ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 16, 2016

හදිසි අපදා තත්ත්වයක් නම් තොරතුරු දෙනුම් දෙන්න

රටේ මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි  ආපදා දැනුම් දීමේ දූරකතන අංක මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර තිබේ.

මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති දූරකතන අංක මෙසේය.
යුද්ධ හනුදා ක්‍රියාන්විත මැදිරිය- 0112434251/ 0113818578
නාවික හමිදා ක්‍රියාන්විත මැදිරිය- 0112445368/ 0112212230/ 0112212231
ගුවන් හමුදා ක්‍රියාන්විත මැදිරිය- -112343970/ 0112343971

ඉහත සඳන් ස්ථාන සම්බන්ධ කරගැනීමට අපහසුවන අවස්ථාවලදී අදාළ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මානවසිංහයන් ගීතයට රස ගෙනා හැටි

ගීතය නම් සාහිත්‍යාංගය නූතන ජන කවිය යැයි හඳුන්වමින් එක් සොඳුරු කතා බහකදී දවසක් දිලීප අබේසේකර ගීතයට අපූරු අර්ථකතනයක් ඉදිරිපත් කළේය. රසවත් ගීතයකින් දනවන දැඟලිල්ල නැළවිල්ල හැගෙන හැම විටකම මට ඒ කියමන සිහිපත් වෙයි. ජන කතාව, ජන කවිය, හදන ඒවා නොව හැදෙන ඒවාය, ලියන ඒවා නොව ලියවෙන ඒවාය, රසයක් ඇති ගීතයක හැටිත් එහෙමය, හොඳින් සිතා බැලූවොතින් ඒවා හැදූ හෝ ලියූ ඒවා නොව හැදුන හා ලියවුණු ඒවාය. කවදටත් පැරණි නොවන, වයස තරාතිරම ද නැතිව එක ලෙස නැළවෙන්නට සැනසෙන්නට හැකි එහෙම ගීත කාලීන ගීත වෙයි. එහෙම රසයක් දනවන කාලීන ගීත දැන් ටික කාලයන සිට අළුතින් නිර්මාණය වීම ඇණ හිට ඇතත් අන්න ඒ ගැන විමසීම මේ සාහිත්‍යාංගය මතුවටත් දළු ලෑමට පොහොර යෙදීමක් වනු ඇත.

ඒ වාද්‍ය භාණ්ඩත් මට දීලා ගුරුවරයාත් මටම දීලා එයා සංගීතය අතඇරියා...!!!

සංවාදයට සමුදෙන්නට පෙර මා වෙනුවෙන් බටනලාව වයන්නැයි මම ඔහුගෙන් ඉල්ලීමක් කළෙමි. එය ඔහු නිහතමානීව පිළිගත්තේය.අගනේය.දෙතොල් මත තැබෙන බටනලාවෙන් නික්මෙන ඔහුගේ සුසුම බටනලාවේ වා සිදුරු හයක් මත නැටවෙන ඇඟිලි තුඩු අනුව ඒ ඒ සිදුරෙන් නික්මෙන ස්වරයේ පරිමාව පාලනය කරන හැටි. ඒවායෙන් වැයෙන අනුපිළිවෙළත් මනාව මනසින් හඳුනාගෙන සිටින ඔහු ගීතයට කලාත්මක මනෝභාවයන් ඉදිරිපත් කරනුයේ අපූරුවටය. මේ අපූරු මිනිසා වී. හේමපාල පෙරේරාය.
හේමපාල මහත්තයා දෙනෙත් නොපෙනෙන ඔබ කොහොමද ස්වර ප‍්‍රස්තාරයක් නොදැක ගීතයකට බටනලාව වයන්නෙ....?

මුල් වරට ජ’පුර රෝහලේ වැට් බදු ගහයි… 15%කින් සියළු ගාස්තු ඉහලට..!!!

වැට් බදු ඉහල දැමීම නිසා ජයවර්ධනපුර රෝහලේ සියලූ ගාස්තු 15%කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා

සුවසේවා සංගමය කියයි.
මේ වන තෙක් කිසි දිනෙක ජයවර්ධනපුර මහ රෝහලේ වැට් බදු අය නොකළ බව පවසන එම සංගමය ගිය කාලය තුළ රෝහලේ මිල ගණන් විශාල වශයෙන් වැඩිවී ඇති බවද සදහන් කරයි.

ඇඹිලිපිටිය ඝාතනයෙන් පොලිසිය බේරෙයි...!!!

පොලිසිය අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකථනය කර ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  (හිටපු) රත්නපුර ප්‍රදේශය භාර

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් හරහා එම තරුණයාගේ මරණ පරික්ෂණය කල රත්නපුර අධිකරණ වෛද්‍යවරයාට බලපෑම් කල බවට  අනාවරණය සත්‍යක් කරමින් මිය ගිය සුමිත් ප්‍රසන්න වීදුරු දොර දෙක මත ඇද වැටීම නිසා රුධිරය වාහනය විමෙන් මියගොස් ඇති බවත් ඔහුට පහරදුන් බවක් අනාවරණය නොවන බවත් වීදුරු දොර දෙක මත ඇද වැටීම සිදුවූයේ කෙසේදැයි අධිකරණ විශේෂඥ මතය අනුව නිගමනයට ඒමට නොහැකි බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥවරු සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ලගදිම ඇප ලැබිමට නියමිතය බවයි වාර්තාකරු සදහන් කළේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.