ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 21, 2016

වසර 27කට පසු කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ විශාලතම ගංවතුර...!!!

වසර 27කට පසු කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ විශාලතම ගංවතුර මෙය වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ

අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ  පැවසීය.
ඊයේ  පස්වරුව වන විට කැලණි ගගේ ජල මට්ටම නාගලගම් වීදියේ පිහිටි ජල මාපකයේ අඩි 7.7ක් ලෙස සටහන් වී තිබුණු බවත් එය මහා ගංවතුර මට්ටමක පවතින බවත් හෙතෙම සඳහන් කළේය. මීට පෙර 1989 වර්ෂයේදී කොළඹට වැඩිම ගංවතුර ප්‍රමාණය වාර්තා වූ අතර එය එවකට ජල මාපකයේ අඩි 8.4 ලෙස සටහන් වී තිබූ බවත් වීරසිංහ  පැවසීය.

කොළඹ සහ ගම්පහ අවතැන්වූවන්ට එක් වේලකට කෑම පැකට් ලක්ෂ 3ක් ...!!!

අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වී සිටින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි අවතැන් වූ ජනතාවට
එක් වේලක් සඳහා ආහාර පැකට් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, තිඹිරිගස්යාය, කෝට්ටේ ආදී ප්‍රදේශවල ජනතාව අවතැන් කඳවුරු වෙත පැමිණීමට මැලිකමක් දක්වන අතර, ඔවුන් වෙත ආධාර ලබාදීමට සහන සේවා කණ්ඩායම් පැමිණීමද ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක් වී ඇතැයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඔවුන් බොහෝ විට සිය නිවාසවලට වී ඉතාම අසීරුවෙන්, කුසගින්නේ දරුවන් සමග සිටියද සහනාධාර ප්‍රතික්ෂේප කරන බව එම මධ්‍යස්ථානයේ නිලධාරීහු සඳහන් කළහ.

සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!!!

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා...
බෞද්ධයෝ පමණක් නෙමෙයි සමහර අන්‍යාගමිකයොත් පිළිගන්න විදිහට මේ දක්වා ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ ඉපදීම සිදුවුණේ වෙසක් පොහොය දවසේ. ඒ වගේමයි මිනිස් සිතකට අවබෝධ කරගන්න පුලුවන් උතුම්ම සත්‍යය වගේම මිනිසෙකුට පත්වෙන්න පුලුවන් උතුම්ම තත්වයට ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා පත්වුණේ වෙසක් පොහොය දවසේ.

අවසාන වශයෙන් සොබා දහමට ගරු කරමින් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දවසේ.

ධනිය ගෝපාල හෙවත් සර්වකාලීන ආත්මාර්ථකාමී චරිතය...!!!


ධනිය කියන්නේ බොහොම පොහොසත් ගොපල්ලෙක්. මේ ධනිය සිටියේ වේදේහ නුවරයි. ඔහුට දූවරුන් සහ පුතුන් හත් දෙනෙක් සිටියා. වාසය කළේ මහී ගංගාව සමීපයේ. මහී ගඟ කඳු දෙකක් අතරින් ගලා යන ගඟක්. රස්නය ඇති ගී‍්‍රස්ම කාලයට වාසය කිරීමට ඔහු ඒ ගඟ අසබඩ ගෙයක් සාදාගෙන තිබුණා. ගඟේ සිසිලස සුළඟත් සමඟ එමින් ඒ නිවස සිසිල් කළා. උණුසුම් කාලයට ධනිය ඒ නිවසේ සිටියා. ඊළඟ වැසි කාලයට සිටීමටත් ඒ ගඟ අසළම වූ උස් බිමිකත් ඔහුට තවත් නිවසක් තිබුණා. ඔහුට ගවයන් තිස්දාහක් සහ වැස්සියන් විසිදාහක් ද සිටියා.
ඉතින් මේ වැසි සමයේ එක් දිනක සන්ධ්‍යා යාමයේ මේ ධනිය තමන්ගේ අර කන්ද උඩ තිබුණ නිවාසයේ මිදුලේ පුටුවක වාඩි වී බොහොම සැහැල්ලුවෙන් සිටියා. එදින වැහිබර කාලගුණයෙන් යුත් දවසක් වුණා. දැන් ඔහු එහෙම ඉන්න අතර තම සිතට ආ අදහසක් මෙසේ කවියකට නැගුවා.

හුදු පහන් සංවේගය සඳහා මේ ජාතික අපදා අවස්ථාවේදී අන්තර් ජාලයේ හුවමාරු වන නිර්මාණ...!!!

යහපාලන අම්බරුවෝ රැළ ධනිය ගෝපාල චරිතය මෙන් තම තමුන්ගේ සුඛ විහරණය පමණක්ම සිතනා ආත්මාර්ථකාමී තිරිසනුන් බව මේ ජාතික විපතේදී තවත් තහවුරුවී තිබිණ.සමහර පුළුවන් මිනිස්සු හැංගුනා , නොදැක්කා වාගෙත් උන්නා... සමහර අය ඇත්තටම තමන්ටත් නැතිකම හෝ බැරිකම නිසා කරන්ට දෙයක් නැතිව උන්නා.
තමන්ට වැඩිය නැතත් පුළුවන් තරමින් හෝ දුන් මිනිස්සුත් උන්නා..

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය

ඉස්මතු කරමින් ක්‍රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය.
මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්‍රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් වෙහෙසෙනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන අමාත්‍ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්‍රජාවගෙන් එකතු කරගත් ආධාර ද්‍රව්‍ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.

වෙසක් දිනයේ සිතීමට යමක්...!!!

බුදු දහම ආගමක්‌ද...? දර්ශනයක්‌ද...?

"මට ඇති ආගමක්‌ නැත. එහෙත් යම් ආගමක්‌ පිළිගනිතොත් එය බුද්ධාගමය" යනුවෙන් ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ රසල් පඬිතුමා පැවැසීය. මේ අනුව බුදු දහම අති ශ්‍රේෂ්ඨ දහමක්‌ බවට විජාතිකයින් අබෞද්ධයන් පවා අවිවාදයෙන්ම පිළිගනී. එසේනම් ආගමක්‌ යනු කුමක්‌ද? බටහිර විද්වත්හු පවසන ආකාරයට නම් ආගම යනු මැවුම්කරු දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේට දාසව පවත්වන ලබ්ධියක්‌ හෝ ප්‍රජා විධි ක්‍රමයකි. මේ අරුතින් බැලුවහොත් නම් බුදු දහම ආගමක්‌ නොවේ. බුදු දහම අදහන්නන්ද මල් පහන් පුදදෙමින් ප්‍රජා විධීන්හි නියෑලුනද බුදුන් වහන්සේ සෑම විටම අනුදැන වදාලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි. එය උතුම් බවයි. (අ + ගමා = යම් ආගමක ශාස්‌තෘවරයෙකු දෙන අවවාද (ආ) සමූහය (ගමා ආගම යෑයි සලකනු ලබයි. මේ අනුව හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි, බුදු දහමද ආගම් වේ.

Significance of Vesak ..!!!

 Lumbini (Birth)
2640 years ago 

It was spring time in the foothills of the Himalayan mountain. Flowers were in full bloom and the air was filled with bird songs on this full moon day in the month of Waisakha.

කුමක්ද මේ අසිරිය...!!!

පසු ගිය මහා සුනාමියේදීත් මෙවර මහා නාය යෑම් සහ  ජල ගැල්මේදීත් කිසිදු හානියක් ,සීරීමක් නොවී තිබෙන බුදු පිළිම...
සත්‍යයේම දහම තව තවත් සත්‍යබව මනාවට ඉතිරි කොට මනුස්ස හිතට පෙන්වා දෙනවා එහි ශක්තිය.
එදා සුනාමි වියසනයට පසුත් මෙදා මේ මහා ජල ගැල්මටත්, නාය යෑමට පසුත් මිනිසුන්ට සත්‍ය ඉතිරි කොට තිබෙනවා.


මුද්‍රිත වෙසක් කාඩ්පත් ඉතිහාසය...!!!

මීට දශක පහකට හයකට පෙර බොහෝ විට වෙසක් සුබ පැතුම් පත් යැවුණේ අතින් සිතුවම් ඇඳ කවි පදයකුත් ගළපා ලියා මුද්දරයක් ගසා තැපැල් කිරීමෙනි.
ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් සමගම මුද්‍රිත වෙසක් කාඩ්පත් වෙළෙඳ ‍පොළට පැමිණියේය. නානා විධ වර්ගයෙන් හා සිතුවමින් යුතු වෙසක් කාඩ්පත් මිටි පිටින් මිලට ගෙන තම හිත මිතුරන් හැම කෙනෙකුටම සිරිතක් ලෙස යැවීම කෙරුණේ අදින් බොහෝ කලකට පෙරය.
සන්නිවේදනය සඳහා නව තාක්ෂණික ක්‍රම පැමිණීමත් තැපෑලෙන් ලියුම් හුවමාරුව ක්‍රම ක්‍රමයෙන් අඩු වීමත් සමග වෙසක් පත් හුවමාරුවද ක්‍රම ක්‍රමයෙන් අඩුවී  ගියේය. එහෙත් තවමත් වෙසක් සුබ පැතුම් පත් මුද්‍රණය නැවතී නැත. තවමත් කොළඹ හෙට්ටිවීදියේ සාප්පු කිහිපයක ජයටම වෙසක් සුබ පැතුම් පත් මුද්‍රණය කෙරේ. එහෙත් එදාට වඩා අද වෙසක් පත්වල ස්වභාවය වෙනස්ය. අද සත පනහට රුපියලට ගන්නා වෙසක් සුබ පැතුම් පත් නැති තරම්ය. වැඩි වශයෙන් තිබෙන්නේ රුපියල් සියයකට පමණ මිල කර ඇති ඩිජිටල් තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ වෙසක් පත්ය.

යහපාලන නායක අම්බරුවෝ මේ මහා ජන විපතේදී අහසින් වඩිද්දී ...

මහින්ද ගොඩබිමින් ගොස් ජනතා දුක බෙදා ගත් අයුරු...

.අරනායක නාය යාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අවමංගල කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ඊයේ දිනයේ සහභාගී විය.
වීඩියෝ සහිතයි...

වතුර හංගගෙන හිටියාට සියළු වැස්ස වලාහක දෙවියන් FCIDයට…

රාජපක්‍ෂලාගේ කාලයේ ජලය හංගාගෙන සිටියේ යයි වැසි වස්සන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන යනු ඇති බවට ෆේස්බුක් හි පල වන බවත් අද වන විට නීතිය එතරම් විහිළුවකට ලක්ව ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.  වීඩියෝ සහිතයි

දියරැළි පැතිරී ජනරළ වැතිරීගිය තතු....!!!

දින කිහිපයක්‌ තිස්‌සේ දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 22 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර, නායයැම් හා අනෙකුත් අනතුරුවලින්  (20 වැනිදා) සවස්‌ වන විට පුද්ගලයන් 64 දෙනකු මියගොස්‌ පුද්ගලයන් එකසිය තිස්‌ දෙදෙනකු අතුරුදන්ව තවත් පුද්ගලයන් විසිනව දෙනකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. මෙම දිස්‌ත්‍රික්‌ක විසිදෙකේ පවුල් එක්‌ලක්‍ෂ තුන්දහස්‌ පන්සිය හැත්තෑ හයකට අයත් පුද්ගලයන් හාරලක්‍ෂ විසිපන්දහස්‌ හයසිය හයදෙනකු පීඩාවට පත්ව තිබූ බවත් ඉන් පවුල් හැටතුන්දහස්‌ තුන්සිය හැත්තෑවකට අයත් පුද්ගලයන් තුන්ලක්‍ෂ දහනව දහස්‌ එකසිය අනූපස්‌ දෙනකු අවතැන් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි  පැවසීය.

මේ වගේ අමන අවළමුන් හට කිසිදා නොදෙන්න ඔබගේ ඡන්දය....!!!

පාර්ලිමේන්තුව නූගත් රස්තියාදු කරුවන්ගේ පාරාදීසයක් වී ඇති අයුරු ...

‘අම්මට හු.... නැතිව කට වහගනිං’.. ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි.. හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා අමු කුණුහරුපයෙන් පාර්ලිමේන්තුවේදී බනින වීඩියෝව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.