ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොරකම් සියල්ලම පරිගණක දත්ත වලින් මකා දැමේ...!!! ‘දුෂණ විරෝධී පෙරමුණ‘..!!!

කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ සාක්ෂි මහා බැංකු පරිගණක දත්ත වලින් මකා දැමීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා. පරිගණක දත්ත පිළිබද විශේශනය දැනුම ඇති 8 දෙනෙකු 7 දින රාත්‍රී 7ට පමණ මහ බැංකුවට කැදවා එම දත්ත මකා දැමීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මහා බැංකු අධිපති වරයා විදෙස් සංචාර වලදී කෑම බීම ඇදුම් පැළදුම් භාණ්ඩ මිලදී ගැනීම් ආදී දත්ත එසේ මකා දමන බවටයි වාර්තාවන්නේ.
මේ මස අවසානයේදී සිය සේවා කාලය අවසන් වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකිරීමට ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිස ඒකමතිකව තීරණය කර තිබේන බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති හමුවකදී වන අතර ජනාධිපතිවරයාද ඊට එකඟතාව පලකිරිම කැමත්ත දක්වා ඇති බවද වාර්තා වේ.

මේ ඒ ආණ්‌ඩුවමද...?

වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණිදා සිටම මැති ඇමැතිවරුන්ගේ දීමනා, වැටුප් වැඩිකිරීම් කෝටි ගණනින් තබා නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණා ගැන වැඩි සැළකිල්ලක්‌, අවධානයක්‌ යොමුකළ බව සිහිනුවණින් සිටින ඕනෑම කෙනෙක්‌ දන්නා කාරණයකි. අපට බයක්‌ දැනෙන්නේ ආණ්‌ඩුවේ ඉදිරි අවුරුදු හතරේ සිදුවීමට නියමිත දේ ගැනය.
 1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතට අදාළව වසර පහක අවම සේවා කාලයෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයන්ට විශ්‍රාම වැටුපකටද හිමිකම ලැබේ. මේ සියල්ල

නඩත්තු කිරීමටත්, කෝටි ගණනින් වාහන ගෙන්වීමටත් කවර අණ පනත්, ඇස්‌තමේන්තු සම්මත කරගත්තද ඒවාට වැය කරන්නේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අයකරගන්නා බදු මුදල් බව නැවත නැවත සිහිපත් කළ යුතු කාරණයක්‌ නොවේ.
 නිතර මග කැඩෙන අබලන් වාහන භාවිත කරන සහ බස්‌රියේ දුම්රියේ ගමන් කරන මැති ඇමැතිවරු 30 දෙනෙකු ගැන ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි. රටේ ආර්ථිකය ගොඩ දමන්නට කතා කරන මේ සියලුම දේශපාලනඥයන් ඇණවුම් කර ඇති වාහන සියල්ල සුපිරි මිල ගණන් වල ඒවා බව එම පුවතේ සඳහන්ව තිබිණි. ලාබ බඩුවේ හිලක්‌ ඇති නිසා එසේ කිරීමේ ඇති වරද කුමක්‌ද? හරියටම ගණන් හිලවු ඇතිව කීවොත් ඇමැතිවරු 30 දෙනෙකුට වාහන ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්‌තමේන්තුව රුපියල් කෝටි 118 කි.
 ඒ කිසිවෙකුත් ගමන් කරන්නේ හඳුනාගන්නට හැකි පරිදි නොවේ. ජනතා ඡන්දයෙන් පත්ව, අපේ බදු මුදලින් ඒ උදවියට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැතිනම් ඇති වැඩේ මොකක්‌ද...?

පාරට වැටුණු අප ගැන බලන්න කවුරුවත් ආවේ නෑ....!!! ගෙවල් දොරවල් විනාශවෙලා ...!!!

ජනතාවාදී යැයි කියමින් ජනතාව රවටා බලයට ආ මේ හොර නඩය උන් උන්ගේම සුඛ විහරණය ගැන පමණක් වෙහෙසෙති.රටේ අන්ත අසරණ ජනතාවගේ පීඩා ,දරුණු විපත් ගැන උන්ට වගේ වගක් නැත.උන් ජනතාවට බදු ගසති ,රට පාවා දෙමින් ණය හිඟාකති  ඒ මුදල් වලින් කෝටි ගණන් වටිනා අධි සුඛෝපභෝගී  වාහන ගනිති.නීතියද උන්ගේ වාසියට හරවාගෙන ඇත..පහතින් ඇසෙන්නේ පසුගියදා කඳවුර පිපිරවීමෙන් අගතියට පත් ජනතා හඬයි.
ඒත් අපි ගැන බලන්න නිකමටවත් කව්රුත් ආවේ නැහැ. අද අපට ඉන්න හිටින්න තැනක්‌ නැහැ. අපේ දුක බලන්න කව්රුත් එන්නේ නැහැ.

 අවි ගබඩාව පිපිරීමෙන් විනාශ වෙච්ච අපේ නිවාස ගැන බලන්න කව්රුත් ආවේ නැහැ. තාවකාලිකව වහලයට දාගන්න ටකරන් කෑල්ලක්‌වත් දුන්නේ නැහැ. ඒත් සාලාව කෑම්ප් එක ටකරන් දාලා වහ ගත්තා. අපි මහ පාරේ දුක්‌ විඳිනවා යෑයි කොස්‌ගම සාලාව ප්‍රදේශයේ ජනතාව (8 දා) කියා සිටියහ.කොස්‌ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ  ඊයේ කළ සංචාරයකදී ප්‍රදේශවාසීහු එසේ කියා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සාලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ මෙසේද පැවසූහ.

වාහන ගන්න කෝටි 118 ක්‌ ඉල්ලන්නේ ජනතා සේවයට...!!!

- අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියයි.
 ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතාවට සේවය කිරීමේ අරමුණින් යෑයි සම කැබිනට්‌ ප්‍රකාශක, පාර්ලිමේන්තු- ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පැවසීය.
ඇතැම් ඇමැතිවරුන් භාවිතා කරන වාහන වසර 8 කට වඩා පැරණි බව ද හෙතෙම ඊයේ (08 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

රණවිරුවන් සුරැකීමට අපි සූදානම් - ජාතික පෙළගැස්ම අමතන ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ  කලකට පසු කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඉතා .සංවේදී දේශණයක් සිදු කලේය

පැරිසියේ මීගමු සංවිධානය ශ්‍රී ලංකාවේ සමාජ සත්කාර සඳහා ආධාර කරමින්....!!!

පැරිසියේ මීගමු සංවිධානය ශ්‍රී ලංකාවේ සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් කැපවෙන සහ ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ඇතිවන හදිසි ආපදා තත්වයන් වලදීද තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරන සංවිධානයකි. 
පසුගියදා ශ්‍රී ලංකාවේ හටගත් හදිසි ගංවතුර සහ නාය යෑමෙන් පසු ක්‍රියාත්මකවූ පැරිසියේ මීගමු සංවිධානය එහි සාමාජික සාමාජිකාවන්ගෙන් සහ පැරිසියේ වෙසෙන පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් ආධාර සිඩ්නි ප්‍රනාන්දු ගේ සහ අනෝමා ප්‍රනාන්දුගේ පූර්ණ සහයෝගය මත ශ්‍රී ලංකා යුධ -හමුදාවේ විශේෂ කාර්යය බලකායේ කර්නල් චන්දිම පීරිස්  සහ මේජර් රොනී ප්‍රනාන්දු  ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය මත 2016 ජූනි 5 වෙනී ඉරුදින කඩුවෙල, සේදවත්ත ග්‍රාමසේවා කොට්ඨාශයේ අවතැන්වී ඇති පවුල් වලට බෙදාදෙනු ලැබීය.

සජිත්ගේ යහපාලනය යාලේ කොටි මරා දත් ගලවලා...!!!

නිධන් හෑරීමේ ඔස්තාර් දේශපාළුවෙකු ලෙසින් ප්‍රසිද්ධ  සජිත් ප්‍රේමදාසගේ  තවත් අපත වැඩක්...!!!
තම රාජකාරියට බාධා කරමින් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ අනිසි බලපෑම් හේතුවෙන් තව දුරටත් රාජකාරී කළ නොහැකි බව දන්වමින් වනජීව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය  ඉල්ලා අස්වී ඇත.
දැනට ලෝකයේ වන ජීවී විෂය පිලිබඳව සිටින ඉහළම බුද්ධිමතුන් 10 දෙනා අතරට ගැනෙන චරිතයක් ලෙස සැලකෙන ආචාර්ය සුමිත් පිලපිටිය  ලෝක බැංකුවේ වන ජීවී ව්‍යාපෘති බාර කලමනාකාරවරයෙක් ලෙස ඉතා ඉහළ වැටුපකට සේවය කරමින් සිටියදී මෙරට වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාව අනුව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ රාජකාරි භාරගනිමින් මෙරට රාජ්‍ය සේවයට එක් වූ අතර ඉන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔහුට අත්වීඳීමට හැකි වී ඇත්තේ ඉතා අප්‍රසන්න සිදුවීම් මාලාවකටය.

රටේ මේ තරම් ව්‍යසන මධ්‍යය යේ අපතයන්ට අධිසැප රිය ඉල්ලයි...!!!

මෙන්න ඒ කාළකණ්නි රැළ....!!! ජනතාවෙනි නැවත කිසිදිනක මේ පල් හොරු රැළට ඡන්දය නොදෙන්න.

ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

මේ ගෙවලයා ඵළවීමට හැකිවෙයිද...???

මුලින්ම සතොස විකුණා ආරම්භයක් ගත් කරුපයියා පසුව ජාත්‍යන්තර විනිමය වංචාවකින්ද පන්නරය ලැබූ අතර.මොහුගේ ඉතිහාසය වරායේ වාප්පු ලිපිකරු තනතුරකින් ඇරඹේ.පසුව ලලිත් ඇතුලත්මුදලිගේ පක්‍ෂයේ භාණ්ඩාගාරික වී ලලිත් ඇතුලත්මුදලි  මිය යාමෙන් පසුව එම පක්‍ෂයේ අරමුදල ගෙඩිය පිටින් මංකොල්ල කෑ මේ පට්ට හොරා ඵම මුදල් සම්භාරයෙන් පාර්ළිමේන්තු පාරේ සුවිශාල සුඛෝපභෝගි මාළිගාවක්ද තනා මුදල් වීසි කොට යූ.ඵන්.පියට සම්ප්‍රාප්ත විය.කපටි කමින් මුදල් ඉපයීමේ දක්‍ෂතාවය ඇරෙන්නට පුම්බා පෙන්වන තරම් මහා ආර්ථික විශේෂඥයෙකු නොවන බව පෙන්වා දිය යුතුමය.මුදල් ගසා කෑ හැක්කේ යම් තැනකද මේ කපටියා බැල්ම හෙළයි.
අද අප රටේ ජනතාවට හිස ඵසවීමට නොහැකි තරම් බදු ගසමින්  මූ කරනා අපරාධය සහ සමගාමීව තවත් මහා හොරෙකුද මහබැංකු අධිපති ලෙස රනිල් පත් කොට ඇත්තේ හිතුමනාපයටය.මේ පට්ට හොරු දෙදෙනාගෙන් පැරණිම කපටි හොරා වන රවීන්ඳ්‍රන්  කරුපයියා මුදල් ඇමති කමෙන් ඵළවා දැමීමට අද විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිතයි....මේ ගෙවලයා ඵළවීමට හැකිවෙයිද...???

අවි ගබඩාව පුපුරුවා හැර රටේ ආරක්ෂාව අඩපණ කල ආණ්ඩුවේ මෙහෙයුම...!!!

ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප අනාවරණය සත්‍යක් ....මෙයට සෘජුවම පසුබිමේ සිට වලත්ත වල්විදානේ හෙවත් සරත් ෆොන්සේකාද සම්බන්ධ බව දැන් හෙළිවෙමින් පවතී.මේ ජාතික ද්‍රෝහියා බලයට සහ සැපයට ලොල්ව යහපාලනයට හේත්තුවී තවත් බොහෝ ජාතික ව‍්‍යසනයන් කිරීමට සුදානම්ව ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග තුළින් දැන ගැනීමට ලැබේ...... මොහුව ඒ සඳහා මෙහෙයවන්නේ රජයේ ප්‍රබල දේශපාළුවෙකී .( සිරිසේන නොවේ ) රටේ ගංවතුර ව්‍යසනයේදීත් මේ කඳවුර පිපිරීමේ සිදුවීමේදීත් වල්විදානේ නිහඬය.ඌගේ අභිප්‍රාය ලක්‍ෂ 480 බී.එම්.ඩබ්ලිව් සැප රියටද එහාය.

බව මේ වනවිට තහවුරු වෙමින් තිබේන අතරම අපගේ අනාවරණයෙන් ආරක්ෂක අමාත්‍යංශය ගිනීගෙන ඇති අතර අප කල අනාවරණය අසත්‍යක් කිරිමට ගන්නා උත්සහයන් නිසා ඔවුන් හත්පොලේ ගා ගනිමින් සිටින බව රටේ ජනතාවට දැන් නොරහසකි.
ඒ අනුව අප විසින් ඊයේ රට හමුවේ අනාවරණය කල ප්‍රශ්ණ කිහිපයකට රහස් පොලිසිය අද වනවිට තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.වීඩියෝ සහිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.