ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 25, 2016

හොර කරුප්පයියා ගේ පට්ට තීරණ...!!! සතුටුයිද දැන්...!!!

රජයේ සේවකයන්ට සහන මිලට යතුරුපැදි දීම නවත්වනවා. බස් එකේ යන්න...!!!


 රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති කරුප්පයියා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.අද වන විට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප‍්‍රවාහන සේවය දුර්වල තත්වයක පැවති නිසා බවද පැවසීය.

රෙද්ද පල්ලෙන් බේරෙන සහජීවනය..

LTTE ත්‍රස්තවාදීන් දකුණේ දහස් ගණන් මිනි මරනකොට ඒවාට හුරේ දාපු උන්
දැන් පන්සල් එපා බුදුපිළිම එපා කියලා උද්ඝෝෂණ පෙලපාලි යනවා
රෙද්ද පල්ලෙන් බේරෙන සහජීවනය..රෙද්ද පල්ලෙන් බේරෙන සහජීවනය..

කමල් ගුණරත්නට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉලනවා ...!!!

ප්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි ...සරත් ෆොන්සේකා පවසයි .!!!  මේ වළත්තුවාගේ කුහකත්වය නැවත පෙන්වන සාක්‍ෂි සහිතවන සිදුවීමකී.යුද්ධයේ අවසන් භාගයේ මූ සිටියේ චීනයේය .ඒ ද මුගේ බෑණා වන ධනුන තිලකරත්නගේ ආයතනය මගින්ම ආයුධ ගෙන්වීමේ වාසි සහගත මුගේම කොන්ත්‍රාතුවකී .මේ සර්පයා ගැන මින් ඉහතදීද පෙන්වා දුන්නෙමු.මේ තිරිසනාගේ මෙවර කථාව මෙසේය.

 කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිප්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දැවැන්ත මුදල් අර්බුදයකට

ගෙවුම් ශේෂය ඉතා පහත අඩියකට වැටී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා සිටී.
රාජ්‍ය ණය සීඝ්‍රයෙන් ඉහළ යෑම, අතිවිශාල මූල්‍ය හිඟයක් හා විදේශ සංචිත පහත වැටීම මෙම තත්ත්වය උද්ගත වීමට හේතුකාරක වී ඇත.
ලබන වසරේදී ගෙවා දැමීමට නියමිත ඩොලර් බිලියන 4.5ක් හා ඊට පසු වර්ෂයේදී ගෙවිය යුතු ඩොලර් බිලියන හතරක් ගෙවා දැමීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැත.

වයික්කාලේ ජීවක අසපුවක අසිරිය...!!!

තැනින් තැන ගලායන දිය සීරාවන්ය. දසත ගස් කොලන්ය. පසෙකින් මාඔය ගලා බසී. ඉන් නැගෙන්නේ
අපූරු සිසිලකි. මෙය දේශගුණිය ස්වභාවික තුලනයේ මනා සංකලනයකි. ඒ තුළින් මීගමුව වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් ජීවක අසපුවේ සිරි අසිරිය මතුවේ. එය  ශ්‍රී ලාංකීය ආයුර්වේද වෛද්‍ය සත්කාර ලෝකය පුරා සිටින සංචාරකයන්ට පමණක් නොව දැරියහැකි මිලකට වෙනස් විදියේ නිවාඩුවක් ගතකිරීමට දේශීය ජනයාටද විඳින්නට හැකි ස්ථානයකි. සමන් ප්‍රියංකර එහි හිමිකරුය.


සමන් ප්‍රියංකර ප්‍රථමවරට ලියුම්කරුට හමුවූයේ 1990 මුල්භාගයේදී තායිලන්තයේ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලන සරණාගතයින් සිටි නිවසකදීය. ජවිපෙ 2වැනි කැරැල්ල ඇද වැටීමෙන් පසු 1989 අවසාන භාගයේ සිට 1991 මුල්භාගය දක්වා තායිලන්තයට පසුබැස ගොස් දේශපාලන රැකවරණ රැකවරණය ලබාගත් පිරිස 127කි. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි ජවිපෙ ඉතිරිවූ එකම දේශපාලන මණ්ඩල සභිකයාවූ  සෝමවංශ අමරසිංහ සහ ඔහුගේ පවුලේ අයද විය. ඔවුහු තායිලන්තියේ නොන්නබූරි ඇතුළු ස්ථාන 7ක සහ වට්ඉන්ද විහාර් පන්සලේ ස්ථානගතවී සිටියහ. බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන් වලට නිරතුරුව එහි ගිය ලියුම්කරු එහි ශ්‍රී ලංකා දේශපාලන සරණාගතයෙකුව සිටි විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකුවූ මානව හිතවාදි භික්ෂු සංවිධානයේ එගොඩබැද්දේ ගුණසිරි හිමියන්ගේ(පසුව උපැවිදිව වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර ජීවත්වන මුණසිංහ) ඇරයුම පරිදි එහි සිටි කිහිප දෙනෙක් එකල හමුවිය. වැලිගම සමන් ප්‍රියංකරද ඒ අතර විය.

තානාපතිනි මංගලට විරුද්ධව බිලියන බාගයක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි

විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්‍රකාශවලින් තමාට මහත් අවමානයක්‌ සිදුවූ බව දක්‌වමින් ස්‌විස්‌ටර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා මංගල සමරවීරට නඩු පවරා ඇත.මේ පිළිබඳව නඩුව නොවැම්බර් 2 දා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
තමා කොටි හිතවාදිනියක්‌ ලෙසට විදේශ ඇමැතිවරයා හඳුන්වා ඇති බව කුමානායගම් වැඩිදුරටත් දක්‌වා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.