබූ මුදල වන රුපියල් බිලියන 185 දශම 9. ලබන වසරේදී බිලියන 78 දශම 9 දක්වා 60% අඩු කොට ඇත, එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ වසරේ වෙන් කරන ලද බිලියන 55 මුදල බිලියන 21 දක්වා අඩු කොට ඇත, එමෙන්ම පසුගිය රජයේ පොහොර සහනාධාර සඳහා බිලියන 30 සිට 36 දක්වා ලබාදුන් අතර මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ එම මුදල සම්පූර්ණයෙන්ම කපාහැර ඇත.
 ලබන වසරේ අයවැය යෝජනාවන් සඳහා අවශ්‍ය වියදම් ඇතුලත් විසර්ජන පනත මේ වනවිටත් ගැසට් කර ප්‍රසිද්ධ කොට ඇත, ඒ අනුව සම්පූර්ණ ලබන වසරේ වියදම් ලෙස රුපියල් බිලියන 1819 වෙන් කොට ඇති අතර එම මුදලෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් සමස්ථ අයවැයෙන් 32% එනම් බිලියන 589.9 වෙන්කොට ඇත.
එමෙන්ම මේ වසරේ ජනාධිපති ඇතුළු ජනාධිපති කාර්යාලය වෙනුවෙන් බිලියන 2 දශම 3 ක් වෙන් කොට තිබූ අතර 2017 වසර සඳහා බිලියන 7දශම 4 දක්වා වැඩිකොට ඇත මෙය ජනාධිපතිවරයාට අයත් අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 343 දශම 4 ට අමතරවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.