අපේ රටේ පාලකයින් ගේ නිවටකම දඩමිමා කර ගනිමින් රටේ
පරිපාලනයට සහ ජාතික
ආරක්ෂාව අවදානමට ලක් කිරිමට සෘජුව මැදිහත් වන එක්සත් ජාතින් ගේ සංගමයේ මානව
හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ නවතම යෝජනාව නම් ශ්‍රී ලංකා හමුදාව
යුද්ධය අවසාන අදියරේ දි පොකුරු බෝම්බ භාවිතා කළාද නැද්ද පිළිබඳ අලුතින්
විශේෂ පරික්ෂණයක් සිදුකළ යුතු බවයි.
පොකුරු බෝම්බ යනු යුද්ධයකදි මිනිසුන් විශාල වශයෙන් එකවර ඝාතනය කළ හැකි
ආයුධයකි. දෙමළ සංහාරය, දෙමළ සමූල ඝාතනය යනාදිය අද අපේ හමුදාවන්ට එරෙහිව
තිබෙන චෝදනාය. මේවා දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ දැඩි බලපැම් ඉල්ලිම් මත
සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කරන
ලද සහ මංගල සමරවිර විදේශ ඇමති ඇමරිකාව සමඟ ‘අගය කරමින්’ එකඟ වුණ ලද සාවද්‍ය
අභුත චෝදනාය.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක
ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය
බුද්ධි අංශවල අවධානය යොමුවී තිබේ.
ෆාතිමා(නිමිෂා),ඊශා(බෙසොන් වින්සන්ට්) නමැති මොවුන් ශ්‍රී ලංකාවේදී
සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහභාගිව සිට පසුව අතුරුදහන්ව ඇති
බවත්,මොවුන් අයි.එස් සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්
ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ සිටින තිරිසන් පාදඩයන් හට අපගේ විරෝධය!
අධ්‍යාපන අමාත්‍යාංශයට14 වැනිදාපැමිණි
ගුරුවරයකු හදිසියේ රෝගාතුරව රෝහලට ගෙන යමින් සිටියදී
මියයැමේ සිද්ධියක් නිසා එහි කාර්ය මණ්ඩලය කැළඹීමට පත්
වූහ.
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ
පදිංචි බව කියන මෙම ගුරුවරයා අසනීපවීමෙන් පසු දිගු වේලාවක්
අමාත්‍යාංශයේ තබා ගෙන ඇති අතර ඔහු රෝහල් ගත කිරීම සඳහා
අමාත්‍යාංශ වාහනයක් ලබාදීම ප්‍රවාහන අංශයෙන් ප්‍රතික්ෂේප
කිරීම මෙම කැළඹීමට හේතුවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
චන්ද්‍රිකාගේ සංහිදියාව රෙද්ද පල්ලෙන් බේරෙයි..???
අද පස්වරවේ යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබේ.
මෙම ගැටුම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයට පැමිණි නවක සිසුන් පිළිගැනීම
සඳහා පැවති උත්සවයේදී පැවැති සිංහල සංස්කෘතික අංගය වූ උඩරට වෙස් නැටුමකට
සිසුන් පිරිසක් විසින් විරෝධය පල කිරීම නිසායි.
එම නැටුමට විරෝධය පල කරමින් එහි කඩා වැදුනු සිසුන් පිරිසක්
ගොඩනැගිලිවලටද දැඩි හානි සිදු කරමින් මෙම පහර දීම සිදුකර ඇත්තේ ‘උඹලගෙ
නැටුම් මෙහෙ බෑ’ කියමිනි.