දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් මෙවර මුල්ලිවායික්කාල් අනුස්මරණ
(ප්රභාකරන් මරා දැමූ දිනය)
දිනය වව්නියාවේදී සැමරීමට නියමිත බව
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය
අමාත්‍යංශයේ වව්නියාව කාර්යාලයේදී සිය සාමාජිකයන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා
අනාවරණය කර තිබේ.
මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය(ප්රභාකරන් මරා දැමූ දිනය) මෙවර
සියළු ජනතාව රැස්කර සැමරීම සඳහා වන සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මේ
සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් දේශපාලන
පක්ෂ සමඟ සාකච්ඡා කර, ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට තීරණය කර ඇති බව
ඔහු ප්‍රකාශ කලේය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ
දේශපාලනඥයන් පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන්
ඇතුළුවීම සම්බන්ධයෙන් රටට අනාවරණය කල බව කියමින් කිළිනොච්චිය පරවිපච්චාන්
හමුදා කදවුරේ ඉහල පෙළේ හමුදා නිළධාරින් 5 දෙනෙකු වහාම කදවුරෙන් ඉවත්කර විනය
පරික්ෂණ පැවැත්විමට කටයුතු කර තිබෙන බව වාර්තාවේ...
අර්ජුන රණතුංග වරාය අධිකාරියේ රුපියල් ලක්ෂ 24 ක මුදලක් වියදම් කරමින්
කාම උත්තේජක වාජීකරණ ඖෂධ ඇතුළු ආයුර්වෙිද ඖෂධ තොගයක් වරායට ගෙන්වා ඇත්තේ තම
වෛශ්‍යාවන් සමග කම් සැප විඳීමට යැයි වරාය සේවකයෝ පවසති.
ශ්‍රී ලංකා ආයුර්වෙිද සංස්ථාවෙන් ගෙන්වාගෙන ඇති මෙම ඖෂධ තොගය අතර අශ්ව
ගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධ චූර්ණය, ශ්ර්තය මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ආදී කාම
උත්තේජන වාජිකරන ඖෂධ රාශියක් වෙති. සමහර දුර්ලභ ඖෂධ ග්‍රෑම් එකක් රු.
ලක්ෂයක් පමණ වටිනා බව පැවසේ. වරායට ගෙන්වා ඇති මෙම වාජීකරණ ඖෂධ උත්තේජන
ගැටලුවකට මුහුණ පා නැති වරායේ සේවකයන්ට නම් අවශ්‍ය නොවන අතර ඒවා අවශ්‍ය
වන්නේ අර්ජුන ඇමතිවරයාට බවත්
ඇමතිවරයා මේ වනවිට තම බිරිඳට අමතරව කාන්තාවන්
05 දෙනෙතු සමග ප්‍රසිද්ධියේ ඇසුරු කරන බැවින් මෙම ලිංගික උත්තේජන ඖෂධ වර්ග
ඇමති වරයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන්වා ඇති වග පැහැදිලි යැයි සේවකයෝ
පවසති.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන
ප්‍රධානීන්, ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් සමග
සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන
අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු
සහභාගිවී නෑ .මේ සාකච්ඡාවට සහභාගි වන ලෙසට ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති
හේමසිරි ප්‍රනාන්දු , ස්වාධින රූපවාහිනි සේවයේ ප්රවෘත්ති අංශයේ
සමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මාවලගේ ඇතුළු තිදෙනෙකුට ආරධනා කර තිබුණද ඒ
ආරාධනය ස්වාධින රූපවාහිනිය කුණු කූඩයට විසි කර දමා තිබෙනවා .
පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී සම්පත් සන්දීප් නම් තරුණයා රිය අනතුරකට
ලක් කර පලා ගියේ ඇමති චම්පික රණවකම බවට තහවුරු වන ප්‍රබල විද්‍යාත්මක
සාක්ෂියක් හමු වූ බව එම නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයෝ කියා සිටිති.
අනතුර සිදු වූ දින එම වේලාවන්වලදි ඇමතිවරයාගේ ජංගම දුරකතන සංඥා සමන්
මාර්ගය අදාල අනතුර සිදුවී ස්ථානය හා නිශ්චිතව සැසඳෙන බව ඊයේ දිනයේ පොලීසිය
විසින අධිකරණයට දන්වා තිබේ.
මැයි පළමුවැනිදා ගාල්ලේදී පවත්වන්නේ ශ්‍රීලනිප මැයි රැළියක් නොව රාජ්‍ය
සේවකයන්ගේ සම්මන්ත්‍රණයක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.
වදුරඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ්‍රිලනිප මැයි රැළියට
සහභාගී වන ලෙස රාජ්‍ය සේවකයින්ට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවයි.