යුධ අධිකරණ එන්නෙත් නෑ.. මංගලාරාම හිමි ජනපතිට බැන්නෙත් නෑ.. – වැරදි පුවත්වලට නීතිය..මාධ්‍යයන්හි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
මේ බව සඳහන් කරමින් එහි අධ්යක්ෂ ජනරාල් රංග කලන්සූරිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
‘මූලාශ්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික අචාරධර්මය බිද දමමින් හා කිසිදු වග
විභාගයකින් තොරව ප්රවෘත්ති පළ කිරීම මගින් සමාජයේ දුර්මතයක් පතුරුවන්නට
ඇතැම් ජනමාධ්‍ය විසින් දරන උත්සාහයන් කිහිපයක්ම පසුගියදා දක්නට ලැබිණි.
ඒ සදහා ආසන්නම උදාහරණය වන්නේ පසුගිය සති අන්තයේ ඉරිදා පුවත්පතක් ජිනීවා
මානව හිමිකම් කොමිසම සම්බන්ධ කරගනිමින් ‘යුද අධිකරණය තව මාස 09 කින් විදෙස්
විනිසුරුවොත් එයි’යන අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රධාන සිරස්තලයේ යොදමින්
ප්‍රකාශයට පත්කිරීමයි.මේ ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය
එම පුවත ලියූ මාධ්‍යවේදියාගේ හිතලූවක් පමණි.එබදු හිතලූ පුවත් පළකිරීමේ
අරමුණ විය හැක්කේ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමයි.රටේ උද්ගතව තියෙන
සංහිදියාව බිද දැමීමයි.
යුද්දය අවසන් කරුනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොව
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යයි මංගල ඊයේ හිරු
රූපවාහිනියේ පැවති ‘සලකුණ’ සංවාදයේදී පැවසීය.
රට පුරා මේ වන විට ගොවීන්ගෙන් සියයට තිහකට පොහොර මුදල් නොලැබීමට හේතුව නිලධාරීන්ගේ
අකාර්යක්ෂමතාව නොව ආණ්ඩුව ක්‍රියාත්මක කරන "ගොවිතැන එපා කරවීමේ" සැලැස්ම බව
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ දඹුල්ලේදී ඉකුත් 04 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය. "වී වපුරනකොට මඩ පොහොර, ඊළඟට
දෙවතාවක් යූරියා, දින හතළිස් පහෙන් බණ්ඩි පොහොර අවශ්‍යයි. මේ වන විට කුඹුරු
පීදෙන්න ළඟයි. ඊට කලින් අවශ්‍ය සියලු පොහොර වගාවට ලැබී තිබිය යුතුයි. ඉදිරි මාසයක්
තුළ ගොවීන් වී අස්වනු නෙළන්න පටන් ගන්නවා. ගොවීන්ට ඒ පොහොර නොලැබීම විශාල
අසාධාරණයක්. පසුගිය දෙසැම්බර් මාසේ ගත්තු අයවැය තීරණ ජනවාරි මාසේ ඉඳන් මාස හතක්
ක්‍රියාත්මක කරන්න බැරි තරම් මේ ආයතන අකාර්යක්ෂමද, ගොවියාට ගොවිතැන එපා කරවීමේ මීට
වඩා ක්‍රියාත්මක සැලැස්මක් තිබෙනවා. කෘෂි උපකරණ මිල ඉහළ ගිහින්. ගොයම් කැපෙන කොට
වී මිල පහළ යනවා. එහෙන් අලි කරදර. මේ නිසා වී ගොවිතැන එපා කරවනවා.
නීතිවිරෝධි ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසා
කා, ඇමතිවරු 92කට සැප විඳීමට රථ වාහන ගෙන්වීමට ඒ මුදල් යෙද වූ මෙම ආණ්ඩුවේ
අවභාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ලෙස 11වන දින
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ‘වැට් බදු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය’
හැඳින්වීමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ පවසයි.
11වන දින අනීතික ලෙස වැඩිකළ බදු
ප්‍රතිශත හා බදු පරාසයන් අය කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බස් ගාස්තුව ඉහල දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අගෝස්තු මස පළමුවැනිදා සිට 6%කින් බස් ගාස්තුව ඉහල යනු ඇති.
රුපියල් නවයක් වූ අවම ගාස්තුව එලෙලෙසම පවතී.