ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 30, 2016

රනිල්,අර්ජුන් ගහපු ගැහිල්ල ගැන විගණකාඩිපති කල අනාවරණය....!!!

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රට තුළ ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් සෑම ක්ෂේත්‍රයක් පාසාම උද්ගත වි ඇත.
මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදු වුනා යයි කියන දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර කාරක සභාව වෙත ඊයේ විශේෂ විගණන වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විගණකාධිපති විසින් මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්‍රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ.
* වලක්වාගත හැකිව තිබූ රු :889,358,050 ක ඇස්තුමේන්තු ගත අවාසිය සහ වලක්වාගත හකිව තිබූ රු : 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසිය ලෙස 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදි වලක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රු : 1,674,256,805 ක අස්තමේන්තුගත අවාසිය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරනු ලැබේ.

දෙමළ ජාතිවාදය පෝෂණය කරන විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරි පියවරක්...!!!

උතුරැ පළාත් සභාව සම්මත කළ ෆෙඩරල් යෝජනාව මගින් වෙනම රජයක අරමුණු, පරමාර්ථ එළිදරව්වන්නේ ද යන්න විමසීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරැණු තහවුරැ කිරීමට අවසර හිමි වෙයි.
උතුරැ පළාත් සභාවේ සභාපති කේ. සිවඥානම්  විසින් 2016.04.07 වන දින උතුරැ පළාත් සභාවට ඉදිරිපත් කර 2016.04.22 දින සම්මත කළ උතුරැ නැගෙනහිර වෙනම දෙමළ කථාකරන ඒකකයක් වෙනුවෙන් වූ යෝජනාවේ සිංහල පිටපත ලබා ගැනීම සදහා නීතීඥ අරැණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතුරැ පෙත්සමක කරැණු තහවුරැ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2016.06.27 වන දින අවසර දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ ප්‍රයසාද් ඩෙප්, සිසිර ආබෘ සහ නලීන් පෙරේරා විනිසුරැවරැ විසින් මෙම පෙත්සම 2016.08.29 වන දිනට කරැණු තහවුරැ කිරීමට නියම කර ඇත.
*දකුණේ ජනතාව විසින් දෙමළ ජනතාවට අසාධාරණයක් කරන්නේ යැයි ජාත්‍යන්තරව ජාතිවාදී මතවාද පතුරවන දෙමළ ජාතික සන්ධානය මෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය බලය තහවුරැ කරගෙන සිටින උතුරැ පළාත් සභාවේ ජාතිවාදය ව්‍යාප්තකරගෙන සිටින ආකාරය ලොව පුරා විසිරී සිටින ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් එම නීතීඥවරයා දක්වා ඇත.

ජීවිතය තිබෙනතුරු මින් ඉදිරියට තම පක්‌ෂය එජාපය ...!!! හොර වලත්ත වල්විදානේ කවටයා කියයි...!!!

තමා එක්‌සත් ජාතික පක්‌ෂ සාමාජිකත්වය ලබාගන්නේ තාවකාලික ස්‌ථාවරත්වයක්‌ වෙනුවෙන්

නොවන බවත් දේශපාලන ජීවිතය තිබෙනතුරු මින් ඉදිරියට තම පක්‌ෂය එජාපය වන අතර දේශපාලන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ  බවත් මාර්ෂල් සරත් ෆොන්සේකා (30 දා) සිරිකොත දී එජාප සාමාජිකත්වය ලබාගනිමින් පැවැසීය.
තමන් මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායකයා නොවන බවද පැවසූ වල්විදානේ  ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය විසුරුවන්නේ නැතැයිද එය එක්‌සත් ජාතික පෙරමුණ සමඟ ඒකාබද්ධව තිබෙන බවද කියා සිටියේය.

තවත් බදු ගහන්න වෙනවා.. ඉස්රහට එන්නේ අමාරු කාලයක්.. – මුදල් රාජ්‍ය ඇමති

රජයේ ආදායම ඉහල දැමීමට තවත් බදු වැඩිකළ යුතු බවත් ඉදිරියට එළැඹෙමින් ඇත්තේ අමාරැ කාලයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් කියා සිටියේය.ලංකාව ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට ගෝලීය හා දේශීය ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී තවත් බදු වැඩිකිරීමට වීම තවත් සැගවිය යුතු නැති බවද ඔහු පැවසීය.

යුද අපරාධ පරීක්‍ෂණ ප්‍රමාද කරන්නේ නෑ...!!! නපුංසක මංගල

යුද අපරාධ පරීක්‌ෂණ පමා නොකරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර  ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ 32 වැනි සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත.යුද අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම උපාය මාර්ගිකව ප්‍රතික්‌ෂේප කරනු ලබන බවට පැතිරෙන අදහස්‌ තමා ප්‍රතික්‌ෂේප කරන බවත් මෙහිදී සමරවීර  අවධාරණය කර ඇත.

ඡන්දෙ දුන් ජනතාවට අමතක නොවෙන්න සළකන යමපාළුවෝ...!!!

එදිනෙදා පරිභෝජනයට ගන්නා හාල්, පිටි, සීනි මිල මෙන්ම එළවළු, පොල්, මාළු මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ ගොස්‌ තිබේ. "වැස්‌ස ගංවතුර නිසා එළවළු කොහොමත් ගණන් යනවාය" කියන සුපුරුදු කතාව ජනතාවට දැන් තිත්තය. මාළු ගණන් යන්නේ වාරකන් නිසාය. ඉතිං අපි හිත හදා ගත යුතුය. ඒවා එසේ නම් අතිරික්‌තයක්‌ තිබේ යෑයි කියන හාල් ගිනි ගණන් යන්නේ ඇයි දැයි කියන්නට කෙනෙක්‌ නැත. පාරිභෝගිකයා එසේ උලා කන විට වෙළෙන්දා සිය ආදායමෙන් කොටසක්‌ බදු ගෙවන්නට වෙන් කරන විට ආණ්‌ඩුව කිවූ ආර්ථික කළමනාකරණය කොහේදැයි අසන ජනතාවට කෝචොක්‌ කිරීම ආණ්‌ඩුවකට එතරම් හොඳ නැත. වැට්‌ බදු වැඩි නොකර රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වෙනත් මඟක්‌ නැතැයි ආණ්‌ඩුව කියා තිබේ.

හොරුන්ගෙත් හොරු බිය වී සී.සී.ටී.වී. කැමරා එපා කියයි...!!!

කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිලිවල නව සී.සී.ටී.වී. පද්ධතියක්‌ සවි කිරීමට විරෝධය පළකරමින් ආගමන විගමන නිලධාරීහු පෙරේදා පැයක කාලයක්‌ ගුවන් මගී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වී සිටි බව ඊයේ වාර්තා වී තිබිණි. කෙසේ හෝ මේ "වර්ජනය" නතර වී තිබෙන්නේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවි නොකර" සිටීමට අදාළ බලධාරීහු එකඟ වීමෙන් පසුවය.ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම රටට ගලා එන විවිධ නීති විරෝධී ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය, රත්‍රන්, මැණික්‌) සහ පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් විය යුතු තැනක්‌ ලෙස ගුවන් තොටුපළ හැඳින්විය හැකිය. එසේ තිබියදී මෙවැනි තැනක්‌ ආවරණය වන සේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්‌ සවිකිරීම වර්ජනයක්‌ කිරීම සඳහාම වූ "බරපතළ ප්‍රශ්නයක්‌" බවට පත්වන්නේ කෙලෙසද යන්න විමසා බැලිය යුත්තකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.