ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 10, 2016

මුලදී ගත් වැට් බද්දත් ආපහු නොදෙන්නම නව වැට් බදු සංශෝධන පනතක් ජඩපාලනය ගෙනෙනා වගයි...!!!

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශූන්‍ය කළ පනත යටතේ මැයි 02 සිට මැයි 11 දක්‌වා වැඩිපුර අය කළ වැට්‌ බදු මුදල් රජයට නීත්‍යානුකූලව තබා ගැනීමට බැහැ නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌සඳහන් කළේ දැන් තිබෙන තත්ත්වය එය වුවත් අලුතින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු එවැනි ගැටලුවක්‌ මතු නොවන බවයි.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට්‌ බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට්‌ බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට්‌ බදු සංශෝධන පනත ගෙන ඒමට රජය සූදානම් වේ.

සරසවි සිසුවාට ගැසූ කොටි කීටයාට සිරිසේනගෙන් රජ සංග්‍රහයක්...!!!

යාපනය සරසවියේ සිංහල සිසුවාගේ ඔළුව පැලූ කොටියාව කැඳවා ජනපති අතින් දිවා භෝජනයක් දෙන ලදී.යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී වෙස් නැටුම් නැටුවා කියා, යාපනය දෙමළ ශිෂ්‍ය සංගම් නායක ශෂිදරන් විසින් සිංහල සිසුවෙකුගේ ඔලුව පැලෙනකම් පොලු වලින් පහර දීම රටම කම්පාවට පත් කළා.එම අසරණ සිංහල සිසුවාව බලන්නවත් ආණ්ඩුවේ මහ එවුන් ගියේ නෑ. වන්දි ලබා දෙනවා තියා බෙහෙත් ගන්නවත් උදව් කළෙත් නෑ. ඒ මදිවට ආණ්ඩුවේ මහ එවුන් තර්ජනය කළේ දෙමළ ජනතාවට එරෙහිව වචනයක් හෝ කිව්වොත් දඬුවම් කරනවා කියලයි.

වැට් බද්ද නැවත ඕනෑ...රනිලා නියෝගයට ඉහළින් යයි...!!!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට හිස නමා ඇමැති මණ්‌ඩල අනුමැතිය සහිතව යළි වැට්‌ පනත
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව  රනිල්  09 දා පාර්ලිමේන්තුවේදී කීවේය.
වැට්‌ පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඊයේ කථානායක කරු ජයසූරිය  විසින් සභාවට ඉදිරිපත් කළ පසු අදහස්‌ ප්‍රකාශ කළ රනිල්  මෙසේද කීය.
නීතියක්‌ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පසු උසාවියෙන් ප්‍රශ්න කළ නොහැකියි. නමුත් උසාවියට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු දමා මේ පාර්ලිමේන්තුවේ, ගිය පාර්ලිමේන්තුවේ, ඊට කලින් පාර්ලිමේන්තුවේ සම්මතවූ පනත් යටතේ බදු නැත්නම් මුදල් වියදම් කිරීම ගැන ප්‍රශ්න කරන්න. මේ ගැන මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 ව්‍යවස්‌ථාවට අනුව ජනතාවගේ ආදායම වෙත බලපාන පනත් කෙටුම්පත් ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කළ යුතුය. ස්‌ථාවර නියෝග 133 අනුව අදාළ ඇමැතිවරයා විසින් ඇමැති මණ්‌ඩල අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

තවත් මුස්ලිම් ගේමක් මාට්ටු...!!!

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන 2309 ක්‌ ඇතුළු තවත් භාණ්‌ඩ තොගයක්‌ සමඟ මුස්‌ලිම් ජාතිකයන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීහු
කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (06 වැනිදා) සමත්ව සිටිති.
එම බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ සැකකරුවන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ප්‍රධාන පිටවීමේ දොරටුව අසලදී කොටුකර ගෙන තිබේ.


මෙහිදී මෙම ජංගම දුරකථන තොගයට අමතරව පෙන් ඩ්‍රයිව් 170 ක්‌ද, ජංගම දුරකථන බැටරි 1192 ක්‌ද, හෑන්ඩ් ෆ්‍රී S 878 ක්‌ද, ජංගම දුරකථන චාජර් 915 ක්‌ද, ඩේටා කේබල් 153 ක්‌ද, බියුටි ක්‍රීම් 432 ක්‌ද, නීති විරෝධී දුම්වැටි 400 ක්‌ද,ෆෙයාර් ඔයිල් 74 ක්‌ද ඇතුළු තවත් භාණ්‌ඩ රැසක්‌ එම බළකාය භාරයට ගෙන තිබේ.

හලාවතින් කැම්පස්‌ යවන්න 'ගේමක්‌ ගහලා'....,,!!! මුස්ලිම් ගේමක් මාට්ටු....!!!

සැපට සැපේ ඉගෙන ගත්ත  මුස්‌ලිම් සිසු සිසුවියන් හලාවතින් කැම්පස්‌ යවන්න 'ගේමක්‌ ගහලා'
කොට්‌ටරාමුල්ල අල් - හිරා මුස්‌ලිම් විදුහලේ විදුහල්පතිට එරෙහිව විමර්ශන...

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ.

 දුෂ්කර පදනමට අයත් නොවන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්‌ත්‍රික්‌ක පදනමට ගැනෙන හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්‌ටරාමුල්ල අල්-හිරා මුස්‌ලිම් මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ  කියා සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වැට්‌ පනත ශූන්‍යයි....!!!

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නියමිත ක්‍රමවේදයකට අනුව වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා එම පනත ශුන්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක කරු ජයසූරිය  (9 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැට්‌ බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමට අදාළව කථානායකවරයා වෙත ඒවා තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේදී නිවේදනය කරමින් කථානායකවරයා එසේ ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.