ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 11, 2016

යෝෂිත මිතුරාට බැර කළ සොරකම් කල කෝටි 15ක්‌ රාජසන්තකයි...!!!

ජනතාවගේ මුදල් සොරා කෑව උන්ට සිර දඩුවම් නැත්තේ ඇයි...? 
 අපි ඒ කාලේ රැස්කළ ජනතා මුදල් අනුව ඕකත් මහා කජ්ජක්ද...??? යෝෂිත සිතනු ඇත.

සී.එස්‌.එන්. නාලිකාවේ සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්‍ෂවිසින් ඔහුගේ හිතවතකු බව කියන රොහාන් යන අයකුගේ බැංකු ගිණුමකට බැර කිරීමට ලබා දී ඇති රුපියල් මිලියන 158.5ක්‌ (පහළොස්‌කෝටි අසූපන්ලක්‍ෂයක්‌) රාජසන්තක කර මහ බැංකුවේ තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල 10 දා නියෝග කළේය.සී.එස්‌.එන්. සමාගමේ සභාපති යෝෂිත රාජපක්‍ෂ, ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග, අධ්‍යක්‍ෂ මණ්‌ඩල ප්‍රධානි රොහාන් වැලිවිට, අධ්‍යක්‍ෂකවරයකු වන කවිශාන් දිසානායක හා වෛද්‍ය අශාන් ප්‍රනාන්දු යන පස්‌දෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.සැකකරුවන්ට එරෙහිව සීඑස්‌එන් ආයතනය ස්‌ථාපිත කිරීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනය අතරින් කොටසක්‌ ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම, කූඨ ලේඛන සකස්‌ කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා ගොනුව ඇත.

වීසා ලැබුණු විගස බස්‌නාහිර මන්ත්‍රීහු 30 ක්‌ රට සවාරියක යැවු මහා ඇමතියා...!!!

යහපාලන රජය යටතේ මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය විදෙස්‌ සංචාර නතර කර තිබියදී බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය  විසින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් තිස්‌දෙනකු රුසියාවට හා බල්ගේරියාවේ සංචාරයකට යවා තිබේ. මෙම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසට වීසා ලැබුණු විගස රුසියාවට හා බල්ගේරියාවට යවා ඇති අතර එසේ නොකළේ නම් ඉහළ දේශපාලන අධිකාරිය මෙම සවාරිය අවලංගු කිරීමට ඉඩ තිබුණු බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවැසීය.මීට අමතරව පසුගියදා පළාත් සභා මහ ඇමැතිවරුන් දකුණු අප්‍රිකාවේ නගර සැලැස්‌ම පිළිබඳ අධ්‍යයනයකටද ගොස්‌ ඇත.

අර්ජුන ඇමතියා ඇතුළු රණතුංග පවුල් සමාගම පස් කඳු කපා ගම්පහ වනසති...!!!

මෙරට ප‍්‍රධාන පෙලේ ආයතනයක් බාරව සිටින ගම්පහ දිස්ත‍්‍රික් ඇමතිවරයෙක් හා ඔහුගේ සහෝදර හිටපු මන්ත‍්‍රීවරයෙක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ මහා පරිමාණ පස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු හෙලිවේ.මෙම පස් ජාවාරම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ පාතාල නායකයෙකු වන නැදගමුවේ රෝහිත හෙවත්, පස් පොඞ්ඩා නැමැත්තාය.
මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කයේ පස් කදු කීපයක් කැපීම සිදු කෙරෙන අතර, ඒවාට අවශ්‍ය නීතිමය අවසරය පවා ලබාගෙන නැත. ඇමති හා හිටපු මන්ත‍්‍රී සහෝදරයන් සෘජුවම මැදිහත්වෙමින් මෙම පස් ජාවාරමට සහාය දෙන බවත්, පොලීසියේ ඉහළ ප‍්‍රධානීන්ට මෙම නීති විරෝධී පස් ජාවාරම නතර නොකරන ලෙස බලපෑම් කරන බවත් වාර්තා වේ.

මහා පාවාදීම කල යහපාලුවෝ...!!!

                                                  මහා ජාතික අපරාධයක් අද දින සිදු විය.රටට ආදරයක් නැති කාලකණ්නි දේශපාලුවෝ එකතු වී අතුරුදහන්වුවන්ගේ පනත සම්මත කර ගනී

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධනගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය. මේ අනුව අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතරයෙන් සම්මත විය.

අද පෙරවරුවේ එල්මෝ ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත විය...!!!

ප‍්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප‍්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. කලක සිට රෝගාතුව වී සිටි ඔහු මිය යන විට 75 වන වියේ පසුවිය.අසූව දශකයේ ගුවන් විදුලි සංස්‌ථාවෙන් ඉවත් වී පිලිපීනයේ "ටෙරිටාස්‌" සේවයට බැඳී වැඩ සටහන් සම්පාදකවරයකු ලෙසද සිංහ සේවයේ විශේෂාංග මාධ්‍යවේදියකු වශයෙන් සේවය කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.