අධික වැසි නිසා රෝහල්
රැසක් වතුරට යටවීමේ අවදානමක්...!!!
මෙම දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්
දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල් ගංවතුරට යටවීමේ අවදානමක්
මතුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත
මහිපාල (17 දා) පැවැසීය.
ගංවතුර හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල යටවිමේ අවදානමක්
මතු වූ බවත් ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් වැලිකොට්ට
යොදා රෝහල මුදාගත් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා
කීවේය.
ගංවතුරට යටවීමේ අවදානමක් මතු වන රෝහල්වල රෝගීන් වෙනත්
රෝහල්වලට රැගෙන යැමේ විශේෂ වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක
කර ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.
ඊයේ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති විශේෂ
ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් වෛද්‍ය මහීපාල මෙම
කරුණු අනාවරණය කළේය.
ඔහු
එම ලිපිය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව
සම්බන්ධයෙන් සම්මත කර ගත්
යෝජනාවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශ වලට ප්‍රතිචාර වශයෙනි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා
පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව
යි.නමුත් “මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ
පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ
හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට ලබා දී තිබෙන
බවට අප වෙත තොරතුරු ලැබී ඇතැ,” යි මංගල සමරවීර අමාත්‍යවරයා සිය ලිපියේ
සඳහන් කරයි.
චැනල් 4 හි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ
‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා
ඇති විවෘත ලිපියක සඳහන් වේ.
ආණ්ඩුව කල එකම දේ සෝභිත හිමි අපවත් කරවීම පමණයි..
අද වන විට රට තුල බරතපල මට්ටමේ ගංවතුර, නාය යාම් සිදු වන්නේ යහපාලන
ආණ්ඩුයේ වෛරීසහගත අදහස් නිසා බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා
සිටියහ.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට රාජ්‍ය ගිණුම්
කාරක සභාවෙන් හා උසස් තනතුරු
සම්බන්ධයෙන් වූ කමිටුවෙන් අවස්ථා කිහිපයකදීම
පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් මේ දක්වා එක් ස්ථානයකටවත් වාර්තා කර නැතැයි
වාර්තා වෙයි.
ඇමති අර්ජුන රණතුංග විසින් සිය සහෝදරයා වන මොහු වරාය සභාපති ලෙස පත් කලද
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි චෝදනා කරන වරාය වෘත්තීය සමිති අඩුම
තරටම් සාමාන්‍ය පෙර විභාගයවත් සමත් නැතැයිද කියති.
ළඟ ළඟ ණය ගනී.. බිලියන 30ක බැඳුම්කර නිකුතුවක් හෙට.. බිලියන 45ක නිකුතුවක් අනිද්දා..ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ රුපියල් බිලයන 30ක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.මාස 03, 06, 12 ආදී කාලසීමා තුනක් යටතේ කල් පිරෙන ලෙස මෙම බැඳුම්කර නිකුතුව පවත්වන බව මහ බැංකුව නිවේදනය කර ඇත.
කොටි සංවිධානය සමඟ උතුරේ පැවති ගැටුම රටවල් දෙකක් අතර පැවති යුද්දයක්
නොව සාමාන්‍ය ගැටුමක් නිසා විජයග්‍රහණයේ සමරුවක් උවමනා නැති බව ආරක්ෂක
ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.
මිය ගිය කොටි සාමාජිකයින්ද අපේම අය බැවින් ජය පැන් බීම සදාචාරාත්මකදැයි ප්‍රශ්ණයක් ඇති බව බවද ඔහු සඳහන් කරයි...
වීඩියෝ සහිතයි