ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 22, 2016

කිරිඇල්ලගේ දුව මාර්ග සංවර්ධනයට විදී..!!! මෙන්න තවත් ජාතික හොරෙක්...!!!

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සිය අමාත්‍යංශය හරහා සිදුකරන ඉදිකිරිම් කටයුතු සියල්ලම සිය දියණියගේ සමාගමට පැවරිම හේතුවෙන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සමාගම් බරපතල අර්බුදයකට මුහුණ දි තිබේන බව  අනාවරණය වේ.
ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

පාදඩ ජාතිවාදී සත්ගුණ රාජාගේ කතාව ...!!!..

යාපන සරසවියේ දී දෙමළ ජාතිවාදීන්ගේ පහරදීම් වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන

සිසුවාගේ සුව දුක් සොයා බැලීම සදහා පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල  මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.මේ දරුවන්ට ආරක්ෂාව සලසන්න රජයට බැරිනම් , යාපනය කියන්නේ සහජීවනය නොදන්න තැනක් නම් ඒක ලෝකෙටම පෙන්නල මේ දරුවො ටික වෙනත් විශ්ව විද්‍යාලයකට ගෙනල්ල ඔවුන්ට ආරක්ෂිතව අධ්‍යාපනය ලබන්න ඉඩ සලස්වන්න කියල අපි රජයට කියනවා.
පසු ගිය ජනාධිපති වරණය සමයේ සිරිසේන  ජනපති උනොත් අපි ආණ්ඩුවේ සිටින තුරා සිංහල ජනතාවට අසාධාරණයක් වෙන් අපි ඉඩ තියන් නෑ කියමින් පුවත්පත් වල පිටු පුරා දැන්වීම් දාපු පිරිස් අද කියනවා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ අයට බලය දුන්නේ අපි ට නීතිය කියාත්මක කරන්න ද? මේ රටට ජාතියට කල අපරාධයට ඒ අය සමාව ගත යුතුයි. නැත්නම් ජනාධිපති වරණයේදී පොරොන්දු වූ ආකාරයට සිංහල ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ඔවුන් කරට ගත යුතුයි.  නැතිනම් මේ සිදුවීමේ වගකීම භාර අරගෙන ඇමති මස්කටු සූප්පු කිරීම වහාම අත් හල යුතුයි.

ජඞ පාලන ඊනියා සංහිඳියාව සිංහල සිසුන්ට විතරද....!!!


ආරක්‍ෂාව තහවුරු කරන තෙක්‌
යාපනය සරසවියට දරුවන් යවන්නේ නෑ


- විද්‍යාපීඨ සිසුන්ගේ දෙමාපියෝ 
යාපනය විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ හා ඉන් පිටතත් පූර්ණ ආරක්‌ෂාව තහවුරු කෙරෙන තෙක්‌ සිය දරුවන් එම විශ්වවිද්‍යාලයට නොයෑවීමට එහි විද්‍යාපීඨ සිසුන්ගේ දෙමවුපියෝ තීරණය කර සිටිති.සිසුන්ගේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මැදිහත් වීමක්‌ මෙතෙක්‌ සිදු වී නොමැති බවද එම දෙමාපියන් ප්‍රකාශ කළේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ  (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

යාපනයේ තවමත් ඇති ඊළාම් උසාවි…?

යාපනයේ සරසවියේ ඇති වුණු ගැටුමේ දී උසාවිය කටයුතු කළ ආකාරය අතිශයින්ම ප්‍රශ්නකාරියි.  තමන්ට පහර දීමට නායකත්වය දුන්නේ කවුද පහර දුන්නේ කවුද කියලා පහර කෑ සිසුන් පොලීසියට ප්‍රකාශ කරලා තිබුණා.  පහර කෑමට ලක් වුණු දරුවන්ගේ ප්‍රකාශ වල නම් සඳහන් අය අත්අඩංගුවට ගන්න එපා ඒ අය උසාවියට භාර වේවි කියලා පොලිස් නිළධාරින්ට ඉහළින් උපදසේ ලැබුණු බවට මට දැනුම් දුන්නා. කිව්වා වගේම අන්තවාදි කොටි හිතැති ශිෂ්‍ය නායකයෙකු වන සසිදරන් තනකේශ්වරන් උසාවියට භාර වුණා.  සාමාන්‍යයෙන් මෙවැනි පහර දීමක දී සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නෑ.  ඇප පනතේ ඇප නොදීමට දක්වන හේතු හතරෙන් තුනක්ම සසිදරන්ට අදාළයි.  පහර දීමක දී නොවේ හදිසි අනතුරක දී වුණත් ගොදුරු වුණු තැනැත්තා බරපතල තත්වයක සිටින බව වෛද්‍යවරු සනාථ කරනවා නම් ඇප දෙන්නේ නෑ.  ඒ ජීවිත හානියක් වුණොත් අධිකරණය මග හැර සිටීමට හැකි බැවින්.  දෙවන හේතුව වන්නේ ශිෂ්‍ය නායකයෙකු වගේම මැර පසුබිමක් තිබෙන අයෙකු වන හෙයින් අනෙකුත් සිසුන් සාක්ෂි දීමට බලපෑම් කරන්න පුළුවන්.  තෙවන හේතුව වන්නේ මහජන කැළඹිලි වලට තුඩු දෙන සිදුවීම් වල දී ද ඇප දෙන්නේ නෑ.

මත්තල ගුවන්තොටද විකුණයි.. ගැණුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවයි..


මත්තල ගුවන් තොටුපළ විකුණා දැමීම සඳහා අයදුම්පත් කැඳවන බව ජාත්‍යන්තර ෆෝබස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එන අගොස්තු මස 12 වැනි දින දක්වා මෙසේ අයදුම් පත් කැඳවා ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

විකිණීමට ඇත...!!!

නව ආයෝජකයකුට ශ්‍රී ලංකන් පවරා දෙනවා
- ඇමැති කබීර් හෂීම්

 පාඩු ලබන ශ්‍රී ලංකන් ආයතනය ඉදිරියට පවත්වාගෙන යැම සඳහා නව ආයෝජකයකු සොයාගෙන එහි කළමනාකාරීත්වය එම ආයතනයට මුළුමණින්ම පවරා දීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්  (21 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
ඒ අනුව රජය එයාර් ලංකා ආයතනයේ කළමනාකරණයෙන් ඉවත් වන අතරම එයාර් ලංකා ආයතනය සඳහා රජය ඉදිරියේදී කිසිදු මුදල් ආයෝජනයක්‌ කිරීමට අපේක්‍ෂා නොකරන බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ අනුව එයාර් ලංකා පාඩුවේ බර මහජනතාව පිට පැටවීම නවත්වන බවද සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.