ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 19, 2016

අනේ මුංගේ යහපාලනේ...!!! වීඩියෝ සහිතයි

ෆේස්බුක් ඵකටත් බය යහපාලනේ ...ජනතාවට ස්වකීය නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියටත් වැට

බඳියි.මලයාසියාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මරණ තර්ජනය කළ සුමල් ලක්මන නම් තරුණයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු මේ දක්වා අනාවරණය නොවු අතර සුමල් ලක්මන මානව හිමිකමි කොමිසම හමුවට පැමිණිමෙන් පසුව සත්‍ය අනාවරණය වි තිබේ.වීඩියෝ සහිතයි

හොර ඔප්පු ජාවාරම ජයටම

 කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත.
මෙම පිරිස රහස්‌ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.

මේ ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.මහරගම වෙසෙන මිත්‍රසේන නම්වු හොර නොතාරිස් කෙනෙකු ලියූ හොර ඇටෝර්නි බළපත්‍ර මෙන්ම ඔහු සැකසූ හොර ඔප්පුද බොහෝවේ .මේ සියල්ල ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානමින් සිටිමු.ඵමෙන්ම ඔබගේ තොරතුරුද අප වෙතට ඵවන මෙන් ඉල්ලා සිටිමු.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු.

ජනතාවට සහ මාධ්‍යයට කොළේ වසා මුදල් පන්නා ගත් යහපාලනය ගැන රාවය නොදනී..!!!

( දේශපාළුවන් යනු ඉතා සටකපට අපතයන් බවත් යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවී..ඵන ඵන රජයනට හේත්තු වෙමින් සැප විඳින කිණිතුලන් වැනි කාළකණ්නි පිරිසකි.)මේ බව ස්වාධීන මාධ්‍ය වේදීන් තෙරුම් ගත යුතු අතර උන්ගේ මාධ්‍ය හමුවලට යාමේදී උන් කළ කී දෑ ගැන මනාසේ දැනුමින් සන්නද්ධව යා යුතුය ඵසේ නොවූ මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නාවුන් බොහොමයක් සවුත්තුවූ අයුුරු අපද දුටුවෙමු. මෙසේ මේ වන විටද රජයේ භාණ්ඩාගාරයෙන් යහපාලන ඇමති පිම්පියන්ගේ රථගාය සඳහා මුදල් පන්නා ගෙන ඇති බව නොදත් ඉරිදා රාවය කතුවැකිය ලියා පළකර තිබූ ඔවුන්ගේ අදහස මෙසේවීය.

ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා තමන් බලයට පත් කළ මහජනතාවට, එතැන් සිට මේ දක්වා යහපාලන ආණ්ඩුව අවමන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඒ මහජනතාවට කළ අලූත්ම අපහාසය රුපියල් බිලයන 1.1ක් වටිනා සුඛෝපභෝගී වාහන පිළිබඳ සිද්ධිය යි.
මැති ඇමතිවරුන් සාධාරණ මට්ටමේ සුවපහසු වාහන පාවිච්චි කිරීම ගැන රටේ මහජනතාව ඒ තරම් විරෝධයක් දක්වනු ඇතැයි සිතිය නොහැකි ය. තමන්ගේ වැඩ පරාසය අනුව එවැන්නන්ට සුවපහසු වාහනයක් පාවිච්චි කිරීමට ඇති අවස්ථාව උදුරාගන්නට ද කිසිවකු සූදානම් නොවනු ඇත. එහෙත්, ප‍්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

රටම මුලා කොට පිම්පියන්ට මුදල් නිකුත් කරලා...

ඇමතිලාට සැප වාහන ගන්න කෝටි 118ක් භාණ්ඩාගාරයෙන් මුදා හැරලා..

රුපියල් බිලියන 1.18ක් වැය කොට මැති ඇමතිවරුන් සඳහා වාහන ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දී එය මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.පසුගිය අපේ‍්‍රල් 17 වන දා මෙසේ අනුමැතිය ලබා දී ඇති අතර මහා භාණ්ඩාගාරය විසින් එම මුදල් මේ වන විටත් මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

කක්කකුස්සි කටා මණුසත් දෙරණට තර්ජනය කරයි…!!!

යහපාලනය රජයෙන් කිසියම් හෝ සහනයක් ජනතාවට නොලැබෙන නිසා මහරගන්ම පිළිකා රෝහලට

අවශය කර තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මහරගම පිළිකා රෝහල මහජනතාවගේ සහය පැතීමට තීරණය කළ පසු ඊට මනුසත් දෙරණේද සහය ලැබීමත් සමග ඇරඹී උදාර ක්‍රියාන්විතයට දසදෙසින් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබියදී රුපියල් කෝටි 20ක මුදලක් ජනතා ඔබ විසින් ඒ සඳහා ලබා දී අවසන්ය.
මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමග අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය.

මෙන්න යහපාලනයේ මුවාවෙන් රට කරන කාළකණ්නි ඇමැතියෙකුගේ වැඩ...!!!

කෝටි 350ක ටෙන්ඩර ඇමතිගේ සමාගමට ගනී..රුපියල් කෝටි 350 ඉක්මවූ මාර්ග සංවර්ධන ටෙන්ඩර් දෙකක් ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වාගෙන යන සමාගමකට ලබා දී ඇති බව වාර්තා වෙයි.

උදය ගම්මන්පිල අත්අඩංගුවට..!!!

ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  (18) නියෝග කළ අතර ඒ හරහ යහපාලනයේ දේශපාලන බද්ධ වෛරය යලිත් මතු කල අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18ක් පැරණි නඩු නිමිත්තකට බවත් මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන උවමනාව මතයි.
 රටට සතුරු ව්‍යවස්ථාව සූදානම්.. ඊට පෙර විරුද්ද නායකයන් සිරගත කරනවා.. ගම්මන්පිල පලමු ගොදුරයි..

හෙද ආචාර්යවරයා කපා සමන් සංචාරයකට රිංගලා...!!!

කොරියාවේ ඉංජේ විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි යාමට නියෝජිත පිරිසක් නම් කොට තිබෙන බව  අපට වාර්තාවේ. එම නියෝජිත පිරිස අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය ද සහභාගි වන බව අපට දැනගන්නට ලැබී ඇත. සමන් රත්නප්‍රිය මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ කරගත්තේ කුමන පදනමක් මත ද යන්න හෙදියන් තුල මෙන්ම අප සංගමය තුලද බලවත් විමතියකට තුඩු දි තිබේන බව නිවේදනයක් නිකුත් කරමින් රා.සේ.එ.හෙ.සංගමය ප්‍රශ්ණ කර සිටි.

දැන් මූට ඵහෙත් නැහැ ළඟදීම මෙහෙත් නැතිවෙයි...!!!

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (  වලත්ත පාහර වල් විදානේ ) එරටට ඇතුළු කර නොගන්නා පුද්ලගලයෙකු ලෙස අසාදු ලේඛණගත කර ඇත.
ඇමති ෆොන්සේකා විසින්  ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කර තිබූ වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මේ බව දන්වා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.