ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 23, 2016

කාළකණ්නින් ගත් ගං වතුර චාරිකා ආතල් අස්සේ මතුවූ සැබෑ මනුෂ්‍යයත්වය සහිත බෝධිසත්වයනට අපේ උපහාරය...!!!

මේ ප්‍රණාමය ඒ සැබෑ මිනිසුන්ටය
කොළඹ යට කළ ගංවතුර බැසයමින් තිබේ. නාය ගිය ප්‍රදේශවල ආපදාවට ලක්‌වූ පිරිස වෙනුවෙන් ඉදිකර ඇති කඳවුරු ද තවමත් හිස්‌වී නැත. හිටි හැටියේ ඒ මිනිසුනට යන්නට එන්නට තැනක්‌ ද නැත. දැන් ඒ අයට වැල නොකැඩී ආධාර ලැබේ. රටේ ජනතාවගේ දුකේදී පිහිට වීමේ උනන්දුව

පුදුමාකාරය, සංවේදීය. එය ස්‌තුති ප්‍රණාම පිදිය යුතු මට්‌ටමේ ඉහළ එකකි. එතරම් සංවේදී දේ අතර
ඉතාම නරක දේ පවා දක්‌නට ලැබේ. මිනිසුන් අතරේ නොමිනිසුන් ද යම් ප්‍රමාණයකට ඇති බව ඒ සිදුවීම් මනාව සනාථ කරන්නේය.


අශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන ප්‍රධානම දේ හොරකමය. ගංදිය නිවාස යට කර දමා මිනිසුන් පලවා හරින මොහොතෙත්, ගංදිය බැස යන මොහොතෙත් වටිනා කියන බඩු සොරාගෙන යැමට තරම් කැත හිත් ඇති පිරිස අපමණව සිටි බව බොහෝ සෙයින් වාර්තා විය. ඒ කිසිවකුත් නමගිය අපරාධකාරයන් නොවේ. හිටිහැටියේ කඩාපාත්වුණු "චාන්ස්‌" එකෙන් වාසනාව පාදා ගන්නට කල්පනා කළ අයයි. තවත් පිරිසකට මේ බරපතළ ව්‍යසනය "ෆන්" ගැනීමට අවස්‌ථාවක්‌ව තිබුණු බව පෙනේ. බොහෝ පිරිසක්‌ වැසිකිළි උතුරා මළ ද්‍රව්‍ය පවා මිශ්‍රව තිබූ ගංදියේ බැස "සෙල්ෆි" ගැසීමත් කණ්‌ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමත් බහුලව දක්‌නට ලැබිණි.

මනුස්සකම දෝරේ ගලන අපේ අහිංසක ජනතාව අතර උන්ගේ ආධාර නොබෙදා කුණු බක්කියට දමන කාළකණ්නි නිළධාරී.....

විපතක් වුනාම අපි හැමෝම පුදුම විදියට සංවේදී වෙනව. කලබල වෙනව. විපතට පත් වූවන් වෙනුවෙන් නැගී

සිටිනව. ඉදිරිපත් වෙනව.
අපේ ඒ සංවේදී කම සමහර වෙලාවල් වලට අපතෙ යන්නෙ මෙන්න මේ වගේ.
මේ කුණු ට්‍රැක්ටර් වල පුරවං යන්නෙ අරණායකට ගිය ඔබේ සංවේදී කම. මේ විසිකරන්නෙ අරණායකට හැම දේම හම්බ වුනු නිසා නෙවී. නිසි කළමණාකරණයක් නැතිව මේව පිරෙව්ව නිසා.
අවතැන් වුණු අයට, විපතට පත් වූ අයට සැබැවින්ම උදව් කරන්න ඔබ ඉදිරිපත් වෙනවා නම්, පැහැදිළිවම මුලින්ම එය සහන සලසන ඉතාම විශ්වාසනීය කණ්ඩායමකගේ උදව්වෙන් අනුදැනුමෙන් සිදු කරන්න. හොඳ සම්බන්ධීකරණයක් ඇතිව කරන්න.
මුහුණු පොතේ සහෘදයින් සිය ගණනක් මේ කටයුතුවල නිරතවෙලා ඉදිර්යෙන්ම සිටිනවා. ඔවුන් සම්බන්ධ කර ගන්න. පොළීසිය, ආරක්ෂක හමුදා, විහාරස්ථාන සම්බන්ධ කර ගන්න.

අනුර සේනානායක අත්අඩංගුවට…කළකම් පළදේ ...මැරකම් හෙළිවේ....!!!

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධී අදාලව හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ‍ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබනවා.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන අතර එය සාමාන්‍ය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට එකල තහවුරු කරනු ලැබීය.නමුත් මේ මරණයට සෘජුවම සම්බන්ධ එක්තරා ඉහළයෙකුගේ ලොකු බේිබී තවමත් නිදැල්ලේලූ..

අනුන් සැපයූ ආධාර වල තමුන්ගේ නම ගසා බෙදූ වසළයා....!!!!

ගංවතුරෙන් විපතට පත්වුන ජනතාවට ආධාර පිණිස ජනතාව දුක් මහන්සියෙන්  එකතු කර දුන් ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ තොගයක , කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගහගෙන  සුජීවගේ   මුහුණත් තහඩුවද ගසා ගබඩා කොට ඇත්තේ ගංවතුරෙන් අවතැන් වූ අපේම ජනතාවට බෙදීම සදහාය.කිසිම හිරිකිතයක් නොමැතිව මේ අපතය ඒ බව ඔහුගේ ෆේස්බුක් එකේ පවා මහත් උජාරුවෙන් පල කොට ඇත.

විග්නේෂ්වරන් ජයලලිතාගේ සහාය ඉල්ලයි...!!!


උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සඳහා සහාය පතන බව දන්වමින් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් විසින් තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් වෙත පණිවුඩයක්‌ යවා ඇත.

බදු ගෙවන පිරිස තව වැඩි කළ යුතුයි...!!!

මහ බැංකු අධිපති කියයි
බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව තවත් වැඩි කරගත යුතු බව මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්

පවසා ඇත . දැනට බදු ගෙවන පිරිස ලක්‍ෂ දෙකක්‌ පමණ වන අතර එය ප්‍රමාණවත් නොවන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.