ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 15, 2016

තවත් බළල් සිනමා නිර්මාණයක්...!!! සම්පූර්ණ සිනමාපටය නරඹන්න

සිඳු ටෙලි නාට්‍යයේ සරණයාගේ වග...!!! මේ දවස්වල අපේ රූපවාහිනී නාලිකාවල නහුතයක් පෙන්වන කසිකබල් ඉන්දියානු ටෙලි කබල් වලට ඇබ්බැහි වුන පිරිසට අපේ දේශීය ආදේශකයක් ලෙසින් අනුගත කරවූ සිඳු ටෙලි නාට්‍යය සෑම දෙනාගේම ආදරය දිනා තිබීම අගය කළ යුතුයි .නමුත් මේ කියන්න යන්නේ ඒ කථාවට ඔවුන් සම්බන්ධ කළ බලළ් සුරතලාගෙ පරම්පරාව ගැන. මෙතෙක් නොවක් ඇණුම් බැණුම් ,මැද්දෙ ලිප් බොක්කෙ නිදාසිටි කාගෙවත් අවධානයක් නොලද සුරතළා වන පූසන් ගැන.
අපේ රටේත් කැළෑවල වල් බළලා ලෙසින් හඳුන්වන බිළාල වර්ගයක් සිටියද බළලුන් ආනයනික සත්ව විශේෂයක් . අප රටට පෘතුගීසීන් ආ කළ ඔවුන්ගේ බළකොටු වල ඇතළත විශාල ලෙසින් මීයන් බෝ වී තිබෙනවා මීට ප්‍රතිකර්මයක් ලෙසට ඔවුන් සිය මව් රට වන පෘතුගාලයෙන් බළලුන් ගෙන්වා තිබෙනවා.
ඒ ආ බළලුන් අපරට තුළද සීග්‍ර ලෙස වර්ධනය වී ඇත.
කෙසේ වෙතදු බළලා යනු ලොව පුරා ප්‍රචලිත සුරතලෙක් .පිරිසිදුව සිටීමට ඇත්තේ විශාල කැමැත්තක්.බිළාල කුලයේ සතෙක් වන බළලා හට දිවියන්,කොටියන් සහ සිංහයන් මෙන් උරුම ගති සහිත වෙනවා.උසකින් පැණීම,වේගයෙන් දිවීම උන්ට පහසු දෙයක්.බළලුන් සිනමා පටවලට යොදා ගැනීම ඉතා අසීරු කරුණක්.මන්ද මේ සතුන් හිතුවක්කාරී සහ කුඩා දෙයින් පවා කළබල වන්නන් නිසා.
බළල් හැසිරීමේ විවිධ රූප රාමු කථාවට අවැසි ලෙසට විටින්විට යොදා කථාව ගොඩ නැගීමයි මෙහිදී සිනමා ශිල්පීන් කරනුයේ.සිඳූ ටෙලි නාට්‍යයේද එය ඵසේ බව පැහැදිලිව ඔබට පෙනේවි.සුරතල් බළලුන් දෙදෙනෙක් යොදවා නිර්මාණය කළ ඉතා මනරම් සිනමා නිර්මාණයක් ජපානයේ නිපදවා තිබෙනවා. සම්පූර්ණ සිනමාපටය නැරඹීමට පහත

රියැලිටි තරුවලට කාර් දෙනවා නම් වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනෑ...!!!

ලක්‍ෂ්මන් විජේසේකර දකින ඇත්ත ...!!!
”ඇයි අලූතින් ගීතයක් එහෙම නිර්මාණය නොකෙලේ?”
  මම හැම ප‍්‍රවීණයකුගෙන්ම අසන ප‍්‍රශ්නය ලක්ෂ්මන්ටද යොමු කරමි.
”ගීත කලාට ප‍්‍රචාරය කරගන්න බැහැනේ.. ඉතිං මොකටද සිංදු කරන්නේ. අද කවුරුත් වගේ ඒ අයගේ පරණ සිංදුවලින් යැපෙනවා විතරයි. හැබැයි ඒ හැමෝම දැන් සිංහල සිංදු කියන්න ගන්න ගාන වැඩි කරලා. ඒකට හේතුව තමයි රියැලිටි තරු ගාස්තුව ලක්ෂයක් විතර අය කිරීම. එහෙම අය කරලා ඒ අය කියන්නේ අනුන්ගෙ සිංදු. මේ නිසා ඒ සිංදුවල සැබෑ හිමිකාරයන්ටත් තමන්ගේ ගණන් වැඩි කරන්න සිදු වුණා. මේකෙන් ගෘහස්ථ ප‍්‍රසංග සංවිධානය කරන අය අසීරුවට පත්වෙලා.”
ලක්ෂ්මන් වර්තමාන සංගීත ක්ෂේත‍්‍රයේ ස්වභාවය ගැන කතා කරන්නට පටන් ගත්තේය.
”අද රියැලිටි තරුවලට කාර් දෙනවා. හරි නම් තරු අතරෙත් තරුවක් වුණු වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනේ. මේ ඔක්කොම වෙනස්කම් කරන්නේ මාධ්‍ය ආයතනවලින්. ඒත් රූකාන්තගෙන් පස්සේ අපේ සංගීත ක්ෂේත‍්‍රයට දැනෙන වෙනසක් කරන්න ඔය කාටවත්ම බැරි වුණා.

මිරිස්... මිරිස්... කවුද බොලේ මිරිස්....!!! බූරු හිපාටුවෙක් ගැන...!!!

ගායකයෙක් කියාගත්තු හිපාටුවෙක් වයසක මනුස්සයෙකුට මූණ පොඩි වෙන්න ගහපූ සීන් එකක් මේ දවස්වල

කතාබහට ලක්වෙනවා. සමහර මීඩියාවල මේ යකා කලාකාරයෙක් කියලා සඳහන් වෙලා තිබුණා. මේ වගේ බූරු පුතාලට කලාකරුවෝ කියනවානම් ඇත්ත කලාකරුවන්ට මොකක්ද කියන්නේ? අපේ රටේ කලාකරුවෙක් වෙන්න, නිර්මාණශීලී හැකියාවක් ඕනම නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමති කියනවා වගේ අපේ රටේදී කලාකාරයෙක් වෙන්න, ඕන ගොනෙකුට පුළුවන්. දැන් මේ  සමහරු මී හරකෙක් වගේ වයසක මිනිසුන්ටත් අනින්න පනින එකෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා.
මේ වගේ සිදුවීම්වලින් නැවත නැවතත් ඔප්පු වෙනවා අපේ රටේ කලාකරුවන් කියාගන්න උන්ගේ හැටි. අපේ රටේ කලාවට ගිය කල ගැන ඉතාම කනගාටුයි. මීඩියාවලින්ම හුළං ගහලා පුම්බන සමහර සුකිරි බටිල්ලෝ එක මෙගා ටෙලියක ඉඳපු ගමන් හරි, බැරි මරගාතේ සිංදුවක් කියපු ගමන් හරි කලාකාරයෝ කියාගෙන මාර ෂෝ තමයි දාන්නේ.
ඊට පස්සේ මුන් දාන්නේ මාර කැටයම් තමයි. අපේ රටේ කලාකාරයෝ කලාකාරියෝ කියාගන්නා චූ කෙල්ලෝ, කොල්ලෝ ළඟ තියෙන කැටයම් ඇම්බැක්කෙත් නෑ. මුන්ට කලාකරුවෝ කියන වචනය පාවිච්චි කිරීම වහාම නවත්තන්න ඕන. නැත්නම් ඇත්ත කලාකරුවන්ට එකෙන් ලොකු ආසාධාරණයක් වෙනවා.....වීඩියෝ සහිතයි

මළ සිරුරු ගෙන්න එපා : ජාතික රෝහල පොලිසියට කියයි...!!!


කොළඹ ජාතික රෝහලට  පොලිසියෙන්  රැගෙන එන නාදුනන මළ සිරුරු බාර  ගැනීම තාවකාලිකව නතර  කළ බව නියෝජ්‍ය  සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂ ජනරාල්  කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ  කියයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය  පොලිස්පති මගින් කොළඹ සියලුම පොලිසිවලට  දන්වා ඇතැයි ඔහු කියයි.

ග්‍රන්ථය පළ කරන්නටත් පෙර ඉරාන ලේඛිකාවකට සය අවුරුදු සිර දඬුවම...!!!

ඉරානයේ ගල් ගසා මැරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේදින වල කෘතියක්  රචනා කරමින් සිටින ඉරාන ජාතික කතුවරියට ඇයගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට පෙර එරට අධිකරණය විසින්  සය අවුරුදු සිරදඬුවමක් නියම වී සිද්ධියක් බ්‍රිතානයයේ ‘‘ ද ගාඩියන් ‘‘ පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ කතුවරියක් හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ගොල්රොක් එබ්‍රාහිමී අරායි (Golrokh Ebrahimi Iraee) නැමැත්තියටය. වීඩියෝ

මාව අල්ලන්න ලෝකේ වටේ දුවන්න ඔනෑ නෑ …හිටං…..වරෙව් යුක්රේනියාවට...!!!

හිටං හුටං ආණ්ඩුව මගේ පවුලේ සියලුම සම්පත් උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි
රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරමින්, මගේ අතිශයින් පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස 18ක් රදවාගෙන සිටිය යහපාලන යමපල්ලෝ පසුගිය 30 වෙනිදා එය රුපියල් ලක්ෂ 16.5 කට ද්‍රවිඩ ජාතිකයකුට වෙන්දේසි කර ඇත. තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු නොකළ බවට චෝදනා කරමින් එදා මගේ කන්ටේනරය විදේශ කටයුතු ලේකම් විසින් නිදහස් නොකරන ලදී. එසේ නමුත් මා විසින් 2015 වසරේදී එම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කල බවට සැප්තැම්බර් 08 දින එස්. බී. නාවින්න අමාත්‍යවරයා පාර්ලි‌‌මේන්තුවේදී කල ප්‍රකාශ කළේය. එයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තුවිය. ඒ නිසා යහපාලකයෝ කුපිත වී මගේ පුද්ගලික භාණ්ඩ සහිත කන්ටේනරය අපිට හොරෙන් වෙන්දේසි කිරීමට කටයුතු කළේය. මෙම කන්ටේනරය තුල අඩංගු නීතිමය කටයුතු සඳහා උසාවියට ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන ඇතුළු වාණිජමය වටිනාකමක් නැති භාණ්ඩවත් අවම වශයෙන් අපට භාර දෙන ලෙස රටෙහි ජනධිපතිගෙන් මිත්‍රශීලීව ඉල්ලා සිටිය නමුත්, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.