ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 18, 2016

රට්ටුන්ට තේරුණත් මැට්ටන්ට නොතේරුණදේ...!!!

ඇමරිකානු සහකාර රාජ්‍යලේකම්වරු දැන් මෙරටට පැමිණෙන්නේ දෙදෙනා බැගිනි. මෙයට පෙරද සහකාර රාජ්‍ය ලේකම්වරියවූ නිශා බිස්‌වාල් මෙරටට පැමිණියාය. මෙවර ඇයත් සමඟ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිතොවස්‌කි ඒකාබද්ධවී ශ්‍රී ලංකාවට පැමිණියහ.මොවුන් දෙදෙනා ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් හමුවූයේ ඇමරිකානු තානාපතිගේ නිල නිවසේයි.
ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා, එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සෙල්වම්, අඩෙයිකලානන්දන් මෙන්ම හිටපු මන්ත්‍රි සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.මෙහිදී ද්‍රවිඩ සිරකරුවන් මුදාහැරීම සඳහා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලීමක්‌ කෙරුණි.

දැන් මත්තල හොඳද...!!! අනේ යකෝ...!!!

ආණ්‌ඩුවට මේ දිනවල සෑහෙන ප්‍රශ්නය. කරන්නට පටන් ගන්නා හැම වැඩකටම කොක්‌කක්‌ වැටේ. ඒ අලකලංචි මැදම ආණ්‌ඩුව වුවමනා නැති වැඩ කරන්නට යන බවක්‌ ද පෙනේ. එනම් ලබන වසරේ 2017 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපළ මාස තුනක්‌ වසා දැමීමට ගන්නා තීරණය එවැනි වුවමනා නැති වැඩකි. ආරංචියේ හැටියට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාස තුනක කාලයකට වසා දමන්නේ ප්‍රධාන ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා බව කියෑවේ. කටුනායක මාස තුනකට වසා දමන කතාව කොහොම වෙතත් ඒ කාලය තුළ "මත්තල" ඒ සඳහා යොදා ගන්නා බව කීම අමුතුම වර්ගයේ, හිත සසල කරන ආරංචියකි. එය කොහොමටවත් සිදුවිය නොහැක්‌කකි. ඒ නිසාම ගුවන් තොටුපළ බලධාරීන්ට අමු කැවිලා දැයි අපට අසන්නට සිදුවේ. මත්තල "ගුවන් තොටුපළක්‌" ඇති බව 2015 ජනවාරි 08 වැනිදායින් පසු අපට දකින්නට අසන්නට ලැබුණේ ඊයේ දිනයේය.

යහපාලකයන් ජාතියේ අවමඟුල ලියන හැටි අකුරෙන් අකුර පහදයි…

‘2015 ජනවාරි 08 වැනිදා ඇරඹුණේ සමත් රාජ්‍යයක් ලෙස පැවැති මේ රාජ්‍යය ත්‍රිවිධාකාරයකින් බෙලහීන කිරිමේ මෙහෙයුමයි’
විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා අරඹුනේ සමත් රාජ්‍යයක් ලෙස පැවති ශ්‍රී ලංකාව ආර්ථික බෙලහීන කිරීම, දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම හා ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම යන ත්‍රිවිධාකාරයෙන් බෙලහීන කිරිමේ මෙහෙයුමක් බවත් එමගින් ශ්‍රී ලංකාව යළි අසත් රාජ්‍යයක් බවට පත් කිරිමේ බටහිර බලවතුන්ගේ ඉන්දියාවේ උවමනාව ඉටු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ  පෙන්වා දෙයි.
පසුගිය 14 වැනිදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැති ‘ව්‍යවස්ථා මරඋගුල සහ ජාතියේ අවමංගුල’ යන තම දේශන මාලාවේ පළමුවැන්න සිදු කරමින්  මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේද සඳහන් කළේය.
“මේ මොහොතේ ඉතිහාසය විසින් අපට අප ඉදිරියේ කැනෙමින් තිබෙන වලේ ගැඹුර හා පරිමාව වහාම හඳුනාගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ. හතුරු බලවෙගවල න්‍යාය පත්‍රයට ඇද වැටිලා ඒ උගුලේ හිරවෙලා ගොඩ ඒමට බැරි ප්‍රපාතයකට අද මේ රට වේගයෙන් ඇදගෙන යමින් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදි අප ඉතිහාසය පුරාම ඊට එරෙහිව නැගී සිටියා. අද නැවතත් එවැනි නැගී සිටීමක්, ලක්මාතාවගේ දූ පුතුන්ගෙන් ඉතිහාසය ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඒ අනතුර තේරුම් ගෙන ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙනවා.

ගුටි කාගෙන සංහිඳයාව රකින්නැයි ගුටි කෑ සිසුන්ට කියයි.

පෙරේදා දිනයේ යාපන විශ්වවිද්‍යාලයේ ඇති වූ ලැටුම නිසා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  අතුලත් කර සිටින සිසුවාගේ සුව දුක් බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  ඊයේ පස්වරුවේ ගියේය.
මේ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන නිසා ඒවා නිම වන තෙක් අදහස් පළ නොකළ යුතු බවත් මෙම සිද්ධිය හරහා ජාතික සමගියටත් සංහිදියා වැඩපිළිවෙලටත් බාධා කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

‘මිලේනියම් සිටි’ මහ විපතෙන් දිවි බේරාගත් එකම හමුදා බුද්ධි නිලධාරියා රිමාන්ඞ් කරයි..

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයා එන 27 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ රිමාන්ඞ් කර ඇති හමුදා බුද්ධි නිලධාරියා 2002 මිලේනියම් සිටි සිදුවීමෙන් දිවි බේරාගත් එකම නිලධාරියා යයද වාර්තා වෙයි.

උන්ම පහරදී පාහර ලෙසින් සිංහල සිසුන්ට වරද පටවන දෙමළ වෙබ් අඩවි...!!!

බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.