ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සහ තවත් පිරිසක්
ඊයේ කොළඹ ගංගාරාම ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සාමාජ ශාලාවකදී ගැටුමක්
ඇතිකරගෙන ඇති බවට වාර්තා වූවා..
එහිදී පහර කෑමට ලක්වූ ආරක්ෂක නිළධාරියා මෙසේ මාධ්‍යයට තම අදහස් දැක්වී ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, October 10, 2016
දහම් ගෙන් ගුටිකාපු ආරක්ෂක නිළධාරියා ක`දුලූ පිරි දෑසින් මාධ්‍යට කියන සංවේදි කතාව
Posted by
lankanews
at
October 10, 2016
0
comments
Links to this post
Labels: colombo casino, colombo night clubs, daham, daham attack, daham sirisena, lankanews, meithreepala family, yahapalanaya
මහින්ද රාජපක්ෂගේ දෙබිඩි දේශපාලනය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා දෙමළ මාධ්‍යවේදීන් පිරිසක්
බත්තරමුල්ලේ පිහිටි තම දේශපාලන කාර්යාලයේදී මුණ ගැසී තිබිණි. දෙමළ භාෂාවෙන්
මාධ්‍යකරණයෙහි නිරත එම මාධ්‍යවේදීන් සමඟ කළ කතාබහේදී හිටපු ජනාධිපතිවරයා
දැක්වූ අදහස් පිළිබඳව උණුසුම් කතිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. ඒ මූලිකවම
ඔහු එහිදී දැක්වූ විවාදාත්මක අදහස් හේතුවෙනි. සිංහල ජාතිවාදියකු ලෙස චිර
ප්‍රසිද්ධව සිටින මහින්ද රාජපක්ෂ එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබුණේ ඊට
මුළුමනින්ම පටහැනි ආකාරයටය. වත්මන් රජය දේශපාලන සිරකරුවන් නිදහස් කරද්දී
කොටින් නිදහස් කරන බව කියමින් උස් හඬින් ඝෝෂා කළ රාජපක්ෂ හිටපු
ජනාධිපතිවරයාගේ ස්වරය දෙමළ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වත්දී ඊට වඩා සෑහෙන
මෘදු බවට හැරී තිබිණි. අපරාධ චෝදනා නොමැති දේශපාලන සිරකරුවන් නිදහස්
කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කර තිබූ රාජපක්ෂ මහතාගේ ස්ථාවරය ඒ පිළිබඳ වන
යහපාලන රජයේ ස්ථාවරය සමඟ මුළුමනින්ම පෑහුණි. මෙම මාධ්‍ය හමුවේදී හිටපු
ජනාධිපතිවරයා හොඳම “චරිත සහතිකය” ලබා දී තිබුණේ සී. වී. විග්නේශ්වරන් උතුරු
පළාත් මහ ඇමැතිවරයාටය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයින් පමණක් නොව උතුරේ දෙමළ දේශපාලනඥයන් පවා විග්නේශ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරන පසුබිමක හිටපු ජනාධිපතිවරයා මහ ඇමැතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විස්මයජනක එකක් විය. තමන්ගේ සමයෙහි මාධ්‍ය නිදහසක් පැවැති බවට සුපුරුදු පුරසාරම මෙම හමුවේත් දිගහැර තිබු හිටපු ජනාධිපතිවරයා තවත් බොරු බේගල් රැසක් එහිදී ඇද බා තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයින් පමණක් නොව උතුරේ දෙමළ දේශපාලනඥයන් පවා විග්නේශ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරන පසුබිමක හිටපු ජනාධිපතිවරයා මහ ඇමැතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විස්මයජනක එකක් විය. තමන්ගේ සමයෙහි මාධ්‍ය නිදහසක් පැවැති බවට සුපුරුදු පුරසාරම මෙම හමුවේත් දිගහැර තිබු හිටපු ජනාධිපතිවරයා තවත් බොරු බේගල් රැසක් එහිදී ඇද බා තිබිණි.
Posted by
lankanews
at
October 10, 2016
0
comments
Links to this post
Labels: lankanews, mahinda, mahinda government, Mahinda Rajapaksa, mahinda rajapakse, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
