ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 12, 2016

සිරාගේ ගැහිල්ල යට ගියාද....??

සිරාට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව ගැන හිටපු අගවිනිසුරු යහපාලන නීතිය
කියාදෙයි..අනුන් කළ වැරැද්දටත් සද් භාවයෙන් ඉල්ලා අස්වන විදේශ දේශපාලන මහත්මාවරුන් අතර දුම්මල ගසාවත් ඵළවිය නොහැකි අපේ සිරා වැනි අය ගැන කුමන කථාද....???

රනිල් වික්‍රමසිංහගේ පවුලේ මිතුරියක වන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල් රුක්ෂී ඩයස් වික්‍රමසිංහට දේශපාලන කොන්ත්‍රාත්තු නොකර අවංක සේවයක් කරන්නට අවශ්‍යනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඕස්ට්‍රේලියානු රජයෙන් එල්ලවී ඇති අල්ලස් චෝදනාව සම්බන්දයෙන් ස්වාධින විමර්ශණයක් ආරම්භ කරන්නට අවශ්‍ය සියලු බලතල 19 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් ලැබී ඇතැයි හිටපු අග්‍ර විනිශ්‍යකාර සරත් එන් සිල්වා  කුරුණෑගල පැවති විද්වත් හමුවකදී පැවසීය.මෙම අල්ලස් චෝදනාවේ චූදිතයා ජනාධිපති වරයා නිසා ඔහුට නීතිපති දෙපාර්තුමේන්තුවේ සහාය පැතිය නොහැකිබවත් සැබෑ යහපාලනය මේ රටෙ තිබෙනවානම් සිදුවිය යුත්තේ අල්ලස් කොමිසම හා නීතිපති දෙපාර්තුමේන්තුව එක්ව සිරිසේනට නඩුපැවරීම බවද හිටපු අග විනිසුරු වරයා පෙන්වා දුන්නේය.

‘දෙමළ ඊළම’ ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීම ඇරඹේ...!!!

ඩෙන්මාර්කයත් දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගනියි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය කිව්වා මාස හැටෙන් අළුත් රටක් කියලා.  මතක තියා ගන්න රට අළුත් කරන්න නොවේ ජන වරම ඉල්ලුවේ.  අළුත් රටක් හදන්නයි ජන වරම ඉල්ලුවේ.  ඒ කියන්නේ ලෝක සිතියමට තවත් රටක් එකතුකරන්න. ජනතාවත් පෙල සැදී ගිහින් අලියාට කතිරය ගැහුව්වා.  තවම මාස හැටෙන් ගත වුණේ මාස 13යි. මෙන්න ඒ අළුත් රට මතුවෙලා.මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවේ. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.  ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම.  මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත් වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා.  තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ.  ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  මෙසේ අදහස් පල කලේය.

අහිංසකයන්ගේ හයිය පොලිස් බල්ලන්ගේ බලයෙන් නමා දැමූ අයුරු...!!!

දැන් සුදුවෑන් නැතැයි... මානව නිදහස කප්පරකට ඇතැයි පාරම්බාන යහපාලන අම්බරුවනි බලාපල්ලා
.මේ අහිංසකයන්ට තොපේ පොලිස් බලු කුක්කන් කර ඇති අපරාධය.මෙයත් ඇඹිළිපිටියේ පොලිස් සුණඛයා නිදහස් කළා සේ කරන මගඩියක් නොවන්නට අපේ සියළුම ජනතාව සහ ජනතාවාදී මාධ්‍ය ඵකතුවිය යුතු අවස්ථාවයි.ඔබේ සේවය මේ අහිංසකයනට අවැසි මොහොතයි...


අත්අඩංගුවට අරන් දවස්‌ 8යි,
පුතා ගැන තාමත් තොරතුරක්‌ නැහැ

- පොලිස්‌ අත්අඩංගුවේදී අතුරුදන්වූ
බදගිරිය තරුණයාගේ පියා කියයි

හම්බන්තොට පොලිසිය පුතාව අත්අඩංගුවට අරන් දින අටක්‌ ගතවෙලා. පොලිසිය ඒ ගැන එක එක කතා කියනවා. පුතා පොලිස්‌ කූඩුවේ ඉඳලා මුත්‍රා කරන්න ගියා කියනවා. අත්අඩංගුවට ගන්න හදද්දි දිව්වා කියනවා. කොළඹ ගියා කියනවා. පොලිසිය මේ වගේ බොරු කියන්නේ පුතාට මොකක්‌හරි වුණ නිසා දැයි හම්බන්තොට පොලිසියේදී අතුරුදන් වූ බව කියන ජී. ජී. ගයාෂාන්ගේ පියා වන ජී. ජී. සිරිපාල (69)  හැඬූ කඳුළින් කියා සිටී.
මේ බව කියා සිටියේ හම්බන්තොට බදගිරියේ තරුණයාගේ අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීමට අප එහි ගිය අවස්‌ථාවේදීය.
එහිදී මෙසේ ද කියා සිටියේය.

යළි වෙනස් කළ නොහැකි ලෙසින් රට කා දමන අවලම් යහපාලන අපතයෝ....!!!

නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට අනුව සකස්‌ කළ පළමු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට පරිපූරක එක්‌ කරමින් වරින් වර භූමි ප්‍රමාණය වැඩි කිරීම හා අද වන විට කිසිදු ඇගයීමකින් තොරව අලුතින් අක්‌කර 5 ක්‌ මෙම ව්‍යාපෘතියට එක්‌ කිරීම සිදු කර ඇත්තේ රටේ පවතින පාරිසරික නීති අභියෝගයට ලක්‌ කරමිනි. යහපාලන සංස්‌කෘතියක්‌ රට තුළ ස්‌ථාපිත කිරීමට බලය ලබා ගත් වත්මන් රජය යහපාලනයේ ප්‍රධාන අංගයක්‌ වන නීතියේ ආධිපත්‍යය මේ අනුව අභියෝගයට ලක්‌ කර ඇත. පසුගිය රජයෙන් නීති විරෝධීව ක්‍රියාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක්‌ වත්මන් රජය යටතේ ද ඒ ආකාරයෙන් ම (නීති විරෝධී) ලෙස නැවත ආරම්භ කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණ. වෙරළ සංරක්‌ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් (තක්‌සේරු) ක්‍රියාවලියෙන් පරිබාහිරව වාර්තා සකස්‌ කිරීම හා අනුමැතිය ලබා ගැනීම සිදු කර මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම අපි දැඩි ලෙස හෙළා දකිමු.

උතුර දෙමල සිංහයන්ගේ නිජබිමයි.. සිංහලයන් එලවනු.. පන්සල් අයින් කරනු..!!!

නිජබිමේ අයිතියට සටන් වදිමු.. – උතුර පුරා සහජීවන පත‍්‍රිකා බෙදයි..

 උතුරේ සියලු සිංහලයන් එලවා දමන්නටත් පන්සල් ඇතුළු බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉවත් කරන ලෙසත් බල කරමින් යාපනයේදී මෙම 24 වන දා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ගෝත්‍රවාදී පක්‍ෂ දේශපාලනය...!!!

වර්තමානය වන විට මෙරට පක්‌ෂ දේශපාලනයට වසර අසූවක්‌ ගතව තිබේ. බහුතර සිංහල ජනතාවක්‌ සිටින රටක්‌ වුවද රටේ වැදගත් තීරණ ගනු ලබන්නේ ගෝත්‍රවාදී පක්‌ෂවල උපදෙස්‌ පරිදිය. විශේෂයෙන්ම මූලධර්මවාදී පක්‌ෂවල ස්‌ථාවරය වන්නේ විශේෂ ආගමික නීති මගින් සිංහල රට සිරකිරීමයි. මේ ක්‍රමය සහමුලින්ම වැරදිසහගත වුවද පක්‌ෂ දේශපාලනය සිය බලය උදෙසා පමණක්‌ යොදා ගන්නා වත්මන් දේශපාලනඥයන්ට එම තත්ත්වය නිවැරදි කරගන්නට ශක්‌තියක්‌ නැත. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් පමණක්‌ බලයට පැමිණිය නොහැකි බව යළි යළිත් පුන පුනා ප්‍රකාශ කරන තැනට ඔවුන් පත්ව තිබේ. සැබවින්ම මේ ගෝත්‍රකවාදී දේශපාලනයේ ගමනක අවසානය සනිටුහන් වී ඇතැයි සිතන්නට හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.