ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 14, 2016

ජාතික ගීය දෙමළෙන් ගැයීමේ පෙත්සම විභාගයට...!!!


හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී   ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්,එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ  (14) තීන්දු කළේය.

ලසන්ත ඝාතකයා වරද පිලිගනී. බුද්ධි අංශයට ලිපියක් ලියා තබා එල්ලී මැරේ...!!!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරියෙකු  (14) අලුයම සිය නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. 
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි.
කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන, දෙහිපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි තිදරු පියෙකු බවයි. 
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බව පොලීසිය සඳහන් කරයි. ඔහුගේ ලිපිය සහ වීඩියෝව පහතින්.

ඵල්ලී මළාද මරා ඵල්ලුවාද..? හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම....!!!

ඝාතනයන් හමුදා බුද්ධි අංශයට පැටවීමේ කුමන්ත්‍රණයක්-සාජන් මේජර් ජයමාන්න ඝාතනය කළාද...?
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම ගත් විශ්‍රාමික සාජන් මේජර්වරයෙක්  (14) උදෑසන එල්ලී මිය ගොස් ඇති බවට  පොලිසිය හරහා සිදුකල අනාවරණය සැකයට තුඩුදෙන කරුණක් බව තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් වූ ජයමාන්න නැමැත්තෙක් බවත් ලසන්ත ඝාතනය කළේ තමන් බව හා වෙනත් පරීක්ෂණ අනවශ්‍ය බවත්, මේ ඔස්සේ සොයා බලා පරීක්ෂණ මෙහෙයවා දැනට අත්අඩංගුවේ සිටින සාජන් මේජර් උදුලාගම නිදහස් කරන ලෙසත් ඔහු ලිපියක් ලියා තබා ඇතැයිද ඒ ලිපිය රහස් පොලිසිය වෙත යොමු කරන ලෙසත් දන්වා තිබේ.
කෙසේවෙතත් අදාළ මේජර්වරයා  ලසන්ත වික්‍රමතුංග ඝාතන වන විටත් මෙම සාජන් මේජර් විශ්‍රාම ගොස් ‍බොහෝ කලක් ගතවී ඇති බව දැනට අනාවරණය වි තිබේ.
ජනවාරි 8 වැනිද සිරිසේන -රනිල් එක්ව පිහිටවනු ලැබූ බෙදුම්වාදී ආණ්ඩුවේ පලමු මෙන්ම ප්‍රමුඛ කාරණය බවට පත්වුයේ ප්‍රභාකරන් ඇතුලු කොටි පරාජය කර ඊළාම් සිහිනය විනාශ කල හමුදාව පාවාදීම සදහා විවිධ මෙහෙයුම් දියත් කල අතර මේ හරහා සියළු ඝාතනයන් හමුදා බුද්ධි අංශයට පැටවීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි පැහැදිලිව දක්නට ඇත්තේ.ලසන්ත ඝාතනය යලි කරලියට පැමිණ ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාභයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය.

“ඌ මටත් වඩා හොරෙක්“: නාමල් තමන් හොරෙක් බව ප්‍රසිද්ධියේ පිළිගනී (Video)

තමාව අත් අඩංගුවට ගත් FCID නිලධාරියා මිනීමැරුම් චෝදනාවකට ඇප මත සිටින අයෙක් යයිද තමා ඔහුට විරුද්ධව නඩු පවරා ඇතැයි ද කී නාමල් රාජපක්ෂ “ඌ මටත් වඩා හොරෙක්“ යයි පැවසීය. එනම් තමාද හොරෙකු බව නාමල් විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.
ඔහු මේ ප්‍රකාශය කෙළේ පසුගියදා හම්බන්තොට පැවැති රැස්වීමක දී ය.
අදාල වීඩියෝව පහතින්

ඥාණසාර හිමී සිරගත කිරීමේ වෑයම තව දුරට...!!!

ඥානසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්...!!!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුවේදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් එම හිමියන්ට එරෙහි සංශෝධිත චෝදනා පත‍්‍රයක් නීතිපතිවරයා අභියාචනාධිකරණයට  (13)  ඉදිරිපත් කළේය.
මීට පෙර ඉදිරිපත් කර තිබූ චෝදනාපත්‍රය සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළේය.

බැසිල්ගේ මල්වානේ ඉඩම විකුණන්න උසාවියෙන් නියෝග


මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ  නියෝග කළේ එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙසයි.

චුන්නාකම් හිටපු ඕඅයිසීත් රිමාන්ඩ්...!!!


යාපනය චුන්නාකම් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවකු මිය යාමේ සිද්ධියට සම්බන්ධ බව කියන චුන්නාකම් පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු සිව් දෙනෙක් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ.ආනන්දරාජා  අද (14) නියෝග කළේය.
එමෙන්ම මොවුන්ව විශේෂ ආරක්‍ෂාවක් යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට චෝදනා එල්ල වන ඥානලිංගම් මයුරන් නමැති පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරයා තෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.

බැඳුම්කර හොරාගේ බෑණාගේ අටුකොටු පිරිලා...!!!

බොන්ඩ් මහේන්ද්‍රගේ බෑණාගේ බැදුම්කර සමාගමේ අවසන් මාස 14ක ශුද්ධ ලාබය බිලියන 10 (කෝටි දහස) පනී... 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුප‍්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාබය මාස 14ක කාලයක් තුලදී රුපියල් බිලියන 10.1ක් බවට මහ බැංකුවේ අභ්‍යන්තර වාර්තාවක් උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.මෙම සමාගමේ ලාබය මෙතරම් ඉහල ගියද එම කාලය තුලදී ඒ හා සමාගම හෝ ඊට වඩා ප‍්‍රබල ගැණුම්කාර සමාගම් සියල්ල එම කාලය තුළදී වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් මිලියන 533කි. පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම සේවකයින් 20-25ක් වැනි සුළු පිරිසකයෙන් යුක්ත වන අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙයි.කලින් වාර්තා වූයේ ගිය වසරට අදාල සමාගමේ ලාබය බිලියන 5.1ක් ලෙස වුවත් ලාබය බිලියන 10.1ක් යයි අලූත්ම වාර්තා හෙලි කර ඇත.

 අදාල පුවත් වාර්තාව මෙන්න

රටේ බහුතර ජනතාවගේ අහේනිය මැද්දේ සැප වාහන ගෙන්වාගත් අපතයන්ගේ හෙළිදරව්ව මෙන්න...!!!

ඒ අතර  අතුරළියේ රතන මෙන්ම ජනක බණ්ඩාර තෙන්නකෝන්,චමල් රාජපක්‍ෂ ,ගාමිණි ලොකුගේත්...!!!
අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බව ඔහු සඳහන් කරයි.
මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල චැසි නම්බර් සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඔහු කියයි.
රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට රුපියල් බිලියන 40ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නොවැම්බර් 20දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති බවත්, ඔහු පෙන්වාදෙයි.

රජයට කෝටි ගාණක බදු අහිමිකරමින් Hummer ඇතුළු සැප වාහන70ක් දැනටමත් ගෙනල්ලා - ලැයිස්තුව මෙන්න

 එම මන්ත්‍රීන් 70 දෙනාගෙන් 66 දෙනෙකුගේ විස්තර පහත පරිදිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.