ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 16, 2016

චීනයෙන් රොබෝ දෙවඟනක්

රොබෝ තාක්ෂණයට වඩාත් ප්‍රසිද්ධ ජපානයයි. මේ වනවිට ජපානයේ මානවරූපී (මිනිසා වගේ) රොබෝවකු එරට උසස් පාසලක සිසුන් සහ සිසුවියන් සමඟ අධ්‍යාපනය ලබන බව ද වාර්තා වේ. ‘පෙපර්’ යනුවෙන් හැඳින්වෙන එම රොබෝ නිර්මාණය කළේ ‘සොෆ්ට්බෑන්ක් රොබොටික්ස්’ රොබෝ නිර්මාණ තාක්ෂණ ආයතනයයි. ජපානයට අභියෝගයක් වෙමින්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මේ වනවිට සුරූපී රොබෝවරියන් නිර්මාණයට අත ගසා ඇත.වීඩියෝ සහිතයි

ඉල්ලීම් නොලැබුණොත් කරන දේ සම්බන්දන් කියයි...!!!


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට පිළිගත හැකි ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒම

රජය විසින් පැහැර හරින්නේ නම් යළිත් ආයුධ අතට ගෙන විසදුම් සොයනවා වෙනුවට ආණ්ඩුවේ පාලනයෙන් දෙමළ ජනතාව මිදී සිටීමේ තත්ත්වයක් අනිවාර්යෙන්ම ඇති කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක‍ෂ නායක ආර් සම්බන්දන්  පැවසීය.
සංහිදියාව වෙනුවෙන් වූ කාන්තා සංවිධානය වත්මන් දේශපාලනයයි කාන්තා දායකත්වයයි   මැයෙන් ත්‍රිකුණාමලයේ දී පැවැත්වූ වැඩමුළුවකදී විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා දෙමළ ජාතික සන්ධානය පූර්ණ දායකත්වයක් ලබා දෙන බවත් එම ව්‍යවස්ථාවෙන් දීර්ඝ කාලයක පටන් විසදුම් හිමිනොවූ උතුරේ ජනවාර්ගික අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන ඒම සිය අරමුණ බවත් සම්බන්දන්  කියා සිටියේය.

“මෙරටට ඇති අයිතිය තාර්කිකව ඔප්පුකර පෙන්වන්න.. ඊළම දෙන්නම්“ ගම්මන්පිලගෙන් අභියෝගයක්

මෙරට සුළු ජනවර්ගයක් වන දෙමළ ජනවර්ගයට ලබා දිය හැකි උපරිම අයිතිවාසිකම් තහවුරු කර තිබියදී, වෙනම නිජබිමක් පාදක කරගෙන ජාතියකට තිබිය යුතු අයිතිවාසිකම් ඉල්ලන දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හැකිනම් ජාතියක් ලෙස මෙරටට ඇති අයිතිය ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව තහවුරුකර ඊළම ලබාගන්නා ලෙස පවසා සිටියේය.වීඩියෝ සහිතයි

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

දෙහිවල ගල්කිස්ස මහ නගරසභා බල ප්‍රදේශයට අයත් ජුම්මා මුස්ලිම් පල්ලියේ හජ් දිනය නිමිත්තෙන් ඝාතනය කළ ගවයන්ගේ රුධිරය දෙහිවල ආනන්දබෝධි විහාරය සහ වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන අතරින් ගලා බසින ඇළට මුදාහැර ඇති බවත්, දින දෙකක් තිස්සේ මෙලෙස සත්ව රුධිය ජලයට මුසුවී තිබෙනු දක්නට ලැබුණු බවත් ප්‍රදේශවාසීන් පවසයි.ඡායාරූප සහිතයි

ඒකටත් වැඩේ දීලද...?

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ ! මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.

PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.
ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.

හිටපු කොටි ලොක්කාගේ ගුණ කොටි පොඩ්ඩෝ යාපනයේදී සමරයි (PHOTOS)

සිංහල ජනතාව උතුරේ පදිංචි වීමට විරුද්ධව හා ඉන්දීය රජය එල් ටි ටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදි ජිවිතක්ෂයට පත්වු එල් ටි ටි සංවිධානයේ හිටපු නායකයෙකු ලෙස කටයුතු කළ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල් ටි ටි සාමාජිකයින්ගේන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදි විමුක්තිකාමි පක්ෂ සාමාජිකයින් ඊයේ (15) සිදුකරනු ලැබීය.
හිටපු එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් දිලීපන් මියගිය ස්ථානයේ පහන් දල්වා ගුණ සැමරුම සිදු කරනු ලැබීය.
දිලීපන් 1987 අගෝස්තු 15 වැනිදා උපවාසය ආරම්භ කළ අතර, 1987 අගෝස්තු 26 වැනිදා ජිවිතක්ෂයට පත්වූහ. (PHOTOS)

අපේ පැත්තට සංහිඳියා බණ....? උන්ගෙ පැත්තට අයිතිවාසිකම්....!!!

යුද රහස් ඇතොත් මා සමගම වැලලෙයි.. මා තුට්ටු දෙකේ මිනිසෙකු නොවෙයි..තමන් විසින්
මෑතකදී එලිදක්වන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’පොත මගින් කිසිදු යුද රහසක් හෙළිකර නැති බවත් තමන් එවන් තුට්ටු දෙකේ මිනිසෙකු නොවන බවත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඇතැමුන් පොත් ලියා යුද රහස් හෙළි කර ඇතැයි ඇමති වළත්ත කළවැද්දා විසින් කරනු ලැබූ චෝදනාවට ප‍්‍රතිචාර දක්වමිනි.

පලාලි අධිආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරන්න සූදානම්…

 තවත් දහසක් මුදන්න කැබිනට් අනුමැතිය..
 උතරු පලාතේ පලාලි වලිකාමම්, උතුරු කොටසේ අධිආරක්ෂිත කලාපයයේ ඇති ඉඩම් අක්කර 700ක් මුදා හැරීමට හමුදාව එකග වූ බව යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් පවසයි.
අවතැන් වූවන් යලි පදිංචි කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙම ඉඩම් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමට හමුදාව එකග වූ බවත් කන්කසන්තුරෙයි, කිරීමලෙයි සහ මාවිට්ටපුරම් ප‍්‍රදේශවල ඉඩම් අක්කර 700 ක් ඒ අනුව නිදහස් කෙරෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

කරුප්පයියා මහ දවල් ගහන ගැහිලි...!!!

මුදල් අමාත්‍ය කරුප්පයියා විසින් සිදු කර ඇති වත් වංචාවක් පිලිබඳව දූෂණ වීරෝදී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පසුගියදා හෙළිදරව් කළේ ය.
වසන්ත සමරසිංහ  එහිදී පැවසූවේ ලංකාවට වාහන ගෙන්වීමේදී අවුරුදු දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවත් එසේ ගෙන්විය හැක්කේ ටැක්ටර් වැනි කෘෂි උපකරණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් යන්ත්‍රෝපකරණ පමණක් බවයි.වීඩියෝ සහිතයි

අලූත් ව්‍යවස්ථාවෙන් රටට මහ විනාශයක් වෙනවා.. – ගැටඹේ නාහිමි..

“මේ ආණ්ඩුව පොරොන්දු වුණු දේවල් ඉටු කළේ නැහැ. දැන් අලුත් ව්‍යවස්ථාවක් ගැන නැති ප්‍රශ්නයක් ඇති කරගෙන දඟලනවා.”
– පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි
ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ

නැති ප්‍රශ්නයක් ඇතිකරගෙන ඳඟලන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ.
සැකසෙමින් තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මතුවිය හැකි අවදානම පිළිබඳව දැනුම්වත් කිරීම පිණිස පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  ඇතුළු පක්ෂ නායකයන් උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ අනුශාසනාවක් සිදු කරමින් සිරිවිමල නාහිමියෝ එසේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිවිමල නාහිමියෝ මෙසේ ද සඳහන් කළහ.
“ මේ අවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ නැහැ. තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඉදිරියට යන්න ඕනේ කියන එකයි අපේ අදහස. ‘අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. මේ තිබෙන සේරම වෙනස් කරන්න ඕනේ’ කියලා කවුරුත් ඉල්ලුවේ නැහැනේ. රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න කියලානේ රට භාර දුන්නේ. පොරොන්දු වෙච්ච දේවල් ඉටු කළේ නැහැනේ. රස්සාවල් නැහැ. කන්න බොන්න නැහැ, නමුත් ඒවා විසඳනවා වෙනුවට මේ අය නැති ප්‍රශ්නයක් ඇතිකර ගෙන දඟලනවා. මේ ආණ්ඩුව ඕනේ නැති ප්‍රශ්නයක් ඇති කරලා ජනතාව අවුස්සලා, ඒ දිහා බලාගෙන ඉන්නවා. එවැනි අවස්ථාවක මේ අනතුර පෙන්වලා දෙන්න ඔබලා ඉදිරිපත් වීම අගය කරනවා.

මහළු ඵකැස් චෞරිය ෆෙඩරල් දෙන අයුරු පහදයි...!!!

  සිංහල ජාති හිතෛෂියන් අන්තවාදී පිස්සන් ලෙසින් හඳුන්වයි...!!!
ෆෙඩරල් ක‍්‍රමයක් හා අර්ධ අනාගමික ව්‍යවස්ථාවක්.. – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා හෙලි කරයි..මෙරට ෆෙඩරල් ක‍්‍රමයක් හා අර්ධ අනාගමික ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කල යුතු බවත් ඊට සියළ දෙනා සහයෝගය දිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග නම්වූ මහළු වෙසඟන පවසයි.

ආඩම්බරකාර හොරාට ඵරෙහි තවත් නඩුවක්....!!!




අල්ලස්‌ කොමිසමට අපහාස කළැයි
හොර නීතිඥ නාමල්ට චෝදනා ගොනු කිරීමට නියෝග

ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙසට කළ දැනුම්දීම පැහැර හැර කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාවට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරු කේ. ශ්‍රී පවන්  ඊයේ (15 දා) නියෝග කළේය.

අගවිනිසුරුවරයා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එලෙස නියෝග කළේ නාමල් රාජපක්‍ෂ  තම කොමිෂන් සභාව විසින් කළ කැඳවීම් නොසලකා හැරීමෙන් කොමිසමට අපහාස කළේ යෑයි පෙන්වා දෙමින් කළ පැමිණිල්ලක්‌ කැඳවූ අවස්‌ථාවේදීය.

බුද්ධි නිලධාරීන්ට ඇප ඉල්ලා ඥාතීහු උද්ඝෝෂණයේ..!!!

දේශපාළුවන් ගේ වැඩිම රිමාන්ඩ් කාලය දින තිහක් උවද මේ රණ විරු පිරිස තවමත් අසාධාරණ ලෙසින් සිර කොට සිටිති....!!!ප්‍රගීත් එක්‌නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ බන්ධනාගාරගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඇප මත නිදහස්‌ කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් හා දූ දරුවන් ඇතුළු ඥාතීහු ඊයේ (15 දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

"මව්බිම වෙනුවෙන් රණවිරුවෝ" නමැති සංවිධානය මගින් මෙය සංවිධානය කර තිබුණු අතර, මෙම උද්ඝෝෂණයට එම නිලධාරීන්ගේ කුඩා දූ දරුවෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

කලවැද්දා සහ බ්‍රා සිරා...!!!

දශක තුනක් තිස්සේ මුුලු මහත්  ශ්‍රී ලංකාවම අගාධයකට ඇද දැමූ වර්ගවාදී යුුද්ධය අවසන් කිරීමෙහි ලාඋදාර මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් කමල් ගුණරත්න රණවිරුවානන් අතින් ලියැවුන ‘රණ මග ඔස්සේනන්දිකඩාල්‘ නම් කෘතිය එලි දැක්වීම පසුගිය සතියේ සිදුවිය. මේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය තමන්වෙත පවරා ගන්නට විවිධ පිරිස් උත්සාහ කලත්, මේ පොත එලි දැක්වීමේ උත්සවයට සහභාගි වූ පිරිස,සිදුවුන කතාබහ ඔස්සේ ඊට නියම හිමිකරුවන් කවුද යන්න ජනතාවට යම් ප්‍රමාණයකට අවබෝධ වූ බවනම් පැහැදිලිය. වත්මන් ආරක්ෂක ලේකම්වරයා සහ හමුදා ප්‍රධානීන් ද, රජයේ වගකිව යුත්තෝද මෙයට සහභාගි නොවූහ. අද දහම්  පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයකට පවා යන්නට මැලි නොවන අප ජනාධිපති, එදා වැඩ බැලූ ආරක්ෂක ඇමතිවරයාය. විදේශගතව සිටි එවක ජනාධිපතිවරයා සිය රටට පැමිනෙන විට පෙරමුණේම ගොස්  බදා වැළඳ සුභ ආරංචිය පැවසුවේ ඔහුය. ඔහුත් එතැන නැත. රණමග කෙසේ වෙතත් එදා ඒ අනභිභවනීය සටන තුලින් ගලවා ගත් අප මාතෘ භූමිය යලිත් ඇදගෙන යන මග නම්මේ තුල පැහැදිලිව පෙන්නුම්  කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.