ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 21, 2016

ජනතාවට වැටෙන්නම දුන් වැට් බද්ද ...!!!

වැට්‌ විවාදය පරක්‌කු කරන්නේ තවත් ජංජාලයකට දැයි අසන්නට නොව කල්පනා කරන්නටවත් අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් ඒ කවර තීරණයක්‌ වුව ජනවාරි 08 ජනවරමට පිටුපා යන එකක්‌ නොවිය යුතු බව අපේ විශ්වාසයයි. මේ ආණ්‌ඩුව පත්කළේ මේ රටේ ජනතාව බව ආණ්‌ඩුවේම උදවිය කියන විට අප කියන කාරණය සාධාරණ බව වැටහෙනු ඇත.වැට්‌ බදු සංශෝධන කෙටුම්පත 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද එසේ වූයේ නැත. පසුගිය මැයි 02 වැනිදා සිට අයකර ගැනීමට කටයුතු කරන ලද වැට්‌ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එසේ බදු අයකිරීම වැරදි බව පෙන්වා දෙමිනි. එහෙත් ඒ වනවිටත් වෙන්නට ඕන හරිය වුවමනාවටත් වඩා හොඳින් සිදුවී තිබිණි.

හොරාගේ අම්මගෙන් පේන ඇසු වගයි...!!! මෙන්න ජඩපාලනයේ සහජීවනය, පොලීසියත් අසරණ කරයි..!!!

යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් පිරිසකට පහරදී 25 දෙනකුට තුවාල සිදුකළ ශිෂ්‍ය කණ්‌ඩායමට නායකත්වය දුන් බවට සැක තනකේෂ්වරන් සිසිදරන් නමැති නුතන ප්‍රභාකරන්  රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස යාපනය මහෙස්‌ත්‍රාත්වරයා 20 වැනිදා නියෝග කළේය.මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජීවන් මධුරංග නමැති විද්‍යා පීඨ ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට මෙලෙස ඇප ලබාදී තිබේ.
සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිට ඇත්තේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
එම්. සුමන්දිරන්ය.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු ශිෂ්‍යයකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින නිසා සැකකරුට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් යාපනය මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර සැකකාර ශිෂ්‍යයා මෙසේ ඇපමත මුදාහැර තිබේ.

අල්ලස් කොමිසමේ ලොක්කීට අල්ලස්..... වැටුප් දෙකක් ගෙවන්න කැබිනට් අනුමැතිය...!!!

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රැක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැටුප් වැඩ කිරිම සදහා වූ යෝජනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ  රනිල් වික‍්‍රමසිංහ විසින් වන අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පෞද්ගලික වනසේ විශේෂ වැටුප් ගෙවීමට එම යෝජනාවෙන් ඉල්ලා ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට හිමි මාසික වැටුප් හා දීමනා මෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට හිමි දීමනාව දුරකථන දීමනාව, ඉන්ධන දීමනාවද රජයේ නිවාස කුලී දීමනාවද ඇයට ගෙවිය යුතු යයිද යෝජනාවේ දැක්වෙයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.