ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 18, 2016

මහා ජාතික ආපදාවක්‌....!!!

40ක් මිය යති
223687ක් අවතැන්
120ක් අතුරුදන්

දිවයිනේ පළාත් අටක දිස්‌ත්‍රික්‌ක දහනවයකට දින කිහිපයක්‌ තිස්‌සේ බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (18 වැනිදා) සවස්‌ වනවිට පුද්ගලයන් හතළිස්‌

දෙනකු (40) මියගොස්‌ තවත් 120 දෙනකු අතුරුදන්ව තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
පුද්ගලයන් විසිපස්‌දෙනකු මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි  පැවැසීය.පවුල් අසූදහස්‌ නවසිය විසි හතරකට අයත් පුද්ගලයන් තුන්ලක්‍ෂ පනස්‌ දෙදහස්‌ තුන්සිය හැත්තෑ හතර දෙනකු (3,52,374) ඊයේ (18 වැනිදා) දහවල් වනවිට පීඩාවට පත්ව තිබූ බවත් සඳහන් කළ ප්‍රදීප් කොඩිප්පිලි අවතැන්වූ පවුල් හතළිස්‌ අටදහස්‌ නවසිය අනූඅටකට අයත් පුද්ගලයන් දෙලක්‍ෂ විසිතුන් දහස්‌ හයසිය අසූහතක්‌ (223687 ක්‌) ආරක්‌ෂිත ස්‌ථාන තුන්සිය හැත්තෑපහක්‌ තුළ ස්‌ථානගත කර ඇති බවත් කියා සිටියේය.
මෙම අනතුරු නිසා නිවාස දෙසියවිසිනවයක්‌ (229), පූර්ණ වශයෙන් තවත් නිවාස දෙදහස්‌ හයසිය හතළින් හතක්‌ (2647), අර්ධ වශයෙන්ද හැකිවි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

රජයේ තහනම බිඳ දමා විග්නේෂ්වරන් මුල්ලිවයික්‌කාල්හිදී මියගිය අය සමරයි

රජයේ තහනම බිඳ දමමින් උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්  (18දා)

මුල්ලිවයික්‌කාල්හිදී මියගිය පිරිස්‌ සිහිකිරීමේ සමරු උත්සවයක්‌ පවත්වා ඇත.
තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා, ප්ලොට්‌ නායක ඩී. සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්, රජයේ ඇමැතිවරියක්‌ වූ විජයකලා ඇතුළු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් කීපදෙනකුද එම අවස්‌ථාවට සහභාගිවී තිබේ.

අත්අඩංගුවේ සිටින කොටි මුදාගන්න සම්බන්ධන් ඇමරිකාවේ උදව් ඉල්ලයි...!!!

අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාගැනීමට හා ආරක්‌ෂක හමුදාව සිටින ඉඩම්වලින් ඔවුන් ඉවත්කර දෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්  හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේඡ්ගෙන් ඉල්ලා ඇත.
රිචඩ් ආමිටේඡ් හා සම්බන්ධන් අතර උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳව රහස්‌ සාකච්ඡාවක්‌ පැවැති බව ආරංචි මාර්ග පවසයි.

ආපදාවට පත් ලක්‍ෂ ගණනකට මිලියන 150යි… අගමැතිට වාහන දෙකක් ගන්න මිලියන 600යි.. !!!

යහපාලනය ඒකයි..

ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.

යාපනය සරසවියේ කොටි සැමරුම් .

යාපනය විශ්ව විද්‍යාලය තුල මේ වන විට කොටි සමරු උත්සවයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.
ආරක්‍ෂක අංශවල කිසිදු බාධාවක් හෝ සොයා බැලිමකින් තොරව මෙම සමරු ඔවුන් යාපනය සරසවියේ සූදානම් කර ඇත්තේ යුද සමයේදී මිය ගිය ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයින් සිහි කිරීම සඳහායි.
මෙහි පින්තූරවලින් දැක්වෙන්නේ දෙමළ ඊළාම් සිතියමද සහිතව පැවැත්වෙන කොටි සමරු උලෙලයි.

යුද්ධය නිමා වී අදට අවුරුදු හතයි......!!!


2009 මැයි මාසයේ දවසක ජාතික පුවත්පතක මෙසේ සටහන් විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.